යුග දිවියේ සතුටට කාම නිල 30 ක්




ලිංගිකත්වය සහ විවාහය එකිනෙකට සමීප වචන දෙකකි.සෑම මනුෂ්‍යයෙකුම මනුෂ්‍ය අවයවයන් සහිතව උපත ලබා ඇතිනම් නිසි ස්නායු සහ හෝමෝන ක්‍රියාකාරීත්වයක් සමගම නිසි මානසික සමබරතාවයක් සහිතව ජීවත්වන්නේ නම් නිසි කල වයස උදාවන විට ලිංගික ක්‍රියාකාරකම් සදහා යොමුවේ.සමාජ සම්මතය අනුව ලිංගිකත්වයේ නීත්‍යාණුකූල පදනම විවාහය හරහා සිදුවේ.විවාහය සිදුවන්නේ නිසි සුදුසු වයසේදීය.සුදුසු වයසක විවාහ නොවීම යනු කායික මානසික වශයෙන් බලවත් බලපෑම් ඇතිවීමට ප්‍රධාන සාධකයකි.

කෙසේ හෝ වේවා ලිංගිකත්වය යනු මනුෂ්‍ය පැවැත්මේ පදනමයි.එහෙත් විවාහ දිවියේ හරි අඩක් ගැටලු ඇතිවන්නට ලිංගික ජීවිතයේ ගැටළු ප්‍රධානවි ඇත.නිසි අවබෝධයක් විවාහක අඹුසැමියන් අතර නොවීම මත හා නිසි අදහස් හුවමාරුවක් , හදුනාගැනීමක් , වටහා ගැනීමක් සහ ඉවසීමක් නැතිවීම මත නිදි යහනේ සාමය සමගිය පලායයි.සැකය ඇතිවේ.මානසික බිදවැටීම් ඇතිවේ.කායික දුර්වලතා සහ අතුරු ආබාධයන් මතුකරයි.සියදිවි නසා ගැනීම් වලට පවා යොමුවීමට ලිංගිකත්වය පිලිබදව අඹුසැමි දෙදෙනා අතර නිදි යහනේ ඇතිවන ගැටලු හේතු සාධක වේ.

ලිංගික ශක්තිය සහ ශරීර ශක්තිය යනු දෙකකි.ජ්‍යෙතිෂයට අනුව ලිංගික ශක්තිය පිලිබදව ප්‍රධාන සාධක දෙක වන්නේ කුජ සහ සිකුරු ග්‍රහයන්ය.මෙම ග්‍රහයන් දෙදෙනාගේ යෝගවීම් , සංයෝගවීම් , රාශි බල දුබලතා , දෘෂ්ටි , නවාංශක ආදී වූ විවිධ පිහිටීම් මත පුද්ගල ශරීරයේ ලිංගික ශක්තිය පිලිබදව පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට හැකිවෙයි.එමෙන්ම රවි සහ සදු ග්‍රහයන් දෙදෙනා අනුව කුජ සහ සිකුරු ග්‍රහයන් විසින් ඇතිකරවනු ලබන ලිංගික උත්තේජනය මානසික සහ කායික වශයෙන් සුදුසු ආකාරයෙන් ක්‍රියාත්මක කරවයි.ගුරු ග්‍රහයා විසින් එහි ගුණාත්මක සහ සදාචාරාත්මක බව ඇතිකරවයි.රාහුගේ බලපෑමෙන් සදාචාර ධර්මයන් බිදදමයි.සෙනසුරු සහ කේතු ග්‍රහයන්ගේ හැසිරීම අනුව ලිංගික බෙලහීනතා ආදී ඒ ආශ්‍රිත අසුබ යෙදීම් ඇතිවෙයි.මේ ආකාරයෙන් පුද්ගලයෙකුගේ උපන් වේලාවට යෙදෙන ග්‍රහ පිහිටීම් මගින් , එම පුද්ගලයාගේ කායික මානසික ක්‍රියාකාරීත්වය පිලිබදව හදුනාගැනීමක් ජ්‍යෙතිෂයානුසාරයෙන් ඇතිකරගැනීමට හැකිය.

