තුන් ලොවම වශීකරන මාතාංගේස්‌වරී යන්ත්‍රය

මහා මාතාංගේස්‌වරී ප්‍රමුඛ වශී යන්ත්‍ර කාණ්‌ඩයට අයත් ෙත්‍රෙ ලෝකයම වසඟයට පත්කරන මහා මාතාංගේස්‌වරී යන්ත්‍රය මිනිසාට ඉක්‌මන් දියුණුව උදාකරන මහා බලඇති ඇදුරන් ඉසිවරුන් පිටට නොදෙන රහසිගතව සකසා භාවිත කරන උතුම් යන්ත්‍රයකි. මෙය යුගල යන්ත්‍රයකි. යුගල යනු කර පළඳවන යන්ත්‍රය හා නිවසේ ව්‍යාපාරික ස්‌ථානයේ බිත්තියේ එල්ලා පුද පූජා තබන යන්ත්‍ර දෙකයි. එසේ කිරීමෙන් නිවසට හෝ ව්‍යාපාරික ස්‌ථානයට ශ්‍රී කාන්තාවගේ බැල්ම සෘජුවම බලපෑමත් නිවැසියන්ට ඒකාකාරව ශක්‌තිය හා ආකර්ෂණය ඇති වී ගරු බුහුමන් හා සියලු දුක්‌ දොම්නස්‌ දුරු වී සෙත සලසා ධන සම්පත් භව භෝග නොඅනුමානව ලැබේ.

මේ යන්ත්‍රය පැළඳීමෙන් පසු පළඳින්නා තමාගේ ඉනෙන් පහළට අඳින සරම හෝ කුමන හෝ ඇඳුමක්‌ හිසට උඩින් ඇඳීම යන්ත්‍රයට සිදුවෙන අගෞරවයක්‌ බව ගුරු පොතේ සඳහන්ව ඇත. රාත්‍රි නිදාගන්නා විට යන්ත්‍රය ගලවා අනික්‌ යන්ත්‍රය ළඟ තැබිය යුතු බවක්‌ කියා ඇත.

පූර්වහි මුඛං වෛශ්‍යං - දක්‍ෂිණා මුඛ චෝරකං

පස්‌වීමේ ධනලාභංච - උත්තරේ ශාන්ති දායකං

මාතාංගේස්‌වරී සමං යන්ත්‍රං - ත්‍රිලෝකේ ස්‌වර දුර්ලභං

වෛශ්‍යව, සතුරු දමනය, ධන ලාභය හා ශාන්තිය ලබාදෙන මෙම යන්ත්‍රයට සමාන වෙනත් යන්ත්‍රයක්‌ තුන් ලෝකයේම නැති බව එයින් කියවේ.

සේවතා තර්ක මුලං සීකි විෂ්ණු ක්‍රාන්තං

ගෝරෝචනං කුංකුම චන්දනේනක පපුර මිශ්‍රං තිලකං ලලාටේ ත්‍රිලෝක වෛශ්‍යං වදනාව තාරං,

ලුණුවිල, විෂ්ණු ක්‍රාන්ති, ගෝරෝචන, කුංකුම්ප්පු, සුදු හඳුන්, අමු කපුරු තලතෙලින් අඹරා තිලකය තබනු . මේ බෙහෙත් වර්ග හරියාකාරව අඹරා ජීව බලය දී තිලකය තබා යැමෙන් තුන් ලොවම වශීවන බව ද මෙයින් කියවේ.

මෙහි ඇති යන්ත්‍රය රන් ආලේප කළ තඹ පතක පුර පක්‍ෂයේ ශුභ දිනයක ශුභ හෝරාවෙන් පළල මෙන් තුන් ගුණයක්‌ දිගතිව ඇඳගන්න. පසුව පිනිදිය හා තැඹිලි, කහ නෙළුම් මල් මිශ්‍ර ජලයෙන් සෝදා ෙත්‍රෙලෝක විජය පත්‍රං (කංසා නොහොත් ගංජා) කස්‌තුරි, කුංකුමප්පු, ගෝරෝචන, සුදු හඳුන්, රත් හඳුන් කුඩු සමඟ හඳුන් තෙලින් අඹරා මුළු යන්ත්‍රය පුරා තවරා කළු මැද ගන්න.

