සෙනසුරු මාරුව 2017 ඒරාශ්ටක අපල යෙදීම


නරක කාලයක් එනවිට , එය හදුනාගැනීමට කේන්ද්‍රයක් පරීක්ෂාකරගැනීමම සිදුකලයුතු නැත.තමාට හා තමා ජීවත්වන වටපිටාවේ සිදුවන ඇතිවන සිදුවීම් සමග ඉදිරි කාලය සුබදායක දැයි හෝ අසුබදායක දැයි හදුනාගැනීමට ඕනෑම අයෙකුට හැකියාව තිබේ." එන කාලෙනම් හොදනෑ වගේ " කියන්නේ එවිටය.අසුබ කාලයක් ගෙවීයමින් තිබියදී ක්‍රමයෙන් අසුබ අවසන්වී සුබදායක කාලයක් ඉදිරියේ උදාවීමට ඇතිනම් එයද හදුනාගැනීමට හැකිය.අපල කාලයක් ආරම්බවන විට ප්‍රතමයෙන් සිතට මනසට පීඩාකාරී බවක් ඇතිකරයි.ගැටලුවක් නම් ඉතා සුලු තත්වයක් යටතේ ආරම්බවේ.රෝගයක් නම් එයත් එසේමයි.හදිසියේ විපත් කරදර මතුවන්නේ ඉතාමත් කලාතුරකිනි.නොසිතූ මොහොතක යමක් සුබ හෝ අසුබ ආකාරයෙන් සිදුවන්නේ ඉතාමත් කලාතුරකින්ය.ඕනෑම දෙයක ක්‍රමික කාරම්බයක් පවතිනවා මෙන්ම ක්‍රමික අවසානයක්ද පවතී.අසුබ කාලයත් සුබ කාලයත් ඒ ආකාරයෙන්ම උදාවේ.ගෙවීයයි.

අප ජීවත්වන පෘතුවි ගෝලයට ගස් කොලන් සතා සිව්පාවාදී සියලු ජීවී අජීවී වස්තූන්ට සූර්‍ය කිරණ විද්‍යාත්මක බලපෑමක් බලපෑම් ඇතිකරවයි.අපගේ පෘතුවි තලයට මෙන්ම අනෙකුත් ග්‍රහ වස්තූන්ටද සූර්‍ය බලපෑම අඩු වැඩි වශයෙන් කාල බේධ වශයෙන් විද්‍යාත්මක කිරණ බලපෑම් ඇතිකරවයි.ඒ ආකාරයෙන්ම අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ පවත්නා සියලු ග්‍රහ වස්තූන් එකෙනකට ග්‍රහ කිරණ බලපෑම් තම ශක්තීන්ගේ ප්‍රමාණයෙන් ඇතිකරයි.මේ අතර වාරයේ සූර්‍ය වටා ග්‍රහ වස්තූන් බ්‍රමනය වීමක් සිදුවේ.එවැනි අවස්තාවන් වලදී එම ග්‍රහ වස්තුවේ පිහිටීම වෙනසකට ලක්වෙයි.නැකැත් තාරුකා නාමික ලග්න රාශි ගතවීම් ආදී කොතෙකුත් සිදුවීම් ග්‍රහ වස්තූන් මූලිකව ඇතිකරවයි.සෙනසුරු ග්‍රහයා ජ්‍යෙතිෂය විෂයේදී සියල්ලට වඩා ප්‍රධාන මාතෘකා සපයයි.වසර 30 කට ආසන්න කාලයක් පුරා මේෂයේ සිට මීනය දක්වා වූ රාශි දොළස හරහා ගමන් ගන්නා සෙනසුරු එක් රාශියක් පසුකිරීමට වසර දෙකයි මාස හයකට ආසන්න කාලයක් වැයකරයි.ආසන්න වශයෙන් 2014-11-02 වනදා සෙනසුරු එතෙක් ගමන්කල තුලා රාශියේ ග්‍රහ ගමන අවසන් කරමින් වෘශ්චික රාශියට පිවිසි අතර වසර දෙකයි මාස දෙකයි දින 24 ක් පුරා වෘශ්චික රාශියේ ගමන්කල සෙනසුරු 2017-01-25 වනදා ධනු රාශියට පිවිසීම සිදුවේ.සෙනසුරු එක් රාශියක ගමන්කරමින් සිට තවත් රාශියකට මාරුවීම සමස්තයක් වශයෙන් විශේෂ සිදුවීමකි.විශේෂ අවස්තාවකි.මෙය ඕනෑම අයෙකුගේ විශේෂ අවධානයට යොමුවන සිදුවීමකි.

