වත්මන් සමාජය දෙස ඉතා විපරමින් බලන විට වැඩියෙන් කතාබහට ලක් වූ රෝගයක් වන්නේ වකුගඩු රෝගයයි. බෝ නොවන රෝග ලෙස නම් කර ඇති හෘද රෝග, පිළිකා රෝග, කල්ගිය ස්‌වසන රෝග අතරට වකුගඩු රෝගයද මුල් තැන්හිලා සැලකීමෙන් පෙනී යන්නේ ඉතා සීග්‍රයෙන් මෙය පැතිරී යන බවකි.
වකුගඩු රෝගයෙහි ඉතා භයානක පැත්තක් ඇත. එනම් 20% කට තරම් අඩු ක්‍රියාකාරිත්වයක් එන තුරු මෙය හඳුනා ගැනීමට නොහැකි වීමය. මෙනිසාම රෝගියාට නොදැනීම මෙම දුබලතාව වර්ධනය වී දිනෙන් දින රෝගියා අනතුරක ඇදවැටීම වැළැක්‌වීම එතරම් පහසු කාර්යක් වීමට ඉඩ නැත.
මෙම තත්ත්වය යටතේ විවිධ වකුගඩු රෝග පැතිර යැමේ වර්ධනයක් දක්‌නට ඇත. පාලනය නොකළ රුධිර පීඩන තත්ත්වය හා පාලනය නොකළ දියවැඩියා රෝග තත්ත්වය ප්‍රධාන තැනක් ගන්නා අතර කුඩා අවධියේ වැළඳෙන හමේ රෝග, ස්‌වසන රෝග, අඩු උපත් බර මෙන්ම විවිධ ශාරීරික තත්ත්වයන් නිසා කිසියම් පිරිසක් වකුගඩු රෝග වලට ගොදුරු වීම වැළැක්‌විය නොහැකි තරම්ය.
මීට අමතරව අකාලයේ වකුගඩු රෝගවලට ගොදුරු වී ඇති බොහෝ පිරිසක් දැන් දැන් හඳුනාගෙන තිබේ. මැදිරිගිරිය, මැදවච්චිය, දෙහිඅත්තකණ්‌ඩිය, ගිරාඳුරුකෝට්‌ටේ හා නිකවැව ප්‍රදේශයේත් මෙම රෝගී තත්ත්වයන් වාර්තා වෙයි.
ප්‍රධාන වශයෙන් මෙම ප්‍රදේශවල ජලයේ ඇති බැර ලෝහ සාන්ද්‍රනය හා ජලයේ අධික ලෙස දිය වී ඇති µaලෝරයිඩ් වැනි සාදක කිහිපයක් මේ සඳහා හේතු වන බව තහවුරු කර තිබේ. මීට අමතරව අධික ලෙස කෘමිනාශක භාවිතය කෘතිම පොහොර භාවිතය යම් ආකාරයකින් බලපාන බව නිරීක්‍ෂණකයෝ පෙන්වා දෙති.
බෝවන රෝගවලට වඩා බෝ නොවන රෝගවලින් අද දවස වන විට මිය යන සංඛ්‍යාව වර්ධනය වෙද්දී වකුගඩු රෝගයෙන් ද මිය යන ගණන ඉහළ අගයක් ගන්නේය. බොහෝ ජනතාව තමන්ට වකුගඩු රෝගයක් වැළඳ ඇති බව නොදැනීමෙන්ම තමා අනතුරකට තල්ලු වීම වැළැක්‌විය නොහැකි අතර මේ නිසාම වකුගඩු රෝගීන් බහුතරයක් පසුවන්නේ අසාධ්‍ය තත්ත්වයකය. ඇතැම් විට තමාට වකුගඩු රෝගයක් තිබෙනවාය යන මතය පවා ඇතැම්හු පිළිගැනීමට මැලිවීම මෙහි ඇති තවත් ෙ€දවාචකයක් බව පැහැදිලිය.
අතීතයේ මෙවැනි රෝගීන්ට සිදු වී ඇත්තේ මරණයට මුහුණ දීමට වුවත් වර්තමානය වන විට එම තත්ත්වය මුළුමනින්ම ඉවත් වී බටහිර හා දේශීය ප්‍රතිකාර විධි පෙරමුණ ගෙන තිබේ.
මේ යටතේ බටහිර වෛද්‍ය ප්‍රතිකාර තුළින් අසාධ්‍ය වූ රෝගීන්ගේ රුධිරය පිරිසිදු කිරීම් හා වකුගඩු බද්ධ කිරීම් තුළින් අප්‍රමාණ මෙහෙයක් සිදු වන්නේය.
