මැණික් පැලදීම සහ මැණිකක ගුණය සවිස්තරාත්මකව


අතීතයේ සිට මේ දක්වා , වර්ථමාන ශ්‍රී ලංකාව හැදින්වීමට විවිධ නාමයන් භාවිතා කලහ.ඒ අතර " රත්නදීපය" යන නාමයද භාවිතා වූ බව කවුරුත් දන්නා කරුණකි.ශ්‍රී ලංකාව ශිෂ්ඨාචාරගත වූවා යැයි වර්තමාණිකයන් සිතා සිටිනා විජය කුමරු තම්බපණ්නියෙන් ගොඩබට දා සිට මෙරට ඉතිහාසය අධ්‍යයනයේදී විදේස් රටවල වෙළදුන් මෙරටට පැමිණීමට ප්‍රධාන හේතු සාධකය වූවේ ලංකා භූමියේ මතුවූ අසම සමවූ මැණික් වර්ග මිලදී ගැනීමටයි.තවමත් ලිඛිත ඉතිහාසයක් පැහැදිලිව හමු නොවූවත් ලාංකික සමාජයේ මානවීය ගුණයෙන් දැනුමෙන් පිරිපුන් උසස් මිනිස් කොට්ටාසයක් ජීවත් වූ රාවනා යුගයේ පවා මෙරට මැණික් සම්පත පැවැති බවට එම යුගයන් පිලිබදව අධ්‍යයනයේ යෙදී සිටින වර්ථමාණික උගතුන්ගේ ලිපි පරිශීලණයෙන් හදුනාගත හැකිය.එතරම් ඉතිහාසයක් මෙරට මැණික් පිලිබදව තිබේ.අපේ රටේ රාජ්‍යයන්හි කටයුතු කළ එක්‌ එක්‌ රජවරුන්ගේ රාජ පරම්පරාවන් පිළිබඳ ඉතිහාසය ගත් විට රාජ නාමාවලිය තුළ අනුරාධපුර යුගය, පොළොන්නරු යුගයේ සිට කෝට්‌ටේ යුගය දක්‌වාත් ඒ වගේම අවසානයේ මහනුවර රාජධානිය දක්‌වාත් ඒ සියලු රාජ්‍ය පාලන කාලයන් තුළ රජවරුන්ගේ සහ රාජ්‍යයේ මැති ඇමැතිවරුන්ගේ සිට රජ බිසවුන්ගේ කුමරියන්ගේ අලංකාරයට මැණික්‌ පැළඳි බව අපි දන්නා කරුණකි.



වර්ෂ 1505 පෘතුගීසින්ගේ ලාංකීය ආක්‍රමණයත් සමඟ රත්නපුරේ මැණික්‌වලට ලොව පුරා නිර්මාණය වුණේ අභිමානවත් ප්‍රතිරූපයකි. ඒ නිසාවෙන්ම අප ලෝකයේ රත්න දීපය වූ බව නොරහසකි.කෙසේ නමුත් රාජ රාජ මහාමාත්‍යවරුන්ගේ සිට සාමාන්‍ය මනුස්සයා දක්වා සරලව " මැණික් " නම් වූ විවිධ වර්ගයේ පාෂාණයන් පැලදීමට විශේෂ හේතුවක් තිබිය යුතුය.මෙරට පමණක් නොව ලෝකයේ විවිධ භූමීන් තුලින් විවිධ මැණික් වර්ගයන් හමුවන අතර විවිධ පුද්ගලයන් විවිධ වූ හේතූන් මත මැණික් වර්ග ශරීරයේ පැලදීම සිදුකරයි.සමහරුන් ජ්‍යෙතිෂය විස්වාස නොකලද වටිනා මැණුක් වර්ගයක් පැළදීමේ ආසාවෙන් කැමැත්තෙන් පසුවේ.මැණික් පැලදීම ජ්‍යෙතිෂයේ සදහන් ග්‍රහ අපල සදහා ප්‍රතිකර්මයක් වූවත් විද්‍යාත්මක වශයෙන් ගත්විට මැණිකක් පැලදීම මිනිස් ශරීරයට විශේෂිත වූ ගුණ ඇතිකරයි.

රෝග නිවාරණයේදිද පාරම්පරික හෙළ වෙදුන් විසින් රෝගියාට පැලදීමට සුදුසු මැණික් වර්ග නියම කරයි.උදාහරණයක් ලෙස ශරිරයේ රක්ත හීනතාවය සමනය සදහා වෛද්‍ය ප්‍රතිකාර සමග රතු මැණික් සහ රතු කොරල් නම් වූ මැණික් වර්ග පැලදීම සිදුකරයි.ශරීරයේ රක්තහීනතාවය ඇතිවන අවස්තාව වන විට හෝ උපතේ දී , කුජ හෝ රවි යන ග්‍රහයන් පීඩාවී සිටිය යුතුමය.එය , එවැනි රෝග තත්වයක් පවතින්නා වූ රෝගියෙකුගේ කේන්ද්‍ර සටහනක් පරීක්ෂා කිරීමෙන් හදුනාගත හැකිය.එවැනි අවස්තාවක රෝගය සදහා සුදුසු වෛද්‍ය ප්‍රතිකාර සමග රතු මැණික් හෝ රතු කොරල් යන මැණික් වර්ග පැලදීම මගින් ඉතා විශේෂ වූ ඉක්මන් වූ සුවයක් ලබාගැනීමට හැකියාව පවතී.මේ සදහා නියමිත ප්‍රමිතියෙන් යුතු මැණික් පැලදිය යුතු අතරම ඒ සදහා නිසි උපදෙස් ලබාගෙන සිටීම යහපත්ය.


