අස්‌ථි ආබාධ හා කොන්දේ අමාරු සුවකරන මදනායක වෙදමහත්තයා

මම කෘෂිකර්ම නිලධාරියෙක්‌. දැන් විශ්‍රාම ගිහිල්ලා ඉන්නේ. ඒ කාලේ අපි හොඳට දුවල පැනල කරපු වැඩ විශ්‍රාම ගිහිල්ල මාසයක්‌ දෙකක්‌ යනකොට නතර වුණා. අඩු තරමේ ව්‍යායාමයක්‌ කර ගන්න තරම්වත් අවස්‌ථාවක්‌ උදා වුණේ නැත්තේ අලසකම මුල් වුණාය කියල සමහර වෙලාවට මට හිතුනා. කොහොම හරි දැන් මගේ වයස අවුරුදු හැත්තෑ දෙකයි. අන්තිමේදී ශාරීරික හා මානසික හේතුත් බලපාල වෙන්න ඇති මගේ අතපය වැඩ කරන්නෙ නැති තත්ත්වයට පත් වුණා."

නුවර කුණ්‌ඩසාල ප්‍රදේශයේ පදිංචි කේ. බී. ලියනගේ මහතා මට හමු වූයේ වැලිගම බොරාල පාරේ මදනායක වෙද මැඳුරේදීය. ඒ වන විට තරමක සුවයක්‌ ලබා සිටි ඔහු සිතට හා ගතට දැනෙන සුවය නිසා දොa තමාගේ රෝගී බවට හේතු කියන්නට විය.

මුලින්ම මගේ කකුල් හිරි වැටීමකට තමයි පත්වුණේ. ඊට පස්‌සේ මේක ටික ටික වර්ධනය වෙලා ඇවිදගන්නත් අපහසු වුණා. දැනුන වේදනාව සහ ජීවිතයෙ සැඳෑ කාලයේදී අබ්බගාතයකු වීම ගැන ඉතාමත් දුකක්‌ ඇතිවුණා.

1973 අවුරුද්දේ තමයි මම මේ තත්ත්වයට පත්වුණේ. එතැන් ඉඳල තවත් වසර ගණනක්‌ රෝහල්වලින් ප්‍රතිකාර ගත්තා. ඒත් සුවයක්‌ ලැබුණෙ නම් නැහැ. ලැබුණ සුවයත් තාවකාලික එකක්‌ වුණා. කොහොම වුණත් මේ වෙද මහත්තයා ගැන මට දැන ගන්න ලැබුණා. මම නුවර ඉඳලා ආවේ සිතේ ලොකු සතුටක්‌ ඇතිව.

ඉතිං දැනට දවස්‌ හතක්‌ අටක්‌ විතර වෙන්න ඇති. මගේ තිබුණ වේදනාවන් වගේම අමාරුකම් ගොඩක්‌ දුරට ඉවත් වෙලා ලොකු සුවයක්‌ ලැබිල තියෙනවා. මගේ දැඩි විශ්වාසයක්‌ තියෙනවා තවත් දින කිහිපයක්‌ මේ වෙද මහත්තයාගෙන් බෙහෙත් ගනිපුවාම සනීප වෙයි කියල.

වැලිගම බොරාල පාරේ මදනායක වෙදැදුරු පිළිබඳව අප මීට ඉහත ද පවසා ඇත. එහෙත් මෙවන් වෙදැදුරුවරුන් ගැන නැවත නැවත රෝගීන්ට හඳුන්වාදීමට අප අදහස්‌ කළේ මතකය අලුත් කිරීමකට නොව මේ ලිපි හරහා යමෙකුට යහපතක්‌ කිරීම සඳහා ය. ඕනෑම පුද්ගලයකු රෝගී වීමට වයස්‌ පරතරයක්‌ හෝ කාල වකවානුවක්‌ නැත. එමෙන්ම ඇති නැති පරතරයක්‌ හෝ උස්‌ පංති භේදයක්‌ ද නැත. මේ ධර්මතාවට ගොදුරු නොවිය හැකි පුද්ගලයකු ද නැත.