මීට පෙර , එනම් 1987 දෙසැම්බර් 17 වනදා සිට 1990 මාර්තු 21 වනදා දක්වා කාලයේ සෙනසුරු ග්‍රහයා ධනු රාශියේ ගමන් ගත් අතර එම කාලසීමාව පිලිබදව සිහිපත්කර බැලීමෙන් දෙමාපියන්ගෙන් වැඩිහිටියෙකුගෙන් හෝ අසා දැන ගැනීමෙන් , එවකට සෙනසුරු ධනු රාශිගතවීම සුබ අසුබ කුමන ආකාරයකින් ඇතිකලාදැයි දැන හදුනාගැනීමට පිටුවහලක් වනු ඇත.එම කාලය යහපත් කාලසීමාවක් වූ අයත් එම කාලය මධ්‍යස්ත ප්‍රතිඵලදායක කාලයක් වූ අයත් එම කාලයම ඉතා අයහපත් සිදුවීම් සිදුවූ කාලසීමාවක් වූ අයත් සිටිය හැකිය.මෙම ලිපිය කියවන ඔබ අනිවාරයෙන්ම ඉහත කාලසීමාව මතකයට නගාගෙන , එම කාලසීමාවේ සුබ අසුබ කෙසේ ඇතිවූවාදැයි හදුනාගැනීම යහපත්වේ.2017 වසරේ ජනවාරියේ සෙනසුරු  ධනුරාශිගතවීමත් සමග එක් පිරිසකට සෙනසුරුගේ ඒරාශ්ටක අපල උදාවන අතර තවත් පිරිසකට කෙටි සහ දිගු අපල අසුබ කාලසීමාවක් අවසන්වේ.මේෂයේ සිට මීනය දක්වා වූ රාශි දොළසින් උපන් ඔබට 2017-01-25 වනදා සෙනසුරු ධනු රාශිගතවීමෙන් ඒරාශ්ටක අපලයක් ආරම්බවේද , නැතිනම් පැවති ඒරාශ්ටක අපලයන් අවසන්වේදැයි මතු දක්වනු ලැබේ.

ඊට පෙර සෙනසුරුගේ ඒරාශ්ටක අපල යෙදෙන ආකාරය පැහැදිලිකල යුතුය.උප්පත්ති ලග්නයෙන් දොළොස්වැන්නට සෙනසුරුගේ පැමිණීමත් සමග වසර හතයි මාස හයක් දක්වා පවතින සෙනසුරුගේ ලග්න ඒරාශ්ටක අපල ආරම්බවීමයි.උපතින් සදු සිටින ස්තානය හරහා සෙනසුරුගේ ගමන සිදුවන කාලය ජම්ම ඒරාශ්ටක අවස්තාවක්වේ.එමෙන්ම උපතින් සදු සිටි ස්තානය දෙපස රාශීන් තුළ සෙනසුරු ගමන් කරනා කාලයද සෙනසුරුගේ චන්ද්‍ර ලග්න ඒරාශ්ටකය වශයෙන් හදුන්වනු ලැබයි.උපතින් සදු සිටින ස්තානයෙන් අටවැන්නේ සෙනසුරු ගමන් කරනා කාලයත් ජම්ම ලග්නයෙන් අටවැන්නේ සෙනසුරු ගමන් කරනා කලයත් චන්ද්‍ර අශ්ටම සහ ලග්න අශ්ටම ඒරාශ්ටක වශයෙන් පිළිවෙලින් හදුන්වනු ලැබේ.උදාහරණයක් ලෙස උපතින් සදු ලග්න රාශියේ තැම්පත්වූ ජම්ම පත්‍ර හිමියෙකුට සෙනසුරු ග්‍රහයා ලග්නයෙන් අටවැන්නේ ගමන් කරනා කාලයේදී ලග්න ශ්ටම සහ ජම්ම අශ්ටම යනුවෙන් ඒරාශ්ටක දෙකක් එකවිය යෙදීම සිදුවේ.මේ සෙනසුරුගෙන් ප්‍රධාන වශයෙන් ඒරාශ්ටක අපල යෙදෙනා අවතාවන්ය.ඊට අමතරව ආත්ම කාරක ග්‍රහයා මතින් හෝ එම ග්‍රහයාගෙන් අටවැන්නේ සෙනසුරු ගමන් කරනා කාලයද යහපත් නැත.ආරූඪ ලග්නය හරහා හෝ ආරූඪ ලග්නයෙන් අටවැන්නේ සෙනසුරුගේ ගමන සිදුවන කාලසීමාවද යහපත් වන්නේ නැත.මේ සියලුම අවස්තාවන් වලදී බලවත් අපල හෝ සපල යෙදෙන්නේ ඔබගේ උප්පත්ති කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් ආදී වූ බොහෝ සාධකයන්ද එක්වූ පසුව බව විශේෂයෙන් මතක තබාගත යුතුය.ඒරාශ්ටක අවස්තාවන් වලදී නොසිතූ සුබඵල උදාවූ අවස්තාත් දක්නට ඇති බැවින් උප්පත්ති ග්‍රහ පිහිටීම් නැකැත් පාද ආදිය පිලිබදව විශේෂ අවධානයෙන් යුතුව නිසි නිගමනයකට පැමිනීම සිදුවිය යුතුය.

