එදිනෙදා ජීවිතයේදි නින්ද සමඟ අපට ලැබෙන සිහින ගැන අප දක්‌වන්නේ අඩු උනන්දුවක්. මන්ද සිහිනයක් යනු සිහිනයක්‌ම යෑයි අප අතර ඇති විශ්වාසය නිසාය. නමුත් මෙම සිහිනවල විශාල අර්ථයක් තියෙනවා. ඒ නිසා සිහිනවල අර්ථය මොනවගේද කියා දැනගමු.
- නිල් - ජීවිතයේ ප්‍රශ්න හා අසීරුකම් ළඟදීම අවසන් වනු ඇත.
- කළු - ජීවිතයේ දුෂ්කරතාවලින් විශිෂ්ට ලෙස ජය ගැනීමට ඔබට හැකිවේවි.
- රතු - ඉවසීම සිඳී යනු ඇත. අනතුරක සේයාවකි. කල්පනාවෙන් වැඩ කරන්න.
- කොළ- පිටරට සවාරියකට වාසනාව හිමි වේ.
- තැඹිලි - ඔබේ කටයුතු කල් දැමීමට සිදු වේවි.
- රෝස - එකවරම ඔබට නොසිතූ විරූ සාර්ථකත්වයක් ලැබෙනු ඇත.
- දම් - බොහෝ කලක් පවත්නා ප්‍රීතියක්/සතුටක් ඔබට හිමිවෙයි.
- කහ - ඔබේ ඉදිරිමග පැහැදිලිය.
- සුදු - හැම දෙයක්‌ම හොඳින් සාර්ථක වේ.
- බෝංචි මෑ ආදිය දැකීම - සමෙහි රෝග ඇතිවේ.
- මත්පැන් පානය - අසනීපාදී විපත් ඇතිවේ.
- මඩෙහි එරීම - මරණය හෝ දරුණු රෝග ඇතිවේ.
- මුහුණේ මඩ තැවරීම - මරණයට පෙර නිමිත්තකි.
- තමන්ගේ මරණය දැකීම - විවාහය ඉක්මන්වේ , දියුණුව ඇතිවේ.
- වෙනත් අයගේ මරණය - රෝග පීඩා ඇතිකරවයි.
- මල් පිරි ගස් - ධනය සහ සතුට ඇතිවේ.
- මැණික් ආභරණ - වස්තුව ධනය ලැබේ.
- මිණිගෙඩි දැකීම - කීර්ති ප්‍රසංසා ඇතිවේ.පෙම්වතුන්ගේ ආදරය ලැබේ.
- මිනීමස් - වස්තුව ලැබේ.
- කුරුල්ලෙකුගේ මස් - අදහස් සපලවේ.
- මනුෂ්‍ය ඝාතනයක් - අවාසනාවන්ත විපත් රෝග පීඩා ඇතිවේ.
- මීදුම - සැප සතුට වස්තුව ලැබේ.
- මීයන් - රෝග , දුක ,ධනහානි.
- මීමැස්සන්න් ආදී කෘමීන් - වස්තුව ලැබේ.
- මී පැණි - ධන හානි රෝග පීඩා.
- මීහරක් - ලෙඩදුක් විපත් සහ අසතුට ඇතිවේ.
- එළදෙනෙකු මිලදීගැනීම - යහපත් බිරිදක ලැබේ.
- උසකින් බිමට වැටීම - කනගාටුව සහ ධනහානි ඇතිවේ.
- ලේබීම - වස්තුව ලැබේ.සුබ ආරංචි ලැබේ.
- ඇල්දිය බීම - සතුට සැනසීම හිමිවේ.
- බල්ලන් පොරකනු දැකීම - මරණයක් හෝ තදබල අසනීප ඇතිකරවයි.
- බළලුන් දැකීම - අනතුරක් හෝ අලාබයක් ඇතිවේ.
- බයිසිකල් පැදීම - තුන්දොස් කිපේ.
- බමුණන් දැකීම - සතුට ධනය ලැබේ.
- ඉදුණු ගෙඩි පළබර වූ ගස් දැකීමෙන් ධන ලාබ ලැබීමට හේතුවේ.
- ප්‍රේතයන් දුටුකල - ඇතමුන්ට සතුට සෞභාග්‍ය උදාවන අතර ඇතමුන්ට අභාග්‍ය උදාවේ.
- යමෙකු ගං ඉවුරක සිට නෙලුම් කොළයේ බත්කනවා දුටු විට විශාල ධනස්කන්දයක් හිමිවේ.
- බූරුවන් දුටු කල හදිසි රෝග වැළදේ.
- බූරු මස්කනු දුටුවිට ප්‍රිතිය වස්තුව ඇතිවේ.
- තම හිස බූගා සිටීම දුටුවිට කලකෝලාහලයන්ට මැදිවේ.
- බෙර ගැසීම හෝ තූර්‍ය භාණ්ඩ වාදනය කිරීම දුටුවිට ලෙඩ දුක් කරදරත් අවාසනාවත් මතුවේ.
- රසවත් ආහාර වැළදීම ධන ලාබ සහ සතුට උදාකරයි.
- ඉපැරණි නටඹුන් දුටුවිට සතුට වාසනාව උදාවේ.
- පැරණි පඩිපෙල් දැකීමෙන් තම බලාපොරොත්තු වෙනස්වීමට හේතුවේ.
- පැරණ ආගමික ස්තානයන් දැකීමෙන් උසස්වීම් , උසස් තනතුරු සහ ප්‍රසිද්ධිය ඇතිවේ.
- කූඩැල්ලන් තම ශරීරයෙන් ලේ බීම , නෙලුම් කොලයේ කිරි බීම , සුදු නාගයන් , සුදු අශ්වයන් , සුදු නෙලුම් මල් , මීවද ආදිය දැකීමෙන් සියලු දුක්කරදර නිමා කරමින් වාසනාවන්ත පිරිමි දරුවෙකු ලැබීමට හේතුවනු ඇත.
- තම මෑණියන් සතුටු කදුලු හෙලනවා දැකීමෙන් , තමාට ආදරය කරනවා දැකීමෙන් ධන සම්පත් ලාබ හිමිවේ.
- පිරිසිදු දිය නෑම , සුවද ඇග ගැල්වීම , රන් රිදී වටිනා ආභරණ පැලදීම දුටුවිට යස ඉසුරු සම්පත් වාසනාව හිමිකරයි.
