අනුරාගයේ උපරිම තෘප්තිය උදෙසා

අනුරාගයේ උපරිම තෘප්තිය උදෙසා



අනුරාගයේ උපරිම තෘප්තිය උදෙසා පැරණි කාම සාස්ත්‍ර ග්‍රන්තානුසාරයෙන් පැහැදිලි කිරීමක්

ලිංගිකත්වය කවුරුත් එළිපිට කතා නොකරන එහෙත් සමස්ත මිනිස් ප්‍රජාවේ පැවැත්ම තීරණය කරනා වූ මාතෘකාවකි.ආගමික සමාජීය සංස්කෘතික වටපිටාවක පොහොසත් මානව චින්තනයක් හිමි ජනතාවක් ජීවත්වන අප රටේ ලිංගිකත්වය පිලිබද මතය තව දුරටත් සගවා වසන්කර ගැනීම යහපත්වූවත් ලිංගික ජීවිතය පිලිබදව දැනුමක් අවබෝධයක් ලැබීමට සුදුසු මාර්ගද තිබිය යුතුය.නමුත් එසේ කියා බටහිර අසංස්කෘතීන්ට අපගේ සාරධර්ම සිරිත් විරිත් දැහැ ගැනීමටද ඉඩ නොදිය යුතුය.එය පළමු කාරණාවයි.මලට හානි නොකර රොන් ගන්නා මී මැස්සන් සේ අපගේ සංස්කෘතික පදනමට හානි නොවන සේ දැනගත යුතුම දෙය දැනගත යුතුය.දන්නා නොදන්නා සැමගේ බුද්ධිමය දැනගැනීම පිනිස මේ ලිපිය හරහා කියැවෙන කරුණු කාරණා බුද්ධිය සහ දැනුම වඩවා ගැනීමටත් , යහපත් වූ යුග දිවියක් ගතකිරීමටත් උපයෝගී වේ යැයි " පරම පවිත්‍ර චේතනාවෙන් පාඨක ඔබට මෙසේ ඉදිරිපත් කරමි.

සොබා දහමේ පැවැත්මට , මිනිස් ප්‍රජාවේ සහ සත්ව ප්‍රජාවේ පැවැත්මට සහ අනෙකුත් බොහෝ ජීවී ගුණයන්ගේ පැවැත්මට කාම රාග බව ඉවහල්වේ.එහිදී ස්ත්‍රියගේ භූමිකාව ප්‍රධානවේ.ස්ත්‍රිය විසින් ඇතිකරනු ලබන කාම රාග උද්දීපනයන්ට පුරුෂයා වසගයට පත්වන බවත් , එසේ නොමැතිව පුරුෂයාගේ කාමෝද්වීපණයක් ඇති නොවන බවත් පුරුෂයා සෑම මොහොතකම උත්සහ කරනු ලබන්නේ සොබා දහමින් වෙන් වන්නට බවත් " කපිල " මහා සෘෂිවරයා සදහන් කරයි.කාන්තාව නොමැති තැනක රාගය ඇති නොවේ.රාග සිතුවිල්ලේ මූල බීජය කාන්තාවයි.තනි අතකින් අත්පොඩි ගසන්නට බැරුවා සේ ස්ත්‍රී පුරුෂ එක්වීමකින් ලෝකයෙ පැවැත්මට අවශ්‍ය බොහෝ සාධකයන් ගොඩනැගේ.

