සන්ධි ප්‍රදාහය වයස අවුරුදු 45 ඉක්ම වූ කාන්තාවන් අතර දැකිය හැකි සුලබ රෝගයකි. ශරීරයේ සන්ධි ආශ්‍රිතව පිහිටි පටකවලට අමතරව තවත් කැල්සියම් පටකයක් ඇතිවීම සන්ධි ප්‍රදාහය කෙරෙහි බලපායි. එවිට සන්ධිවල ස්වාභාවික පිහිටීමට වඩා වෙනස් මුහුණුවරක් ගනී. සන්ධි යම් තරමක පළල්වීමක් සිදුවීම නිසා නිසියාකාරයෙන් ක්‍රියාත්මකවීම අපහසු වේ. බටහිර වෛද්‍ය විද්‍යාවේදී මෙය සන්ධි ගෙවීමක් ලෙසට අර්ථකථනය වුවද නිවැරැදිව සිදුව ඇත්තේ සන්ධි ස්ථානීය වෙනස්කමකට ලක්වීමයි.
එවිට ඇවිදීමේ රටාව වෙනස් වේ. යටි පතුල තබන ස්ථානයට එපිටින් කකුල තැබේ. අධික වේදනාව පිට කොන්ද, බෙල්ල දක්වාම පැතිරේ. කරකැවිල්ල ඇති වේ. කාන්තාවන් දරුවන් බිහිකිරීමේදී ශරීරයේ පවතින කැල්සියම් අධික ලෙස වැය වේ. මෙසේ දහනය වූ කැල්සියම් නැවත ශරීරයට නොලැබී ගියහොත් පෝෂණ උෟනතා ඇති වේ. එම දීර්ඝ කාලීන පෝෂණ උෟනතා හේතු කොටගෙනද සන්ධි ප්‍රදාහය ඇති වේ.
ගර්භාෂය ඉවත් කිරීම හෝ ඔසප් චක්‍රය ආශ්‍රිත ගැටලු නිසා ශරීරයෙන් බැහැර විය යුතු රුධිරයේ යම් යම් කොටස් බැහැර නොවීමද මෙයට තවත් එක් හේතුවකි. එයට අමතරව අඩි උස පාවහන් භාවිතය, වැරැදි ඉරියව් පවත්වාගෙන යෑම සහ හදිසි අනතුරකදී නිසි ලෙස ප්‍රතිකාර නොලැබීම යන කරුණුද පසුකාලීනව සන්ධි ප්‍රදාහය කෙරෙහි බලපායි. ජේයාතිෂය මතයට අනුව අපල කාලවලදී ශරීරයෙහි ලේ ධාතුව දුර්වල වීමද මෙයට තවත් එක් හේතුවක් වෙයි.
සන්ධි ප්‍රදාහය සඳහා නිවෙසේදීම කළ හැකි සරල ප්‍රතිකාර කිහිපයකි.
* උණු වතුරෙන් තවා මඳ උණුසුම් වතුරෙහි පෙඟවූ වෙළුමක් යොදන්න.
* සමට හානියක් නොවන සිසිලස සහිත ආලේපයක් තවරන්න.
* දණහිසේ ආවරණයක් පලඳන්න.
* සෙම තත්ත්වයක් නොමැති නම්, කෝමාරිකා මදය ගෙන වතුර, ගම්මිරිස්, ලුණු දමා බ්ලෙන්ඩර් කොට පානය කරන්න.
* දූරියන් ඇට ගෙන පෙති කපා රාත්‍රියේ වතුර වීදුරුවකට දමා උදෑසන පෙරා පානය කරන්න.
* වැල්පෙණෙල, ඉරමුසු, හාතාවාරිය, කොහොඹ දලු කිහිපයක්, සියඹලා දලු කිහිපයක් ගෙන රතුහාල් දමා කැඳ සාදා සතියට දෙවරක් හිස් බඩ පානය කරන්න.
* සුදුසුකම් ලත් උපදේශකයකු යටතේ යෝග ව්‍යායාම්වල යෙදීම සහ සුදුසු යෝගාසනයක් ඇසුරු කිරීම.
* දිනකට විනාඩි 15 පමණ තමන්ට හැකි පහසු අයුරකින් ආනාපාන සති භාවනාවේ
යෙදීම.
ළැම, උදරය, බාහු වැනි ස්ථානවල බර පාලනය කරගන්න. තෙල්, පිටි ආහාරවලට එක්කර ගැනීමේදී ඒවා හැකිතාක් අවමව භාවිත කිරීම වඩාත් සුදුසුය. එක දිගටම ඒකාකාරී දේවල නියැළීමෙන් ශරීර අභ්‍යන්තරයේ සෛලීය ශ්වසනය නිසියාකාරයෙන් සිදුනොවන නිසා දීර්ඝ වේලාවක් ඒකාකාරී දේවල නියැළීමෙන්
වළකින්න. ප්‍රමිතියෙන් යුතු පාවහන් පමණක්ම පලඳින්න. නිරෝගීකම සහ ආකර්ෂණය රැක ගැනීම සඳහා ශරීරයේ හැඩය නිසි ලෙස නිවැරැදිව පවත්වා ගැන්මට මතක තබා ගන්න.
මව්බිම පුවත්පත





0 Comments