- ශරීරය පුරා ලේ ගලායාම දුටුවිට සතුට වාසනාව සමග ධනය ලැබීමට හේතු ඇතිවේ.
- මගුල් පෝරුවක් දැකීමෙන් කරදරවලින් මිදී වාසනාවන්ත කාලයක් උදාවේ.
- මංගල බෝජණ දැකීමෙන් හදිසියේ දුර බැහැර විනෝද චාරියා යෙදීමට හේතුවනු ඇත.
- මංගල වෙඩි දැකීමෙන් දුර බැහැර ඤාතියෙකුගේ පැමිණීම සිදුවේ.
- මංග පෙරහැර දැකීමෙන් ධනය බලය ලැබේ.
- ජයමංගල ගාථා කියන දරුවන් දැකීමෙන් ගෞරවයත් තනතුරුත් හිමිවේ.
- මංගල සභාව දැකීමෙන් සතුට ප්‍රිතිත ඇතිවනු ඇත.
- අවමංගල පෙරහැර දැකීමෙන් මියගිය ඤාතියෙකුගෙන් හිමිකමක් ලැබේ.
- අවමංගල සභාව දැකීමෙන් සතුරෙකු මිතුරුවේ.සතුරෙකුගෙන් උපකාරයක් හිමිවේ.
- එල්ලුම් ගස දැකීමෙන් වාසනාවන්ත කාලයක් හිමිවේ.
- අවමගුල් පෙරහැරෙහි යනවා දැකීමෙන් තම බලාපොරොත්තු ඉටුවේ.
- මළ සිරුරක් භූමධානය කරනවා දැකීමෙන් ඉක්මන් විවාහයක් සිදුවේ.
- හොල්මන් අවතාර දැකීමෙන් වාසනාවන්ත කාලයක් උදාවේ.
- මල මිනී නහවනු දැකීමෙන් ජය හිමිවේ.
- මල මිනියක සමග නිදාගෙන සිටිනවා දැකීමෙන් දීර්ඝායුෂ හිමිවේ.
- මල මිනියක් කරතබා යනු දැකීමෙන් අධික වස්තු ලාබයක් හිමිවේ.
- මියගිය අයෙකු සමග එකට වාඩිවී ආහාර ගන්නවා දැකීමෙන් වස්තුව හිමිවේ.
- මියගිය කාන්තාවක සමග සංසර්ගයේ යෙදී සිටිනවා දැකීමෙන් තම බලාපොරොත්තු ඉටුවේ.
- මල් පිරුණු ගසක් දැකීමෙන් සතුට ප්‍රීතිය උදාවේ.
- තම මව සැපසේ ජීවත්වනවා දැකීමෙන් සැප ලැබේ.
- සිහිනෙන් මාලිගාවකට යනු දැකීමෙන් වස්තුව ගරු නම්බුව සමග සතුට හිමිවේ.
- සිහිනෙන් මිත්‍රයෙකු දුටුකල සතුට සැපත හිමිවේ.
- මුතු , දියමන්ති , සදුන් දැකීමෙන් වාසනාව , ධනලාබ සමග සතුට සමාදානය ඇතිවේ.
- තමා මියයනවා දැකීමෙන් ධනලාබ ලැබේ.
- මුතුන් මිත්තන් සිහිනෙන් දුටුකල සතුට ධනය සෞභාග්‍ය හිමිවේ.
- දියේ ගිලී මියයනවා දුටුවිට තම මිත්‍රයෙකු විරසකවේ.
- රජවරු ඇමතිවරු දැකීමෙන් හදිසි ධන ලාබ ලැබේ.
- අටුකොටුවල බෝග පුරවා තිබෙනවා දුටු කල සැප සම්පත් ලැබේ.විවාහ යෝජනාවන් ස්තිරවේ.
- අත් ඔරලෝසු දැකීමෙන් පුත් රුවනක් ලැබේ.අත් ඔරලෝසු කැඩෙනවා දැකීමෙන් ධන හානි සිදුවීමට හේතුවේ.
- සුන්දර කාන්තාවක් තමන්ට අතට අත දෙනවා දැකීමෙන් වස්තුව ලැබේ.විශාල ධනයකට හිමිකම් කීමට ලැබේ.
- අන්ධකාරය පැතිරී තිබෙනවා දැකීමෙන් චිත්ත පීඩා සිත් වියවුල් ඇතිවේ.
- වෙනත් අයෙකු බත් අනුබව කරනවා දැකීමෙන් ජය හිමිවීමකි.
- තමන් බත් අනුබව කරනවා දැකීමෙන් දුක් වීමට හේතුවක් ඇතිවේ.
- ප්‍රභූන් සමග බත් අනුබව කරනවා දැකීම උසස් තනතුරු ලාබයකි.
- අපිරිසිදු ජලය ස්නානය කරනවා දැකීමෙන් දුක් කරදර සහිත කාලයකි.
- අම්බලමක් දැකීමෙන් බිරිදගේ වෙන්වීමකි.දුක් කරදර සහිත කාලයකි.
- රාජාභිෂේක දැකීමෙන් ධන ලාබ ලැබීමට හේතුවකි.
- දේවාභිෂේක සතුට , ධනය වාසනාව ඇතිකරයි.
- අමෘර්තය පානය කිරීමෙන් ගෞරවය , නම්බුව , ප්‍රිතිය , සතුට වාසනාව උදාවේ.
- අන්නාසි අනුබව කරනවා දැකීමෙන් රූබර තරුණියක / තරුණයෙකු සමග විවාහය සිදුවෙයි.
- විවාහක යුවලක් දුටුකල පවුලේ සමගිය වර්ධනයවේ.සතුට උදාවේ.
- උගතෙකුගෙන් අවවාද උපදෙස් ලැබීම දුටුවිට දියුණුවට මගපෑදේ,ඤාණය බුද්ධිය ලැබේ.
- යමෙකුට මවගෙන් උපදෙස් ලැබීම දුටුකල බුද්ධිමතෙකු බවට පත්වීමට මග සැලසේ.
- අලි ඇතුන් දැකීමෙන් වාසනාව මතුවේ.
- අලිපිට නැගීයාම දුටුවිට තනතුරු ගෞරව සම්මාන හිමිවේ.
- අසූචි ශරීරයේ තැවරී සිටිනවා දැකීමෙන් සැප සම්පත් හිමිවේ.