පුද්ගලයෙකු උපත ලබනා මොහොතේ පවතින ග්‍රහ තත්වය මත එම පුදගලයාගේ කායික මානසික හැසිරීම් පිලිබදව සහ පූර්ව , වර්ථමාන සහ අනාගත කාලයන් පිලිබදව පැහැදිලි අවබෝධයක් ඇතිකරගැනීමට ජ්‍යෙතිෂ්‍ය සාස්ත්‍රයට හැකියාව පවතී.මේ ආදී වශයෙන් ගත්කල පුද්ගලයෙකුගේ කාම ජීවිතය පිලිබදවද පැහැදිලි කරගැනීමට ජම්ම පත්‍ර පරීක්ෂාවෙන් හැකියාව ලැබේ.ස්ත්‍රී පුරුෂ විවාහයකදී පොරොන්දම් බැලීමේදී පවා ප්‍රධාන ස්තානයක් අඹු සැමි කාම ජීවිතයට හිමිව ඇත.සමහරුන් අධිකාම යෝගයන් සහිතව උපදී.තවත් සමහරුන් සාමාන්‍ය කාම රාගී බවින් යුතු අතර අවශ්‍ය පමණට භාවිතා කරයි.තවත් සමහරුන් ලිංගික බෙළහීනතාවයන්ගෙන් මෙන්ම කාම උම්මාදය නම් රෝගී තත්වයන්ගෙන් පෙලේ.වර්ථමාන විවාහ දිවිය ආදරය + ආර්තික ශක්තිය + ලිංගිකත්වය යන පදනමේ පිහිටයි.ආදරය නැතත් ආර්තික ශක්තිය සහ ලිංගික දිවියේ සමබරතාවය විවාහ දිවියේ කිසියම් ස්තාවරත්වයක් ගොඩනගයි.මුදල් සහ ලිංගිකත්වය ප්‍රධාන සාධක දෙක වේ.ආදරයත් , ආර්තික ශක්තියත් , ලිංගිකත්වයත් සම සමව පවත්නා පවුල් දිවියේ බාධා අවහිරතා , ගැටලු , අසමගිතා ඉතා අඩුය.වර්ථමානයේ විවාහ පොරොන්දම් පරීක්ෂාව සිදුකල යුත්තේ ඉහත ප්‍රධාන සාධකයන් තුනට ප්‍රමුඛස්තානය ලබාදෙමින් විය යුතුය.

බාහිරට අනාවරණය නොවන ගිණි ගැනීම් විවාහ දිවියේ පවතී.එයින් බොහෝමයක මූලාරම්බය සොයා බැලීමකදී විශේෂයෙන් හමුවන්නේ අඹුසැමියන් අතර නිසි වටහාගැනීමක් අවබෝධයක් ලිංගික දිවිය පිලිබදව නොමැතිවීමයි.රහසේ දුක්විදී.මානසික පීඩා ඇතිකරගනී.පසුතැවීම් කලකිරීම් සමග යම් අවස්තාවන් වලදී සියදිවි නසාගැනීම් සදහාද පෙළබවීම් තිකරයි.සම්මතයට පිටින් යන්නා අසම්මත සබදතා ඇතිකරගනී.විවාහපත් අයෙකු සිය විවාහයෙන් පසුව අනියම් සබදතා ඇතිකරගන්නේ නම් ඒ බහුල වශයෙන්ම ලිංගිකත්වය මූලික අරමුණකරගත් සබදතාවයන්ය.එයින් එපිටට සබදතා ඇතිවන්නේ නම් ඒ කලාතුරකිනි.ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම මෙවැනිය.මෙවැනි සිදුවීම් මගින් අවසානයේ සිදුවන්නේ යහපත්ව පවත්වාගෙන යාමට හැකිව තිබූ විවාහ ජීවිතයන්ට පවා අවාසනාව ලගාවීමයි.එකෙකු තම සතුට සොයා යද්දී තවත් අයෙකු මහත් චිත්ත වියෝගයෙන් පීඩාවට පත්වෙයි.නමුත් දෙදෙනා අතර මනා අවබෝධයක් සහ දැනුමක් පවත්වාගෙන ආවේ නම් මෙවැනි සිදුවීම් සිදුවන්නේ ඉතා අඩු වශයෙනි.එම නිසා විවාහ දිවියේ ඇතුලත රහස සහ රසය පිලිබදව මනා වබෝධයක් අඹුසැමියන් අතර පවත්වාගැනීම ඉතා වැදගත් සාධකයකි.පුටුවක කකුල් සතර සමබරව පවතින්නේ නම් පුටුව මත ඔලුවෙන් සිටගෙන හෝ සිටිය හැකිය.පුටුවක කකුල් සතර සමබර නැතිනම් ඔලුවෙන් සිටගන්නවා තියා සාමාන්‍ය පරිදි හෝ සැනසිල්ලේ වාඩිවී සිටීමට පවා නොහැකිවනු ඇත.

