ආලෝකයෙන් ආනන්දයත් ආනන්දයෙන් ප්‍රඥාවත් ගෙන ලබන්නට.
2013 - 2026 Online
Get Startedවසර 13ක් පුරාවට වෙබ් අවකාශය තුළ නොසැලෙන විශ්වාසයක් දිනාගත් හදහන ලංකා (Hadahana Lanka) ජ්‍යොතිෂ සේවාව, දේශීය මෙන්ම විදේශීය දහස් සංඛ්‍යාත ජනතාවකගේ ජීවිතාලෝකය උදෙසා කැපවී සිටින ආයතනයකි. ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජනක් පී. කුමාර මහතා විසින් මෙහෙයවනු ලබන මෙම සේවාව, හුදු අනාවැකි කීමෙන් ඔබ්බට ගිය ජීවන දර්ශනයක් සහ ප්‍රායෝගික මගපෙන්වීමක් ඔබ වෙත සමීප කරයි.
අපගේ ගමන් මඟ සහ ප්‍රවීණතාවය
ජනක් පී. කුමාර මහතා ජ්‍යොතිෂ ශාස්ත්රයේ සත්‍යතාවය මුලින්ම අත්දැකීමෙන් පසක් කරගෙන, පසුව එය ස්වයං අධ්‍යයනය ඔස්සේ ගැඹුරින් ප්‍රගුණ කළ අයෙකි. එම සත්‍යතාවයන් සහ අත්දැකීම් සම්භාරය පසුගිය වසර 13 පුරාවටම සියලුම සේවාදායකයන්, ප්‍රේක්ෂකයන් සහ පාඨකයන් වෙත ඉතා විනිවිදභාවයකින් යුතුව බෙදා දීමට ඔහු කටයුතු කර ඇත.
විශ්වීය දැනුම සහ නවීන තාක්ෂණයේ සුසංයෝගය
අද පවතින කළියුග තාක්ෂණික පෙරළිය සමඟ ජ්‍යොතිෂ දැනුම මනාව මුසු කරමින්, මිත්‍යාවෙන් තොර ප්‍රායෝගික සත්‍යතාවයන් සමාජගත කිරීම 'හදහන ලංකා' හි සුවිශේෂී ලක්ෂණයයි. තාක්ෂණවේදී ජ්‍යොතිෂ දැනුම හරහා මනුෂ්‍ය ජීවිතවලට සැබෑ ආලෝකයක් ලබාදීම අපගේ අරමුණයි.
මනෝවිද්‍යාත්මක මගපෙන්වීම
ජීවිතයේ නොයෙක් ගැටලු හමුවේ පීඩාවට පත්ව පැමිණෙන ජනතාව වෙනුවෙන්, ජ්‍යොතිෂමය උපදෙස්වලට අමතරව මනෝවිද්‍යාත්මක උපදේශනය (Psychological Counseling) මගින් ලබා දෙන මානසික ශක්තිය අතිමහත්ය. සේවාදායකයාගේ මානසික සුවතාවය වෙනුවෙන් අප සැමවිටම ප්‍රමුඛතාවය ලබා දෙන්නෙමු.
අතීත , වර්තමාන , අනාගත ලෙසින් තුන්කල් දකින්නට මනුෂ්‍ය සත්වයා වෙත දායාද කළ පෙරදිග භාරතීය ජ්‍යෙතිෂය වේද ශ්‍රාස්ත්‍රය යනු හුදු අනාවැකි කීමක් හෝ දෛවය පිළිබඳ ප්‍රකාශ කිරීමක්ම නොවේ. එය විශ්වයේ පවතින ග්‍රහ තාරකාවන්ගේ චලනය සහ පෘථිවියේ වසන මානවයාගේ ජීවන රටාව අතර පවතින ගැඹුරු සබඳතාවය විග්‍රහ කරන ප්‍රබල ශාස්ත්රයකි.