- වෙනත් අයෙකු අලි පන්නනු දැකීමෙන් තමාට , තම නිවසට දේව දෝශයන් මතුවී ඇත.දෙවියන් උදෙසා බාරහාර සිදුකර , ඒවා මගහරිමින් සිටිනවා විය හැකිය.
- අලුත් ඇදුම් අදිනවා දැකීමෙන් තමා කරගෙන ආ කටයුටු දියුණුවටපත්වේ.
- රතු නිල් වර්ණයේ ඇදුම් අදිනවා දැකීමෙන් තන කටයුතු විනාශවී දුක පැමිණේ.
- තමා සිටින ආසනයෙන් බිම ඇදවැටීමෙන් තනතුරු වර්ප්‍රසාධ අහිමිවීමක් සිදුවේ.
- සුදු ඇතෙකු දැකීමෙන් ගෞරව , නම්බුනාම , තත්වය මෙන්ම වාසනාවන්ත දරුවන් පිළිසිද ගැනීම සිදුවේ.
- සිහිනයෙන් හඩාවැළපෙනු දැකීමෙන් තම කටයුතු දියුණුවට පත්වේ.
- ඇග සේදීම දුටුකල කුසලයට යොමුවේ.
- අතෙහි ඇගිලි කැපී ලේ ගලනවා දැකීමෙන් හොද පෙම්වතෙක් / පෙම්වතියක් ලැබේ.
- පරවියන් , ගිරවුන් , කොවුලන් ආදී පාක්ෂී නාදයන් සිහිනෙන් ඇසීමෙන් එතෙක් ගතකල දුක්බර ජීවිතය නිමාවී සැපවත් කාලයක් උදාවේ.
- රෝගියෙකු නම් සුවවේ.
- කුකුල් , කපුටු නාද ඇසීම අනාගතයට අසුබ නිමිත්තකි.
- සුදු දළ ඇතෙකු දැකීමෙන් තනතුරු ලාබ හිමිවේ.
- තම ඇස් අන්ධවී සිටිනවා දැකීමෙන් මිතුරන් හානිවේ.තමාටත් බිරිදටත් අසුබදායක අපල කාලයක් උදාවේ.
- ඇස් කණ්නාඩි දමාගෙන සිටිනවා දැකීමෙන් තමාට ශිල්පීය ඤාණය ලැබේ.බුද්ධිය ලැබේ.අලුත් දෙයක උගත්කමක් හිමිවේ.
- සිහිනෙන් ගුරුවරු දැකීම හෝ ගුරු පදවි ලැබීම , දැකීමෙන් ව්‍යාපාර දියුණුවේ.රාජ කරුණාව හිමිවේ.
- යම් අයෙකුට ආහාරයෙන් සංග්‍රහ කරනවා දැකීමෙන් කළකෝලාහලයන්ට මැදිහත්වීමට සිදුවේ.
- ඉනිමගක ඉහලට යනවා දැකීමෙන් තනතුරු ලාබ සමග යස ඉසුරු හිමිවීමකි.
- ඉනිමගක පහලට බසිනවා දැකීමෙන් තනතුරු අහිමිවේ.පැවති තත්වයට ගෞරවයට කීරිතියට හානිවී අපකීර්තිය ඇතිවෙයි.දුක් සහිත කාලයක් උදාවේ.
- දේදුන්නක් පායා තිබෙණු දැකීමෙන් සතුට සමග ධන ලාබ හිමිවේ.
- දරුවෙකු උපදිනවා දැකීමෙන් සැප සම්පත් හිමිවේ.
- පොහොසතෙකු විසින් සිහිනෙන් දුගී යාචකයෙකු දුටුවේ නම් තත්වයෙන් , ධනයෙන් පහලයාමක් සිදුවේ.
- තම මුහුණ ඉදිමී තිබෙණු දැකීමෙන් නොයෙක් සැප සම්පත් හිමිවේ.රූමත් කාන්තාවක / පුරුෂයෙකු සමග විවාහය ස්තිරවේ.
- තමාගේ අස්ති බිදීමක් සිහිනෙන් දුටුකල ධන හානි ඇතිවේ.මිත්‍රයෙකුගේ විපතක් අසන්නට ලැබෙනු ඇත.
- උකුස්සන් දුටු කල ශෝකය දුක උරුම වෙයි.
- ඔටුවන් පිට යාම වස්තුව විනාසවී දුක ශෝකය ඇතිවේ.
- ඔටුවන් දැකීම වස්තුව සැප සම්පත් ප්‍රිතිය ඇතිවේ.
- උක් ගස් දැකීම වස්තු ලාබ , කීරිති ප්‍රසංසා ගෞරවය ඇතිකරයි.
- තම හිසී උකුණන් පිරී සිටිනවා දැකීමෙන් උසස් අයගේ කරුණාවට , ඇගයීමට පාත්‍රවේ.සතුරන් පරාජයවේ.සැප සම්පත් ලැබේ.
- සිහිනෙන් හිසතෙල් ගානවා දුරුවිට සතුට ප්‍රිතිය ඇතිවේ.
- තෙල් බීම දුටුකල ලෙඩ දුක් ඇතිකරයි.
- තල තෙල් බීම දුටුකල දුප්පත්වේ.
- කොවුළන් දුටු විට සතුට ධනය ලැබේ.
- අලංකාර හිස් වැසුමක් පැලදීම දීර්ඝායුෂ ඇතිවේ.
- හිස්වැසුම ඉරා දමන්නේ නම් දුක් කරදර සහිත අලාබ ඇතිවේ.
- අන් අය සමග දබර කිරීම දුටුකල තම බිරිද පර පුරුෂයන් කරා යයි.
- දැසි දස්සන් දැකීමෙන් මහත් ධන හානි ඇතිකරයි.
- තම දිව ගැලවී වැටෙනවා දැකීම ඉතාම දුකටපත්වේ.මරණය වෙයි.
- දෙව් ලොව සැරිසරණවා දැකීම දීර්ඝායුෂ ලැබේ . ඤාණය ලැබේ.කීර්තිය ලැබේ.
- දී කිරි දැකීමෙන් ධන ලාබ ඇතිවේ.
- දුම්,රියේ ගමන් යනවා දැකීමෙන් දුර පලාතක මිතුරෙකුගේ පැමිණීම සිදුවේ.සිතේ සතුට ඇතිවේ.