මේෂ ලග්නය
මේෂ ලග්නය
මේෂ ලග්නයෙන් උපන් ඔබට 2014 - 11 - 02 වනදා සිට සෙනසුරුගේ ලග්න අශ්ටම ඒරාශ්ටක අපලය යෙදී ඇත.දැනට ඔබ ගෙවමින් සිටින්නේ ඒරාශ්ටක අපල සහිතවූ කාලයකි.2017 - 01 - 25 වනදායින් ඒරාශ්ටක අපල අවසන්වේ.නමුත් රූපසටහනේ ආකාරයට උප්පත්ති කේන්ද්‍රයේ සදුගේ පිහිටීම යෙදී ඇත්නම් සෙනසුරුගේ ඒරාශ්ටක අපලය 2020 - 01 - 24 වනදා දක්වා දීර්ගවීම සිදුවේ.ලග්නයෙන් දෙවැන්නේ සදු තැම්පත්ව සිටින්නේ නම් චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටක අපලය 2017 - 20 අතර කාලයේ යෙදෙන අතර ලග්නයෙන් නමවැන්නේ සදු පිහිටා ඇත්නම් 2017-20 අතර කාලයේ සෙනසුරුගේ ජම්ම ඒරාශ්ටක අපලය පවතිනු ඇත.

වෘෂභ ලග්නය

වෘෂභ ලග්නය
වෘෂභ ලග්නයෙන් උපන් ඔබට , ඔබගේ ජම්ම පත්‍රයේ ලග්නයෙන් අටවැන්නට සෙනසුරුගේ පැමිණීම 2017 - 01 - 25 වැනිදා සිදුවන අතර සියලුම වෘෂභ ලග්න හිමියන්ට ඒ සමගම ලග්න අශ්ටම ඒරාශ්ටක අපලය ආරම්බවේ.වෘෂභ ලග්න හිමියන්ට යෝගකාරක වූ ප්‍රධාන සුබ ග්‍රහයා ඒරාශ්ටක අපලයකින් දුර්වලවීම මත වාසනා ගුණය පවා දුර්වලවී යන කාලයකි.උප්පත්ති කේන්ද්‍රයේ සදුගේ පිහිටීම ලග්නයේ හෝ අටවැන්නේ වූවේ නම් 2017-20 අතර කාලයේ යෙදෙනා ඒරාශ්ටක අපලය තවදුරටත් බලවත්වේ.එවිට සදු ග්‍රහයාද දුර්වලවීම මත තවදුරටත් අසුබ වර්ධනය වීමක් සිදුවන අතර සදු උපතින් ලග්නයේ තැම්පත් නම් ලග්න  අශ්ටම ඒරාශ්ටක අපලයත් චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටක අපලයත් එකවිට යෙදීම සිදුවේ.උපතින් සදු ලග්නයෙන් අටවැන්නේ තැම්පත් නම් ලග්න අශ්ටම ඒරාශ්ටක අපලය සමග ජම්ම ඒරාශ්ටක අපලය යෙදෙනු ඇත.