මෙවැනි තත්වයන් වර්ථමානයේ මෙන්ම අතීතයේදීද පැවතුණි.රජ වරුන්ට සිය කාමා සම්බෝගය උදෙසා අන්තප්පුර පැවතුණි.රජුට සිය බිරින්දෑවරුන් ඉදිරියේ කාම වීරයෙකු වීමට සිදුවිය.මෙවැනි වටපිටාවක ක්‍රි.පූ 400-200 අතර යුගයේ " වත්ස්‍යායන " නම් පඩිවරයා විසින් " කාම සූත්‍රය " නම් ග්‍රන්තය රචනා කරනු ලැබීය.මෙවැනි කෘති හරහා රජ වරු කාම සාස්ත්‍රය හැදෑරීය.ඉන් පසුකාලීනව කාම සුත්‍ර නම් කෘතිය ලෝකයේ බොහෝ රටවල පරිවර්ථන කෘතියක් බවට පත්විය.කාම සූත්‍ර පොත කාම සාස්ත්‍රයේ ඉතා වැදගත් කරුණු කාරනා අනාවරණය කරයි.ඉන් පසු කාලීනවද බොහෝ කෘති මේ හා සම්බන්ධව ලියවී ඇත.මෙවැනි කාම සාස්ත්‍ර ග්‍රන්ත්යන්හි දැක්වෙන යහපත් අඹුසැමි සබදතාවයක පදනම සකසාගත හැකි කරුණු කිහිපයක් මෙතැනි සිට ඉදිරියට දැක්වේ.

කාම සේවනය අවස්තා තුනකට බෙදා වෙන්කල හැකිය.ලිංගික එක්වීමක් සිදුවන්නේ ක්‍රමිකවවේ.ඒ සදහා පූර්ව සූදානමක් අවශ්‍යවේ.ඒ අනුව පූර්ව සූදානම , සම්බෝගයේ යෙදීම සහ සුරාන්තය යනුවෙන් අවස්තා තුනකි.පුරුෂයෙකුගේ ලිංගික සූදානමට වඩා කාන්තාවකයේ ලිංගික සූදානම වෙනස්වේ.ඇය ඒ සදහා ක්‍රමයෙන් වටපිටාව සකසාගනී.නිදහස් පරිසරයක නිදහස් මානසිකත්වයක් යටතේ ඇයට වඩා සුවදායක සහ පහසුදායක ලෙස කාම සම්බෝගය සදහා සූදානම සකසාගැනීමට හැකිවෙයි.මෙම තත්වය පුරුෂයා විසින් හදුනාගත යුතුය.මේ සදහා මාසයේ ඒ ඒ දිනයන්ට අනුව කාම නිල පිහිටන ආකාරය හදුනාගෙන ඒ හරහා පුරුෂයාගේ සහයෝගය කාන්තාවට ලැබෙන්නේ නම් රති සැපත අසීමිත ලෙස විදගැනීමට පුරුෂයාට හැකිවනු ඇත.කාම නිල ඒ ඒ දිනයන්ට ශරීරයේ පිටන ආකාරය පෙර ලිපියකින් පැහැදිලිකර ඇත.එය නැවත කියවා බැලීම වැදගත්ය.එමෙන්ම චන්ද්‍රයාගේ පුර පස සහ අවපස ගමන අනුව ශරීරයේ කාන්තා පුරුෂ වශයෙන් අමෘත කලාවත් විස කලාවත් පිහිටයි.එයද හදුනාගෙන සිටීම යහපත්වේ.

