ඔබ උපන් යෝගය අනුව පලාඵල

දිනය , නැකත , තිථිය , යෝගය සහ කර්ණය යන පහ ජ්‍යෙතිෂයේදී පංචාංගය ලෙස හදුන්වනු ලබයි.ඔබ උපදින අවස්තාවේදී සදු ග්‍රහයා ගමන්කරමින් සිටි නැකත ජම්ම නැකත වශයෙන් හදුන්වනු ලබන අතර ඔබගේ උපත සිදුවන මොහොතේදී උදාවී පවතින යෝයගද ජ්‍යෙතිෂයේදී වැදගත් ස්තානයක් හිමිකරගනී.ඔබ උපන් ලග්නය අනුව මෙන්ම ඔබ උපන් යෝගය අනුවද ඔබගේ පලාඵල විග්‍රහකල හැකිය.කේන්ද්‍රයක බලදුබලතාවය මැනීමේදී අංග කිහිපයක් පිලිබදව සොයාබලයි.ලග්නාධිපති ග්‍රහයා , නවාංශකාධිපති ග්‍රහයා ,නැකැත් අධිපති ග්‍රහයා මෙහිදී ප්‍රධානවේ.මෙම අංගයන්ට අයත් ග්‍රහයන් බලවත්වී සිටීනම් කේන්ද්‍ර හිමියා කිසියම් බලයක් සහිතව උපතලබා ඇතිබව නිගමනය කල හැකිය.මේ අතරට උපන් යොගය අයත් ග්‍රහයාගේ බල දුබලතාවයද සොයාබැලිය යුතුය.මෙතැන් සිට ඔබ උපන් යෝගය අනුව ඇතිවන සුබාසුබ තත්වයන් පිලිබදව විග්‍රහයක් ඉදිරිපත්කරමි.

විශ්කම්භ යෝගය

මෘදු මොළොක් සිතුවිලි සහිත වන අතර තම කටයුතුද ඒ ආකාරයෙන්ම වේ.මිතුර මිතුරියන් අතරත් සමාජයේත් යහපත් ආකාරයෙන් සහයෝගයෙන් යුතුව කටයුතු සිදුකරයි.යහපත් අයෙකු ලෙස කා අතරේත් නාමය රදවාගනී.කඩිසරය.උනන්දුවෙන් යුතුව කටයුතු කරයි.බිරිද හෝ ස්වාමියාගේ හොදහිත දිනාගනිමි ආදරයෙන් කටයුතු කරයි.වාසනාවන්තයෙකි.

ප්‍රිති යෝගය

ප්‍රිය මනාප පෙනුමක් සහිතය.වැඩකටයුතුද ප්‍රියමනාප ආකාරයෙන් සිදුකරයි.සමාජයේ යහපත් නාමයක් රදවාගනී.ඉගනීමට දක්ෂතා දක්වයි.ඉගනීම තුලින්ම උසස් අයෙකු බවට පත්විය හැකිය.ජීවිතයේ ඉහල දියුණුවක් කරාගමන් කරයි.

ආයුෂ්මන් යෝගය

හැදියාව ගුණයහපත්කම් සහිත නිරහංකාර මිනිසෙකු බිහිකරයි.සොබාදහමට සිත ඇතිව කටයුතු කරයි.ආගම දහම පිලිබදව වැඩි භක්තියක් ගෞරවයක් සහිතය.

සෞභාග්‍ය යෝගය

ධනය , බලය සමග සැප උරුමකරගනී.තමාටත් සමාජයටත් යහපතක් සිදුවන ආකාරයෙන් කටයුතු කරයි.සත්‍යවාදීවේ.සමාජයේ ප්‍රභූත්වයට පත්වේ.ඇතිකරගන්නා බලය නොනැසී පවත්වාගනී.

ශෝභණ යෝගය

යහපත් පෙනුමක් සහිතය.අනෙකා කෙරෙහි අනුකම්පා දයා ගුණයෙන් යුතුව කටයුතු කරයි.කතාවේ දක්ෂයෙකි.වචනයෙන් අනෙකා වසගකරයි.යහපත් බුද්ධියක් සහිතවේ.

අතිගණ්ඩ යෝගය

ජීවිතය කරදර බාධ සමග ගෙවීමට සිදුවේ.ප්‍රකෝපකාරී ගතියෙන් යුතුව කටයුතු කරයි.හැසිරේ.බොහෝ අඩුපාඩුකම් සහිතවේ.අහිමිවීම් සහතවේ.ඇතිවන සතුට පවත්වාගෙන යාමට නොහැකිවේ.

 සුකර්ම යෝගය

කඩිසර ක්‍රියාශීලී අයවේ.සිතුවිලි ක්‍රියාවට නගයි.ජය හෝ පැරදුම කුමක් උවත් ඉදිරිපත්වීමේ ශක්තිය සහිතය.කලාවට ලැදිය.කලාකටයුතු තුලින් යහපත් ප්‍රතිඵල ලබයි.බුද්ධිමත්ව උපක්‍රමශීලීව තම කටයුතු පවත්වාගෙන යයි.