එසේ නම් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අයෙකුට මෙවන් වෙදැදුරුවරුන්ගෙන් ලැබෙන ප්‍රතිකාරය මගේ විමර්ශන හා රෝගීන්ගේ අදහස්‌ උදහස්‌ අනුව මහත් ප්‍රතිඵල ගෙන දේ යෑයි මගේ අදහසයි.

ඉහතින් සඳහන් කළ මදනායක වෙද මැඳුරෙහි නේවාසිකව ප්‍රතිකාර ලබන එක්‌ රෝගියකුගේ අදහස පමණි. එහෙත් තවත් පිරිසක්‌ එහි ප්‍රතිකාර ගනිමින් සිsටියදී මගේ අවධානයට ලක්‌ වූයේ හදිසියේ කොඳු ඇට පෙළ වක ගැසීමකට ලක්‌ වූ කවත් තරුණ රෝගියකු වෙත ය.

යුද හමුදාවේ සේවයෙහි නිරතව සිටි ඔහුගේ වයස අවුරුදු 24 කි. සමන් කුමාර නමැති මේ තරුණයා හමුදාවේ සිය රාජකාරිය කරමින් සිටින අතරතුර මෙම ආබාධයට ලක්‌වී ඇත.

දිනෙන් දින වර්ධනය වන තමන්ගේ කොන්දේ අමාරුවට රෝහල් කිහිපයකින් ප්‍රතිකාර ගත්තත් ඉන් පලක්‌ නොවූ තැන මෙම මදනායක බෙහෙත් ශාලාවට පැමිණ ඇත්තේ දන්න කිහිපදෙනකුගේ මඟ පෙන්වීම ඔස්‌සේය.

මම මෙහේට එනකොට ඉතා අපහසු තත්ත්වයකයි සිටියේ. දැනට ගන්න ප්‍රතිකාරවලින් සියයට පනහකට වැඩි සුවයක්‌ මට දැනෙනවා. මම හිතන්නේ තව නොබෝ කලකින් මගේ රෝගය සම්පූර්ණයෙන් ම සුවවේය කියල මම විශ්වාස කරනවා.

රෝගය පිළිබඳ අවබෝධයත් ප්‍රතිකාර කරන වෛද්‍යවරයා ගැන විශ්වාසයත් වෙදකමට අමතරව කෙරෙන හෙදකමත්, රෝගයක්‌ සුව වීමට මහෝපකාරී වන්නේමය. මදනායක වෙදැදුරු අසලට පැමිණෙන ඕනෑම රෝගියකුට මේ කරුණ මුල් තැන්හි ගෙන තිබීම නිරෝගී සුවය ලැබීමට ප්‍රධාන හේතුවක්‌ වනවා යෑයි මට බොහෝ කරුණුවලින් සනාථ විය.

මේ රෝගීන්ගේ තොරතුරු විමසන අතරතුර මම මදනායක වෙදැදුරු හා සාකච්ඡාවකට එළඹෙමින්, රෝගීන්ගෙන් මෙවැනි සුබදායී පිළිතුරු ලැබෙන්නේ කෙසේ දැයි ඇසීමි.

"මම මේ ප්‍රතිකාර කරන වසර ගණනාවක්‌ ඇතුළත ලබන ප්‍රධාන අත්දැකීම තමයි මෙතෙන්ට එන සෑම රෝගියෙකුම බොහෝ තැන්වලින් ප්‍රතිකාර ගෙන සුව නොවනයි කියන එක. ඉතිං ඒ රෝගීන් මෙතෙන්ට ඇවිත් දින දෙක තුන යනකොට තමන්ගේ ගතට හා සිතට සුවයක්‌ දැනෙනවා නියනවා නම් ඒකම තමයි ප්‍රතිකාරයෙ නිවැරැදි බව කියලයි මම හිතන්නේ."

පාරම්පරික වෙදකම දිහා බලනකොට ඔබ කරන මේ ප්‍රතිකාරයම තමයි මම දැකපු හැටියට බොහෝ තැන්වල කෙරෙන්නේ. එහෙම නම් ඇයි ඒ තැන්වලින් මේ රෝගීන්ට සුවයක්‌ ලැබිල නැත්තේ.