කාන්තාව පුරුෂයා මෙන් නොව ඇයගේ මාසයේ දින චර්‍යාව එකිනෙකට වෙනස්වේ.එය පුරුෂයා හදුනාගත යුතුය.අනෙක් අතට මාස් ශුද්ධිය ආසන්න වෙමින් පැවතියදී ඇයගේ කාම සිතුවිලි මොදුවෙමින් පවතින අතර මාස් ශුද්ධියෙන් පසු සතියක පමණ කාලසීමාව රාගයේ උදාසීනත්වයක් ඇතිකරයි.එමෙන්ම චන්ද්‍රයාගේ ග්‍රහ ගමන අනුව ස්ත්‍රී පුරුෂ ශරීරයේ කාම නිල පිහිටීම් වෙනස්වන්නා සේම චන්ද්‍රයාගේ ගමන අනුව ඒ ඒ තිති උදාවට සමගාමීව ශරීරයේ විෂ කලාව සහ අමෘත්ත කලාව නම් බලවේගයක් කාන්තා පුරුෂ ශරීරයේ පිහිටයි.ඒ ඒ දින අනුව වෙනස්වන මෙම විස සහ අමෘත කලාවන් හදුනාගෙන අමෘත කලාවන් ඒ ඒ දිනට යෙදීම අනුව එම ස්තානයන් ස්පර්ෂ කිරීම පිරිමැදීමාදී චුම්බණ ක්‍රියාවන් මගින් ස්ත්‍රියටත් පුරුෂයාටත් අසීමිතවූ කාමසම්බෝග සැපයක් ඇතිකරගැනීමට හැකිවනු ඇත.උදාහරණයක් ලෙස පුර පක්ෂයේ තුන්වන තිථිය වන තියවක යෙදෙනා දිනයේ ස්ත්‍රී පුරුෂ කෙන්ඩා ප්‍රදේශයේ අමෘත කලාව පිහිටයි.මෙදින හදුනාගෙන දෙදෙනා විසින් කෙන්ඩා ප්‍රදේශය මූලික කරගනිමින් ලිංගික සේවනයේ පූර්ව ක්‍රියාවල නිරතවීම ඉතා ප්‍රිතිමත් වනු ඇත.චන්ද්‍රයාගේ පුර සහ අව බේධය අනුව ස්ත්‍රී පුරුෂයන්ගේ විස කලාව සහ අමෘත කලාවන් යෙදෙනා ආකාරය පහත සටහන් මගින් පැහැදිලිකර ගැනීමට හැකිවනු ඇත.



මේ හා සමග ආදර බස් කියමින් දොඩමලුවෙමින් ඇය හෝ ඔහු සමග යම් පමණක කාලයක් ගතකරමින් සිය කාමසම්බෝගය අවතීරණය වීම යහපති.මෙම සිප වැළදගැනීම් සම්බන්ධව පුරාන පොත පතෙහි විස්තර සහිතව සදහන් වන අතර ඉන් කිහිපයක් පහත දැක්වේ.

සිපවැළදගැනීමේ ඉරියව් ...

  • යුවල සිටගෙන සිටිමින් ස්ත්‍රිය එක පාදයක් පුරුෂයාගේ පිටිපතුල මත තබාගෙන අනෙක් පාදය ඔසවා එයින් පුරුෂයාගේ කලවා වෙලාගෙන, එක් අතක් පුරුෂයාගේ බධ වටා යවා වැළදගෙන අනෙක් අතින් උරහිස් අල්ලාගෙන එසවෙමින් ඔවුන්ගේ මුව සිප ගැනීම.
  • වැලක් ගසක එතෙන්නාක් ලෙසින් කාන්තාව සිය අත්වලින් පුරුෂයාගේ ගත වෙලාගනිමින් චුම්බණය කිරීම.
  • කාන්තාව පුරුෂයා මත නැගී ඔහුගේ මුව මත මුව ඔහුගේ දෑස් මත දෑස් , ලය මත ලග සිටින සේ දැඩිව තුරුළුවී සිප වැළදගැනීම.
  • කේශ කලාපය මුදාහල ස්ත්‍රිය එය පුරුෂයා මතට වැටෙන ලෙස හෙළා ඔහුමත නැග වැළදගෙන පුරුෂයාගේ නාභියේ සිට රහසග දක්වා කොටස සිප ගැනීමෙන් පසුව රහසග ස්පර්ශ කිරීම.
  • පුරුෂයා වාඩිවී සිටියදී කාන්තාව පුරුෂයා පසුපසින් හිද සිය පියයුරු ඔහුගේ සිරුරේ ස්පර්ශ වන ලෙස වැළදගැනීම.
  • පුරුෂයා තම කලවා මගින් ස්තියගේ දෙකලවා සිරකර සියුම්ව මිරිකමින් වැළදගැනීම.
  • පුරුෂයා ස්ත්‍රියාගේ උරය මත  තම ළය තබමින් වැළදගැනීම.

