භයානක රෞද්‍ර ඇස්‌ ඇති යම රජු

යමරජු වනාහී කලක්‌ දිව්‍ය සම්පත් අනුභව කරන්නාවූද පූර්ව කළා වූ අකුසලයෙන් අපාය සමීපයෙහි හිඳ මනුෂ්‍යයා කළ වරද නිවරැදි විනිශ්චය කරන්නා වූද, ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති පුර්ණය කරන්නාවූද විමාන ප්‍රේතයෙක්‌ වෙයි. හෙතෙම දුබල මිනිසෙක්‌ බවද බුද්ධ දර්ශනයද සද්ධර්ම ශ්‍රවණයද ස්‌වර්ගාපවර්ග සම්පත්තියද ප්‍රාර්ථනා කරන වේමාතික ප්‍රේත රාජයෙක්‌ද වෙයි.

රිග්වේදයේ සඳහන් පරිදි යමරජුගේ පියා විවස්‌වත් නැමති සූර්ය දිව්‍ය රාජයාය. මව විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයාගේ දියණිය වු සරන්‍යාය. යමයා සහ යමී ඔවුන්ගේ දරුවෝය. මිනිස්‌ පරපුරේ උපන් ප්‍රථම යුවල මේ දෙදෙනා බව රිග්වේදයේ සඳහන් වේ. තම පරපුර පවත්වාගෙන යැමට අවශ්‍ය දාරකෝප්පත්ති ප්‍රතිලාභ පිණිස දෙදෙනා අඹු සැමි වශයෙන් ජීවත් වු බවත් යමයා මියගිය පසු යමලොව උපන් බවත් නර ලොවින් නරකයට ගිය පළමු වැන්නා යමයා බවත් එපරිදි යමලොව අධිපතිකම ඔහුට පිරිනැමු බවත් කියා ඇත.

විෂ්ණු දෙවියන්ගේ අනුමැතිය ලැබ ධර්මාධිකරණයට පත් වූ යම රජුට පින් පව් විනිශ්චය කිරීමට අවසරය ලැබුණෙත් පව්කාරයින්ට දඬුවම් දීමටද ඔහුට විෂ්ණු දෙවියන් නියෝග කළ බව විෂ්ණු පුරාණයේ සඳහන් වේ.

යමරජුට ඉතා භයානක වූත් රෞද්‍රවූත් බල්ලන් දෙදෙනෙක්‌ සිටින බවද එම බල්ලන්ට ඇස්‌ හතර බැගින් ඇති බවත් පුළුල් වූ නාස්‌පුඩුද ඒවා ගැඹුරට පිහිටා ඇති බවත් කියවේ. නරකයට යන පව්කාරයින් මෙම බල්ලන් විසින් මුරකරන බවද කියවේ. යම් පව්කාරයෙක්‌ වධ බන්ධනය පිණිස යැමට අකමැති වු කල මෙම බල්ලන් විසින් යා යුතු නරකයට එලවා දමන බවද කියවේ.

කෙනකු මරණාසන්නව සිටින කල බල්ලන් උඩ බුරත්නම්. ඒ යම රජුගේ බල්ලන් දෙදෙනා දැකීමෙන් බව පැරැන්නෝ විශ්වාස කළහ. මේ යම දූත බල්ලන් නරලොව සැරිසරන විට ඔවුන් අපට නොපෙනුනත් බල්ලන්ට පෙනෙන බවට ඔවුන් විශ්වාස කළේය. බල්ලන්ගේ උඩු බිරීම අශුභ ලක්‍ෂණයක්‌යි යෑයි මිනිසාගේ මතයක්‌ වී ඇත.