Read moreඔබ උපන් මොහොතේ අහසේ ග්‍රහයන් පිහිටි ආකාරය අනුව සකස් වන කේන්ද්‍ර සටහන, ඔබේ ජීවිතය පිළිබඳව සකස් වූ "විශ්වීය සිතියමක්" බඳුය.ජ්‍යොතිෂය මගින් සිදු කරන්නේ ජීවිතයේ එළඹිය හැකි අභියෝග, බාධක මෙන්ම සාර්ථක විය හැකි අවස්ථාවන් කලින් හඳුනාගෙන ඒවාට නිසි පරිදි මුහුණ දීමට මගපෙන්වීමයි.
Read moreපුද්ගලයෙකුගේ සැඟවුණු හැකියාවන් ඉස්මතු කර ගැනීමටත්, තීරණාත්මක අවස්ථාවලදී නිවැරදි තේරීම් සිදු කිරීමටත් ජ්‍යොතිෂමය උපදේශනය මහත් පිටුවහලක් වේ.නූතනයේ මෙය භාවනාමය සහ මනෝවිද්‍යාත්මක දැනුම සමඟ බද්ධව පවතින අතර, එමගින් පුද්ගලයාගේ මානසික සහ ආත්මීය දියුණුවට අවශ්‍ය මග පෙන්වනු ලබයි.
Read moreනූතන ලෝකයේ මිනිසා මුහුණ දෙන අභියෝග හමුවේ නිවැරදි මගපෙන්වීමක් සහ අධ්‍යාත්මික ශක්තියක් ලබාදීම අපගේ මූලික අරමුණයි. ඒ වෙනුවෙන් හඳහන ලංකා නිල වෙබ් අඩවිය සමඟ සමගාමීව ක්‍රියාත්මක වන "ජීවිතය" (@THELife159) යූටියුබ් නාළිකාව, ඔබගේ ජීවිතයේ සාර්ථකත්වය උදෙසා වටිනා අන්තර්ගතයන් රැසක් සමීප කරයි.අපගේ වෙබ් අඩවිය සහ යූටියුබ් නාළිකාව අතර පවතින සබැඳියාව හරහා පාඨක සහ ප්‍රේක්ෂක ඔබ වෙත විවිධ සේවාවන් සමීප කරනු ලබයි
ග්‍රහ මාරු, ලග්න පලාපල සහ විශ්ව ශක්තිය ඔබේ ජීවිතයට බලපාන අයුරු විද්‍යාත්මකව සහ පැහැදිලිව විග්‍රහ කිරීම.පෞරුෂ වර්ධනය සහ පෙළඹවීම: එදිනෙදා ජීවිතයේ ගැටලු හමුවේ නොසැලී සිටීමට අවශ්‍ය මානසික ශක්තිය සහ ජීවිතය දෙස ධනාත්මකව බැලීමට අවශ්‍ය මගපෙන්වීම (Motivational insights).
සිතේ සාමය උදාකරන වත්පිළිවෙත්, සෙත් කවි සහ ආගමික නැඹුරුවක් සහිත හරවත් සාකච්ඡාවිශ්වයේ සිදුවන වෙනස්කම් ඔබේ ව්‍යාපාරික, අධ්‍යාපනික සහ පවුල් ජීවිතයට බලපාන ආකාරය පිළිබඳව කල්තියා දැනුවත් කිරීම. The Life (@THELife159) යූටියුබ් නාළිකාව හුදෙක් තොරතුරු ලබාදෙන තැනක් පමණක් නොව, එය ඔබව තේරුම් ගන්නා, ඔබේ ප්‍රශ්නවලට සවන් දෙන සහ ඔබට සහෝදරත්වයෙන් අත දෙන අවකාශයකි. වෙබ් අඩවියේ ඇති ලිපි කියවන ඔබට, එහි ප්‍රායෝගික පැහැදිලි කිරීම් සහ දෘශ්‍ය අත්දැකීම ලබාගැනීමට මෙම නාළිකාව මහඟු පිටුවහලක් වේ.