- දූ දරුවන් කෝපයෙන් සිටිනු දැකීමෙන් අභාග්‍ය සම්පන්න කලක් උදාවේ.
- පාළු දූපතකට යනු දැකීමෙන් තම පෙම්වතියට හානියක් සිදුවේ.
- සිහිනෙන් දෙඹරුන් දැකීමෙන් සතුරු කරදර ඇතිකරයි.
- විශ්ණු ඊශ්වර ආදී දෙවිවරුන් දැකීමෙන් කාර්‍ය සිද්ධවේ.යස ඉසුරු කීර්තිය ඇතිවේ.
- දෙවියන් වන්දනා කරනවා දැකීමෙන් ධන ලාබ සතුට ඇතිවේ.
- දෙළුම් ගෙඩි දැකීමෙන් සැප සම්පත් ලැබේ.තරුණියක / තරුණයෙකු හා පෙමින් බැදේ.
- සිහිනෙන් දෙහි දැකීමෙන් දරුවන්ටත් බිරිදටත් අයහපත්වේ.
- දේවදාර ගස් දැකීමෙන් හදිසි අසනීප මතුවේ.
- දෙව් දුවක් දැකීමෙන් කීර්තිය සමග සැප සම්පත් ඇතිවේ.
- දේවතාවන් දැකීමෙන් සතුට සෞභාග්‍ය උදාවේ.
- ගුරුවරුන් දැකීමෙන් ව්‍යාපාර දියුණුවේ.වස්තුව ලැබේ.
- සිහිනෙන් අඹ දැකීමෙන් ධන ලාබ සතුට ඇතිවේ.
- තම නිවසට උගුඩුවන් පැමිණෙනවා දැකීමෙන් තම බිරිද සමග අමනාපකම් මතුවේ.ගමන් බිමන් වලදී විපත් ඇතිවේ.
- මල් උයන් දැකීමෙන් උසස් ගෞරව සම්මාන ලැබේ.වස්තු ලාබ ඇතිකරයි.
- සිහිනෙන් ඌරන් දැකීමෙන් රාජ බිය , නඩුවෙන් නීතියෙන් පරාජය සහ හදිසි විපත් ඇතිකරයි.
- උරුලෑවෙකු දැකීමෙන් තම බිරිද තමා සමග විරුද්ධවේ.අසනීප කරදර මතුවේ.
- කොටියෙකු තමා එලවාගෙන එනවා දැකීමෙන් මහත් වස්තුව ලැබේ.
- වැහැරුණු එල්ලෙන පියවුරු දැකීමෙන් ධන හානි සමග දුක් කරදර පීඩා ඇතිකරයි.
- විදුලි පන්දම් , ගිනි පන්දම් ආදිය දැකීමෙන් වෙළදාම් ආදියෙන් පාඩු සිදුවේ.දුකට හේතු ඇතිවේ.
- දෙවියන්ට එලුවෙකු දන් දෙනවා දැකීමෙන් කීර්තිය බලය ලබයි.
- සිහිනෙන් ඒදඩු දැකීමෙන් හෝ ඒදඩු මතින් වැටීමෙන් දුක් වේදනාද , ස්තානීය වෙනස්කම්ද , ව්‍යාපාර කඩා වැටීම් සහ බලාපොරොත්තු බිදවැටීම් සිදුවේ.
- ඔටුණු දැකීමෙන් උසස් තනතුරු ලැබේ.රැකියා දියුණුව ඇතිවේ.
- ඔටුණු පැළදි රාජ කුමාරියක හෝ දිව්‍යාංගණාවක දුටුවේ නම් උසස් තනතුරු තනාන්තර ලැබේ.
- වටාපතක් දුටුකල මිත්‍රයන්ගෙන් උදව් උපකාරයන් ලැබේ.සතුට සැපත ලැබේ.
- වද ගෙයක් දැකීමෙන් දුක් කරදර පීඩා සහිත කාලයකි.
- වදුරන් දැකීම , තම ශරීරයේ නැගීම සිහිනෙන් දුටු කල ඇදුම රෝගය ඇතිවීමේ පෙරනිමිත්තකි.ධන හානි ඇතිවේ.දුක කණගාටුව ඇතිවේ.
- වානරයන් දුටුකල හදිසි අසනීප හෝ මරණය සිදුවේ.
- ලේඛන කටයුතුවල යෙදිනවා දැකීමෙන් හදිසි අනතුරු වලට හේතුවේ.
- රෝගියෙකු පසුපස යනු දැකීම මරණයක් හෝ අසනීපයක් සිදුවේ.
- වමනය පාචනය තමන්ට ඇතිවී තිබෙණු දැකීම හදිසි අසනීප කරදර මතුවීමකි.
- වග වලසුන් දැකීම හෝ පිටේ නැගී යනු දුටුකල මරණයක් අසන්නට ලැබේ.දුක් කරදරයන්ට මුහුණ දීමට සිදුවේ.
- වනාන්තරයක් දුටු කල වස්තුව සමග සතුට ලැබේ.
- සිහිනෙන් වස බීම සිදුවුවහොත් දුක් කරදර විපත් අසන්නට සිදුවේ.
- වළාකුලක් දැකීමෙන් රෝග බිය මරණ බිය , මරණය සිදුවේ.
- තමන් වහලෙකු ලෙස විකිණෙනවා දැකීමෙන් සැප සම්පත් සමග ධන ලාබ ලැබේ.
- වතුර ගැනීමට ලිං තැනීම හෝ ළිදකට වැටීම සිදුවුවහොත් රෝගී වේ . මරණය සිදුවේ.
- සිහිනෙන් වයින් බීම දුටුකල ධනය වස්තුව කීර්තිය හිමිවේ.
- කළු වැන්දඹු කාන්තාවක් දැකීමෙන් මරණයකට පෙරණිමිත්තකි.
- අදුරු ගැඹුරු වලකට වැටෙනවා දැකීමෙන් පියාට හෝ ගුරුවරයෙකුට මරණය සිදුවේ.
- දරුවෙකු සිනාසෙනවා දැකීමෙන් දුකකට පසු විශේෂ සතුටකට හේතු ඇතිවේ.
- බිළිදෙකු සිනාසෙනු දුටුකල සතුට සම්පත උදාවේ.
- හඩන දරුවෙකු දැකීමෙන් බලාපොරොත්තු ඉටුවේ.
