සර්වාංග රෝග වලට දක්‌ෂ මල්වානේ වල්ගම වෙද පරපුර

රහස්‌ තැනෙක හටගත් ඇතැම් ගෙඩියක්‌ වෙනත් තැනකට ගෙනැවිත් පහසුවෙන් සුවසෙත් අත්කළ හැකි සර්වාංග වෙදකමටත්. ගෙඩි වණ වෙදකමටත්, එක්‌වන් හුරුවක්‌ පුරුද්දක්‌ දක්‌වන තෙල් බෙහෙත් මැනවින් නිපැයීම් පිළිබඳ පතල යසසක්‌ ඇති පාරම්පරික සිංහල වෙද මහතකු මේ යෑයි හිරියක්‌ කිතියක්‌ නැතිව ඇඟිල්ල දිගු කර පෙන්විය හැකි ජීවකයෙක්‌ කොළඹ නගරයේ සිටී."

"පනස්‌පස්‌ වසක්‌ තිස්‌සේ වෙද හෙදකම් කොට හොඳ පළපුරුද්දක්‌ ඇති මේ වෙදැදුරු අත ගැසූ අසාධ්‍ය රෝගීන් පවා ගොඩ ආවේ අත් ගුණයත් බෙහෙත් ගුණ පණත් මැනවින් පළ කරවමිනි."

වෛද්‍ය අමරසිරි පොන්නම්පෙරුම මහතාගේ "අපේ ජීවක වතගොත" නමැති කෘතියෙහි ඇතුළත් ඉහත කී වෙදැදුරු අන් කවරෙක්‌ නොව ශ්‍රී ලංකා වෛද්‍ය මහා මණ්‌ඩලයේ හිටපු භාණ්‌ඩාගාරික වෛද්‍ය ශිරෝමා, පී. කේ. ඩී. පවුලිස්‌ අප්පුහාමි නොහොත් පනාපිටිය කංකානමලාගේ දොන් පවුලිස්‌ අප්පුහාමි ය.

අතීතයේ රජ දවස සිට නැවත එන සියනෑ කෝරළේ මාතර කැන්දලියද්ද පාරේ විසූ කපුරු බණ්‌ඩාර ආරච්චිගේ දොන් කරෝලිස්‌ ජයසේකර වෙදැදුරුගෙන් මෑත යුගයේ ඇරඹි මෙම වෙද පරම්පරාව ළය රෝග මෙන්ම ගෙඩි, වණ වෙදකමට ඉසිවරයෝ වූහ. ඔහුගෙන් පසු විමල බුද්ධි කීර්තිධාරි පනාපිටියකංකානමලාගේ දොන්a යොහානිස්‌ වෙදැදුරු පෙරමුණ ගනිමින් හෙළ වෙදකමට දැක්‌වූ කාර්ය භාරය සුවිශේෂී විය. ඉන් අනතුරුව මෙම ගෙඩි වණ වෙදකමට සෘජු සබඳතාවක්‌ ඇති කරගත්තේ ඉහත කී පනාපිටිය කංකානමලාගේ දොන් පවුලිස්‌ අප්පුහාමි ය. ඒ මල්වානේ වල්ගම මධුරප්aපෙරුමආරච්චිගේ දොන් පොරෝලිස්‌ වෙද මහතාගේ ඇවෑමෙන් එතුමාගේ පුත් වටුපේපෙරුම දොන් සරනේලිස්‌ වෙද මුහන්දිරම් විය. 

පවුලිස්‌ වෙදැදුරු ගෙඩි වණ වෙදකමට විශේෂ බවක්‌ දැක්‌වුවත් සර්වාංග රෝග පිළිබඳව ද හසල දැනුමක්‌ ලබා තිබිණි. ඔහු දෙමටගොඩ කොළොන්නාව පාරේ ශ්‍රී විජය ඖෂධයාලාධිපතිව එවකට සිටි ඕ. ටී. නානායක්‌කාර නම් සර්වාංග වෙද මහතා යටතේ හැදෙමින් සර්වාංග දැනුමෙන් පෝෂණය වූ අතර ඔහුගේ ඥති පුතකු වූ ඩී. ඇම්. නානායක්‌කාර මහතා සමක සමකාලීනව වෙදකමට පිවිස තමන්ගේම පරම්පරාවට ආවේණික වූ තෙල් බෙහෙත් වර්ග සියකින්ම නිපදවා ගත් පවුලිස්‌ වෙදැදුරුගෙන් ප්‍රතිකර ගත් කිසිම රෝගියකුට වැරදුනේ නැත.