එමෙන්ම සිප වැළදගැනීම් වලදී තම ප්‍රියයා කැමති ක්‍රමයන් භාවිතා කිරීමත් ඇයගේ හෝ ඔහුගේ සියුම් සිතුවිලි ක්‍රියා කටයුතු හදුනාගෙන සිටීමත් යහපත්වනු ඇත.එමෙන්ම සිප වැළදගැනීම සදහා ඉතා සංවේදී ලෙස භාවිතාකල හැකි ශාරීරික ස්තානයන්ද මෙසේ පොතපතෙහි සදහන් වෙයි.ඒ අතර හිස දෙඇස් මතුපිට , නළල , කන් පෙති , කම්මුල , දෙතොල් , දිව , ගෙල , පියයුරු , කිහිළි , නාබිය ( බුරිය ) නාභියෙන් පහල යටිබඩ ප්‍රදේශය , ස්ත්‍රී යෝනිය පුරුෂ ලිගුව , ස්ත්‍රී බගමණිය සහ දෙකලවා යන ස්තානයන් විශේෂ කොට සදහන් කරයි.මුවගින් සැපීමත් නියගින් කෙනිත්තීමත් යම් පමණට භාවිතාවිය යුතුබව සදහන් වෙයි.එමෙන්ම විශේෂයෙන් කාන්තාවන්ගේ බගමණිය නම් යෝනියට ඉහලින් පිහිටි ස්තානය සුවදායක ලෙස ස්පර්ශ කිරීමෙන් ලිංගික එක්වීමකින් ලබනා තරමේ සතුටක් කාන්තාව ලබනා බවද ඉපැරණි කාම සාස්ත්‍ර ග්‍රන්තයන්හි දැක්වේ.

සිප වැළදගැනීම් ආදී වූ පූර්ව ක්‍රියාවන්ගෙන් අනතුරුව ස්ත්‍රිය සිය යෝනි ශ්‍රවය ක්‍රමයෙන් නිකුත් කරනා අවස්තාවේදී දෙදෙනාගේ කාම සම්බෝගයේ මධ්‍ය ක්‍රියාවලිය ආරම්බවෙයි.මෙහිදී අනුගමනය කරන ක්‍රියා ඉරියව් පිලිබදවද මගපෙන්වීමක් " කල්‍යාණ මල්ල " නම් පඩිවරයා ඉදිරිපත් කරයි.ඔහු අනුව සයනයක සැතපී එක්වීම , වාඩිවී ස්ටිමින් එක්වීම සහ සිටගෙන සිටිමේ ඉරියව් ප්‍රධානවේ.ඊට අමතරව උඩුබැලි , හරස් , හිටි , ඉදි , නැමි යන ඉරියව් පහක් කල්‍යාණ මල්ල විසින් ඉදිරිපත් කරයි.ඉන් කිහිපයක් පහත ආකාරයෙන්වේ.

සයනයක සැතපී ලිංගික එක්වීම :

  • ඇය යහනේ උඩු අතට සැතපී දෙපා දිගහැර සිටියදී ඔහු තමන්ගේ පාදයන් දිගහැර ඇයගේ දෙපාමත සිටිනාසේ වැතිරී සංසර්ගයේ යෙදීම.
  • ඒ ආකාරයෙන්ම අලයට හැකී එක්වීම.
  • යහනේ උඩු අතට සිටියදී ඇයගේ නිතබ ( උකුළ ) යටින් කොට්ටයක් තබා උඩුකය පහත්කර යටි කය මදක් උස්ව සිටිනසේ තබා එක්වීම.
  • එම ආකාරයෙන්ම සිටියදී ඇගේ දෙපා දෙපසට විහිදුවා තබා එක්වීම.
  • උඩු අතට ඇය සිටියදී ඇය විසින් සහකරුගේ ශරීරය දෙපයින් වෙලාගෙන සිටියදී ඇය හා සම්බෝගයේ යෙදීම.
  • ඒ ආකාරයෙන්ම එක් පාදයකින් පමණක් ඔහුව වෙළාගෙන සිටියදී අනෙක් පාදය දිගහැර තබා එක්වීම.
  • ඇය තම දෙපා දනහිසින් නමා තම උදරයේ ගෑවෙනා අයුරින් තබාගෙන සිටියදී පුරුෂයා විසින් ඇයගේ දෙපා අල්ලාගෙන සිය කාර්‍යයේ නිරතවීම.
  • ඇය සිය දෙපා ලන්කර තබාගෙන සිටිනා විට එක්වීම.මෙය ආකාර කිහිපයකින්වේ.
  • ඇය සයනගේ වැතිර තම වම් විලුඹ දකුණු කලවා මත තබා දකුණු විලුඹ වම් කලවා මත තබා සිටියදී එක්වීම.
  • රමනයේ යෙදෙනා විටදී වරින්වර රවුමට පෙරලෙමින් , වරක් ස්ත්‍රිය පුරුෂයාගේ ශරීරය මතද , වරක් පුරුෂයා කාන්තාවගේ ශරීරය මතද සිටිනා සේ එක්වීම.
  • ඇය උඩු අතට දිගාවී සිටියදී ඇයගේ ඉග දෙපසින් මදක් ඔසවාගෙන එක්වීම.
  • ඇය පැත්තට හැරී වැතිර සිටියදී ඇය සමග එක්වීම.
  • ඇය මුණින් අතර වැතිරී සිටියදී ඇය හා එක්වීම.
  • ඔහු උඩු අතට වැතිරී සිටියදී , ඇය පුරුෂයෙකු මෙන් රමණයේ යෙදීම.