අප පෘතුවිය සහ සමස්ත සෞරග්‍රහ මණ්ඩලයටම ආලෝකය ලබාදෙන සූර්‍ය තුල මෙන්ම අනෙකුත් ග්‍රහ වස්තූන් තුල ප්‍රධාන රසායණික සංයුතීන් පවතින බවට බටහිර තාරකා විද්‍යාඤයන් විසින් සිදුකරන ලද පරීක්ෂන තුලදී අනාවරණය කරගෙන තිබේ.ඒ අනුව සූර්‍ය ග්‍රහ වස්තුව හයිඩ්‍රජන් - 34% ක් , හීලියම් - 64% ක් යන ප්‍රතිෂතයන්ගෙන් සමන්විත බව පෙර කරන ලද පරීක්ෂණයන්ගෙන් අනාවරනය කරගෙන ඇති අතර එහි 1% ක ඔක්සිජන් ප්‍රමාණයක් සමන්විත බවද සොයාගෙන ඇත.පෙර සිතුවාට වඩා ලිතියම්, බෙරලියම් සහ ‍බෝරෝන් යන මුලද්‍රව්‍ය සුලබ බව 1968 දී බෙල්ජියානු විද්‍යාඥයෙකු විසින් සොයා ගන්නා ලදි.2005 වර්ෂයේ දී විද්‍යාඥයින් තිදෙනෙක් විසින් කියා සිටියේ සූර්යයා තුල නියෝන් වල සුලබතාවය පෙර සිතා සිටියාට වඩා වැඩි බවය.මේ ආකාරයෙන් විවිධ වූ රසායණික සංයුතීන් සූර්‍ය ග්‍රහ වස්තුව තුලින් නිර්මාණයවේ.බ්‍රහස්පති ග්‍රහ වස්තුව ඉහල වායුගෝලය තුල 90% හයිඩ්‍රජන් හා 10% හීලියම් සංයුතීන් අඩංගු වබට බටහිර තාරකා විද්‍යාඤයන් සොයාගෙන ඇත.මේ ආකාරයෙන් සෞරග්‍රහ මණඩලයේ සෑම සියලු වස්තුවක් තුලම ඕනෑම ආකාරායක , ඕනෑම ප්‍රමාණයක රසායණික සංයුතීන් ඒකරාශීව තිබේ.මිනිසුන්ට වඩා විශේෂවූ බලවත් අසුබත් ඒ ආකාරයෙන්ම සුබඵලත් ලබාදෙන ග්‍රහයෙකු වන සෙනසුරුගේ වායුගෝලය සෑදී ඇත්තේ හයිඩ්‍රජන් 96% ක ප්‍රමාණයක් හීලියම් 3% ක ප්‍රමාණයක් සහ මීතෙන් , ඇමෝණියා , හයිඩ්‍රජන් ඩියුටරයිඩ් , ඊතේන් ආදී වූ රසායණිකයන්ගේ එකතුවෙන් බව බටහිර විද්‍යාඤයන් විසින් සිය පරීක්ෂණයන්ට අනුව සොයාගෙන ඇත.අනෙකුත් ග්‍රහ වස්තූන් පිලිබදව විද්‍යාතමක පැතිකඩ දැනුම අවැසි පාඨක ඔබට අන්තර්ජාලය තුලින්ම ගවේෂණයකල හැකිය.විශේෂයෙන් විකිපීඩියා වෙබ් අඩවිය තුලින් මූලික දැනුම එක්කරගත හැකිය.

හිරුගේ රුස් වලිනුත් මවගේ කිරෙනුත් මේ ලෝකය නිර්මාණය වී ඇති බව මැක්සිම් ගෝර්කි සාහිත්‍ය පඩිවරයා පවසයි.සාහිත්‍ය වෙන්කරගත්විට විද්‍යාත්මකවද එම කරුණු දෙක සනාතවී ඇත.එය එසේ නම් හිරුගේ කිරණ පෘතුවියට ලැබෙන්නා සේ එයින් ලෝකය ආලෝකමත් වනවා මෙන්ම සියලු සත්වයන්ගේ ජීවය රැදී පවතින්නා සේ අනෙකුත් සියලු ග්‍රහ වස්තූන්ගෙන් , තාරුකාවන්ගෙන් සමස්ත පෘතුවියටම සුබ අසුබ ග්‍රහ කිරණ බලපෑම් ඇතිකරවයි.මෙම විද්‍යාතමක සත්‍ය පිලිගන්නා අය ජ්‍යෙතිෂය පිලිනොගන්නේ කුමක් නිසාදැයි විමසා බැලිය යුතුය.එය කෙසේ උවත් ජ්‍යෙතිෂය තුල ප්‍රධාන ග්‍රහයන් හත් දෙනෙකු සහ චායා ග්‍රහයන් ලෙස , තවත් ග්‍රහයන් දෙදෙනෙකු සිටී.රවි , සදු , බුධ , කුජ , සිකුරු , ගුරු , ශණි යන ප්‍රධාන ග්‍රහයන් සහ රාහු , කේතු නම් චායා ග්‍රහයන් නවග්‍රහයන් ලෙස හදුන්වයි.ඒ ඒ ග්‍රහයන් වෙනුවෙන් වෘක්ෂයන් මෙන්ම මැණික් වර්ගයන්ද පුරාණයේ සිට නියමවී පවතී.ඉහත චේදයේ සදහන් කල ග්‍රහ වස්තූන්ගෙන් මිනිස් ශරීරයට ඇතිකරනා සුබ අසුබ ග්‍රහ කිරණයන්ට සමානුපාතිකව ප්‍රථික්‍රියා දැක්විය හැකි ලෙස මෙම මැණික් වර්ග නියමවී ඇත.එමෙන්ම එම ග්‍රහ කිරණ තමාවෙත ඒකරාශී කොටගෙන උරා ගැනීමේ ශක්තියක් මැණික් තුල පවතී.මෙම ලිපියෙන් පැහැදිලි කරණුයේ ජ්‍යෙතිෂය හා සබැදි මැණික් භාවිතය නිසා වන හෙයින් මෙතැන් සිට ඉදිරියට එම තත්වයන් සලකා බලමු.

මැණික් ගල් පැළදීමේදී තම උප්පත්ති ග්‍රහ තත්වය නිවැරදිව පරීක්ෂාකර බැලිය යුතුය.එමෙන්ම තමන්ගේ හස්ත රේඛා අනුව යෙදී ඇති තත්වයද පරීක්ෂාකර බැලීම ඉතා වැදගත්වේ.රෝග සදහා මැණික් පැලදීමේදී වෙද මහතාගේ නිර්දේශය මත එය සිදුවිය යුතුය.විශේෂයෙන් නාඩි වෙදකම පිලිබදව දැනුමක් ඇති සිංහල වෙද මහතුන් පුද්ගලයෙකුගේ හස්ත නාඩි පරීක්ෂාකර සුදුසු මැණික් වර්ගය සහ පැලදීමට සුදුසු ආකාරය දන්වා සිටී.කෙසේ හෝ මැණිකක් පැළදීමේදී එම පාශාණයේ කැපුම් ක්‍රමය( cuts and shapes ) පිලිබදවත් සැලකිලිමත්වීම වැදගත් කරුණකි.එමෙන්ම සදහන්කල යුතු තවත් වැදගත් කරුණක් වන්නේ ඒ ඒ ග්‍රහ බල දුබලතාවයන්ට මැණික් පැලදීමේදී එම මැණිකෙහි ප්‍රමාණය වැදගත්වීමයි.අඩුම තරමේ කැරට් එකක පමණ බරකින් යුතු මැණිකක් පැලදීම් ගුණදායකවේ.එය ශරීරයට ස්පර්ශවන ලෙස නියමිත ලෝහයෙන් සකසා පැලදීම විශේෂ ගුණ ලැබීමට හේතුවකි.නමුත් ඒ ඒ ග්‍රහයන් අනුව පැලදිය යුතු මැණික වෙනස් වන්නා සේම එහි බර ප්‍රමාණයන්ද යම් යම් අවස්තාවන් වලදී වෙනස්වේ.