මිතුන ලග්නය
මිතුන ලග්නය
මිතුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් හත්වැන්නට සෙනසුරුගේ පැමිණීම සිදුවේ.මෙම සෙනසුරු මාරුවත් සමග ඔබට සෘජු ඒරාශ්ටක අපලයක් නොයෙදෙන අතර උපතින් සදු ලග්නයෙන් දොළොස්වැන්නේ තැම්පත්ව සිටියේ නම් සෙනසුරු මාරුවත් සමග චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටකය ආරම්බ වන අතර 2017-20 අතර කාලය සෙනසුරුගේ අසුබ ක්‍රියාත්මකවනු ඇත.මිතුන ලග්න උප්පත්ති කේන්ද්‍ර සටහනක සදුගේ පිහිටීම ලග්නයෙන් හත්වැන්නේ යෙදී පැවතියේ නම් ඔවුන්ට 2017 - 20 අතර කාලය සෙනසුරුගේ ජම්ම ඒරාශ්ටක අපලය යෙදෙනවා ඇත.

කටක ලග්නය
කටක ලග්නය
කටක ලග්නයෙන් උපන් ඔබට ලග්නයෙන් හයවැන්නට සෙනසුරුගේ පැමිණීම සිදුවේ.සාමාන්‍ය වශයෙන් ගත්කල හයවැන්නට සෙනසුරුගේ පැමිණීම අයහපත් නැත.නමුත් ප්‍රධාන වශයෙන් සදුගෙන් අටවැන්න වූවේ නම් ද සදු උපතින් අටවැන්නේ පිහිටා සිටියේ වේ නම් ද 2017 - 20 අතර කාලය ඒරාශ්ටක අපල යෙදෙනු ඇත.රූපසටහනේ ආකාරයට සදු ග්‍රහයා ලග්නයෙන් එකොලොස්වැන්නේ උපතින් පිහිටා ඇත්නම් චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටක අපලයද සදු උපතින් ලග්නයෙන් හයවැන්නේ තැම්පත්ව ඇත්නම් ජම්ම ඒරාශ්ටක අපලය යෙදෙනවා ඇත.

සිංහ ලග්නය
සිංහ ලග්නය
සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නස්තානයෙන් පස්වැන්නට සෙනසුරුගේ පැමිණීම සිදුවේ.පස්වැන්නේ සෙනසුරු සුබාසුබ මිශ්‍රඵල ඇතිකරතත් ඔබගේ උප්පත්ති කේන්ද්‍රයේ සදුගේ පිහිටීම අනුව තත්වය වෙනස්වේ.රූපසටහනේ දැක්වෙන ආකාරයට උප්පත්ති කේන්ද්‍රයේ සදු ග්‍රහයා ලග්නයෙන් දසවැන්නේ තැම්පත්ව ඇත්නම් චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටක අපලය 2017 - 20 අතර කාලයේ යෙදෙන අතර උප්පත්ති කේන්ද්‍රයේ සදු ග්‍රහයා ලග්නයෙන් පස්වැන්නේ පිහිටා ඇත්නම් ජම්ම ඒරාශ්ටක අපලය යෙදෙනු ඇත.

කන්‍යා ලග්නය
කන්‍යා ලග්නය
කන්‍යා ලග්න හිමියන්ට සිය ලග්න රාශියෙන් සිව්වැන්නට සෙනසුරුගේ පැමිණීම සිදුකරයි.සෙනසුරු සිව්වැන්නට පැමිණීම එතරම් සුබදායක නැත.සිත මූලික ගැටලු ඇතිකරයි.රූප සටහනේ ආකාරයට උප්පත්ති කේන්ද්‍රයේ සදුගේ පිහිටීම සිදුව ඇත්නම් ඒරාශ්ටක අපල 2017 - 20 අතර කාලයේ යෙදේ.ලග්නයෙන් නමවැන්නේ සදුගේ තැම්පත්වීම උප්පත්ති කේන්ද්‍රයේ යෙදී ඇත්නම් චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටක අපලය යෙදෙන අතර ලග්නයෙන් සිව්වැන්නේ සදුගේ තැම්පත්වීම උප්පත්ති කේන්ද්‍රයේ යෙදී ඇත්නම් ජම්ම ඒරාශ්ටක අපලය 2017 - 20 අතර කාලයේ යෙදෙනු ඇත.