ධෘති යෝගය

සංවේදී සිතක් සහිතවේ.ඕනෑම කටයුත්තකදී දක්ෂතා ප්‍රකටකරයි.අවිවේකීව රෑ දහවල් බේධයකින් තොරව අරමුණ වෙනුවෙන් කටයුතු කරයි.ආගමික භක්තිය සහිත අයෙකි.

ශූල යෝගය

අයහපත් ක්‍රියාවන්ට යොමුවිය හැකි අයෙකි.ගුණ ධර්ම පිලිබදව තැකීමක් නොකරයි.තමාගැන පමණක් සිතා බොහෝ අවස්තාවලදී කටයුතු කරයි.අහංකාර ගතියෙන් යුතුය.බඩ යටිබඩ ප්‍රදේශයන්හි රෝගාබාදයන්ට ලක්විය හැකිය.

ගණ්ඩ යෝගය

සත්පුරුෂකම් හීන , ගුණ යහපත්කමින් අඩු , නිතර කේන්තියෙන් පසුවන , බාලයන් ඇසුරු කරන,ඇසුරු කරන්නා සමග වැඩිකාලයක් සබදතා පැවැත්විය නොහැකි අයෙකු මෙම යෝගය සහිතව උපදී.

වෘද්ධ යෝගය

ඕනෑම දෙයක් පිලිබදව ඕනෑම ආකාරයක දැනුමක් සහිතය.පහසුවෙන් අවබෝධකරගත හැකි බුද්ධිමත් තත්වයක් පවතී.යහපත් පෙනුමක් සහිතය.ධනය සහ බලය ගුණ ධර්ම සමග ඒකරාශීකරගනී.

ධෘව යෝගය

කතාවේ දක්ශයෙකි,වචන භාවිතය තුලින්ම තමාගේ හැකියාවන් දක්ශතාවයන් ගුණයහපත්කම් සමාජයට ගෙනහැර දක්වයි.සමාජයේ යහපත් පුද්ගලයෙකුගේ භූමිකාව ගොඩනගාගනී.සත්‍යවාදීව කටයුතු කරමින් ධනයද බලයද උරුමකරගනී.

ව්‍යාඝාත යෝගය

කරුනාව දයාව මිනිසත්කම පිලිබදව තැකීමක් නොකරයි.ප්‍රණගාතයට උවද බිය නොවන අයෙකුවේ.මස්මාංශ අනුභවයට ගිජුකමක් දක්වයි.දියුණුව සිහිනයක් වේ.උත්සහවන්ත උවත් උත්සහයේ තරමට ප්‍රතිඵල නොලබයි.

හර්ෂණ යෝගය

යහපත් කාන්තිමත්  ශරීරයක් සහිතය.රන් රිදී මුතු මැණික් සමග බොහෝ බවබෝග සම්පත් ලබයි.තමා තමාගේ වාසනාව උදාකරගන්නා අතරම එම වාසනා ගුණයෙන් සමාජයටද යහපතක් සිදුකරයි.සමාජයේ නමගිය යහපත් චරිතයක් සහිත අයෙකුවේ.

වජ්‍ර යෝගය

සමාජයට ප්‍රියමනාපය.ඇසුරු කරන්නන් අතර කැපීපෙනෙන යහපත් චරිතයක් සහිත අයෙකුවේ.ධනයෙන් බලයෙන් මෙන්ම ගුණයහපත් කමින් බොහෝ උසස් තත්වයකට පත්වේ.වාසනාවන්තයෙකු ලෙස සමාජය ඔහු හදුනාගනී.ආගම දහමට මෙන්ම පරිත්‍යාගයටද ඇලුම් කරයි.

සිද්ධි යෝගය

උගත්කමින් යුතුය.බුද්ධිය මෙහෙයවා කටයුතු කරමින් සාර්තකත්වය කරා පියනගයි.ධනවතෙකුවේ.තමාගේ බොහොමයක් බලාපොරොත්තු ඉටුවේ.නැතිනම් ඉටුවනතුරු ආපසු හැරීමකින් තොරව උත්සහයෙන් කටයුතු කරයි.බොහෝ අවස්තාවලදී ජය උරුමකරගනී.

ව්‍යාතිපාත යෝගය

අයහපත් කටයුතු සදහා පහසුවෙන් යොමුවන තත්වයන් ඇතිවේ.නැතිනම් අයහපත වෙනුවෙන් පහසුවෙම් පොළබවා ගතහැකි අයෙකි.වාසනා ගුණය දුර්වලය.කැලබීම් සහිත සිතුවිලිවේ.රෝග තත්වයන්ට පහසුවෙන් හසුවේ.අන් අයගේ නින්දා අපහාසයන්ට ලක්වේ.