ඒක මොන හේතුවක්‌ නිසාද කියල මට කියන්න බැහැ. නමුත් එකක්‌ මම දන්නවා. ඒ තමයි මගේ පරපුර සහ පරපුරේ ඖෂධ ක්‍රමවේද ඉතා නිවැරැදිව භාවිතා කරල කරන මේ ප්‍රතිකාරය වරදින්න විදියක්‌ නැහැ කියන එක.

දැන් මේ තරුණයා මා සමඟ කිව්වේ ඔහු රාජකාරිය කරන අවධියේම තමන්ගේ කොන්ද නැමීමට ලක්‌වුණා කියල. ඒ වගේම බටහිර වෛද්‍ය ප්‍රතිකාර අරගෙන බැරිම තැන මෙතෙන්ට ආව කියලා. ඔහු කියන අන්දමට නැමුන කොන්ද ක්‍රමයෙන් දිග හැරෙන බවක්‌ තමන්ට දැනෙනවා කියලත් කියනවා. මේ තරමට විශ්වාසයෙන් කතා කරන්න තරම් ප්‍රබල හේතු ගැන කිව්වොත්.

ඕනෑම අස්‌ථි ආබාධයක්‌ පිළිබඳව විශේෂිත දැනුම් සම්භාරයක්‌ මගේ වෙද පරපුර හරහා මම ලබාගෙන තියනවා කිව්වොත් ඒක නිවැරැදියි. අනික ප්‍රධාන වශයෙන් ම මම රෝගය හඳුනාගන්නේ, රෝගියා කියන වචනවලින් නොවෙයි බොහෝ අය තමන්ට තියන ආබාධය හරියට කියන්න දන්නේ නැහැ වගේම තමන්ට එතරම් අමාරුවක්‌ නැහැ කියල අඟවන්නත් උත්සහ ගන්නවා. ඒත් මෙවැනි කතාවලින් මම තෝරා ගන්නේ එතරම් අමාරුවක්‌ නැතිනම් කොහොමවත් සුළු ආබාධයකට ප්‍රතිකාර ගන්න එන්නෙ නැහැ කියන එක.

වත්මන් සමාජය දෙස විමසිල්ලෙන් බලන විට අපට විශේෂයෙන් පෙනී යන්නේ අස්‌ථි ආබාධයන්ට හා සන්ධි ආබාධයන්ට ලක්‌ වූ බොහෝ පිරිස්‌ දැඩි වේදනාවකින් පෙළෙන බවකි. තවත් විටෙක අසන්නට ලැබෙන්නෙ එවැනි රෝග උත්සන්න වූ විට යම් යම් අස්‌ථි බද්ධ කළ යුතු බවට බටහිර වෛද්‍යවරු කරන නිර්දේශ මෙම රෝගීන් දැඩි මානසික පීඩනයකට ලක්‌ කරන බවකි.

එවැනි නිර්දේශිත වූ රෝගිහු ද අපට අනන්තවත් හමු වී ඇති අතර මේ ලිපි පෙළ හරහා ඔවුන් ඊට නිසි ප්‍රතිකාරයක්‌ ගත හැකි හෙළ වෙදැදුරුවරුන් පිළිබඳ විමසන අවස්‌ථා ද අනන්තවත් ඇත.

මෙවන් වාතාවරණයක්‌ තුළ ඒ ඒ රෝග සඳහා පළපුරුදු වෙදැදුරුවරයකු හඳුන්වාදීම රෝගීන්ට කරන ලොකු මෙහෙයක්‌ බව මාගේ හැඟීමය. එනිසාම එවැනි පළපුරුදු දක්‍ෂ වෙදැදුරුවරුන් පිළිබඳ වරක්‌ හෝ කිහිපවරක්‌ම අපට ලියන්නට සහ හඳුන්වා දෙන්නට සිදුවන්නේ රෝගීන්ගේම ඉල්ලීම මත යෑයි කීවොත් එහි වරදක්‌ නැත.

විමලසිරි අගලකඩ

Post a Comment

0 Comments