ග්‍රහ අපල යෙදී ඇති අවස්තාවේදී මැණික් පැලදීමේදීත් ග්‍රහ අපලයක් නොවන තත්වයන් යටතේ මැණික් පැලදීමේදී , මැණික කපා ඇති කෝණය පිලිබදව විශේෂයෙන් සැලකිලිමත්විය යුතුය.ඒ ඒ ග්‍රහයාගේ ග්‍රහ කිරණ යම් අවස්තාවක මිනිස් ශරීරයට හිතකර වන අතර තවත් අවස්තාවක වඩාත් අහිතකරවේ.ඒ පිලිබදව සැලකිලිමත්ව , නියමිත හැඩය සහ කෝණය සලකා මැණික් තෝරාගැනීම සහ පැලදීන සිදුකල යුතුවේ.සුබ ග්‍රහ කිරණක් මිනිස් ශරීරයට හිතකර වන ලෙසත් අසුබ ග්‍රහ කිරණක් මිනිස් ශරීරයෙන් ඉවතට පරාවර්තනය වන ලෙසත් මැණිකේ කැපුම් කෝණය වෙනස්වන අවස්ත පවතී.පහත අංක 01 රූපය දෙස බලන්න.



01 රූපය
මෙහි දැක්වෙන්නේ " ideal "  නම් කැපුම් කෝණය භාවිතා කරමින් කපා ඔප දමණ ලද මැණිකක රූප සටහනකි.මෙම කැපුම් ක්‍රමයේදී මැණික වෙත ආරෝපණය වන අසුබ ග්‍රහ කිරණ මිසිස් ශරීරයට ඇතුලු නොවී මැණික් ගල තුලින්ම පිටතට කිරණ පරාවර්ථනය වීම සිදුවෙයි.අසුබ ග්‍රහයෙකුගේ අපල යෙදී ඇති කාලයකදී , එම ග්‍රහයාට අයත් මැණික් වර්ගය ඉහත කැපුම් ක්‍රමය අනුව සකසා භාවිතා කිරීමේදී සිදුවන්නේ , එම ග්‍රහ කිරණ මැණික් ගල තුලට එක්කොට , නැවත පිටතට පරාවර්ථනය වීමයි.එවිට එම ග්‍රහයාගේ අසුබ ග්‍රහ කිරණේ බලපෑමෙන් මිනිස් ශරීරය ආරක්ෂාවේ.මෙම කැපුම් ක්‍රමයේදී මැණිකෙහි ශරීරයට ස්පර්ශවන අග කොටස අංශක 41 - 44 ප්‍රමාණයෙන් පැවතිය යුතුවේ.

මෙම කැපුම් ක්‍රමය යොදාගෙන සකසන මැණික්කකින් විශේෂයෙන් බලාපොරොත්තු වන්නේ අසුබ ග්‍රහ කිරණ ශරීරයෙන් පිටතට පරාවර්ථනය වීමයි.එනම් මෙලෙස සැකසූ මැණික් පැලදිය යුත්තේ කුමන ග්‍රහ තත්වයක් යටතේදැයි දැනුවත්විය යුතුය.එය මෙසේ උදාහරණයකින් දැක්විය හැකිය.ගෙවීයන කාලයේ හෝ උප්පත්ති ග්‍රහ තත්වයේදී රවි ග්‍රහයාගෙන් අසුබ තත්වයක් යෙදී ඇතැයි සිතමු.එවැනි අවස්තාවක ඉහත කැපුම් ක්‍රමය භාවිතා කර මැණික් පැලදීමෙන් ශරීරයට අහිතකරවූ අයහපත් සූර්‍ය කිරණ මිනිස් ශරීරයෙන් පිටතත පරාවර්තනයවේ.එසේ නොවන ලෙස වෙනත් හැඩයකින් මැණික් පැලදීම සිදුකල විට සිදුවන්නේ එම පුද්ගලයාගේ ශරීරයට සියලු ආකාරයේ සූර්‍ය කිරණ ඇතුලු වීමයි.එවිට සිදුවන්නේ රවි ග්‍රහයාගෙන් යෙදී ඇති අසුබ අපල තත්වයන් තවදුරටත් ප්‍රබල ලෙස වර්ධනය වීමකි.නොසිතූ , නොතිබූ ආකාරයේ අයහපත්කම් කායික මානසික වශයෙන් මිනිසාට දැඩි බලපෑම් ඇතිකරවයි.

02 රූපය


ග්‍රහ අපලයක් සදහා මැණික් භාවිතයේදී යොදාගන්නා තවත් කැපුම් ක්‍රමයක් පවතී.එය " shallow " නම් වේ.සදහන් කල " ideal " කැපුම් ක්‍රමයේදී අසුබ කිරණක් මිනිස් ශරීරයෙන් පිටතට නැවත පරාවර්තනය වන අතර " shallow " නම් කැපුම් ක්‍රමයේදී සිදුවන්නේ මැණික තුලට ඇදගන්නා , ඒකරාශී වන ග්‍රහ කිරණ මිනිස් ශරීරයට සෘජු ලෙසම ඇතුලුවීමයි.මෙම ක්‍රමයෙන් කැපුම් යොදා ඇති මැණික් විශේෂයෙන් බාවිතා කරනු ලබන්නේ සුබ ග්‍රහයෙකුගේ බලය තවදුරටත් වර්ධනීය ලෙස ශරීරයට ඇතුලුවීමටයි.ඉහත පලමු කැපුම් ක්‍රමය පිලිබදව දක්වා ඇති උදාහරණය ඊට ප්‍රතිවිරුද්ද ආකරයෙන් මෙම ක්‍රමයේදී යොදාගත යුතුය.එය මෙසේ දැක්විය හැකිය.රවි උපතේතූ සුබ ග්‍රහයෙකුව , යම් කිසි දුබල කමක් සහිතව පිහිටා ඇතැයි සිතමු.එවිට රවිගෙන් සුබඵල ක්‍රියාත්මක වීමක් පැවතියත් , උප්පත්ති පිහිටීම මත යම් දුර්වලතාවයක සිටී නම් එම සුබඵල නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නැත.එවැනි අවස්තාවක ඉහත සදහන් කල " shallow " නම් කැපුම් කෝණය භාවිතාකරමින් සකසන ලද රතු මැණිකක් පැලදීමෙන් සිදුවන්නේ උප්පත්තියේ දුර්වල වූ සුබ ග්‍රහයාගේ කිරණ සෘජුවම ශරීරගත වීමයි.එවිට ග්‍රහයාගේ දුබලතා බොහෝ දුරට මගහැරී යයි.මෙම ක්‍රමයේදී මැණික අංශක 41 ට අඩුවෙන් කැපීම සිදුකරයි.

03 රූපය

ග්‍රහ අපල සදහා මැණික් පැලදීමේදී යොදාගනු ලබන අනෙක් ප්‍රධාන කැපුම් ක්‍රමය " Deep " නම් වේ.මෙම ක්‍රමය මගින් සිදුවන්නේ අයහපත් ග්‍රහ කිරණ මැණිකෙහි පවත්නා රසායණික සංයුතීන් සමග ගැටී , ක්‍රියාවලියකට ලක්ව එයින් උරාගන්නා සුබ දායක කිරණයන් ශරීරගතවීමයි.මෙම ක්‍රමය මෙසේ භාවිතා ක හැකිය.උපතේදී ග්‍රහයෙකු නීචව සිටීනම් , එම ග්‍රහයා සුබ වේවා අසුබ වේවා , සිය අසුබ ගුණය ප්‍රධාන වශයෙන් පුද්ගලයාට පිරිණමයි.එම ග්‍රහයා අනුව සුදුසු මැණික හදුනාගෙන " Deep " ක්‍රමයේ කැපුම භාවිතාකර සකසා පැලදීමෙන් ග්‍රහයා දුබලවීම හේතුවෙන් ඇතිවන අසුබ බලපෑම අවම කර , මැණිකෙහි පවත්නා රසායනික සංයුතීන් සමග මුසුවී සුබ කිරණක් ලෙස ශරීරගතවීමයි.එම ග්‍රහයාගෙන් ඇතිවන සුබ කිරණ මිනිස් ශරීරයට උරා ගැනීම සිදුවෙයි.මෙම කැපුමේදී අංශක 45 ට වඩා වැඩි අංශක අගයක් ලබාගනී.