වාඩිවී සිටිනාකාරයේ ඉරියව් :

  • ඇය මුහුණ බිමට යොමා දෙ අත්ල සහ දෙදන බිම තබා නැවී සිටියදී ඇය පියුපසින් එක්වීම.මෙම එක්වීමේදී ඇය පිටුපසින් සිට ඇයගේ පියයුරුද ස්පර්ශ කල හැකිවීමෙන් වඩා සුවදායක බවක් ලැබීමට හැකිවනු ඇත.එමගින් ඇයගේ හැගීම් තවදුරටත් වර්ධනය කරයි.

සිටගෙන සිටීමේ ඉරියව් :

  • ස්ත්‍රී පුරුෂ දෙදෙනාම මුහුණට මුහුණ බලා සිටගෙන ඔහු ඇයගේ ගෙල සිය දෑත් වලින් වැළද ගෙන සිටියදී එක්වීම.
  • එම ආකාරයෙන්ම සිටියදී ඇය එක් පාදයක් ඔසවාගෙන එයින් ඔහුගේ පාදය වෙලාගනිමින් එක්වීම.
  • ඔහු බිත්තියට හේත්තුවී සිටිනා විට ඔහුගේ ඇගිලි බැද ඉදිරියට කරගත් දෑත් මත ඇය වාඩිවී ,  ඇයගේ පාද යුගමයෙන් ඔහු වෙලා ගෙන , ගෙලෙ තදින් අල්ලාගෙන එක්වීම.

මේ ආකාරවූ නානාවිධ ක්‍රියා මගින් ස්ත්‍රී පුරුෂ කාම සම්බෝගයේ විශේෂ සුවයක් අඹුසැමියන් දෙදනාට ලැබීමට හැකිවනු ඇත.මෙහි සදහන් කරනු ලැබූමේ පොත පත මගින් උපුටාගත් ක්‍රම විධි කිහිපයක් පමණි.තවත් ඕනෑ තරම් පවතී.එය දෙදෙනෙකුගේ ආදරනීය එක්වීමකින් සහ දෙදෙනා අතර පවත්නා මනා අවබෝධයෙන් යුතුව වැඩිහිටි පාඨක ඔබටද අත්හදා බැලිය හැකිය.එයින් තවත් අයෙකුගේ සතුටට බාධා නොවීම වැදගත්ය.මෙහිදී තවත් වැදගත් යමක් පැවසිය යුතුය.ඉහත සෑම ඉරියව්වකම පාහේ ස්ත්‍රියගේ බගමණිය නම් අවයවය ස්පර්ශ වන ආකාරයෙන් පවතී.මෙය වැදගත්වේ.යෝණිය තුලට පුරුෂ ලිගුව ඇතුලු වීමකින් ක්‍රමික ආශ්වාදයක් පුරුෂයාට ඇතිවන්නා සේම කාන්තාවටද එම කාර්‍ය සමග බගමණිය නම් අවයවය හරහා ඇතිකරවන උත්තේජනයද විශේෂවේ.එම නිසා ස්ත්‍රී බගමණිය සුවදායක ලිංගික ඇසුරකට අමතර සැපතක් එක්කරනු ඇත.