තුළා ලග්නය
තුළා ලග්නය
තුළා ලග්නයෙන් උපන් ඔබ දැනට ගෙවමින් සිටින්නේ සෙනසුරුගේ ලග්න ඒරාශ්ටක අපල යෙදී ඇති කාලයකි.දීර්ග කාලීන සෙනසුරුගේ අපලයෙන් පීඩාවටපත් නොවූ තුලා ලග්න හිමියෙකු සොයාගැනීමත් අපහසුවේ.2017 - 01 - 25 වනදා වසර හතයි මාස හයක් පුරාවට අපල කල සෙනසුරුගේ ලග්න ඒරාශ්ටක අපලය අවසන්වෙයි.නමුත් තුලා ලග්නයෙන් ඉපිද රූප සටහනේ ආකාරයට සදුගේ පිහිටීම යෙදී ඇත්නම් තව දුරටත් සෙනසුරුගේ ඒරාශ්ටක අපල යෙදේ.උපතින් සදු ලග්නයෙන් අටවැන්නේ පිහිටා ඇත්නම් සෙනසුරුගේ ලග්න ඒරාශ්ටකය අවසන්වූවත් 2017 - 20 අතර කාලයේ චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටක අපලය යෙදෙනු ඇත.ලග්නය තුලා වී ලග්නයෙන් තුන්වැන්නේ සදුගේ පිහිටීම උප්පත්තියේදී යෙදී ඇත්නම් ලග්න ඒරාශ්ටක අපලය අවසන්වී 2017 - 20 අතර කාලය ජම්ම ඒරාශ්ටක අපලය යෙදෙනු ඇත.

වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්නයෙන් උපන් ඔබ දැනට සෙනසුරුගේ ලග්න ඒරාශ්ටක අපලය ගෙවමින් සිටී.2017 - 01 - 25 වනදා දක්වා ලග්න ඒරාශ්ටක අපලයේ මධ්‍ය කොටස පවතින අතර 2017 - 20 අතර කාලය සෙනසුරු ලග්නයෙන් දෙවැන්නේ ගමන් කරමින් ලග්න ඒරාශ්ටක අපලයේ අවසන් කොටසේ අසුබ ඇතිකරයි.උප්පත්ති කේන්ද්‍රයේද රූපසටහනේ ආකාරයට සදුගේ පිහිටීම යෙදී ඇත්නම් ලග්න ඒරාශ්ටක අපලයේ අවසන් කොටසත් සමග තවත් ඒරාශ්ටක අපලයක අසුබ බලපෑම වෘශ්චික ලග්න හිමියන්ට ඇතිකරයි.උප්පත්ති කේන්ද්‍රයේ සදු ග්‍රහයා ලග්නයෙන් හත්වැන්නේ තැම්පත්ව ඇත්නම් වෘශ්චික ලග්න හිමියන්ට ලග්න ඒරාශ්ටක අපලයේ අවසන් කොටස සමග 2017 - 20 අතර කාලයේ චන්ද්‍රාශ්ටම ඒරාශ්ටක අපලයත් උපතින් සදු ලග්නයෙන් දෙවැන්නේ තැම්පත්ව ඇත්නම් සෙනසුරුගේ ලග්න ඒරාශ්ටක අපලයේ අවසන් කොටස සමග ජම්ම ඒරාශ්ටක අපලයත් යෙදෙනු ඇත.ඉතා ප්‍රවේසමෙන් කාලයගතකල යුතුවේ.