මල්වානේ වල්ගම ගෙඩි වණ වෙදකම එතැනින් නිම වන්නට මේ වෙදැදුරු කිසි විටෙක ඉඩ නොදුන්නේය. තම පරපුර ඉදිරියට ගෙන යැමට සුදුසුම පුද්ගලයා කවුද යන්න කාලයක්‌ තිස්‌සේ විපරමින් සිටි වෙදැදුරුට තම දියණියගේ පුතකු වන රුවන් සාගර ජයතුංග දහනායක සිහියට නැංවිණි.

ළමා වියේ සිට තම සීයා වන පවුලිස්‌ වෙදැදුරුගේ සෙවනැල්ල මෙන් සිටිමින් වෙදකමට සහාය වූවෝ බෙහෝ වුවත් පෙරමුණ ගත්තේ රුවන් සාගර මුණුබුරු ය. සීයාත් මේ හුරුබුහුටි මුණුබුරාගේ කියුම් කෙරුම් ඉහළින් අගය කරමින් තව තවත් ඔහු සමීප කර ගත්තේය.

"මයෙ පුතා සැබෑ දක්‍ෂයෙක්‌ නොවැ.

තම උදව්වට පැමිණි මුණුබුරාට වරෙක සීයා කීවේ හදවතින් නැගෙන පීS්‍රතියත් සමගය.

සීයාගේ වර්ණනාව රුවන් සාගර ඉතා ප්‍රිය කළේය. ඒ නිසාම සීයා තෙල් බෙහෙත් සිඳින්නේ කොතැනද, කසාය හදන්aනේ කොතැන ද රෝගීන් පරීක්‍ෂා කරන්නේ කොතැනද මුණුපුරා එතනය.

මේ චර්යාව සැබෑ හෙළ වෙදැදුරුවරයකු විමේ ගති ලක්‍ෂණ කියා පෑ හෙයින් පවුලිස්‌ වෙදැදුරු මුණුපුරා කෙරෙහි තබාගත් විශ්වාසය වර්තමානය වන විට ඉතා සාර්ථක මල්පළ ගැන්වී හමාරය.

කැටවලමුල්ලේ පනාපිටිය කන්කානමලාගේ දොන් පේමසිරි වෙදැදුරු තම පියා වන දොන් පවුලිස්‌ අප්පුහාමි වෙදැදුරුගේ ගෞරවය හා පරපුර සුරක්‍ෂිත කිරීමට අපමණ කැපවීමකින් ක්‍රියා කළ තවත් වෙදැදුරෙකි. ඔහු තම පරම්පරාව නොනැසී පවත්වා ගෙන යැමට තුන්කල් බලා ක්‍රියා කිරීමට වෙහෙස ගත්තේය.

රුවන් සාගර දහනායක නමැති වෙදැදුරු බිහිවන්නේ මෙහි ප්‍රතිඵලයක්‌ වශයෙනි. මල්වානේ වල්ගම වෙද පරම්පරාවේ නව පරපුරේ වෙදැදුරුවරයකු වන ඔහුගෙන් හෙළ වෙදකමට සැපයෙන දායකත්වය අති මහත් ය.

"රුවන් පුතා මේ සීයගෙ වෙද පොතේ ටික ඔයා ළඟ තියාගන්න."

"ප්‍රේමසිරි වෙදැදුරු වරක්‌ තම බෑණනුවන්ගෙන් ඉල්ලීමක්‌ කළේය."

"මේව වටින්නේ මට වඩා මාමටයි."

"අලුත් සිතුම් පැතුම් තියෙන පුතාල වගේ අයට මේ වෙද පොත් ටික අපට වඩා ප්‍රයෝජනවත් වේය කියලයි මම හිතන්නේ."

"ඔව් පුතා මාම කියන දේ ඇත්ත අප්පච්චිගෙ වෙද පොත් ටික වෙද මහත්තය ආරක්‍ෂා කළේ සිය පණටත් වඩා වැඩි ආදරේකින්. මේවා රැක ගැනීමේ වගකීම ඔබට හැර වෙන කෙනකුට ඕනෑකමින් කරන්න පුළුවන් යෑයි කියල අපට හිතන්න අමාරුයි. ඒක නිසා රුවන් පුතා මේව අරගෙන යන්න. ඒ නැන්දා එස්‌. ඉලංගන්තිලක වෙද නෝනාය. එතුමිය පාරම්පරික වෙදකමට උරුමකම් කියන්නයික්‌ නිසා පරම්පරාහි වැදගත්කම හා වගකීම මැනවින් තේරුම් අරන් තිබුණි.