මැණිකක් පැලදීම මගින් සිදුවන තත්වය තවදුරටත් මෙසේ පැහැදිලි කල හැකිය.සෑම මැණිකකම විද්‍යාතමක වටිනාකමක් පවතී.එය අවශ්‍ය අයෙකු සිටීනම් අන්තර්ජාලය තුලින්ම සොයා හදුනාගැනීමට හැකිය.අප පාසලේදී විද්‍යාගාර තුලත් පන්ති කාබර තුලත් විද්‍යා පාඩමේදී අත් කාචය භාවිතා කල ඔබ ඔබට මතකයට නගාගත හැකිය.අත් කාචය සූර්‍ය රශ්මියට යොමුකර ඊට යටින් ගිණි කූරක් තබා , එය දැල්වෙන ආකාරය නීරීක්ෂණය කර නිගමනයන්ට පැමිණි බවද ඒ හා සමග ඔබට සිහිපත්වනු ඇත.එහිදී සිදුවූ ක්‍රියාවලිය පිලිබදව සිතා බලන්න.එහිදී සිදුවන්නේ අත්  කාචයේ පළිගු හෝ නියමිත් ලෙස සැකසූ වීදුරුව හරහා සූර්‍ය කිරණ ගිණිකූර මතට පතිත වීමයි.කාචය තුල ඇතිවන්නා වූ රසායනික ක්‍රියාවලිය මගින් සූර්‍ය කිරණ බලවත්වී ගිණිකූර දැල්වීමයි.මෙය අවබෝධ කරගන්නා පුද්ගලයාට මැණිකක් මගින් ඇතිකරවනු ලබන ක්‍රියාවලිය පැහැදිලිව තේරුම් ගැනීමට හැකියාව ලැබේ.මැණිකක් මූල්‍ය වටිනාකමින් වැඩි වන්නට හේතුවක් ලෙස එහි ගැබ්ව ඇත්තාවූ රසායණිය සංයුතීන් ප්‍රධාන වේ.සාමන්‍යයෙන් ඕනෑම මැණික් වර්ගයකට විශේෂිත වූ ගුණයන් පවතී.නමුත් උපතේදී සහ ග්‍රහ චාරයේදී ඒ ඒ ග්‍රහයාගේ ග්‍රහ බල පිහිටීම් අනුව , පුද්ගලයාට සුබ සහ අසුබ දෙයාකාරයෙන්ම ග්‍රහයන්ගේ පිහිටීම සිදුවෙයි.සුබ ග්‍රහයා සුබඵල ලබාදෙන අතර අසුබ ග්‍රහයා අසුබඵල ලබාදේ.සුදුසු මැණික සුදුසු කැපුම් ක්‍රමය යොදා නිසි පරිදි සකසා පැලදීමෙන් අසුබ ග්‍රහ කිරණ මිනිස් ශරීරයෙන් ඉවත්වීමත් , සුබ කිරණ විශේෂත්වයකින් යුතුව ශරීරගතවීම සහ අසුබ ග්‍රහයාගේ අසුබ කිරණ රසායණික ප්‍රතික්‍රියාවන් සමග මුසුවී සුබ කිරණක් බවට පත්වී ශරීරගතවීමත් සිදුවේ.ඉතා සරල ලෙස මැණිකක් මගින් සිදුවන ක්‍රියාකාරීත්වය මේ ආකාරායෙන් පැහැදිලි කල හැකිය.ග්‍රහ අපලයක් වේවා , වෙනත් ඕනෑම හේතුවක් වේවා , මැණික් පලදින්නා මෙම මූලික කරුණු දැන සිටීම ඉතා වැදගත්වනු ඇත.

නවග්‍රහයන් ගත්කල ඒ ඒ ග්‍රහයා වෙනුවෙන් පැලදිය යුතු මැණික් වර්ග මෙන්ම අංක විද්‍යාව අනුවද පැළදිය යුතු මැණික් වර්ග නියමකර තිබේ .වෙදකමෙහිත් හස්තරේඛා සාස්ත්‍රයේදීත් ඒ ආකාරයෙන්ම පැලදිය යුතු මැණික් වර්ග නියම කරයි.ප්‍රධාන වශයෙන් ජ්‍යෙතිෂයේදී රවි ග්‍රහයා වෙනුවෙන් " පද්මරාග " නම් මැණික් විශේෂයත් , සදු ග්‍රහයා වෙනුවෙන් " මුතු " නම් මුතු බෙල්ලාගෙන් ලබාගන්නා පාෂාණ වර්ගයත් , බුධ ග්‍රහයා වෙනුවෙන් මරකත,පච්ච යන මැණික් විශේෂයත් කුජ වෙනුවෙන් රතු කොරල් ( සාගරයෙන් ලබාගනී ) සහ රතු මැණික්‌ ද පළදී.මේ ආකාරයෙන් ග්‍රහයන් නවදෙනා වෙනුවෙන් විශේෂිත වූ මැණික් පාෂාණයන් පිලිබදවත් එහි ගුණය පිලිබදවත් පැහැදිලි විස්තරයක් පහත දැක්වේ.

පද්මරාග 



පද්මරාග - පද්ම යනු නෙළුමට නමකි. නෙළුමක පැහැය ඇත්තේ පද්මරාග නම් වෙයි. රවි හිමි පද්මරාග පැළඳීමෙන් අධ්‍යාපන ,දේශපාලන අංශයන්ගේ ශක්තියක් වර්ධනයක් ලබාගත හැකිය.කීර්තිය සතුට මෙන්ම සැනසීමත් , මානසික සුවතාවයත් වර්ධනයවේ.ඉඩකඩම් දේපල සම්බන්දව ලාබ ලබයි.හදවත් අසනීප , මානසික රෝග , මානසික ආතතිය , ලේ සම්බන්දව ශුර්වලතා පැවතියේ නම් නිසි ප්‍රතිකාර සමග යහපත් ප්‍රතිඵලයන් ක්‍රියාත්මකවේ.එමෙන්ම රවි ග්‍රහයාගේ පීඩාවීම මත දරුඵල සම්බන්දව බාධා යෙදී ඇත්නම් ඒ සදහාද විශේෂ ගුණයන් ඇතිකරයි.උපතේදී හෝ මහදසා අතුරු දසා ග්‍රහ චාරය යන අවස්තාවන් වලදී රවි ග්‍රහයා දුබලව ඇත්නම් නියමිත් ක්‍රමයෙන් සැලසූ පද්මරාග මැණිකක් පැලදීම ඉතා යහපත්වේ.එමෙන්ම රවි ග්‍රහයා යෝගකාරකයාව කේන්ද්‍රයේ පිහිටා ඇත්නම් එම ග්‍රහයාගේ යෝගකාරක බලය වර්ධනය වීමටත් 22 වන දෙර්කාණය වැනි අසුබ ග්‍රහ තත්වයක් යටතේ පිහිටා ඇත්නම් , එහි අසුබ ගුණය අවම කිරීමට , සුබ ගුණයක් ඇතිකරගැනීමට නිසි ලෙස සකසා පළදින " පද්මරාග " නම් වූ මැණික් විශේෂය මගින් හැකියාව පවතී.එමෙන්ම සිංහ ලග්නයෙන් උපත ලැබූ අයගේ ලග්නාධිපතිවූ රවිගේ බල දුබලතා සලකා බලා පද්මරාග පැළදීම යහපත්වේ.