ධනු ලග්නය 
ධනු ලග්නය
ධනු ලග්නයෙන් උපන් ඔබට 2017 - 01 - 25 වනදා සෙනසුරු ලග්නයට පැමිණීම සිදුවේ.වසර හතයි මාස හයක් දක්වා පවතින සෙනසුරුගේ ලග්න ඒරාශ්ටක අපලයේ මධ්‍ය අවස්තාවයි.සෙනසුරු ලග්නයේ ගමන්කරනා කාලය කිසිසේත්ම යහපත් වන්නේ නැත.උපතින් සදුගේ පිහිටීමද සෙනසුරුගේ ලග්නගතවීමත් සමග අසුබ ආකාරයෙන් සම්බන්ද වන්නේ නම් තවදුරටත් අසුබ බලවත්වේ.ධනු ලග්නයට සදු ග්‍රහයා අෂ්ටමස්තානාධිපති වශයෙන් මාරක ඵල ඇතිකරවයි.ධනු ලග්නයෙන් ඉපිද රූප සටහනේ ආකාරයට සදු ග්‍රහයා ලග්නයේ තැම්පත්ව සිටී නම් ලග්න ඒරාශ්ටක අපලයේ මධ්‍ය කොටස සමග ජම්ම ඒරාශ්ටක අපලයද 2017 - 20 අතර කාලයේ යෙදෙනු ඇත.එමෙන්ම ධනු ලග්නයෙන් ඉපිද උපතින් සදු ලග්නයෙන් හයවැන්නේ තැම්පත්ව ඇත්නම් ලග්න ඒරාශ්ටකයේ මධ්‍ය කොසට සමග චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටකයද යෙදෙනු ඇත.ඉහත ආකාරයෙන් සදුගේ පිහිටීම යෙදී ඇත්නම් ඔබ ඉතාමත් ප්‍රවේසමෙන් කල්පනාකාරීව 2017 - 20 අතර කාලය කටයුතු කල යුතුය.හදිසි මාරක යෙදිය හැක.

මකර ලග්නය 
මකර ලග්නය
මකර ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් දොළොස්වැන්නට 2017 - 01 - 25 වනදා සෙනසුරුගේ පැමිණීම සිදුවේ.ඒරාශ්ටක අපල හිමියන් අතරට මකර ලග්න හිමියන් එක්වන අතර ආරම්බ වන ලග්න ඒරාශ්ටක අපලය ඉදිරියට වසර හතයි මාස හයක් දක්වා වූ දීර්ගකාලයක් පවතිනු ඇත.මකර ලග්නයෙන් ඉපිද රූපසටහනේ ආකාරයට සදුගේ පිහිටීම යෙදී ඇත්නම් ආරම්බ වන සෙනසුරුගේ ලග්න ඒරාශ්ටක අපලය 2020 දක්වා විශේෂ අසුබ කාලයක් වනු ඇත.උපතින් සදු ලග්නයෙන් දොළොස්වැන්නේ තැම්පත්ව ඇතිනම් සෙනසුරුගේ ලග්න ඒරාශ්ටක අපලය සමග ජම්ම ඒරාශ්ටක අපලයද ආරම්බ වන අතර ජම්ම ඒරාශ්ටක අපලය 2020 - 01 - 24 වනදා දක්වා පවතිනු ඇත.මාරක අපල ඇතිකරවන කාලයකි.එමෙන්ම රූපසටහනේ ආකාරයට උප්පත්ති කේන්ද්‍රයේ සදුගේ පිහිටීම ලග්නයෙන් පස්වැන්නේ යෙදී ඇතිනම් චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටක අපලයද ලග්න ඒරාශ්ටක අපලයට සමගාමීව 2020 දක්වා යෙදෙනවා ඇත.මකර ලග්නයට සෙනසුරු ග්‍රහයා ලග්නාධිපති ග්‍රහයා වන හෙයින් ඉදිරියට වසර හතයි මාස හයක කාලසීමාව ඉතා ප්‍රවේසමෙන් කටයුතු කිරීම යහපති.

කුම්භ ලග්නය 
කුම්භ ලග්නය
කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් එකොලොස්වැන්නට සෙනසුරුගේ පැමිණීම සිදුවේ.එකොලොස්වැන්නට පැමිණෙන සෙනසුරු ග්‍රහයා බොහෝඉට සුබඵල උදාකරයි.යහපත් මහදසාවක් අතුරු දසාවක්ද මේ සමය තුල යෙදී ඇත්නම් තවදුරටත් යහපත්වේ.එහෙත් රූපසටහනේ දැක්වෙන ආකාරයෙන් සදුගේ පිහිටීම යෙදී ඇතිනම් කුම්භ ලග්නයෙන් උපන් ඔබට 2017 - 20 අතර කාලයත් ඉන් ඉදිරියට වසර හතයි මාස හයක කාලයත් යහපත් වන්නේ නැත.කුම්භ ලග්නයෙන් ඉපිද උපතින් සදු ලග්නයෙන් සිව්වැන්නේ හෙවත් හතර වැන්නේ පිහිටා ඇතිනම් 0බට 2017 - 01 - 25 වනදා චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටක අපල ආරම්බ වන අතර 2020 න් අවසන්වී ලග්න ඒරාශ්ටකයද ආරම්බවේ.රූපසටහනේ දැක්වෙනාකාරයට උපතින් සදු ලග්නයෙන් එකොලොස්වැන්නේ පිහිටා ඇතිනම් 2017 - 20 අතර කාලයේ ජම්ම ඒරාශ්ටක අපලය යෙදේ.