බටහිර වෛද්‍ය ප්‍රතිකාර මෙසේ කෙරීගෙන යන අතර තුර එතුළින්ද සාර්ථක ප්‍රතිපලයක් නොලැබූ රෝගීන් සිය ගණනක් සිටින බව අපි දනිමු. ඊට හේතු කවරේදැයි අප නොදන්න මුත් මෙවැනි රෝගීන් දහස් ගණනකට දේශීය ප්‍රතිකාර තුළින් ලබා දුන් සුවය ලිත වාර්තා තුළින් අපට පෙන්වා දිය හැකිය.
මෙවැනි අසාධ්‍ය තත්ත්වයේ පසුවන වකුගඩු රෝගීන් බොහෝ පිරිසක් සුවපත් කළ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ හෙළ වෙදැදුරුවරයකු ගැන අපට පසුගිය දිනයක අසන්නට ලැබිණි. කණ්‌ඩලමේ වෙද මහත්තයා නමින් ප්‍රසිද්ධ එතුමෝ සොයා අප යන විටත් බොහෝ රෝගීන් වෙද මැඳුරේ අසුන්ගෙන සිටියේ ප්‍රතිකාර අපේක්‍ෂාවෙන්ය.
මේ සියලු රෝගීන්ට බාධාවක් නොවන ලෙසින් අප මේ වෙදැදුරු සමග සුහද පිළිසඳරකට අවතීර්ණ වීමට කිසියම් අවස්‌ථාවක් ලැබෙන තුරු බලා සිටියත් එය එතරම් සාර්ථක බවක් නොවීය. කෙසේ වෙතත් මෙරට වකුගඩු රෝගීන්ගේ සුවසෙත උදෙසා අප පැමිණි අපේක්‍ෂා මල්පල ගැන්වෙන තුරු පැය කිහිපයක් අපි රැඳී සිටියේ කෙසේ හෝ මෙම වෙදැදුරු හමු වී යා යුතුමය යන අධිෂ්ඨානයෙනි.
ඒ වන විට හිරු මුදුන් වීමට ආසන්නව තිබිණි. ගතට දැනුන තරමක වෙහෙස මගහරවා ගැනීමට අපි වෙද මැඳුරේ තැනින් තැන ඇවිදිමින් විමසිලිමත් වෙද්දී රෝගීන්ගේ පහසුව සඳහා සියලු අංගෝපාංගයන් එහි ඉදිවී ඇති බවක් දක්‌නට ලැබිණි.
"වෙද මහත්තය අදට ප්‍රතිකාර කරල ඉවරයි. දැන්නම් හමුවෙන්න විදිහක් නැති වෙයි."
වෙද මැඳුරේ අයෙක් අප කළ විමසුමකට පිළිතුරු සපයමින් කීවේය.
"අපි උදේ කතාකරලයි ආවේ. අපිට කොහොමහරි වෙද මහත්තය හමුවෙන්න ඕන."
මම කිව්වනේ. දැන් වෙද මහත්තය හදිසි වැඩකට යන්න සූදානම් වෙනවා කොහොමත් හමුවෙන්න ක්‍රමයක් නැහැ."
වෙද මැඳුරේ සිරි නරඹමින් සිටින අතරතුර පැමිණ සිටි සියලු රෝගීන්ට ප්‍රතිකාර කළ වෙදැදුරු තවත් හදිසි ගමනකට සූදානම් වනවා අපට දැනුනේ නැත. තවත් විනාඩි කිහිපයක් ගතවෙද්දී විදේශීය භික්‍ෂූන් වහන්සේ නමක්‌ද ප්‍රතිකාර පතා වැඩමකර සිටියත් ඔවුන්ට ද මට ලැබුණු පිළිතුරම ලැබුණ හෙයින් අපේක්‍ෂා භංගත්වයෙන් පිටව යද්දී මේ වෙදැදුරු වෙද මැඳුරෙහි පිටතට පැමිණෙනු මට දැකගන්නට ලැබිණි.
"අපි වෙදමහත්තය හමුවෙන්නයි ආවෙ"
"මොකෝ කාරනේ..."
"විස්‌තර ටිකක් දැනගන්න."
"මොන වගේ විස්‌තරද"
"ඔබගේ වකුගඩු රෝග ප්‍රතිකාර විධි ගැන.
