තුවාල වලට හා විෂ ඉවත් කිරීමට අත් බෙහෙත්


01 . තරමක් පැසුණු දෙහි ගෙඩියක් දෙකක් ගෙන එය සිහින් තීරු වලට කපා පොල් ස්වල්පයක් ගා සාදාගත් මිටිකිරි සමඟ හොඳින් රත්කර මිටිකිරි හිඳුනු විට දෙහි පෙති හොඳින් අඹරා එම මිශ්‍රණය යටි පතුලේ කටු ඇනීම් සීරීම් ආදිය නිසා පැසවා ඇති තුවාල වල රාත්‍රියක් පුරා ගැල්වීමෙන් විෂ සහිත ස්වභාවය ඉවත් කිරීම හා තුවාල හොඳින් පිරිසිදු කිරීමට යෙදා ගත හැකියි.

02 . මඬ කුඹුරු වතුරේ වැඩ කරන විට තුවාලයක් සිදුවූ විට එයට කරල් හැබ ශාඛයේ කොළ කටේ දමා හොඳින් සපා කෙළ මිශ්‍රණයත් සමඟම තුවාලයට තබා බැඳීමෙන් මඩ වතුර නිසා තුවාලය පැසවීම වලක්වා ගත හැකිය

03 . කිතුල් මල් කපන පිහියට කැපුණු විට කරුංකා ගෙඩියක් ගලගා එම තුවාලයේ ගෑමෙන් ලේ ගැලීම නතර වේ.

04 . දෑකැත්තට අත් හෝ පාද කැපුණු විට නියරේ ඇති වල් කොල කටින් හපා කෙලත් සමඟම කැපුණු ස්ථානයේ තැබීමෙන් ලේ ගමන නවතී.

05 . හිසේ ලේ ගලන තුවාලයක් සිදු වූ විට එයට ප්‍රතිකාර වශයෙන් පලමුව පොල් තෙල් වත්කර දුම්මල කුඩු තවරන්න. ඉන්පසු දුම්මල, වියලි කහ, වෙනිවැල් ගැට කුඩු එක තරමට ගෙන තුවාලය මත තවරන්න.

06 . මකුණ කොල නැමති වැලක් දිලිසෙන නිල්පාටින් යුතු කොලයක් තුවාලයක් ආවරණය වන සේ වැතිරනු විට එම තුවාලය සුව වේ.

07 . බැඳිහාල් කුඩු ගිතෙලින් අනා ආලේප කරන්න. ශරීරය උෂ්ණාධික නිසා ඇතිවන බිබිලි (දහඩිය බිබිලි) ආදියට ලොකු කුඩා කාහටත් ගුණදායකය.