මීන ලග්නය 
මීන ලග්නය
මීන ලග්නයෙන් උපන් ඔබට සෙනසුරුගේ පැමිණීම සිදුවන්නේ ලග්නයෙන් දහවැන්නටවේ.ලග්නයෙන් දහවැන්නේ සෙනසුරු සුබාසුබ මිශ්‍රඵල ඇතිකරතත් තරමක දුෂ්කර කාලපරිච්ඡේදයකි.මීන ලග්නයෙන් උපන් ඔබගේ උප්පත්ති කේන්ද්‍ර සටහනේ , රූපසටහනේ දැක්වෙන ආකාරයට සදු ග්‍රහයාගේ පිහිටීම යෙදී ඇතිනම් විශේෂයෙන් ජීවිතයේ දුෂ්කර කාලපරිච්ඡේදයක් ලෙස 2017 - 20 කාලය ගෙවීයනු ඇත.උපතින් සදු ලග්නයෙන් තුන්වැන්නේ පිහිටා ඇතිනම් 2017 - 20 අතර කාලය මීන ලග්නයෙන් උපන් ඔබට චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටක අපලය යෙදෙනු ඇත.මීන ලග්නයෙන් උපත ලබා උප්පත්ති ග්‍රග කේන්ද්‍රයේ සදු ග්‍රහයා ලග්නයෙන් දසවැන්නේ පිහිටා ඇතිනම් 2017 - 20 අතර කාලයේදී ජම්ම ඒරාශ්ටක අපලය සෙනසුරු ග්‍රහයාගෙන් යෙදෙනු ඇත.

ඉහත දක්වා ඇත්තේ 2017 - 01 - 25 වනදා සිදුව සෙනසුරු ධනු රාශිගතවීමත් සමග ලග්න දොළොසින් උපන් ඔබට සෙනසුරුගේ ඒරාශ්ටක බලපෑම ඇතිවන ආකාරයයි.ඔබ සතුව ඇති ජම්මපත්‍රය රැගෙන තම ලග්නයට අනුව රූපසටහනේ දක්වා ඇති සදුගේ පිහිටීම ඔබටත් යෙදී ඇත්දැයි පරීක්ෂාකරගැනීම යහපත්වනු ඇත.ඒරාශ්ටක ආරම්බවීමක් යෙදෙන්නේ නම් බුද්ධිමත්ව කටයුතු කල යුතුය.ඔබට ඒරාශ්ටකයක් ඉදිරියේ යෙදීමට ඇතිනම් දැනට ගෙවෙනා කාලයේ සුලු සුලු ගැටලු ඕනෑම දෙයක් සම්බන්දව ඇතිවෙමින් තිබිය හැකිය.මානසික පීඩා ඇතිවෙමින් තිබිය හැකිය.එය ඔබට තමන් පිලිබදව අවබෝධයෙන් යුතුව විමසා බැලීමෙන් හදුනාගත හැකිවනු ඇත.විශේෂයෙන් වෘෂභ , වෘශ්චික , ධනු , මකර යන ලග්න හිමියන් ඉදිරි කාලය පිලිබදව විමසිල්ලෙන් කටයුතු කලයුතුය.එම ලග්න හිමියන්ට සෘජු ඒරාශ්ටක අපල 2017 - 01 - 25 වනදා ආරම්බවේ.අනෙකුත් ලග්න හිමියන්ද මෙම ලිපියේ ආකාරයට තමන්ට සෙනසුරුගේ ග්‍රහ මාරුව කුමන ආකාරයකින් බලපෑම් කරත්දැයි හදුනාගැනීම යහපත්වනු ඇත.

සෙනසුරු මාරුව ඒ ඒ ලග්න හිමියන්ට බලපාන ආකාරය පිලිබදව සම්පූර්ණ විස්තර ඇතුලත් ලිපියක් ඉදිරියේදී මෙම අඩවිය හරහා පාඪක ඔබට කියවිය හැක.

Post a Comment

0 Comments