සමහරුන් ලිංගික බෙළහීනතාවයෙන් පසුවෙයි.එය ශාරීරික හා මානසික දුබලතාවයන් හරහා ඇතිකරයි.තවත් පිරිසක් නිසි කායික ශක්තීන් සහිතව ජීවත්වූවත් ඔවුන් තුල පවත්නා වෙනත් මානසික දුර්වලතාවයන් හේතුවෙන් ලිංගික දිවිය තුල අපහසුතාවයට පත්වනවා මෙන්ම ඒ හරහා සහකරු හෝ සහකාරියටද අපහසුතාවයට පත්වීමට සිදුවෙයි.තවත් සමහරුන් ලිංගික මනෝ විකාරයෙන් කටයුතු කරයි.මානසික විකෘර්තිතා සහිතව කටයුතු කරයි.කාන්තාවන් දියනාන ලිං අසල ගැවෙසෙමින් කටයුතු කරන්නේ එවැන්නන්ය.තවත් සමහරු සමලිංගිකාස්වාදයට යොමුවෙයි.බටහිර මනෝ විද්‍යාවේ ලිංගික උම්මාදය , කාම උම්මාදය වශයෙන් හදුන්වනු ලබන්නේ මෙවැනි මානසික ක්‍රියාත්මක බාවයන්වේ.විවාහ දිවියට ඇතුලුවීමට සිටින ස්ත්‍රී පුරුෂ ඕනෑම අයෙකු ලිංගිකත්වය පිලිබදව මනා අවබෝධයකින් කටයුතු කිරීම වැදගත්ය.එසේ නොවන සෑම අවස්තාවකම සමස්ත පවුලේ සමගියට බැදීමටම හානි සිදුවීමට නිදි යහනේ සතුට හෝ අසතුට හේතුවනු ඇත.නමුත් සමාජ සංස්කෘතික වටිනාකම් වලට හානි නොවීමටද වගබලා ගැනීම තම තමන්ගේ වගකීමයි.

පුරාණ ඉන්දියාවේ ක්‍රි.පූ 400-200 අතර යුගයේ " වත්ස්‍යායන " නම් පඩිවරයා විසින් " කාම සූත්‍රය " නම් ග්‍රන්තය රචනා කරනු ලැබූවේ , රජ දරුවන්ගේ ලිංගික දිවියේ සැපත මනා ලෙස විදගැනීමේ අරමුණින් නිසි දැනුමක් අවබෝධයක් ලබාදීම මූලික අරමුණ කරගනිමිනි.සූසැට කලාවන් අතර තවත් එක් කලාවක් වන රති කෙළිය හැදෑරීම රජකුමර කුමරියන්ගේ රති සැපත උදෙසා වූවත් වර්තමානයේ රති කෙලිය පිලිබදව මනා වැටහීමක් නොමැතිව පවුල් ජීවිත අවුල්කරගන්නන් වෙනුවෙන්ද මෙම කෘතිය හැදෑරීම කිසියම් යහපතක් ඇතිකරනු ඇත.එය කෙසේ වෙතත් ජ්‍යෙතිෂ්‍යට අනුව කාමය සහ රාගයේ ගැලපීම් පිලිබදව අඹුසැමියන් වශයෙන් හදුනාගෙන සිටිය යුතු යම් පමණක කරුණු කිහිපයක් මෙතැන් සිට පහත දැක්වෙයි.

පුරාණ සෘෂි වරුන් විසින් මිනිස් ශරීරයේ නිල ස්තානයන් වශයෙන් සංධිස්තානයන් හදුන්වාදී පෙන්වාදී ඇත.ඕනෑම සත්වයෙකුගේ ශරීරයේ මෙම නිල පිහිටා ඇත.නිල සාස්ත්‍රය දන්නා වෙදැදුරාට එම නිල බාවිතා කරමින් කලහැකි දෑ බොහෝය.මිනිස් ශරීරයේ විවිධ නිල පිහිටන්නාසේ කාම නිලද පිහිටා ඇත.සදුගේ ගමන අනුව පුර සහ අව සදුගේ බලපෑම අනුව සෑම මසකම තිති පිහිටන ක්‍රමය අනුව ශරීරයේ ඒ ඒ දිනයන්ට යෙදෙන කාම උද්දීපන ස්තානයන් වෙනස්වේ.මෙය හදුනාගැනීමට පෙර සදුගේ ගමන සහ තිති යෙදෙනා ආකාරය පිලිබදව දැනුමක් ලබාසිටීම වැදගත්වේ.සෑම මාසේ පොය දිනකට පසු දිනයේ සිට පුරපක්ෂය ආරම්බවේ.නව චන්ද්‍රයා පිරෙමින් ගමන් කරනා කාලයයි.ඉන් පසුව සෑම පුර පසොලොස්වක දිනකට පසුදින සිට අව පක්ෂය ආරම්බවෙයි.සදු හීනවෙමින් යන කාලයයි.