තම මාමාගේ සහ නැන්දනියගේ ඔවදන් රුවන් සාගරගේ හිතෙහි තදින් එල්බ ගත්තේය. ඒ වනවිටත් ඔහු සීයාගේ ඇසුරින් වෙදකම තරමක්‌ දුරට දැන සිටියත් තොරතුරු තාක්‍ෂණයේ ඉහළට ගිය ඔහුට හෙළ වෙදකට ප්‍රවිෂ්ඨ වීමට තරම් කාල වේලාවක්‌ නොවීය.

තත්ත්වය එසේ වුවත් මාමා සහ නැන්දා දිගින් දිගටම කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප නොකළ සාගර වෙදකමට අවතීර්ණ වූයේ අලුයම හෙළුE කෙළ පිඬක්‌ මෙන් තම වෘත්තීය පසෙකට තල්ලු කර දමමින්ය.

ගෙඩි වන වෙදකමට මෙන්ම සර්වාංග රෝගවලට ඉසිවරයකු බඳු මේ පාරම්පරික හෙළ වෙදැදුරුවරයකු වන රුවන් සාගර දහනායක හමුවීමට මම පසුගිය දිනක ගියේ බොහෝ රෝගීන්ට කිසියම් පණිවුඩයක්‌ සැපයීමටය. තම පරම්පරාවෙන් පැවත එන රහස්‌ වට්‌ටෝරුවලින් තනාගත් ඖෂධ සංයෝගයෙන් ප්‍රතිකාර කරන ඔහු හමුවීමට මට එතරම් පහසු වූයේ නැත. ඒ වනවිටත් පැමිණ සිටි රෝගීහු ප්‍රතිකාර සඳහා පෙළ ගැසී සිටියහ.

මේ අතර වාරයේ වෙදැදුරුගේ සැබෑ තත්ත්වය වටහා ගැනීමට මම මහත් ඕනෑකමින් රෝගියකු හා කතාවට අවතීර්ණ වී ඔබ පැමිණියේ කුමන රෝගයකට ප්‍රතිකාර ගැනීමට දැයි විමසුවෙමි.

මල්වානේ වල්ගම වෙද පරපුර ගෙඩි හා වන වෙදකමට නම් දැරුවත් සර්වාංග රෝග වලට ඉසිවර බවක්‌ ඉසිලීය. එහි වත්මන් පුරුකක්‌ වූ රුවන්සාගර දහනායක වෙදදුරු ඊට දක්‌වන කුසලතාව මැනවින් මා තහවුරු කරගත්තේ අපේ හිතවත් කිහිප දෙනකු ඔහුගෙන් ප්‍රතිකාර ගැනීමට යොමු වීමෙන් පසුවය.

මීට අමතරව මමද ඔහුගෙන් ප්‍රතිකාර ගත්තේ දකුණු අතේ සහ පාදයේ ඇතිවූ දැඩි වේදනාවක්‌ ඉවසාගත නොහැකිවය. මේ තත්ත්වය දැනගත් බොහෝ අය අනතුරු අඟවමින් වහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙස මට උපදෙස්‌ දුන්නේ සැබෑ හිතවත්කම මුල්කරගෙනය.

බොහෝ අයගේ ඉල්ලීම මත වෛද්‍යවරයකු හමුවූ මම එක අංශයකට පමණක්‌ වේදනාව හටගන්නේ කුමන හේතුවක්‌ නිසාදැයි විමසූ විට වෛද්‍යවරයා කිසියම් රෝගී තත්ත්වයක්‌ පවසමින් සතියකට ඖෂධ නියම කළේය. එහෙත් බෙහෙත් පාවිච්චියේ දී පමණක්‌ මෙම තත්ත්වය සමනය උනත් නැවත නැවත එම වේදනාව දැනෙන්නට විය.

සිතටත් ගතටත් දැනුන මෙම වේදනාකාරි ස්‌වභාවයෙන් පීඩාවට පත් මා රුවන් සාගර වෙදදුරුට මේ බව කීවේ ඔහුගෙන්වත් මෙයට ප්‍රතිකාරයක්‌ අපේක්‍ෂා කර ගෙනය.

විනාඩි විස්‌සක්‌ පමණ පරීක්‍ෂාවට ලක්‌කළ මා කිසි දෙයකට බියවිය යුතු නැතැයි කියමින් සතියකට පමණ ඔහු මට ඖෂධ නිකුත් කළේ අනිවාර්යයෙන්ම මෙය පාවිච්චි කළ යුතුමය යන උපදේශයක්‌ සමඟිනි.

කොපමණ උපදෙස්‌ දුන්නත් අපගේ තිබෙන කාර්ය බහුලත්වයත් සමඟ වෙදදුරුගේ ප්‍රතිකාරය නිවැරදිව කරගැනීමට නොහැකි වූවත් ලද හැමවිටම ඒ ගැන සැලකිලිමත් වෙමින් ඔහු දුන් බෙහෙත් සියල්ල අවසන් කළෙමි.