රසායනික සංයුතිය - ඇළුමිනියම් ඔක්සයිඩ් සමග ක්‍රෝමියම් ඔක්සයිඩ්

මුතු 





මුතු සුදු , කහ හෝ රතු පැහැ‍යෙන් යුතු අතර කලු වර්ණය සහිත මුතු වර්ගද දක්නට ලැබේ.මුතු සෘජුවම පාශාණයක් නොවූවත් සදුගෙන් යෙදෙනා සුබ අසුබතා වෙනුවෙන් භාවිතා කරයි.මුතු වර්ග කිහිහිපයක් පවතී.ගජමුතු ඓරාවන නම් ඇත් කුලයේ ඇතුන්ගේ දළ තුල හටගන්නා බව පොතපතේ සදහන්වේ.මීට අමතරව සූඛරයා හෙවත් ඌරාගේ දළ තිලත් , නාගයාගෙ පෙණ ගොබය තුලත් ( නාග මාණික්‍ය ) , මත්ස්‍යන්ගේ ශරීරයෙනුත් , අකුණු මගිණුත් , උන ගසේත් මුතු හටගනී.මුතු බෙල්ලාගෙන් ලැබෙනා මුතු බහුලව පවතී.කෙසේ හෝ මුතු ශරීරයෙහි පැලදීමෙන් සතුට සෞභාග්‍ය , මානසික දියුණුව සහ මානසික සහනය ලැබේ.මනස නිරවුල්වේ.ඒ හරහා අධ්‍යාපනයේ පැහැදිලි බවක් ඇතිකරවයි.ව්‍යාපාර දියුණුවේ.දීර්ගායුෂ ලැබීමට හේතුවේ.යක්ෂ ප්‍රේත අමනුෂ්‍ය දෝශයන්ගෙන් ආරක්ෂාව ලැබේ.පවුලේ සමගිය වර්ධනයවේ.පිරිමි දරුවන් බලාපොරොත්තු වන දෙමාපියන් විශේෂයෙන් මුතු පැලදීම සුබදායකයි.එමෙන්ම ඇදුම රෝගයෙන් , මානසික රෝගයන්ගෙන් පීඩාවන අයටද , අම්ලපිත්තය රෝග තත්වයන්ගෙන් පෙළෙන්නවුන්ටද , හුස්ම ගැනීමේ බාධා දුර්වලතා සහ පපුවේ අසනීපයන් පවතින රෝගීන්ටද මුතු පැලදීම ඉතා යහපත් ප්‍රතිඵල ඇතිකරවයි.එමෙන්ම උපතේදී දුබලවූ සදු සහිත අයද , සදු යෝගකාරකයා වූ අයද , විශේෂයෙන් කටක ලග්නයෙන් උපන්නවුන්ටද මුතු පැලදීම සුබදායකවේ.

අන්තර්ගත රසායනික සංයුතිය - මුතු භූමියෙන් ලැබෙනා ඛණිජයක් නොව මුතු බෙල්ලාගේ ශරීරය තුල ඇතිවේ.කැල්සියම් කාබනේට් සහ කොන්තියෝ නමින් හදුන්වන අකාබනික රසායනික සංයුතියකින් සමන්විතවේ. 

රතු කොරල් - රතු රූබි - රතු පබළු  



කුජ ග්‍රහයාගෙන් යෙදෙන සුබ අසුබ ග්‍රහ තත්වයන් තුලදී විශේෂයෙන් භාවිතා කරනු ලබයි.ඉදුණු දොඩම් ගෙඩියේ පැහැයෙන් සහ රතු පැහැයෙන් දක්නට ලැබේ.වා, පිත්, සෙම් යන තුන් දොස්‌ සමනයට, අධික උෂ්ණ ශරීරවලට, රුධිර වර්ධනයට, ධාතු වර්ධනයට, ක්‍ෂය රෝගයට, ආහාර මාර්ග රෝගවල සුවතාවය සදහා පලදී.එමෙන්ම මානසික සතුට , මානසික ශක්තිය වර්ධනය කරයි.වෘර්තීය ජීවිතයේ උසස් බවක් ඇතිකරයි.විශේෂයෙන් ආරක්ෂක අංශයන්හි සේවයේ නියුතුවූවන්ට , දේශපාලනයේ නියුතු වූවන්ට පාලකයන්ට නිසි ගුණ ලබාදේ.ප්‍රිතිමත් ගෘහ ජීවන තත්වයක් , දේපල සහ ආර්තික වටපිටාවක් ගොඩනගා ගැනීමේදී එයට අවශ්‍ය කායික මානසික සමබරතාවය සකසා දේ.උපතේදී කුජ ග්‍රහයාගේ බල දුබලතාවයන් මත පැලදීම සුදුසුවේ.කුජගේ පීඩාවීම් සහිතව දරුඵල ප්‍රමාදය , හානිය වැනි තත්වයන් යෙදී ඇතිනම් නිසි ආකාරයෙන් රතු කොරල් පැළදීම නිසි ගුණ ලබාදේ.

පුෂ්පරාග





පුෂ්පරාග - කහ පාටින් යුක්‌ත මෙම ගල බ්‍රහස්‌පති හෙවත් ගුරු ග්‍රහයාට හිමිවෙයි. කීර්තිය, ඥානය සැප වර්ධනය කරයි.බුද්ධිමතුන් බිහිකරයි.වස්තු සම්පත් සහ සමාජීය වශයෙන් ගෞරවය උසස් බව ඇතිකරගැනීමට අවශ්‍ය කායික මානසික ශක්තීන් ලබාදේ.උගත්කම මූලික රැකියා කරනා අයටත් , උගතුන්ට සහ බුද්ධිමතුන්ටත් පුෂ්පරාග පැලදීමෙන් වඩා යහපත් ගුණ නැණ බල ලබාදේ.දරු සම්පත් ප්‍රමාදයන් වලක්වා යහපත් සෞඛ්‍ය සම්පන්න දරුවන් ලබන්නට මහෝපකාරීවේ.මෙම මැණික පැලදීමෙන් පුද්ගලයා අත , ධනය රැදෙනා බවටත් , ධනයේ සන්කේතය ලෙසත් ඉන්දියානුවන් තුල පුෂ්පරාග මැණික ප්‍රචලිතය.උපතේදී ගුරු ග්‍රහයා දුබලවූවන් සහ බලවත් වූවන් තමන්ගේ ග්‍රහ තත්වයට අනුව සකසා මෙම මැණික පැලදීම යහපත්වේ.එමෙන්ම ගුරු ග්‍රහයා මූලිකව බලවත් ග්‍රහ යෝග රාජ යෝග යෙදී පැවතියදී , එම යෝගයන් නිසි ක්‍රියාත්මක බවක් නොදක්වන විටදී , නිසි උපදෙස් මත පුෂ්පරාග මැණික පැළදීම මගින් ඉතා යහපත් ගුණ ඇතිකරගැනීමට හැකියාව ලැබේ.