සිය ගමන අත්හල වෙදැදුරු අප හා සමීප වෙමින් වකුගඩු රෝග පිළිබඳ පිළිසඳරකට අවතීර්ණ වූයේ කිසියම් සතුටකින් බවත් අපට අමුතුවෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය නොවීය.
"කොහොමද මම ගැන දන්නේ" වෙදැදුරු ප්‍රශ්නයක් නගමින් අසුන්ගත වූයේ අපට ද අසුනක් පෙන්වමින්ය.
සුවපත් වුණ වකුගඩු රෝගියෙක් අහම්බෙන් වගේ අපට ඔබ ගැන තොරතුරු කිව්වා ඒ තොරතුරු ඔස්‌සේ තමයි අපි ඔබව සොයාගෙන ආවේ.
ඒ වෙද මැඳුරෙහි බොහෝ අසුන් පනවා තිබුණේ රෝගීන් උදෙසාමය. සුදු ජාතික ඇඳුමෙන් සැරසී සිටි වෙදැදුරු ඒ ආසන්නයේම ප්‍රතිකාර කිරීමට ඉදිවී තිබූ කාමරයෙහි අසුන් ගනිද්දී අපට වැඩිපුරම දක්‌නට ලැබුණේ රෝගීන්ගේ විස්‌තර ඇතුළත් ලිපි ගොනුය.
මීට අමතරව රුධිර පීඩන යන්ත්‍රයක්, වෙදනලාවක්, උණ කටුවක් වැනි නවීන අංගෝපාංග තිබුණා දැයි මට නොපෙනුණි. හැමූ ඔසු සුවඳ නව ලොවකට කැඳවාගෙන යන බවක් දැකගන්නට විය.
"අපේ වෙද මහත්තයෝ වකුගඩු රෝග හැදෙන්න ප්‍රධාන හේතු කිහිපයක් කිව්වොත්."
"සාමාන්‍යයෙන් වකුගඩු රෝග බෝ නොවන රෝග ගනයටයි ගණන් ගන්නේ. වෙලාවකට මේ බෝ වන රෝගවලට වඩා බෝ නොවන රෝග භයානකයි.
පිළිකාව බෝවෙන්නෙ නැහැ. මධුමේහය බෝවෙන්නෙ නැහැ. අධික රුධිර පීඩනය, ස්‌වසන රෝග වගේම වකුගඩු රෝගයත් බෝ වෙන්නෙ නැහැ. එහෙම නම් මේ බෝනොවන රෝග මිනිස් සිරුර වැළඳ ගන්නෙ අපේම වරදින්. එහෙම නම් මේ ශරීරය ගැන මනා අවබෝධයකින් නිරන්තරයෙන්ම සිටිනවා නම් අපට මේකෙන් වැලකෙන්න පුලුවන්.
සාමාන්‍යයෙන් මේ රෝග තත්ත්වය හඳුන ගන්නෙ කොහොමද?
තමන්ගේ මුත්‍රා පිටවීමේ රටාව යම් වෙනසක් පෙන්වනවා නම් හෝ මුත්‍රා කළ පසුව එය තද පෙන සහිත ස්‌වභාවයක් දරනවනම් වකුගඩු රෝගී තත්ත්වයක් ඇතිවෙන්න පුලුවන්. ඒ වගේම ශරීරය ඉඳිමීම, නිතරම අධික වෙහෙසක් දැනීම කෑම අරුචිය, සුදුමැලි බව, අධික රුධිර පීඩනය, කරකැවිල්ල, වමනය හා ඔක්‌කාරය, නියපොතුවල සිදුවන වෙනස්‌වීම්, ශරීරය තදින් කැසීම මේ වකුගඩු රෝග ලක්‍ෂණ හැටියට පෙන්නා දෙන්න පුළුවන්. ඇතැම් වෙලාවල මේ කිසිවක් නැතිවන්නත් පුළුවන්.
මේ වගේ අවස්‌ථාවක අලසකමින් කල් මර මර අත් බේත් කර කර සිටියොත් ඒක ඉතාමත්ම අවාසනාවන්ත, තමා විසින්ම තමාගේ ගෙල සිඳ ගැනීමක් හැටියටයි මට කියන්න වෙන්නේ.
මේ මොන රෝග තත්ත්වය තිබුණත් වකුගඩුවල ක්‍රියාකාරිත්වය 20% ක මට්‌ටමට දුර්වල වෙනතුරු ඒවා ක්‍රියාත්මක වෙනවා. මේ නිසා තමයි මේක හඳුනාගන්න අපහසු. එතකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි.
විමලසිරි අගලකඩ