වාර්යන් යෝගය

පරිපාලන දක්ෂතා සහිත අයෙකි.යහපත් පාලකයෙකුවේ.කාරුණික ක්‍රියා සහිතය.ආගමානුකූල ක්‍රියාවන් සහිතය.රටට දැයට මෙහෙවරක් කිරීමට පෙලබෙන අයෙකි.ඉගනීමේ සහ වටහාගැනීමේ දක්ශයෙකි.

පරිඝ යෝගය

නිහඩ චරිතයකි.සිතින් පව් කරයි.වංචාකාරී සිතුවිලි සහිතයි.සුරාවට ඇලුම් කරයි.සූදුවට පෙලබේ.කෝපය පලිගැනීම සහිතයි.ලද විගස තම අරමුණු හොදින් හෝ නරකින් ඉටුකරගැනීමට පෙලබේ.

ශිව යෝගය

ආගම දහමට ගරුකරනවා මෙන්ම ඒ සම්බන්දව අවබෝදයක්ද සහිත අයෙකුවේ.දෙවියන් ඇදහීම විශ්වාසයෙන් යුතුව කරයි.ගුප්ත විද්‍යාවන් කෙරෙහි සිත යොමුවේ.තැම්පත් අයෙකි.යහපත් විවාහයක් සමග යහපත් දරු දැරියන් ලබන වාසනාවන්තයෙකි.

සිද්ධ යෝගය

පිරපිං බලයෙන් යුතු වාසනාවන්තයෙකි.තම බලාපොරොත්තු වැඩි වෙහෙස මහන්සියකින් තොරව සපලකරගනී.ජීවිතය සරලය.විශ්වාසවන්තයෙකි.

සාධ්‍ය යෝගය

ධනයෙන් මෙන්ම බුද්ධියෙන්ද උසස් තත්වයට පත්වේ.සමාජ පිලිගැනීම නිරායාසයෙන්ම උදාවේ.සමාජ ධර්ම ගුණ ධර්ම ආරක්ශාකරයි.අනෙකාට එම ගුණයන්ගේ වටිනාකම් හදුන්වාදේ.සතුට සහිත වාසනාවන්ත ජීවිතයක උරුමක්කාරයෙකුවේ.

ශුභ යෝගය

යහපත් වචන කතාකරයි.තම වචනයෙන් අනෙකා තමාවෙත අවනතකර ගැනීමේ හැකියාවක් ඇත.සමාජයේ ජනප්‍රසාධයට පත්වේ.ධනවත්වනවා මෙන්ම එම ධනය වියදම් කරමින් අනෙකාගේ යහපත උදාකරවන අයෙකුවේ.නිතර මුහුණේ සිනහවක් සහිතව සතුටින් කාලය ගතකරයි.

ශුභ්‍ර යෝගය

සතුරන් පරාජය කිරීමේ හැකියාවක් සහිතය.බොහෝවිට සතුරන් ඇතිනොවන තරම්ය.තම ආත්ම ගෞරවය ආරක්ශාවන ආකාරයෙන් කටයුතු කරයි.පතිවත රකී.ගුණයහපත් කමින් පරිපූර්ණවූ නිරහංකාර මිනිසෙකි.

බ්‍රහ්ම යෝගය

කිසිවෙකුට කිසිවිටක යටත්නොවේ.දුසිරිත් ක්‍රියාවන් පිලිකුලෙන් යුතුව හෙලාදකී.තමා කිසිවිටක අයපතට යොමුනොවේ.ප්‍රතිපත්ති ගරුක ක්‍රියාවන් සහිතය.පෙරපිං සහිතය.එම පිං මහිමය මෙලොව නිසි ආකාරයෙන් ක්‍රියාත්මකවේ.

මාහේන්ද්‍ර යෝගය

කීර්තිමත්,ප්‍රසිද්ධ යහපත් පුද්ගලයකි.සමාජ ගෞරවය නොවඩුව ලබයි.පරිත්‍යාගශීලී කරුණාවන්ත අයෙකි.සමාජයට කැපීපෙනෙන මෙහෙවරක් සිදුකරනු ලබයි.ධනයෙන් බලයෙන් උසස්වේ.

වෛධෘති යෝගය 

කපටිකම , උපයශීලීත්වය සහිතවේ.අනුකම්පා විරහිතව කටයුතු කරයි.ආත්මාර්තයෙන් යුතුව ක්‍රියාත්මක වන පුද්ගලයෙකි.තම අපේක්ෂාවන් කෙසේ හෝ ඉටුකරගනී.සෑම මොහොතකම තමා ප්‍රමුඛව සිතා කටයුතු කරයි.

ජනක පී කුමාර
හදහන ලංකා ජ්‍යෙතිෂය සේවය

Post a Comment

0 Comments