අන්තර්ගත රසායනික සංයුතිය - ඇළුමිනියම් ඔක්සයිඩ් සහ පෙරික් ඔක්සයිඩ්


පච්ච






බුධ ග්‍රහයාගේ බල දුබලතාවයන් සහ වෙනත ආකාරයේ රෝග නිවාරණය සදහා පලදී.කොල පැහැයෙන් , ගිරා පැහැයෙන් යුතුවේ.ශරීර උෂ්ණ මේදය වැඩීමට අධික ආම්ලිකතාවය ඇඳුම සමනය කරයි. ආහාර ජීර්ණය කරයි. හෘද වේදනා සමනය කරයි.මානසික සිතුවිලි තුලින් සහනය ඇතිකරයි.කෝප ගති පාලනය කරයි.බුද්ධි වර්ධනයට , කතාවේ වචනයේ නිරවුල් තාවයට කායික මානසික සුවතාවය ඇතිකරයි.බුධ ග්‍රහයා දුර්වලවී සුවකල හැකි ගොලුබව , ගොත ගැසීම ආදී රෝගී තත්වයන් මෙන්ම මානසික දුබලතා පවතිනා අයටත් නිසි ප්‍රතිකාරයන් සමග මෙම මැණික පැලදීම ඉතා යහපත්වේ.එමෙන්ම දරු සම්පත නොමැති කමින් පීඩා විදින්නවුන්ට සහනය ලබාදේ.යක්ෂ ප්‍රේත භූතාදී කරදරයන්ගෙන් නිදහස ලැබේ.යහපත් ගෘහ ජීවිතයක් ලබාදේ.යානවාහන සැප සතුටට දායකවේ.රුධිර පීඩනය පාලනය කරයි.දීර්ඝායුෂ ලබාදේ.විශේෂයෙන් මිතුන කන්‍යා ලග්නයන්ගෙන් උපන් අයටත් , බුධ මූලික බලවත් ග්‍රහ යෝග තත්වයන් පවතින අයටත් මරකත හෙවත් පච්ච නම් වූ මැණික් පැළදීම වඩා වැඩි යහපත් බවක් ඇතිකරවනු ඇත.කෙසේ නමුත් බුධ නපුංසක ග්‍රහයෙකු වන නිසා මෙම මැණික් වර්ගය පැළදීමේදී තරුණ තරුණියන් නිසි ක්‍රම භාවිතා කිරීම සිදුකල යුතුය.එමෙන්ම දරුඵල සදහා සුබදායක යැයි ඉහත සදහන් වූවත් , එම අවස්තාවන් වලදීද තමන්ට සුදුසුදැයි අඩුම තරමේ උප්පත්ති කේන්ද්‍රය හෝ පරීක්ෂාකර බලා එම කටයුතු සිදුකල යුතුය.

අන්තර්ගත රසායනික සංයුතිය - සංකීරණ බොරොසිලිකේට්


දියමන්ති -





සිකුරු ග්‍රහයා නියෝජනය කරනු ලබන පාෂාණයයි.සුදු පාට , දම් පාට , නිල් පාට , රෝස පාට සහ කලු පාට වශයෙන් වර්ග පහකි.පිලිගැනීම සහ ප්‍රසිද්ධිය , කැපී පෙනෙන බව , අලංකාරය , ප්‍රියමනාප බවැ ඇතිකරවයි.ආකර්ෂණය ඇතිවේ.බුද්ධිය කීර්තිය වර්ධනය කෙරේ.විවාහ දිවියේ සතුට සැපත , වාසනාව සමගිය ඇතිකරවයි.දේපල යාන වාහන බුක්තිය ලබාදේ.සතුරු භය හා විෂ මර්දනය කරයි.ක්‍ෂය රොගයට ප්‍රතිජීවයක්‌ ලෙසද දියවැඩියාව, රක්‌තහීනතාවය හා හන්දි ඉදිමුම මෙන්ම බඩවැල් ආශ්‍රිත රෝගයන්ට සුවදායකවේ.විවාහය ප්‍රමාදවූවන්ටත් , කලා අංශයේ කටයුතු කරන්නන්ටත් වඩා ගුණදායක ප්‍රතිඵල ලබාදේ.වෙළද ව්‍යාපාරයන්හි නියුතු වූවන්ටද සිය ව්‍යාපාර සාර්තක කරගැනීමට අවශ්‍ය මානසික යොමුවීම ලබාදීමටද , දියමන්ති පැලදීම මහෝපකාරීවේ.එමෙන්ම වකුගඩු ආශ්‍රිත රෝගයන්ට නිසි ප්‍රතිකාරයන් සමග දියමන්ති පැලදීමෙන් වඩා යහපත් ගුණ ඇතිවේ.සිකුරු ග්‍රහයා සුබ අසුබ බේධයෙන් තොරව සිටියදී අසුබදායක ලෙස පීඩාවී ඇත්නම් සහ සිකුරු ග්‍රහයා මූලික රාජ යෝග , ධන යෝග , බල යෝග සැප යෝග උදාවී ඇත්නම් , දියමන්ති ශරීරයේ නිසි ආකාරයෙන් පැලදීම අතිෂයින් විශේෂිත වූ ප්‍රතිඵලයන් ඇතිකරවයි.වෘෂභ තුලා ලග්නයන්ගෙන් උපන් අයටද විශේෂ ගුණ ඇතිකරයි.

රසායනික සංයුතිය - පිරිසිදු කාබන්


නිල් මැණික් සහ කාක නිල





නිල් මැණික් වර්ග හතරක් පවතී.මෙම මැණිකෙහි වර්ණ යෙදී ඇති ආකාරය අනුව මෙම වර්ග කිරීම සිදුකරයි.අඩු නිල් ගතියෙන් යුත් මැණික සුදු නිල වශයෙන්ද , ඊට වඩා නිල් පැහැයෙන් යුත් මැණික නිල් මැණික් වශයෙන්ද කලු වර්ණය මිශ්‍රිත නිල් මැණික කාල නිල් වශයෙන්ද හදුන්වනු ලබන අතර මීට අමතරව ඉන්ද්‍රනීල මාණිඛ්‍ය ලෙසත් නිල් මැණික් වර්ගයක් පවතී.මෙයින් සුදු නිල සාමාන්‍ය අලංකාඒය සදහාත් , තවත් සමහරුන් සිකුරුගේ බලපෑම් අඩු වැඩි කිරීම සදහාත් බාවිතා කරයි.අනෙක් නිල් මැණික , කාල නිල් මැණික සහ ඉන්ද්‍රණීල යන මැණික් වර්ග සෘජුවම සෙනසුරුගේ අපල සදහා භාවිතා කරයි.සෙනසුරුගේ අපලය සදහා කාක නිල් මැණිකක් පැලදීමේදී විශේෂයෙන් සැලකිලිමත්විය යුතුය.කාක නිල් මැණික් පළදා තිබූ යහපත පවා අහිමිවූ අවස්තා කොතෙකුත් ඇත.කාක නිල් මැණික් පැලදීමේදී පරීක්ෂණ කාලයකට යටත්ව සුබා සුබ සොයා බලා පැළදීම වඩා යහපත්වනු ඇත.