කෙසේ හෝ වේවා දෙදෙනාගේ කැමැත්ත අකමැත්ත මත ,සෞඛ්‍ය බල දුබලතා අනුව සුදුසු ක්‍රියා කටයුතු අනුගමනය කිරීම දෙදෙනාගේ සුවදායක බවට හේතුවනවා ඇත.අනෙක් අතට එක් අයෙකුට පෙර අනෙකා සුරාන්ත තත්වයට පත්වූවහොත් , අනෙකාගේ කාර්‍ය අවසන්කිරීම දක්වා වූ කාලය තුල ඔහුට හෝ ඇයට සිය සහයෝගය ලබාදීම එකිනෙකාගේ වගකීමකි.තම කටයුත්ත ඉටුවීමෙන් පසු අත්හැරීම ,ඉවත්ව යාම ආදිය මගින් ඇතිවන්නේ අනෙකාගේ තෘප්තියට බාධාවක් මෙන්ම සිත් බිදීමකි.එතෙක් දෙදෙනා ගොඩනගාගත් ශක්තිමත් බැදීමේ බිදවැටීමකි.මේ හරහා ඇතිවන ගැටලු පවුල් දිවියේ පැවැත්මට තදින් බලපෑම් ඇතිකරයි.

පුරුෂයෙකුගේ තෘප්තිමත් භාවය ශුක්‍ර මොචනය හා සිදුවන අතර ස්ත්‍රියකගේ තෘප්තිමත් භාවය ඇයගේ ක්‍රියා ඉරියව් මගින් හදුනාගත යුතුය.පුරුෂයා තදින් වෙළාගැනීම , සිහින් කෙදිරියක් නැගීම , ආදරණීය වදනක් පවසා ඉවතබලා ගැනීම , දහදිය දැමීම , දෑසට කදුළු පිරීම , වේගයෙන් හුස්ම ගැනීම , කලාන්තය ඇතිවූවා සේ සිටීම ආදියෙන් කාන්තාවකගේ සුරාන්තය හදුනාගත යුතුය.පුරුෂයාට සිය ශුක්‍ර මෝචනය මේ මොහොත දක්වා ප්‍රමාධකරගෙන සිටීමට හැකිනම් සිය සම්බෝග රසය අසීමිත ලෙස විදගැනීමට හැකිවනු ඇත.සිත පාලනය කරගත හැකි පුද්ගලයාට මෙය කල හැකිය.සිත පාලනය නොවන අය තුලින් ක්ෂණික මෝචනය නම් රෝග තත්වය මතුකරයි.