දෙවනුව පිරිසිදු ස්‌ථානයක මල් යහනාවක්‌ සාදා පුද ද්‍රව්‍යයන් එහි තබා වත්කර ශාස්‌ත්‍රයේ නිර්මාතෘ වූද අධිපති වූද ඊශ්වර දෙවියන් වෙනුවෙන් පූජාවක්‌ ද කාලි මෑණියන්ට පූජාවක්‌ ද පුද පඬුරු තබා ඇඳගත් යන්ත්‍රය තැඹිලි ගෙඩියක්‌ ඇස්‌ස ගසා එහි නෙළුම් මලක්‌ තබා ඒ මත යන්ත්‍රය තබා පිරිසිදුව පේ කර ගන්න. මීට පසු සූනියන් දෙවිඳුට පහනක්‌ දල්වා මේ පහත දැක්‌වෙන මන්තරයෙන් (3321 වරක්‌) ජප කරන්න.

ඕං නමෝ අයියුං කිලියුං ඕ' මාතාංගෙශ්වරී - සර්ව ජන වසංකරී ගෞරී ගාන්ධර්ව දේවී මුඛ රංජනී සම රංජනී-සර්ව රාජ වංසකරී-සර්ව දොaෂ හරංකාරී - සර්වදේව වසංකරී - සර්ව දුෂ්ටමෘග වසංකරී - සර්ව ස්‌ත්‍රී පුරුෂ වසංකාරී - සර්ව රෝග හරංකාරී - සර්ව දාරිදා හරංකාරී - සර්ව ග්‍රහ දොaෂ හරංකාරී - සර්ව දිව්‍ය බ්‍රහ්ම වසංකාරී - සර්ව තේජ වසංකාරී - සූර්ය චන්ද්‍ර වසංකාරී - සර්ව උපද්‍රව හරංකාරී - සර්ව බුධ බෝධි වසංකාරී - අනිස්‌ සේව හරංකාරී - සර්ව සංඝ වසංකාරී - සිද්ධි නමඃ මයුරාසන නමඃ මහීතාරකා නමඃ - ස්‌වස්‌ති සිද්ධම් නමඃ ආං ඊං ඌං ඒං ඕං යන පංචාක්‍ෂර නමඃ සර්ව විද්‍යාධරණී සරස්‌වතී නමෝ නමඃ සර්ව හංස සර්යානමඃසර්ව වසමාන් ස්‌වාහා

මෙසේ සකසා ජපකරගත් යන්ත්‍රයන් දෙක ශුභ දිනයක සුබ හෝරාවකින් කර පැළඳ අනික්‌ යන්ත්‍රය බිත්තියේ උතුරු, ඊශාන, නැගෙනහිර දිශාවේ එල්ලන්න. මෙයින් තමාට උදාවන ශුභ ඵලයන් මෙසේය. රාජ වශීයට, රාජ හා සර්වජන කරුණාව ලැබීමට, සභයේදී හුදී ජනයා වශීවීමට, මැතිවරණ ජය ලැබීමට, සතුරු මර්දනයට, තම ව්‍යාපාර හා වෙළෙ¹ම් දෙගුණ තෙගුණ වී ලාභ ලැබී දියුණුවට කරන කටයුතු සඵල වීමට අපද උපද්‍රවයන් දුරුව සමනය වීමට, යක්‍ෂ භූත පිසාච භූත බය දුරුවීමට, ව්‍යාපාරයන් නැගී ලාභ ලැබීමට, තරග ජය ලැබෙන්ට, කීර්ති ප්‍රශංසා ලබා ජනාදරයට පත්වීමට, ජන ප්‍රධානත්වයට පත්වීමට, සියලු වන මුර්ග සිවුපා සතුන්ගෙන් කරදර ඇති නොවීමට, ආරක්‍ෂාවට, දෙවියන් සතුටුවීමට, ධනය ගලා ඒමට මෙම සම්පූර්ණ වශ්‍ය යන්ත්‍රයක්‌ වන අතර දහසක්‌ ගුණ කන්දරාවක්‌ ලැබෙන්නේය.

ජපකරන්නා මෙදින මස්‌ මාංශ ආදියෙන් හා ස්‌ත්‍රී සංසර්ගයෙන් මිදී කළ යුතුයි. නැතිනම් ඔහුට පිස්‌සු ඔල්මාද පවා ඇති වේ. යන්ත්‍රය භාවිත කරන්නා මස්‌ මාංශයෙන් කිලිවලින් අනිවාර්යයෙන්ම වැළකිය යුතුයි. එවිට ඔබට ඉහත පල ලැබී ඔබගේ ජීවිතයට අලුත් උදාවක්‌ ඇති වේ.

රඹුක්‌කන ජිනදාස එදිරිසිංහ

Post a Comment

0 Comments