මේ ප්‍රතිකාරය සති දෙකකට වඩා ගත වූයේ නැත. දිනපතා වේදනා නාශකයක්‌ පාවිච්චි කළ මට රුවන් සාගර වෙදදරුගේ ප්‍රතිකාරයෙන් පසු දැනුනු අතපය වේදනාවට කුමක්‌ වූවාදැයි මටම සිතාගත නොහැකි විය.

මේ සිදුවීමත් සමඟ හෙළ වෙදකම කෙරෙහි දැඩි විශ්වාසයක්‌ තැබූ මා බොහෝ රෝගීන් රුවන් සාගර වෙදදුරුගෙන් ප්‍රතිකාර ගැනීමට යොමුකළේ එම විශ්වාසය තවත් තහවුරු කර ගන්නටය.

පසුගිය දිනෙක මා හිතවත් මිත්‍රයකු මෙම වෙදදුරු වෙත යොමු කළේ මෙවැනිම උත්සන්න වූ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීමටය. කැමරා ශිල්පියකු වන ඔහුගේ දකුණු අත සහ ඇඟිලි දරුණු ලෙස ක්‍රියාවිරහිතවී තිබුණේ තම වෘත්තීය පවා කර ගැනීමට අපහසුවක්‌ ඇති කරමිනි.

බටහිර වෛද්‍ය විද්‍යාවෙන් දස්‌කම්පාන විශේෂඥ වෛද්‍යවරු කිහිපදෙනකුගෙන්ම ඔහු මෙම රෝගයට ප්‍රතිකාර ගෙන තිබිණි. එහෙත් ලැබුණු සුවයක්‌ නම් නැතැයි ඔහු මා සමඟ පවසමින් මේ නිසා සිය දෛනික කටයුතු සියල්ල අඩාල වී ඇතැයිද කීවේය.

රුවන් සාගර වෙදදුරු මගේ මිත්‍රයා පරීක්‍ෂා කරමින් සියලු වෛද්‍ය වාර්තා නිරීක්‍ෂණය කළේය. එහෙත් බටහිර වෛද්‍යවරු සඳහන් කර තිබූ රෝග වලට වඩා තම පාරම්පරික හෙළ වෙදකමට අනුව කිසියම් විනිශ්චයකට පැමිණ ප්‍රතිකාර ඇරඹුවේය.

මට මෙන් ඔහුටද සති කිහිපයකට වඩා ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය වූයේ නැත. ඒ වනවිට දැඩි වේදනාවක්‌ දෙමින් ක්‍රියා විරහිතව තිබූ ඔහුගේ අත ඔහුටත් නොදැනෙන්නට සුවවී තිබුණේ පාරම්පරික හෙළ වෙදකමේ ආනුභාව ප්‍රත්‍යක්‍ෂ කරමිනි.

රුවන් සාගර දහනායක වෙදදුරු ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසු උසස්‌ අධ්‍යාපනය හැදැරුවේ කොළඹ නාලන්දා විද්‍යාලයෙනි. ඉන් අනතුරුව තොරතුරු තාක්‍ෂණය පිළිබඳ උපාධියක්‌ ලබා ගනිමින් පෞද්ගලික ආයතනයක කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කළේය.

සැළසුම් ශිල්පියකු ලෙස ඔහුගේ පියා සේවය කරද්දී මැණියෝ ගුරුවෘත්තියේ නියලුනාහ. එහෙත් සිය දෙමාපියන්ගේ වෘත්තිය මාවත්වලින් බැහැර වූ ඔහු තම පියාගේ අඩි පාරේ යමින් පාරම්පරික වෙදකමට අවතීර්ණ වූයේ පෙර පුරුද්ද හා දැක පුරුද්ද මුල්කරගෙනය.

පාරම්පරික සිරිත් විරිත්වලට මෙන්ම පරණ දෙයට දැඩි ඇල්මක්‌ දැක්‌වූ ඔහු වෙදකමට අවතීර්ණ වන විට බොහෝ දේ අධ්‍යයනය කර තිබිණි. එනිසාම වෙදකම ග්‍රහණය කර ගැනීමට ඔහුට එතරම් අපහසුවක්‌ තිබුණේ නැත.