නවම් මාසයේ අමාවක්‌ දින යෙදෙන මහා ශිව රාත්‍රිය ඊශ්වර දෙවියන් හ, යමරජු පිළිබඳ කථාවේ පසුබිමයි. ගන අඳුරු කැළෑවක අතරමංව එක්‌තරා දඩයම්කරුවකු නොදැනුවත්කමෙන් ලිංග පූජාවක්‌ කළේ වී නමුත් මරණයෙන් පසු එම ප්‍රාණගාත අකුසලය නිසා යම ලොවට ගියේය. සතුන් මැරීමේ අකුසලය නිසා ඔහු යම ලොවට ගියේය. සතුන් මැරීමේ පාපයට දඬුවම් දිය යුතු යෑයි තීරණය කළ යම රජු ඔහුව මහා රෞරව නරකයට ගෙන යන ලෙස යමපල්ලන්ට නියෝග කළේය. එහෙත් යම රජුගේ මහා ලේකම් වූ විචිත්‍ර ගුප්ත පින් පව් පොත කියවා නරයා විසින් කරන ලද අග්‍රේසර ලිංග පූජාව ගැන දීර්ඝ විස්‌තරයක්‌ යම රජු වෙත ගොස්‌ කීවේය. එම පුන්‍ය කර්මයේ මහානුභාවය ගැන දැනගත් යමරජු නරයාව වහාම නිදහස්‌ කර කෛලාශ භවනයට පිටත් කළේය. මේ බව දැනගත් ඊශ්වර දෙවිඳු යම රජුට ප්‍රශංසා කළේය.

යම රජුගේ ග්‍රහණයෙන් මිදුණු නරයා දිව්‍යලෝකප්‍රාප්තව දිව්‍ය සම්පත් අනුභව කරන්නටද පටන් ගත්තේය. තමෙනං භික්‌ඛවෙ නිරය පලා තානා බාහුසො ශහෙත්වා යමස්‌ස රඤ්ඤෙ දස්‌සෙන්ති ("දේවදුත සූත්‍රය) මෙහි අර්ථය මහණෙනි කුසලාකුසල ධර්මයන් හේතුකොට ගෙන උස්‌සද නිරය සමීපයෙහි උපන්නාවූ අපායගාමී මිනිසුන්ව අනේක ප්‍රකාර (තාලස්‌ කන්ධ සදෘශ) අත්වලින් දැඩිකොට අල්ලා ගත් යම පල්ලෝ යමරජු වෙත යුක්‌ති සාධනය සඳහා ඉදිරිපත් කරති. ශාස්‌ත්‍රාගමාති දක්‍ෂව හා රාජ්‍ය පූජව වැඩ විසූ විදාගම ශ්‍රී ඝණානන්ද පරිවේනාධිපති වු මහා නේත්‍ර ප්‍රසාද මුල මෛත්‍රිය මහා ස්‌ථිවීරපාදයන් වහන්සේ විසින් දැනට අවුරුදු 514 කට පමණ පෙර විරචිත ලෝවැඩ සඟරාවෙහි යම රජු ගැනද අවධානය මෙසේ යොමු කොට ඇත.



ලොබේ සිතින් පව්කළ හැම සත ටා

සබේ කියති ගෙණ ගොස්‌ යම රජු ටා

ඉබේ ඉන්ට නොයෙදී සිතු රඟ ටා

ලැබේ නිරා දුක්‌ පැමිණි එවි ටා

බුදුගුණලංකාරය (311) මෙසේ දක්‌වයි

අටකුර සියක්‌ (108) මංගල ලක්‍ෂණයන්ගෙන් විචිත්‍රවූද, ශ්‍රීමත් වූද, ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ සසර දුක්‌ ගෙවා බුද්ධත්වයට පත් වූ කල්හි ගාත් පසසියයක්‌ යොදුනක්‌ අග්නි ජාලාවලින් වට වූ අට මහා නිරය නෙලුම් මලින් ආකුල වූ බව බුදුගුණාලංකාරය මෙසේ දක්‌වයි.



අටකුරු සිය සුබ ලකුණෙන් සිsරිම ත්

යටකර බව දුක්‌ එබුදුන් බුදුව ත්

වටසිය යොදුනක ගන ගිනිදැල්ග ත්

අට මහ නරකය වියවුල් සිය ප ත්

රඹුක්‌කන ජිනදාස එදිරිසිංහ

Post a Comment

0 Comments