මෙම මැණික් වර්ගය නිසි ලෙස සොයාබලා ශරිරයේ පැලදීමෙන් ඉතා උසස් ප්‍රතිඵලයන් ලබාදෙන අතර නුසුදුසු ලෙස පැළදීමකදී නොසිතූ ආකාරයේ විපත රොගාබාධයන් වැලදීමටද ඉඩ ඇත.කාලයක් එක්තැන්වී ප්‍රතිකාර ලැබීමට සිදුවන අංශභාගය වැනි රෝග තත්වයන් උවද ඇතිකරයි.කෙසේ නමුත් සුබ ලෙස සලකා පැළදීමෙන් සතුට ප්‍රිතිය , වාසනාව , කීර්තිය ලැබීමට හෙතුවේ.ව්‍යාපාර ඤාණය දියුණු වී ආර්තික වාසි ලබයි.බුද්ධිය වැඩේ.ඉවසීම සහ කරුණා ගුණයන් වර්ධනයවේ.ස්නායුගත දුර්වලතා සුවවේ.අංශභාග රෝගය වැළදී සිටින අයෙකුවේ නම් නිල් මැණිකක් සුදුසු ලෙස සකසා පැළද එම ප්‍රතිකාරයන්ට යොමුවීම යහපති.එමෙන්ම නිල් මැණික තුල යකඩ පෝෂක අඩංගු බැවින් යකඩ ඌණතාවයන් මූලිකව ඇතිවන රෝගයන්ට සුවදායකවේ.මකර කුම්බ , වෘෂභ , තුලා ලග්න හිමියන්ට විශේෂයෙන් පැලදිය හැකිවූවත් සියල්ලට වඩා නිල් මැණිකක් පළදින්නේ නම් , ඒ පිලිබදව දැනුම ඇති අයෙකුගේ උපදෙස් අනුගමනය කිරීම යහපත්වනු ඇත.

කාක නිල - රසායනික සංයුතිය - ඇළුමිනියම් ඔක්සයිඩ් , යකඩ සහ ටයිටේනියම් ඔක්සයිඩ්


සුදු නිල - රසායනික සංයුතිය - පිරිසිදු ඇළුමිනියම් ඔක්සයිඩ් 


ගෝමේද මැණික






පැණි පැහැයෙන් යුතුවේ.රාහුගේ සුබ අසුබතා වෙනුවෙන් පැළදීම සිදුකරයි.ඉතා යහපත් ගුණ ලබාදෙනබව අත්දැක ඇත.බුද්ධිය වර්ධනය කරයි.උසස් අධ්‍යාපණික බාධාවන් ඉවත්වී යයි.නව විශය ධාරාවන්ට යොමුකෙරේ.ප්‍රසිද්ධිය මෙන්ම ගෞරවය පිලිගැනීම ඇතිකරවයි.අමනුෂ්‍ය දෝශයන්ගෙන් ආරක්ෂාවේ.ගුප්ත ඉගෙනීම සම්බන්දව උනන්දුව ඇතිකරයි.සත්ව ව්‍යාපාරයන්හි නිරතවූවන්ට යහපත් ගුණ ඇතිකරයි.හිතමිත්‍ර අසල්වැසි සබදතා වර්ධනය කරයි.සිතේ මනසේ පීඩාවීම් දුරු ක්ලරයි.සාමාන්‍ය ජනයා අතරේ ඉතා විශේෂ වූ පිලිගැනීමක් ඇතිකරවයි.රාහුගේ අපලය ලබා හිතුවක්කාර ගති ඇතිව කටයුතු කරණ අයට මෙම මැණික පැලදීමෙන් ඉතා යහපත් ගුණ ලැබී ඇත.විශේෂත්වයක් නොමැතිව රාහු ග්‍රහ බල දුබලතාවයන් අනුව සකසා පැළදිය හැකියි.

රසායනික සංයුතිය - කැල්සියම් සහ ඇළුමෙනියම් සිල්කේට්


වෛරෝඩි





ලා කහ පැහැ‍ය සමග මුසුවූ ලා කලු පැහැයකින් යුත්තවේ.මැණික් ගල ඇතුලේ පිටතට නිරීක්ෂණය කල හැකි නූලක් වැනි යමක් දැකිය හැකිය.විශේෂයෙන් කේතු ග්‍රහයාගේ බල දුබලතාවයන් මත පැළදීම සිදුකරයි.ඉක්මන් ක්‍රියාකාරීත්වයකින් යුතු වූ මැණික් වර්ගයකි.සියලු ආකාරයේ සුබසෙත ඇතිකිරීමට සමත්ය.මනස සිත නිරවුල්ව පවත්වා ගැනීමටත් පවුලේ සමාජයේ ඕනෑම තැනක සමගිය සාමය වර්ධනය වීමටත් දායකවේ.ගෞරවය තත්වය ඇතිකරයි.සතුරන් අතරින් ජයග්‍රහණය ඇතිකරයි.බාහිර සමාජයේ කැමැත්ත ප්‍රියතාවය ඇතිකරවයි.කැස්ස සුවපත්වේ.මළබද්ධය වැනි රෝග තත්වයන්ට සුවදායකවේ.සර්ප විසෙන් ආරක්ෂවෙ.අමනුෂ්‍ය බිය දුරු කරයි.බේධයකින් තොරව ග්‍රහ බල දුබලතාවයන් අනුව පැලදිය හැකිය.

රසායනික සංයුතිය - බෙරලියම් සහ ඇළුමෙනියම් ඔක්සයිඩ්


ඉහත සදහන් මැණික් වර්ගයන්ට අමතරව රෝග නිවාරණය සදහා භාවිතා කරනු ලබන තවත් මැණික් වර්ග කිහිපයක්ම පවතී.ඒ අතර " තෝරමල්ලි " නම් මැණික් විශේෂය මගින් ශරීරයේ තුන් දොස් කිපීම පාලනය කරනු ලබයි.මානසික ශක්තිය වඩවයි.ස්වසනාබාධයන්ට යහපත්වේ.යක්ෂ ප්‍රේත අමනුෂ්‍ය දෝශයන් නිවාරණය කරයි." ඇගෙට්‌ " නම් මැණික් විශේෂය පෙණහැල්ල සහ පිත්තාෂය ආශ්‍රිත රෝග තත්වයන් පාලනය කිරීමට උපකාරීවේ." බ්ලඩ්ස්‌ටෝන් " නම් මැණික් විශේෂයෙන් සම මතුපිට ඇතිවන රෝග දුර්වලතාවයන් පාලනයකරනු ලබයි." ගානට්‌ " නම් මැණික් විශේෂය මගින් මුත්‍ර පද්ධතියේ සහ මුත්‍ර ගල් ඇතිවීම මත ඇතිවන දුර්වලතාවයන් සමනය කරයි.මුත්‍ර ගල් දියවීම සිදුවේ." ඇම්බර් " නම් මැණික් විශේෂය මගින් ධාතු වර්ධනය ඇතිකරයි.මේ ආදී වශයෙන් මැණික් නිසි ලෙස සකසා පැළදීම මගින් විවිධ වූ යහපත් තත්වයන් උදාකරයි.