තම සීයා වන පවුලිස්‌ වෙදදුරුගේ අනුදැනුමෙන් වෙදකමට අත්පොත් තැබුවත් පාසල් අධ්‍යාපනය සමඟ සියල්ල තාවකාලිකව යටපත්වෙමින් තිබිණි. එහෙත් පසු කලෙක එවකට ශ්‍රී ලංකා වෛද්‍ය මහා මණ්‌ඩලයේ සභාපති වූ වෛද්‍ය විශාරද ඩබ්ලිව්. අයි. ප්‍රනාන්දු මහතාගේ පුත් වත්මන් සභාපති එම්. ආර්. වත්තගේ වෙදදුරුගේ ඇසුර ලබන්නට තරම් රුවන් සාගර පුන්‍යවන්ත විය.

වත්තගේ වෙදදුරුගේ දැඩි සෙනෙහස මැද්දේ වෙදකම හැදෑරූ රුවන් සාගර ශතක පොත්වලින් පටන්ගෙන මාධවය සාරාසංක්‍ෂේපය, චරතසංහිතාව වැනි වෙද පොත් හදාරා වනපොත් කළ යුතු තැන් වන පොත් දී සියලු කුදු මහත් කටයුතු සඳහා උරදුන්නේ යුතුකම් හා වගකීම නොපිරිහෙලා ඉටුවිය යුතු යෑයි සලකාගෙනය.

සර්වාංග රෝගවලට ප්‍රතිකාර කරනවැ යෑයි කියන ඇතැම් වෙදදුරුවරු කිසියම් රෝගයකට කිහිපයකට විශේෂ බවක්‌ ඉසිළුවත් සියලු රෝග වලට කරන ප්‍රතිකාරය සාර්ථකත්වයෙන් හෝ පරිපූර්ණ දැයි අප නොදනිමු. එහෙත් රුවන් සාගර වෙදදුරු බොහෝ රෝගවලට කරන ප්‍රතිකාර වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සාර්ථකත්වයක්‌ තියෙනවා යෑයි අපට ප්‍රකාශ කළ හැක්‌කේ බොහෝ රෝගීන් හා කළ සාකච්ඡා අයුරිනි.

පසුගිය දිනෙක මේ වෙදදුරු යළිත් වරක්‌ මුණගැසුන මා සාකච්ඡාවකට පිවිසෙමින් බොහෝ රෝගීන්ගේ නිගමනය ඔබගේ ප්‍රතිකාර තුළින් සෑහෙන්න ගුණයක්‌ තියෙනවා කියලා. මමත් ඒක උපරිමයෙන් පිලිගන්නවා. මොකද මගේ රෝගී තත්ත්වයත් මුළුමනින්ම සුවවී ඇති නිසා. මේ ගැන වැඩි යමක්‌ අපි කතා කළොත් තවත් බොහෝ රෝගීන්ට දැනගැනීම සඳහා ප්‍රයෝජනවත්වේ යෑයි කීවෙමි. සුහද පිළිසඳරකින් පසු මම වෙදදුරුට කීවෙමි.

රෝගීන් එහෙම කියනවා නම් ඒක නිවැරදි බව ඔබත් දන්වා ඇති

මම ඔබ හමුවීමට පෙර රෝගින් කිහිපදෙනෙක්‌ එක්‌ක කතා කළා. ඒ හැමෝගෙම රෝග එකින් එකට වෙනස්‌. නමුත් ඔබේ පරම්පරා විශේෂ බවක්‌ දක්‌වන්නෙ ගෙඩි හා වණ වෙදකමට එනකොට කොහොමද ඒ වගේ විශේෂත්වයක්‌ දක්‌වන ඔබ සර්වාංග රෝගවලට ප්‍රතිකාර කරන්නෙ.

එක රෝගයකට හෝ කිහිපයකට ප්‍රතිකාර කරනවාට වඩා සර්වාංග රෝගවලට ප්‍රතිකාර කිරීම හෙළ වෙදකමේදී එතරම් සුළුකොට තැකිය හැක්‌කක්‌ නොවේ. ඒ සඳහා මනාදැනුමක්‌ අත්දැකීමක්‌ හා ඉහළ කැපකිරීමක්‌ අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. මේ කාර්යයේදී ඇතැම් වෙද පරම්පරා දක්‌වන කුසලතාව මැනවින් වටහාගත හැක්‌කේ ඔවුන් සොයා එන රෝගීන්ගේ ප්‍රමාණය කෙරෙහි අවධානය යොමුකිරීමෙන් පසුවය.

එමෙන්ම අද දවස වන විට බෝවන රෝගවලට වඩා බෝ නොවන රෝග සමාජගත වීම බහුලව දක්‌නට ඇතත් ඊට නිසි ප්‍රතිකාරයක්‌ සැලසීමට හෙළ වෙදකම පුරෝගාමීව කටයුතු කිරීම පැසසිය යුතු කරුණකි.

