මූණමල් ශාකයේ ඖෂධීය ගුණ

මූණමල් ශාකය හෙවත් මුවුළු මල්, මුකුළු මල්, මුහුණ මල් ආදී විවිධ නම්වලින් හඳුන්වන ශාකය ඉතා වටිනා ඔෟෂධීය ශාකයකි. එහෙත් පුද්ගලයන් මේ ශාකයේ ගුණ නොදැන සිටීම කනගාටුවට කරුණකි. මූණමල් ශාකයේ මල්, පොතු, ගෙඩි, දඬු, ඇට (ඇටවලින් ගන්නා තෙල්) ආදී සියලුම කොටස් විවිධ රෝග නිවාරණයන්ට උදවු වෙයි.

මූත්‍රාශයේ වේදනා, ගල්
දියවීමට සහ මූත්‍රා දැවිල්ලට
මූණමල් ශාකයේ ගෙඩි කෑම වඩාත් යෝග්‍ය වෙයි. එසේ කිරීමට නොහැකි නම් එම ගෙඩි තම්බා ජලය පානය කරන්න. මූණමල් ගෙඩි, සැවැන්දරා සමඟ තම්බා බීමද වඩාත් සුදුසුය.

වියළි කැස්සට
මූණමල්, වතුර වීදුරුවක (වතුර 50 මි.ලී.) පැයක් පමණ බහා පසුව පානය කරන්න.
අතීසාරයට
මූණමල් ගෙඩි ගලගා මී පැණි සමඟ පානය කරන්න.
ශරීරයේ උෂ්ණත්වය සමනය කිරීමට
මූණමල් ගෙඩි කෑමට දීම වඩාත් සුදුසුයි.

නාසය තද වීම, නළල දෙපස
තද වීම, සොටු දියර ගැලීමට
මූණමල් මල් කුඩුකර ගම්මිරිස් ඇට දෙකක් පමණ දමා අඟුරු කබලක දමා දුම් අල්ලන්න.
දත් සෙලවීම, දත්මුල් දියවීම
සහ විදුරුමහ දියවීම
මූණමල් ශාකයේ පොතු, තිප්පිලි, මී පැණි ගිතෙල් මිශ්‍ර කොට වණ්ඩුවක තබා තම්බා ගන්න. පසුව සෙලවෙන දතට හෝ වීදුරුමසට තබා තැවීම, එමෙන්ම මූණමල් පොතු කල්කයක් ලෙස එළකිරි සමඟ මිශ්‍රකොට තැබීමෙන් දත්මුල් දියවීම නැති වෙයි.

ගර්භාෂයේ ලේ කැටි ගැසීම්,
ඩිම්බ බිත්තිය ඝනකම් වීම සහ
එහි හටගන්නා බිබිලිවලට
මූණමල් පොතු පාවට්ටා සමඟ මිශ්‍ර කොට කසායක් සේ සකස් කර පානය කිරීම.

විෂවලට
ශරීරයේම රුධිර පත්‍රිකාවලින් හට ගන්නා ආසාත්මිකතා සඳහා මූණමල් දලු සහ කොළ සම්බෝලයක් සේ සකස් කරගෙන ආහාරයට එක් කරන්න.
කාන්තාවන්ගේ රුව වැඩීමට
මූණමල් පොතු, කොළ, මල්, කොටා තලතෙල් මිශ්‍ර කොට උතුරුවා රත් කර එම තෙල ශරීරයේ ආලේප කරන්න. මෙය හම කැසීම් සඳහා හොඳම ප්‍රතිකාරයකි. මේ තෙල් හිස ගැල්වීමෙන් හිස්හොරි නැසේ. එමෙන්ම මූණමල් වේළුණු ගෙඩි කුඩුකර එයට සුදු හඳුන්, පිනිදියර, කොහොඹ යුෂ සමඟ ආලේප කිරීමෙන් හම පැහැපත් වෙයි. වියළි සමටද ඉතාමත් යෝග්‍ය වේ.

ජෝතිෂ්‍ය ගුප්ත විද්‍යා ශිරෝමණී
වෛද්‍ය කේ.ඒ.එම්. අයිරාංගනී
ලයනි රසිකා නිරෝෂිණී
මව්බිම පුවත්පත

Post a Comment

0 Comments