මීට අමතරව නවරත්න මුදුව පැළදීම වර්ථමාණයේ බහුලව දක්නට ලැබෙනා තත්වයකි.නවග්‍රහයන්ට අයත් මැණික් වර්ග නමයම එහි අඩංගු නිසා යම් ජ්‍යෙතීර්වේදීන් සිය පාරිබෝගිකයාට නවරත්න මුදුවක් පලදින ලෙස උපදෙස් දේ.නමුත් නවරත්න මුදුව සෑම සියලු දෙනාටම අපේක්ෂිත ප්‍රතිපලයන් ඇති නොකරයි.නවරත්න මුදුවක් පැලදීමට නිරදේශ කිරීමට ප්‍රතම එය පැලදීම සුබ දැයි විශේෂයෙන් සොයා බැලිය යුතුමය.වර්ථමාණ රාජ රාජ මහාමත්‍ය වරුන්ගේ ඇගිලි තුල කොතෙකුත් මැණික් සහිත මුද දක්නට ලැබුණත් නවරත්න මුදුවක් දක්නට ලැබෙන්නේ ඉතා අඩු වශයෙනි.නවරත්න මුදුව සැකසීමේදී එය සකසන ශිල්පියාද එයට සුදුසු ගුණයන් ආරෝපණය වන ලෙස සැකසීමට දැන සිටිය යුතුය.දශා ප්‍රදීපය නම් කෘතියේ එහි කතෘ දෛවඤ්‍ය වයි . ඒ හරමානිස් අප්පුහාමි මහතා විසින් නවරත්න මුදුවක් සකසන සහ පළදින ආකාරය සවිස්තරාත්මකව ඉදිරිපත්කර තිබේ.අවශ්‍ය අයෙකුට එම පොත මිලදීගෙන එම කරුණු දැන හදුනා , අවබෝධ කරගත හැකිය.කෙසේ හෝ වේවා ග්‍රහ අපලයකට හෝ වෙනත් කුමන හේතුවක් නිසා උවද මැණික් පැළදීමේදී නිසි උපදෙස් සහ , නිසි තාක්ෂ්ණික විදි භාවිතා කරමින් සැකසූ මැණික් භාවිතා කලයුතු බව සිහිතබාගන්න.යහපතක් කරන්නට සිටින කෙනා අයහපතක් කරනා තැනට යොමුවන්නේ එකම හේතුවක දෙයාකාරවූ ක්‍රියාත්මක බවක් තුලිනි.යහපත ඇතිකරවන ග්‍රහයා දුබල කිරීමටත් අයහපත ඇතිකරන ග්‍රහයා බලවත් කිරීමටත් මැණික් පැළදීමෙන් හැකි අතරම සුබ ග්‍රහයාගේ සුබ වර්ධනය කිරීමටත් අසුබ ග්‍රහයාගේ අසුබ අවම කර කිසියම් සුබ තත්වයක් ඇතිකරගැනීමටත් මැණික් පැලදීමෙන් හැකිය.

මැණික් ගෙළ පැළදීම ප්‍රයෝගික වශයෙන් අඩු ප්‍රතිපල ඇතිකරයි.ගෙළ පැළදීමට මැණික් තෝරාගන්නේ නම් ඒ සදහා සලකා බැළිය යුතු විශේෂ තත්වයන් පවතී.එයින් මූලික වශයෙන් ප්‍රබළ ජෛව ප්‍රභාවයක් සහිත මැණික් වර්ගයක් තමන්ට සුදුසු ලෙස තෝරාගත යුතුවේ.එමෙන්ම මැණික් හිස පැළදීමද සිදුවේ.වර්ථමානයේ බහුලව නැතත් අතීතයේ සමාජ ප්‍රභූ ජනයා මැණික් හිස පැළදීම බහුලව සිදුකර ඇත.කුමන රටක ජන සමාජයක උවද මෙය දැකිය හැක.මැණික් හිස පැළදවීමේදී සැලකිය යුතු ප්‍රධාන කරුණු වන අතරම එහිද ආකාර දෙකකි.මැණික් පැළදීමේදී කුමනාකාරයේ ක්‍රමයන් අතුරින් උවද අතේ ඇගිල්ලට පැණික් පැළදීම ප්‍රයෝගික වශයෙන් වැඩි සහ ඉක්මන් ප්‍රතිඵල ඇතිකරයි.අතේ ඇගිලි හා සම්බන්ධ වන ශරීරයේ ස්නායූ පද්ධතිය තුලින් මැණික් හරහා ඇතිකරවන රසායණික තත්වයන් මොළය හා ප්‍රමුඛ ශරීරාංගයන් තුලට ඉක්මනින් කා වදී.මැණික් පැළදීමේදී ඒ ඒ මැණික් වර්ගයට සුදුසු ඇගිල්ල පහත ආකාරයෙන් පෙන්වාදිය හැක.




අපලයක් සදහා හෝ වෙනත් ඕනෑම හේතුවක් නිසා මැණික් පැළදීමේදී , එම මැණික මිලදී ගන්නා මූල්‍ය වටිනාකමට සරිලන ලෙස එහි ගුණයන් අන්ත්‍රගතව ඇත්දැයි සැලකිලිමත්විය යුතුය.පලුදුවීම් සහිත මැණික නිසි ගුණ නොදී විපරීත ගුණ ඇතිකරවයි.රාහුගේ අපලයට පළදින " ගෝමේධ " නම් මැණික පිලිබදව විශේෂයෙන් සැලකිලිමත්විය යුතුය.එහි අභ්‍යන්තරයේ ජල බින්දු වැනි තත්වයන් බහුලව දක්නට ලැබෙන අතර සර්ව ගුණයෙන් යුතු ගෝමේධ ලබාගැනීම අපහසුය.නමුත් වෙළද්පොලේ ගෝමේධ මැණික් රුපියල් 500 පමණ වටිනාකමින් මිලදී ගැනීමට පවතී.එවැනි අවස්තාවන් වලදී සැලකිලිමත්විය යුතුය.එමෙන්ම විදේශ රටවලින් ආනයනය කරන මැණික් වර්ගද ඉතා අඩු මුදලකට මිලදී ගැණීමට හැකිය.ලක් පොළවේ උපත ලැබූ අයෙකු , ලක් භූමියේ හටගන්නා මැණික් පැලදීම සිදුවිය යුතුය.එයද විශේෂිත කරුණකි.















ජනක පී කුමාර
හදහන ලංකා ජ්‍යෙතිෂය සේවය වෙනුවෙන්