මෙහිදී අප වඩාත් සැලකිල්ලට ගතයුත්තේ දියවැඩියාව හෘද රෝග, පිළිකා මෙන්ම වකුගඩු රෝග සඳහා හෙළ වෙදකමෙන් ලැබෙන සහනය වෙනත් ප්‍රතිකාරයකින් ලැබෙනවාද යන්නය.

පසුගිය දිනෙක මගේ හොඳම මිත්‍රයකුට දියවැඩියාව වැළදී එය උපරිමයට ගොස්‌ තිබිණි. මේ රෝගය නිසාම ඔහුගේ දෛනික කටයුතු සියල්ල අතපසු කරමින් තම රෝගයට වෛද්‍ය ප්‍රතිකාර ගත්තේය. ව්‍යාපාරිකයකු වූ එම මිත්‍රයා රටේ ඉහළම නමක්‌ දිනාගත් වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබා ගත්තත් ඒ සියල්ල සීමාවී තිබුණේ පැය දොළහකට පමණි. නැවතත් එම පැය ගණන ඉකුත්වීමෙන් පසු එම ඖෂධයම පාවිච්චිකළ යුතු අතර මෙය දිනකට සතියකට මාසයකට පමණක්‌ නොව මුළු ජීවිතකාලයට පාවිච්චි කළයුතු යෑයි උපදෙස්‌ ලැබිණි.

පසුගිය දිනෙක ඔහු දුරකථනයෙන් මා අමතමින් මේ තත්ත්වයට දේශීය වෙදකමෙන් ප්‍රතිකාරයක්‌ ලබාගත්තොත් සුව වන්නේ දැයි ඇසුවේ හෙළ වෙදදුරුවරුන් ගැන මගේ දැඩි අවධානයක්‌ තිබෙන බව ඔහු දන්නා හෙයිනි.

"සුව වනවාදැයි නොවනවාදැයි දැනගත හැක්‌කේ ඊට වෙදදුරුවරයකුගෙන් ප්‍රතිකාර ගැනීමෙන් පසුව යෑයි කියමින් මම ඔහුව රුවන් සාගර වෙදදුරු වෙත යොමු කළෙමි.

සති කිහිපයකට වඩා ඔහුට ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය වූයේ නැත. මධුමේහ රෝගයෙන් පීඩා වින්ද ඔහුට සුවය ලැබී තිබුණේ ශාරීරික වශයෙන් තිබූ සියලු බාධා දුරු කරමිනි.

මේ ප්‍රවෘත්තියත් සමඟ රුවන් සාගර වෙදදුරු මුණගැසෙමින් දියවැඩියාව යෑයි කියන්නේ කුමන රෝගී තත්ත්වයකට දැයි මම ඇසුවේ තවත් බොහෝ රෝගීන්ගේ සුවසෙත ප්‍රාර්ථනා කරමිනි.

ඇත්තෙන්ම දියවැඩියාව කියන්නේ යම් රෝගී තත්ත්වයක්‌ යටතේ වැඩියෙන් හෝ වරින් වර අපිරිසිදු වූ මූත්‍ර නිතර නිතර පිටකිරීමයි. මේ තත්ත්වය බොහෝදුරට මධුමේහ තත්ත්වයටත් වෙන්න පුළුවනි.

මධුමේහය කියල කියන්නෙ මුත්‍රා සමඟ සීනි පදාර්ථ පිටකිරීම නේ. මෙතෙනදී රුධිරයේ ඇති සීනි ප්‍රමාණය ඉහළ යැමක්‌ද නැතහොත් අඩුවීමක්‌ද සිදුවෙන්න පුළුවන්. මේ වගේ තත්ත්වයන් ආයුර්වේදයේදී හඳුන්වන්නෙ ප්‍රමේහ රෝග කියලා. මේ ප්‍රමේහ රෝග ගණනින් නම් 20 ක්‌ පමණ තියෙනවා. මේවා අතර සෙම මූලික වූ රෝග 10 කුත් පිත ප්‍රධාන වූ රෝග 6 කුත් වාතජ ප්‍රමේහ රෝග 4 කුත් පෙන්වා දී තිබෙනවා.

මේ මධුමේහය කියන්නේ වාතජ රෝග අතරින් එකක්‌. එය සුවකිරීමට ඉතාමත් අපහසු රෝග තත්ත්වයක්‌. නමුත් දියවැඩියාව කියන්නේ සෙම මූලික වූ රෝග 10 න් එකක්‌. මෙම ප්‍රමේහ රෝග නිසි ඕජස්‌ ධාතුව ක්‍ෂය වීමක්‌ වෙනවා.