- දනගාන දරුවෙකු දැකීමෙන් අනාගත දියුණුවට හේතු ඇතිවේ.
- ගීත ගායනා කරනා දරුවන් දැකීමෙන් වාසනාව අතලගය.
- කුඩා දරුවෙකු මරනු දුටුකල පවුලේ කෙනෙකුට අනපේක්ෂිත අනතුරකි.
- රණ්ඩු කරන දරුවන් දැකීමෙන් පවුල් ආරවුල් ඇතිවේ.
- ක්‍රිඩා කරන දරුවන් දැකීමෙන් ආර්තික තත්වයේ උසස්වීමක් ඇතිවේ.
- පාසල් යන දරුවන් දැකීමෙන් බලාපොරොත්තු කඩවේ.
- නටන දරුවන් දැකීමෙන් ජීවිතයේ කලකිරීම් ඇතිවේ.
- කුඩා දරුවෙකු මරණයට පත්වෙනවා දුටුකල ධනවත් මිත්‍රයෙකුගේ උපකාර ලැබේ.
- තරුණියක දැකීමෙන් කීර්තිය ප්‍රසංසා ඇතිවේ.
- තරුණ කාන්තාවක් සමග පෙම්බස් කියනවා දැකීමෙන් රැකියා උසස්වීම් ඇතිවේ.
- විවාහක කාන්තාවක් දැකීමෙන් වාසනාවන්ත කාලයක් උදාවේ.
- මෙහෙකාරියක දැකීමෙන් ධන හානි , නින්දා අපහාස අසන්නට ලැබේ.
- ගර්භනීය කාන්තාවන් දැකීමෙන් ප්‍රිතිදායක ආරංචි අසන්නට ලැබේ.
- ගර්භණීය කාන්තාවක් දියේ ගිලෙනවා දැකීමෙන් විනෝදයෙන් සිටින අවස්තාවක ඉතා දුක්බරවූ පුවතක් අසන්නට සිදුවේ.
- රූමත් ස්ත්‍රියක් දැකීමෙන් ප්‍රිතිය , සතුට , වාසනාව සමග ධන ලාබ ඇතිවේ.
- අවලස්සන ස්ත්‍රියක් දැකීමෙන් ධන හානි සමග දුක් පීඩා ඇතිකරයි.
- මහළු ස්ත්‍රියක් දැකීමෙන් ඉතාමත්ම අවාසනාවන්ත ඉරණමකට මුහුණදීමට සිදුවේ.
- ගණිකාවක දැකීමෙන් ධන ධාන්‍ය සම්පත් හිමිවේ.
- කානතාවන් සමූහයක් දැකීමෙන් වාසනාවක් ප්‍රිතියත් ඇතිවේ.
- දෙවගනක් දැකීමෙන් කරන කියන කටයුතු වලින් ජය හිමිවේ.
- රැජිණක් දුටුකල තම උඩගුකම මතුවේ.
- නාට්‍යාංගනාවන් දැකීමෙන් රැවටීම් සිදුවේ.
- ස්ත්‍රින් සිනාසෙනවා දැකීමෙන් ලගම ඤාතියෙකුගේ මරණය සිදුවේ.
- හඩා වැළපෙන ස්ත්‍රින් දැකීමෙන් පවුලේ අයෙකු රෝගීවේ.
- හිස පීරන ස්ත්‍රියක දුටු විට අශුබ ආරංචි අසන්නට ලැබේ.
- ස්ත්‍රියකගේ මරණය සිදුවනවා දැකීමෙන් විරුද්ධවාදියෙකුගෙන් ලාබ ප්‍රයෝජන හිමිවේ.
- ස්ත්‍රියක අනතුරකට පත්වෙනවා දැකීමෙන් ඤාතියෙකුට විපතකි.
- ස්ත්‍රියක් සියදිවි නසාගන්නවා දැකීමෙන් සතුරු කුමන්ත්‍රණයක් නිසා හානි සිදුවේ.
- ජනාකීර්ණ උද්‍යාණයක් දැකීමෙන් මිතුරෙකුගෙන් උපකාරයක් ලැබේ.
- කුඩා පදුරු සහිත උයනක් දැකීමෙන් විවාහය සාර්තකවේ.තරුණ තරුණියන්ට ප්‍රේම සබදතා ඇතිවේ.ව්‍යාපාරයෙන් ජය ලැබේ.
- වනසතුන් පිරි උයනක් දැකීමෙන් දුගී බවට පත්වේ.සතුරු කරදර මතුවේ.
- ගස් වැල් වියලී ගිය උයනක් දැකීමෙන් අධික දුගී භාවයට පත්වේ.
- මුදලක් තෑගි ලෙස ලැබෙනවා දැකීමෙන් එදිනෙදා කටයුතු අසාර්තකවේ.
- රෙදිපිලි තෑගි ලැබෙනවා දැකීමෙන් රොගී වේ.
- ආබරණ තෑගි ලැබෙනවා දැකීමෙන් බලාපොරොත්තු කඩවේ.
- රන් රිදී වස්තුව තෑගි ලෙස ලැබෙනවා දැකීමෙන් තම මිතුරෙක් නිසා අලාබයක් සිදුවේ.
- පොත් පත් තෑගි ලෙස ලැබෙනවා දැකීමෙන් ඔබගේ වන්චාවන් හසුවේ.රහස් හෙළිවේ.
- රෝස මල් දැකීමෙන් සතුට වාසනාව උදාවේ.
- රතු නෙළුම් මල් දැකීමෙන් විවාහ බලාපොරොත්තු ඉටුවේ.පෙම් සබදතාවයක් ඇතිවේ.
- සුදු මානෙල් මල් දැකීමෙන් අසල් වැසියන්ගෙන් නොමද අනුග්‍රහය හිමිවේ.
- නිල් මානෙල් මල් දැකීමෙන් පරම්පරාගත ධනයක් උරුමවේ.
- කහපාට මල් දැකීමෙන් රෝග පීඩා ඇතිවේ.
- රතු පාට මල් දැකීමෙන් සතුට කීරිතිය ලැබේ.
- ඉතා කුඩා මල් වර්ග දැකීමෙන් අනපේක්ෂිත ලෙස ලාබ උපකාර හිමිවේ.
- පරවගිය මල් දැකීම ඉතා අශුබය.ඛේදජනක සිදුවීම් ඇතිකරයි.