විවාහ දිවියේ නොයෙක් බේධ බින්නතා රාත්‍රියේ ඇතිවේ.විශේෂයෙන් කාන්තාවන් තුලින් මෙම ලක්ෂණයන් හදුනාගැනීමට හැකිවෙයි.කාන්තාව ගණිකාවක් දක්වා සිය කාමය විහිදුවාලන අතරල ඒ ආකාරයෙන්ම තම ලිංගික උත්තේජනය හකුලුවාගෙන තබා සිටී.කාලයත් සමග නිසි කාර්‍ය ශූරත්වයක් ඇතිකරවයි.මානසික පීඩා කරදර , දරුවන් සම්බන්ධ ගැටලු මෙන්ම තමන්ට තවත් අයෙකු සමග පැවසීමට නොයෙකුත් වූ තත්වයන් මනසේ සිරකරගනිමින් කාන්තාව කටයුතු කරයි.මෙම තත්වය යම් යම් පුරුෂයන් කෙරෙන්ද හදුනාගත හැකිය.සමහරුන් ලිංගික උදාසීනත්වයක් පෙන්වයි.තමාගේ කාර්‍ය හනික ඉටුකරගැනීමට තවත් සමහරුන් කටයුතු කරයි.මත්පැන් ආදී සිහි විකල් ද්‍රව්‍යන් භාවිතා කරමින් සිය බිරිද අසීමිත ලෙස නිදි යහනේ අපහසුතාවයට පත්කරයි.එමෙන්ම තම බිරිදගේ කාම රාගයේ පමණ නොදැන ලිංගික උත්තේජනයන් භාවිතා කරමින් සිය කායික සතුට පමණක් තකා කටයුතු කරයි.එමෙන්ම ලිංගික දිවියේ ඇතිවන පුරුෂ බෙලහීනතාවයන් හේතුවෙන් මානසික වශයෙන් දුබලවී අසරණ භාවයට පත්වන පුරුෂ පාර්ශවයද කොතෙකුත්වේ.මෙවැනි ආකාරවූ සියලු තත්වයන්ගේ අවසාන අසුබ බලපෑම ඇතිකරනු ලබන්නේ විවාහ දිවියේ යහ පැවත්මටයි.තම බිරිද ස්වාමියා විසින් පෝශණය කරන්නා සේම අඹුසැමි ලිංගික දිවියේ සමබරතාවයද පවුල් ජීවිතයේ යහ පැවැත්මට සාධක වේ.මෙම තත්වයන් දෙදෙනා අතර ඇතිවන අන්‍යෝන්‍ය බැදීමෙන් සමතයකට පත්කරගත යුතුය.ශාරීරික දුබලතාවයන්ගෙන් මානසික දුර්වලතාවයන්ගෙන් පෙළෙන්නේ නම් බිය පසෙක තබා නිසි ප්‍රතිකාර පිලිවෙත් ඉටුකර ගැනීම යහපත්ය.මානසික චිකිස්සාවක් අවශ්‍ය නම් සුදුසු දැනමුතුකම් ලබාගත හැකි වෛද්‍ය වරයෙකුගේ උපදෙස් ලබාගැනීම වැදගත්ය.පසුතැවීමට හේතුව ලග තබාගනිමින් ඒ හරහාම පසුතැවෙමින් කල් ගතකරනවාට වඩා නිසි පිලිතුර සොයා ගැනීම වැදගත්ය.

එමෙන්ම උපත් පාලන ක්‍රම භාවිතා කිරීමේදී පවා නිසි වෛද්‍ය උපදෙස් ලබාගැනීම යහපති.මොහොතක සතුටක් වෙනුවෙන් ඔබ ලබාගන්නා උපත් පාලන පෙති හෝ ලිංගික උත්තේජක වර්ග අවසානයේ අතුරු ආබාධයන් සදහා මග පාදාදේ.පැරණි අපරටේ සමාජය උපත් පාලන ක්‍රම ලෙස භාවිතාවට ගත්තේ රසායණික ක්‍රමයන් නොව චන්ද්‍රයාගේ ග්‍රහ ගමන අනුව යෙදෙනා දිනයන්ය.රික්ටාව පවතින දිනයේ ලිංගික එක්වීමකින් හදිසි දරු උපත් වලක්වාගත හැකිය.එනම් ජලවක , නවවක , තුදුස්වක යන තිති රික්ටාව වේ.මෙය ඉහත සහහන් කර ඇති විස සහ අමෘත කලාව ඇසුරෙන් හදුනාගත හැකිය.එමෙන්ම පැරැන්නන් නිරෝගී දරු සම්පත් සදහාද සුදුසු දිනයන් දැන සිටියහ.මෙම ලිපියේ අවසානය වශයෙන් එයද කෙටියෙන් මෙසේ දක්වමු.කාන්තාවකගේ උසප් දිනයෙන් පසු 08 වන 10 වන , 12 වන , 14 වන දිනයන්හි ලිංගික එක්වීමකින් වාසනාවන්ත පුතුන් පිළිසිදගනා අතර මාස් ශුද්ධියෙන් 05 වන 07 වන 09 වන 13 වන සහ 15 වන දිනයන්හි ලිංගික එක්වීමකින් වාසනාවන්ත දූවරුන් පිළිසිදගනී.එමෙන්ම මෙවැනි කියමනක් පවතී " බිරිද සිය සැමියා ඉදිරිපිට වෙසගණක් ලෙස හැසිරිය යුතුය " අනෙක් අතට නොසිදි කාමය ගින්නකි.ඔබගේ නොසන්සිදෙනා කාම ගින්න තුල ඔබ දැවීමට පත්කරයි.


ජනක් පී කුමාර - 0702872322
හඳහන ලංකා ජ්‍යෙතිෂය සේවය වෙනුවෙන්