මෙතෙනදී අපි වඩාත් සැලකිලි වෙන්න ඕන තත්ත්වයක්‌ තමයි මධුමේහය සහ දියවැඩියාව කියන්නෙ එකම රෝගී තත්ත්වයක්‌ නොවේය කියන එක.

"ඔය කියන ප්‍රමේහ රෝග හැදෙන්න පෙර පහලවන පෙර ලක්‍ෂණ ගැන පැහැදිලි කළොත්"

"රෝගියෙක්‌ වෙනවාට වඩා නිරෝගි පුද්ගලයෙක්‌ වීම කොතරම් භාග්‍යයක්‌ද? අද අපට වෙලා තියෙන්නෙ තමන්ට රෝගයක්‌ තියනවාය කියල කියන්න තියන බය. මේක මානසික ප්‍රශ්නයක්‌. මොකද සමාජය තමා රෝගියකු බව දැනගැනීමට තියන අකමැත්ත. මේ තත්ත්වය නිසාම ගොඩක්‌ අය කිසිම වෛද්‍ය පරීක්‍ෂණයකට ඉදිරිපත් වෙන්නෙ නැතිව ඉඳල ඉතාමත් කනගාටුදායක තත්ත්වයකට මුහුණ දෙනවා.

මෙවැනි තත්ත්වයකදී දත්, දිව, කන්, ඇස්‌, නහය ආදියේ මළ වැඩි බව හා අතුල් පතුල් දැවිල්ලත් පිපාසයද නිතර නිදමත ගතිය ඇතිවීමත් පූර්ව මුලික ලක්‍ෂණ හැටියට පෙන්වා දෙන්න පුළුවන්.

ඊට අමතරව තෙහෙට්‌ටුව අප්‍රාණික බව නිතර බඩගිනි දැනීම ශරීරය කෙට්‌ටුවීම දෙපාවල කෙණ්‌ඩා පෙරළීම දහදිය දැමීම වැනි ලක්‍ෂණවලින් හඳුනාගන්න පුළුවනි.

ඔබ කියන ඔය ප්‍රමේහ රෝග සාමාන්‍යයෙන් මිනිස්‌සුන්ට හැදෙන්නෙ කොහොමද කියල කිව්වොත්?

නිතර ආසන මත සිටීමෙන් ලබන සුවයද නිතර නිදාගැනීමෙන් ලබන සුවයද නිතර කිරි කෑමෙන්, මස්‌ මාළු අනුභවයෙන් අලුත් ධාන්‍ය වර්ග අනුභවයෙන් වගේම සියලු සෙම් උපදවන ආහාර වැඩි වැඩියෙන් ගැනීම මේ තත්ත්වය උදාවීමට හේතුවක්‌ වෙනවා.

මේවට අමතරව තමුන්ගෙ මානසික ආතතිය නිසා විකෘති වන ශරීර සෞඛ්‍ය තත්ත්ව යටතේ සහ වෙනත් රෝග උපද්‍රව නිසා.

මධුමේහ රෝගී තත්ත්වයේදී රුධිරයේ සීනි සාන්ද්‍රණය වැඩිවෙන්නෙ කොහොමද?

අපි අතරේ වැඩිපුර දකින්න ලැබෙන්නෙ මධුමේහ රෝගීන්. ඒ තත්ත්වය උදාවෙන්නේ අපි ගන්න ආහාර නිසිලෙස ආහාර ජීර්ණ පද්ධතිය තු=ළ නොපැසවීම සහ දූෂිත වූ ආහාර රසය නිසා රුධිරය දූෂණ වීම.

මෙහෙම දූෂිත රක්‌තය මුත්‍රා පද්ධතිය කරා ගිහිල්ල වකුගඩු හා මුත්‍රාශය කරා පැමිණ ඒවාද දූෂණය වෙනවා. වගේම අග්න්‍යාසයේ දුර්වලතාවයන් නිසා එමගින් නිකුත් වන අග්න්‍යාසික ශ්‍රාවයන් නිසිලෙස රුධිරයට එකතු නොවීමෙන් නිසි ලෙස සෛලවල තැන්පත්වීමේ ක්‍රියාකාරීත්වයට සම්බන්ධ නොවී රුධිරය නිදැල්ලේ සැරිසරමින් රුධිරගත සීනි ප්‍රමාණය වැඩිකරනවා. ඊට අමතරව අනෙකුත් ආම්ලික කොටස්‌ද වැඩි කරනවා.

ඔය කියන දියවැඩියාව හෝ මධුමේහ තත්ත්වයට ඔබ පරම්පරාවේ ස්‌ථිර ප්‍රතිකාරයක්‌ තියනවනම් ඒ ගැන පැහැදිලි කළොත්.