- මල් පොකුරු දැකීමෙන් උසස් පවුලක අයෙකු සමග පෙම් සබදතාවයක් ඇතිවේ.
- අත්පොලසන් දෙනවා දැකීමෙන් මිතුරෙකු උපකාරයක් පතා පැමිණේවි.
- මෝටර් රතයක යනවා දැකීමෙන් ආර්තිකය වර්ධනයවේ.
- කරත්තයක යනවා දැකීමෙන් තම උත්සහය සාර්තකවේ.
- බඩු බාහිරාදිය පැටවූ වාහනයක යනවා දැකීමෙන් බාධා මැද අපේක්ෂා සඵලවේ.
- ගී කියමින් දුම්,රියක යනවා දැකීමෙන් කිසිදා අමතක නොවන සතුටක් ඇතිකරයි.
- පයින් ගමන් කරනවා දැකීමෙන් ශාඊරික රෝග පීඩා මතුවේ.
- අහස් යානයකින් යනවා දැකීමෙන් සියලු බලාපොරොත්තු ඉටුවේ.
- ගත්කතුවරයෙකු සිහිනෙන් දැකීමෙන් බුද්ධිය ඇතිවේ.ප්‍රසිද්ධිය ඇතිවේ.
- මැති ඇමතිවරු දැකීමෙන් ලාබ අපේක්ෂාවෙන් කරන කටයුතු සාර්තකවේ.
- වෛද්‍ය වරයෙකු දැකීමෙන් රෝග පීඩාවන්ට හසුවේ.
- නීතිඤයෙකු දැකීමෙන් අනපේක්ෂිත ගැටලු මතුවේ.
- පොලිස් බටයෙකු දැකීමෙන් සතුටත් පූර්ණ ආරක්ෂාවත් ඇතිව.
- ලිපිකරුවෙකු දැකීමෙන් අකමැත්තෙන් අන් අයගේ කටයුතු කරදීමට සිදුවේ.
- වින්නඹුවෙකු දැකීමෙන් ප්‍රිතිමත් ආරංචි අසන්නට ලැබේ.
- හෙදියක දැකීමෙන් දීර්ඝායුෂත් කීර්ථියත් ඇතිවේ.
- රියදුරෙකු දැකීමෙන් සියලු කටයුතු සාර්ථකවේ.
- තැපැල් කරුවෙකු දැකීමෙන් කල් ගිය කටයුතු සාර්ථකවේ.
- සන්නාලියක දැකීමෙන් මිතුරෙකු නිසා කරදර ඇතිවේ.
- වඩුවෙකු දැකීමෙන් අලාබ හානි විදින්නට සිදුවේ.
- වෙසගනක දැකීමෙන් ධන ධාන්‍ය සතුට ඇතිවේ.
- වෙළෙන්දෙකු දැකීමෙන් වාසනාව සතුට ප්‍රිතිය ඇතිවේ.
- කම්කරුවෙකු දැකීමෙන් ශරීර සෞඛ්‍ය යහපත්වේ.ඉදිරි කටයුතු සාර්තකවේ.
- කරණවෑමියෙකු දැකීමෙන් ප්‍රසිද්ධියේ අගෞරවය , නින්දා අපහාස ඇතිවේ.
- යාචකයෙකු දැකීමෙන් තම කටයුතු සදහා බධා මතුවේ.
- මගියෙකු දැකීමෙන් ලාබ ප්‍රයෝජන ලැබේ.
- අරකැමියෙකු දැකීමෙන් පවුලේ අසමගියට හේතු ඇතිවේ.
- හිතවතෙකු දැකීමෙන් හිතමිත්‍රයෙකුගෙන් සුබ ආරංචි අසන්නට ලැබේ.
- මංකොල්ලකරුවෙකු දැකීමෙන් රන්ඩු දබරයන්ට පැටෙලෙන්නට සිදුවේ.
- නිලියක් දැකීමෙන් සතුට ප්‍රිතිය ඇතිවේ.
- පිළිගැනීමේ නිලධාරිනියක දැකීමෙන් සතුට සම්පත උදාවේ.
- සොරෙකු දැකීම ඉතා අශුබය.අන් අය නිසා නින්දා අපහාසයන් ඇතිවේ.
- විකාර රූපී මිනිසුන් දැකීමෙන් අසනීපවේ.විපත් වලට පැටලෙයි.
- වැස්සට හසුවී තෙමෙනවා දැකීම , සැප සම්පත් ලැබේ.
- අකුණු ගසා වැසි වසිනවා දැකීමෙන් නොසිතූ කරදර මතුවේ.
- වැලි ගොඩවල් දැකීමෙන් දු කරදර මතුවේ.
- වැහි ලිහිණියන් දැකීමෙන් ධනය බලය ලැබේ.
- දුන්නකින් ඉලක්කයට විදිනවා දැකීමෙන් ප්‍රසිද්ධිය බලය ලැබේ.
- විදුලිය සිහිනෙන් දැකීමෙන් යසස , කීර්තිය ඇතිවේ.
- අකුණු විදුලි දැක බියට පත්වන්නේ නම් දුක් පීඩා ලගාවේ.
- විවාධයන්ගෙන් දිනනවා දැකීමෙන් ධන ලාබ ලැබීමට හේතුවේ.
- තමාට විශාල හිසක් ඇතිවී ඇතිබව සිහිනෙන් දැනීමෙන් බලවතෙකු වනු ඇත.
- වීනා නාදය ඇසීම සහ සිහිනෙන් දැකීම සියලු බලාපොරොත්තු ඉටුවන කාලයක් උදාවේ.
- වෙලබ දැකීමෙන් විවාහය සිදුවේ.
- නරියන් දැකීමෙන් රෝග පීඩා මතුවේ.
- ගසක් කඩා වැටෙනවා දැකීමෙන් රෝගපීඩා ඇතිකරයි.
- වෙද මහතෙකු දැකීම සිදුවූවේ නම් එතැන් සිට වසරක් ඉදිරියේදී මාරකයක් ඇතිවේ.
- සත්පුරුෂයන් ඇසුරු කරනවා දැකීමෙන් සතුට , ධනය ලැබේ.
- සතුරෙකු මැරීම හෝ සතුරෙකු ගින්නකට පැණීම දුටු කල රෝග සුවවේ.ගුප්ත ක්‍රම මගින් වස්තුව ලැබේ.