පහත සටහන අනුව සදූගේ පුර අව බේධය අනුව ශරීරයේ කාම නිල පිහිටන ආකාරය හදුනාගන්න.
   
තිථිය                                      පුර පක්ෂය                          අව පක්ෂය

1   පෑලවිය                                පයේ මාපටඇඟිල්ල             හිසේ දකුණු පැත්ත
2   දියවක                                  යටි පතුල                            කන
3   තියවක                                 විලුඹ                                   ඇස පිට
4   ජලවක                                  දණහිස                               කම්මුල
5   විසේනිය                               කලවා                                 උඩු තොල
6   සැටවක                                තුනටිය                                පපුව මැද
7   සතවක                                 යෝනිය                               පියවුරු
8   අටවක                                  කොඳු ඇට                           කොඳු ඇට
9   නවවක                                 පියවුරු                                යෝනිය
10 දසවක                                  පපුව මැද                             තුනටිය
11 එකොලොස්වක                    යටි තොල                            කලවා
12 දොලොස්වක                        කම්මුල                                දණහිස
13 තෙලෙස්වක                          කන                                    විලුඹ
14 තුදුස්වක                                ඇස පිට                               යටි පතුල
15 පසලොස්වක                         ඉස පිට                               පයේ මාපටඇඟිල්ල 

නිරෝගී පුරුෂයෙකුට ඕනෑම මොහොතක ලිංගික සම්බෝගය සදහා එක්වීමට හැකියාවක් පවතී.නමුත් කාන්තාවකට එසේ වන්නේ නැත.ඇය ක්‍රමයෙන් ඒ සදහා කායික සහ මානසික හැකියාව සකසා ගනී.ඒ සදහා සහකරුගේ සහයෝගය ලැබෙන්නේ නම් එම තත්වයන්ට පත්වීමේදී සහකාරියට සහයෝගයක් වනු ඇත.එය සහකරුගේ වගකීමයි.ඉහත සදහන් කල කාම නිල පිහිටන ස්තානයන් ඒ ඒ දිනයන්ට අනුව හදුනාගෙන සිපගැනීමෙන් , ස්පර්ශ කිරීමෙන් ලිංගික එක්වීමකට සුදුසු තත්වයක් ඉතා ප්‍රිතිමත් ආකාරයෙන් ඇය තුල ඇතිකරගැනීමට හැකිවනු ඇත.පුර පක්ෂයේදී මිනිසාගේ මෙන්ම සත්වයාගේද කාමෝද්දීපනය වර්ධනය වෙමින් පවතින අතර අව පක්ෂයේදී ක්‍රමයෙන් හීනවී යයි.කාන්තාවගේ ඔසප් චක්‍රය හරහා ගොඩනැගෙන්නේද මෙවැනිම තත්වයකි.




ලිංග කාම සම්බෝගයට පෙර ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවාම දැනගතයුතු , මෙතෙක් ඔබ නොදත් රහස් කිහිපයක්.කාම සූත්‍රය ග්‍රන්ථය ඇසුරින්.කාම වීරයෙක් වීමට පෙර අනිවාර්‍යය ලෙස දැකබලා කියවා හදුනාගත යුතුම , විනාශය හෝ සෞභාග්‍යය ලබාදෙන කරුණු කිහිපයක් පිළිබදව වූ සවිස්තරාත්මක රස විස්තරය.ඔබ සැම වෙනුවෙන්.ජීවිතය YOUTUBE සඟරාව තුළින්.

ජනක් පී කුමාර - 0702872322
හඳහන ලංකා ජ්‍යෙතිෂය සේවය වෙනුවෙන්

#THE_Life
#ජීවිතය_YOUTUBE_සඟරාව
#වේඳ_ශ්‍රාස්ත්‍රීය_අසම_සම_දැනුම
#janak_p_kumara
#හඳහන_ලංකා

 

Post a Comment

0 Comments