මේක අති දුෂ්කර වූ කාර්යයක්‌. ඔය කියන රුධිරගත සීනි සාන්ද්‍රණය පාලනය කිරීමට ඉවහල්වන අග්න්‍යාසික ශ්‍රාවයක්‌ වන ඉන්සියුලින් බාහිරව කෘත්‍රිමව ශරීරගත කරන රෝගීන් හැර අන් අයගේ එම අග්න්‍යාසයේ විකෘතිභාවය යළි ප්‍රකෘති තත්ත්වයට ගෙන ඒමට අපේ පරම්පරාවේ හඳුනාගත් ඖෂධ කිහිපයක්‌ තිබෙනවා. ඒක දැනට ගොඩක්‌ රෝගීන්ට ප්‍රමාණවත් සුවයක්‌ ලබාදීල තියෙනවා.

මෙතෙන්දී අපි පැහැදිලිව කියන්න ඕන කාරණයක්‌ තමයි අපේ ප්‍රතිකාරයන්හිදී අප කරන්නෙ රුධිරගත සීනි ප්‍රමාණය අඩුකිරීම නොවෙයි ඉන්සියුලින් සාන්ද්‍රණය ප්‍රකෘතිමත් කිරීමක්‌.

මේක ටිකක්‌ දුෂ්කර කාර්යයක්‌. ඒකට ආහාර හා විහරණයන්ගේ පාලනයත් අතිශයින්ම වැදගත්.

මේකෙන් කියන්නෙ රුධිරයේ සීනි තත්ත්වය අඩුකරනවාට වඩා අග්න්‍යාසයේ ඉන්සියුලින් තත්ත්වය වර්ධන කිරීමක්‌දැයි එම අවසාන වශයෙන් ඇසීමි.

පැහැදිලිවම ඔව්. එහෙම නොවනවානම් අපි මෙච්චර මහන්සියෙන් රෝගියකුට ප්‍රතිකාර කරන්නෙ නැහැ. සීනි පාලනයට පෙත්තක්‌ බොන්න කියල හිත හදාගන්නවා.

සාමාන්‍යයෙන් ඔය අපි කියන දියවැඩියාවෙන් හා මධුමේහයෙන් ඇතිවන වෙනත් උපද්‍රව ගැනත් කිව්වොත්

ගොඩක්‌ උපද්‍රව තියෙනවා. ඒවා අතර ප්‍රමේහ පඨිකා, ධාතු ක්‍ෂයවීම, ස්‌නායු ආබාධ ලිංගික බෙලහීනතා, අක්‍ෂි රෝග, පාදවල හිරිය පාදවල ක්‍රියා හීනතා, පීනස ආදි ගොඩක්‌ රෝග තියෙන්න පුළුවන්.

රුවන් සාගර වෙදදුරු එක රෝගයකට හෝ රෝග කිහිපයකට පමණක්‌ ප්‍රතිකාර ලබාදීමට සීමාවන්නේ නැත. මිනිස්‌ සිරුරට වැළඳෙන බොහෝ රෝගවලට ප්‍රතිකාර කරන ඔහුගේ ප්‍රතිකාර වැරදුනු දිනයක්‌ නම් නොවීය.

මෙම රෝගවලට අමතරව වාත රෝග බාල රෝග සන්ධිගත රෝග, ප්‍රමේහ රෝග, රක්‌ත රෝග, කාන්තා රෝග මුත්‍රා රෝග, ගෙඩි වණ, සෙම් රෝග, චර්ම රෝග ශීර්ෂ රෝග හා වැටීම්, තැලීම් ආදී සියලු රෝගාබාධයන් මෙන්ම දරුපල අහිමි කාන්තාවන්ට පාරම්පරිකව රැකගත් පරපුරෙන් දායාද කළ සුවිශේෂ ප්‍රතිකාර රැසක්‌ කරන්නේය.

මෙම රෝග වැළඳී ඔහුගෙන් ප්‍රතිකාර ගෙන සුව වූ රෝගීන් රැසකගේ තොරතුරු අපි සතුව ඇතත් ඒ සියල්ල මෙහි සඳහන් කිරීමට හැකියාවක්‌ නැත. කෙසේ වෙතත් දේශීය වෛද්‍යවරයා යනු මැනවින් රෝග හඳුනාගෙන ඊට නිසි ප්‍රතිකාරයක්‌, අපේ රටේ ගහේ වැලේ මුලේ කොළේ පොත්තේ සාරය ගෙන ඖෂධයක්‌ තනාදිය හැකි ඉසිවරයෙකි.

විමලසිරි අගලකඩ

Post a Comment

0 Comments