- තමාට යම් හිරිහැරයක් සිදුවෙනවා සිහිනෙන් දුටුවේ නම් ධන ලාබ හිමිවේ.
- කඩු , හී , ආයුධ ගත් බටයන් දැකීමෙන් චිත්ත පීඩා , කායික පීඩා , මරණය සිදුවේ.
- සර්පයෙකු පිට නැගී යනවා දුටුවේ නම් රෝග පීඩා හෝ මරණය සිදුවේ.
- විෂ කරු සර්පයන් දුටුකල චිත්ත පීඩා ඇතිවේ.
- සර්පයෙකුගේ මස් කනවා දැකීමෙන් හදිසි රෝග හෝ මරණයට හේතු ඇතිවේ.
- තපසෙකුට , ගුරුවරයෙකුට සාප කරනවා දැකීමෙන් රෝග පීඩා ඇතිවේ.තම විනාශය සිදුවේ.
- කකුළුවෝ දැකීමෙන් දුකද පරාජයද උරුමවේ.
- කටුස්සන් දැකීමෙන් සිත අධෛර්‍යට පත්වේ.මිතුරන් අමනාපවේ.
- සියලු බඩු සහිත වෙළදසැලක් දැකීමෙන් අගහිගකම් මගහැරී යයි.
- කණ්ණාඩි සිහිනෙන් දුටුවේ නම් ධන ලාබ සතුට ඇතිවේ.
- අලංකාර කඩදාසි දැකීමෙන් වස්තුව ලැබේ.
- දුර්වර්ණ වූ කඩදාසි දැකීමෙන් කායික පීඩා සමග ධන හානි ඇතිකරයි.
- කම්මලක වැඩකරනවා දැකීමෙන් කරදර හිරිහැර මතුවේ.
- මයිනහම ඇදීම දැකීමෙන් බිරිද සමග වාද විවාද ඇතිවේ.
- කන්‍යා ස්ත්‍රීන් දැකීමෙන් වස්තුව කීර්ති ප්‍රසංසා ඇතිවේ.
- කන්‍යා ස්ත්‍රියක සමග සංසර්ගයේ යෙදෙනවා දැකීමෙන් අගෞරවය , අඩදඹර , චිත්තපීඩා ඇතිකරයි.
- තම අත්වල කරගැට දැකීමෙන් සැප සම්පත් , ගෞරවය , නම්බුව ඇතිවේ.
- කල්ප වෘක්ෂය දැකීමෙන් ධන ලාබ ලැබීමටත් දියුණුවටත් අවස්තාව සැලසේ.
- කවි සිංදු කියනවා දැකීමෙන් අලාබහානි විරෝධතා ඇතිවේ.
- කලයක දිය පිරී තිබෙනවා දැකීමෙන් වස්තුව ලැබේ.
- හිස් කල දැකීමෙන් අගෞවරය සහ ධන හානි සිදුවේ.
- කලකෝලාහලයන් සිහිනෙන් දැකීමෙන් දුක් කරදර පීඩා ඇතිවේ.
- කළුපාට ආසන දැකීමෙන් දුක් වේදනාවන්ට හේතුවේ.
- කළු පාට ගිනුන් දැකීමෙන් දුක් වේදනා මතුවේ.
- කළු කොන් වර්ගයේ කුකුළන් දැකීමෙන් තනතුරු නම්බුනාම ලැබේ.ප්‍රධානීන්ගෙන් උදව් උපකාර හිමිවේ.ගමන් බිමන් වලින් යහපත උදාවේ.
- සිහිණෙන් කැඩපතකින් මුහුණ බලනවා දැකීමෙන් පුතුන් ලැබේ.
- තරුණියන් සිහිනෙන් තම මුහුණ දැකීමෙන් පෙම්වතුන් ලැබේ.
- කැවිලි වර්ග සිහිනෙන් දැකීමෙන් ඉඩකඩම් , ගේ දොර ලාබ ඇතිවේ.
- කුකුලන් දැකීමෙන් සතුරු කරදර දුක් පීඩා , සොර බිය ඇතිවේ.
- කුණුමස් සිහිනෙන් දුටුවිට වෙළදාම හානි වේ.බිරිද විරුද්ධවේ.
- කිරිබත් කනුදුටු කල සුරූපී ස්ත්‍රියක සමග විවාහය සිදුවේ.
- කිරි හෝ මුදවාපු කිරි දැකීමෙන් ගෞරවය , නම්බුව , කීරිතිය හිමිවේ.ස්තුති ප්‍රසංසා ඇතිවේ.
- කිරි පට්ටියක් දුටුකල සැප සම්පත් හිමිවේ.
- කුළුදුල් වැස්සියකගෙන් කිරි දොවනවා දුටුකල සියලු රෝග පීඩා දුරුවී වාසනාවන්ත කාලයක් උදාවේ.
- සුදුපාට , මුතු කුඩ දැකීමෙන් සැප සම්පත් ආයුෂ බලය ලැබේ.
- තමාගේ කුඩය නැතිවෙනවා දැකීමෙන් ධන ලාබ හිමිවේ.
- පොත්පත් කියවනවා දුටුවේ නම් ධනවත් ස්ත්‍රියක සමග මිත්‍රවේ.වෙළදාමෙන් ජය ලැබේ.සැප ලබයි.
- කපුටන් දැකීමෙන් දියුණුව ඇතිවේ.කපුටන් හැඩීම , ඉගිලීම දැකීම අශුබය.
- කපුටන් කොටනවා දැකීමෙන් අලාබ , හිරිහැර , අගෞරවය ඇතිවේ.
- රූපවත් ස්ත්‍රියක් යම් බාජනයක යමක් දමාගෙන තම නිවසට පැමිණීම දුටුවේ නම් සියලු කරදර දුරුවී සැප සම්පත් උදාවේ.පවුලේ සමගිය ඇතිවේ.
- පැටවුන් සමග කිකිළියක දුටුවේ නම් අලංකාර ස්ත්‍රියක සමග විවාහය සිදුවේ.
- කිකිළියක හඩනවා දුටුවේ නම් දුක් කරදර ඇතිවේ.
- කිදුරන් දැකීමෙන් ධන ලාබ හිමිවේ.
- කෙත්වතු දැකීමෙන් තේජස , වස්තුව , සැප සතුට ඇතිවේ.
- කුහුඹුවන් දුටුවේ නම් කරගෙන ආ කටයුතු නවතී.රූගියෙකු නම් රෝගය දරුණුවේ.
