සූනන් ඇඟ වැටීමේ ඵලාඵල


ගෘහවාසී පරිසරය තුලත් ගෘහය අවට පරිසරය තුලත් සූනන් සහ කටුස්සන් ඕනෑ තරම් දක්නට ලැබේ.සූනෙකු ඇගට වැටීම කිසියම් සුබ හෝ අසුබ දෙයක පෙරනිමිත්තක් ලෙස අදටත් ජනතාව අතර විස්වාසයක් පවතී.සූනා පමණක් නොව කටුස්සාද ඇගට වැටීම් සිදුවන අවස්තා ස්තාන අනුව පලාඵල කියැවේ.සූනෙකු ඇගට වැටීමේදී එයි ඵල විපාකයන් , එම සිදුවීම සිදුවන විට උදාවී පැවති ලග්නය , දිනට යෙදී ඇති නැකත සහ තිථිය අනුව මෙන්ම දිශාව අනුවද වෙනසකට ලක්වේ.සූනෙකු ඇගට වැටීම සිදුවන්නේ සටවක, අටවක, දොළොස්‌වක, රිට්‌ටා පෝය තිථි යෙදී ඇති දිනක නම් , එම තිථි යෙදී ඇත්තේ   ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා යන දිනයක නම් , එදිනට උදාවී ඇත්තේ බෙරණ කැති, මුවසිරස, අද, අස්‌ලිය, මා, විසා, දෙට මුල, සුවන, පුවපුටුප, උත්‍රපුටුප යන නැකැත්වලින් එකක් නම් ,එම මොහොත වනවිට උදාවී පවතින තත්කාල ලග්නය වෘෂභ, මිථුන, කටක, කන්‍යා, කුම්භ, මීන යන ලග්නවලින් එකක් නම් , සූනන් ඇගට වැටීමෙන් කියවෙන අසුබ පලාඵලයන් ක්‍රියාත්මකවීමේ වැඩි අවස්තාවක් යෙදේ.ඉහත සදහන් දින , තිථි , නැකැත් සහ ලග්න වෙනකක් වූවේ නම් ප්‍රතිඵල නිෂ්ක්‍රියවීමටත්  , සුබ යැයි කියවෙන ප්‍රථිපල ක්‍රියාත්මක වීමටත් අවස්තාව පවතී.පහත දැක්වෙන්නේ සූනන් සහ කටුස්සන් ශරීරයේ ඒ ඒ ස්තානයට වැටීමෙන් ඇතිවන සුබ අසුබ ප්‍රතිඵලයන්වේ.