- ශරීරයේ කූඩැල්ලන් ලේ උරා බොනවා දුටුවේ නම් සැප සම්පත් සතුට වස්තුව ලැබේ.
- කූඩුකර සිටින සත්වයෙකුට ආහාර දෙනවා දුටුවේ නම් දීර්ඝායුෂ , සතුට , ධන ලාබ හිමිවේ.
- කොටියෙකු සමග පොරබැද එම සතා හීලෑ වනවා දුටුවේ නම් ජයග්‍රහණය හිමිවේ.සියලු කටයුතු සාර්තකවේ.
- කොට්ට , දැකීමෙන් විශාල බලයක් ලැබේ.
- කොටළුවෙකු පිට හෝ දක්කාගෙන යනවා දුටුවේ නම් දුක් කරදර පීඩා ලෙඩ දුක් ඇතිවේ.
- සිහිනෙන් දත් වැටීම සිදුවූවේ නම් මිතුරෙකු අමනාප වේ.
- දත් කිහිපයක් ගැලවී වැටුනේ නම් ඤාතියේකුගේ මරණයක් සිදුවේ.
- යමෙකුගේ උඩු ඇන්දේ දත් වැටීම පියාටද , පිය පාර්ශවයටද අගුණදායකයි.
- යටි ඇන්දේ දත් වැටීම මව් පාර්ශවයට අගුණදායකයි.
- කටේ දත් අදුරු පැහැ වී තිබෙණු දැකීමෙන් සැප සම්පත් අහිමිවේ.
- දඩයමේ ගොස් හිස් අතින් එනවා සිහිනෙන් දුටුවිට බලාපොරොත්තු කඩවේ.
- දඩමස් දුටුකල කටයුතු ඉශ්ටවේ.
- තොරණක් දැකීමෙන් සතුට ධනය හිමිවේ.
- ත්‍යාග ලැබෙනවා ලැබීමෙන් ලගදීම මංගල්‍යක් සිද්ධවේ.
- ශරීරය පුරා දධ කුශ්ට ආදී රෝගයන් ඇතිවී තිබෙනවා දැකීමෙන් මහත් ජය වස්තුව හිමිවේ.
- තූර්‍ය වාදන භාණ්ඩ දැකීමෙන් රාජ්‍ය සෙවයට අවස්තාව ලැබේ.දුක් කරදර තුරන්වී , පුද්ගලික දියුණුව සැලසේ.
- තීන්ත දැකීමෙන් ධනය වස්තුව හිමිවේ.
- දේවාලයක් දැකීමෙන් දුක් දොම්නස් ඇතිවේ.
- දේව වාක්‍ය අසනවා දැකීමෙන් ධනය සතුට උදාවේ.
- දොඩම් දැකීමෙන් ධන ලාබ , ප්‍රිතිය ඇතිවේ.
- දොඩම් ගසකින් වැටීම හෝ දොඩම් අනුබව කරනවා දැකීමෙන් දුක කණගාටුව ඇතිවේ.
- කරල් බරවූ කුඹුරු දැකීමෙන් ප්‍රිය භාර්‍යාවක් ලැබේ.වස්තුව ලැබේ.
- වී සහල් දැකීමෙන් ධන ලාබ හිමිවේ.
- නග්න ස්ත්‍රියක් දැකීමෙන් ලෙඩ දුක් කරදරයන්ට හේතුවේ.
- අලංකාර නගරයකට යනවා දැකීමෙන් ශුභ ආරංචි ලැබේ.
- නළුවෙකු දැකීමෙන් වස්තුව කීර්තිය ලැබේ.
- නයෙකු පෙනය පුප්පනවා දැකීමෙන් ධනය බලය කීර්තිය , පුත්‍රලාබ සමග පිරිවර ලැබේ.
- නයෙකු මරණවා දුටුවේ නම් හදිසි අසනීප විපත් ඇතිකරයි.
- නාඩගම් දැකීමෙන් උපන්බිම හැරයාමට සිදුවන දුක් කරදර පීඩා ගෙනදේ.
- තම නාභියේ මලක් පිපෙනවා දැකීමෙන් රාජ අමාත්‍යවරුන්ගෙන් තනතුරු වර්ප්‍රසාධ හිමිවේ.
- නාබියෙන් ජලය ගලා යනවා දුටුවේ නම් ලොක ප්‍රසිද්ධවේ.ගෞරව බුහුමන් ලැබේ.රාජ්‍යත්වයට පත්වේ.
- ගසකට හෝ පර්වතයකට නගිනවා දුටුවේ නම් සම්පත් ලැබේ.
- උත්සව අවස්තාවක නර්ථනයේ යෙදෙනවා දුටුවේ නම් වස්තුව ලැබීමට හේතුවේ.
- මුහුද මැදදී නැවක ගිලීම සිදුවනවා දුටුවේ නම් ඉක්මනින් මරණය තමාකරා පැමිනේ.
- තමා නැවකට නගිනවා දුටුවේ නම් ධන ලාබ ලැබේ.
- පිරිසිදු ජලය ස්නානය කරනවා දුටුවේ නම් ප්‍රසිද්ධියත් සතුට සම්පතත් උදාවේ.
- තද නින්දක සිටිනවා දැකීමෙන් දුක් කරදර සිදුවේ.
- දේවාලයක නිදා සිටිනවා දැකීමෙන් මරණයට හේතුවේ.
- සිහිනෙන් නිධානයක් දුටුවේ නම් අන් සතු වස්තුව හිමිවේ.
- පිරිසිදු ගලායන ජලය දුටුවේ නම් සතුට ධනය , ජය හිමිවේ.
- සිහිනෙන් නියපොතු දැකීමෙන් මරණය සිදුවේ.
- නෙළුම් මල් දැකීමෙන් පොහොසත්වේ.
- පක්ෂීන් පියාඹණවා දැකීමෙන් සියලු සම්පත් විනාසවී යයි.
- පක්ෂීන් දැලකින් වැසීම සිදුකරනවා දැකීමෙන් සම්පත් ලැබේ.
මතුසම්බන්ධයි ...
අන්තර්ජාලය ඇසුරෙන් සහ ඩී . ඇම් නිලන්ත කුමාර ධනසේකර මහතා විසින් රචිත සිහින කියන රහස් කෘතිය ඇසුරෙනි.