විෂ - උග්‍ර විෂක් පවතී. ශරීරයට ඇතුළු වූ පසු වාත කෝප වීමක් සිදුවේ.
රෝග ලක්ෂණ - දෂ්ටනයට ලක් වූ ස්ථානයේ අධික වේදනාවක් ඇතිවීම.
- හන්දිපත් දැවිල්ල.
- හන්දිවල වාත වේදනා ඇතිවීම.
- පපුව හිරවීම.
- ඇස් රතුවීම
- හිසරදය
- සමහර විටෙක ක්ලාන්ත වීම
නාග දෂ්ටනයෙන් සිදුවන හානිය - ඉක්මනින් ප්‍රතිකාර නොලැබුවහොත් වකුගඩු ආබාධ, ඇස් පෙනීමේ දුර්වලතා.
ප්‍රථමාධාර - කරපිංචා කොටා මිරිකා බීමට දෙන්න. සහිඳලුණු ඊට එක්කිරීමත් යෝග්‍යයි.
- සත්සඳ වැල් කැඳ බීමට දෙන්න.
- අරත්ත ගහ සහමුලින් ගෙන කොටා මිරිකා කුඩා ළමයකුගේ මුත්‍රා එක්කොට බීමට දෙන්න.
නොකළ යුතුදේ - දෂ්ට කළ ස්ථානයට ඉහළින් ගැටගසන්න එපා.
- වේදනා නාශක ලෙස මත්පැන් දීම ඉතාම අහිතකරයි. ඉන් විෂ ශරීරය පුරා පැතිරීම වේගවත් වෙනවා.
- දෂ්ට කළ විටම තුවාලය සබන් දමා සේදීම යහපත් වුවත්, ඉන් පසු ඉදිමුව තිබෙන තෙක් තුවාලය තෙමීම අනතුරුදායකයි. ඉන් තුවාලය පැසවා, ඔඩු දිවීම සිදු වෙනවා.
දණහිස් රෝග සුව කිරීමට කුරුඳු
ආයුර්වේද වෛද්‍ය, සර්ප විෂ වෛද්‍ය,
වෛද්‍යාභිමානී එල්. ජී. වික්‍රමසිංහ
දණහිස් අමාරු ඇති අයට කුරුඳු ඉතාම වටිනා ඔෟෂධයකි. එදිනෙදා ආහාරවලට එක්කරන කුරුඳු, පොතු වශයෙන් නොදා සිහින්ව අඹරා එකතු කිරීමෙන් දණහිස් අමාරු සුව වේ.
එසේම වියළි හෝ අමු කුරුඳු පොතු මී පැණියෙන් අඹරා දණහිස්වල ගෑමෙන්ද දණහිස් අමාරු සුව වේ. එසේ ගෑ ඇඹරුම දිනක් පමණ යනතෙක් ඉවත් නොකළ යුතුය. රාත්‍රියට නින්දට යනවිට වෙළීමට අවශ්‍ය නම් වියළි කෙසෙල් කොළයකින් වෙළන්න.
බෙලි පලතුරක් විතරක්ම නෙවේ
ආයුර්වේද වෛද්‍ය, සර්ප විෂ වෛද්‍ය,
වෛද්‍යාභිමානී එල්. ජී. වික්‍රමසිංහ
බෙලි ගස ලංකාවේ සෑම පළාතකම පාහේ දක්නට ලැබෙන පලතුරු ගසකි. විශාල ලෙස වැඩෙන බෙලි ගසෙන් ගන්නා ප්‍රධාන ප්‍රයෝජනය ‘පලතුර’ වුවත් ඊටත් වඩා ගත හැකි ඔෟෂධමය ගුණ රැසක් පවතී.
ප්‍රයෝජන
- කොළ - තේ මෙන් තම්බා බීම
- මල්
- පොතු - කෂාය සඳහා
- මුල් - බඩේ අමාරු සඳහා පේයාවක් ලෙස ගැනීම ඉතා ප්‍රත්‍යක්ෂ ඔෟෂධයකි.
- ගෙඩි - පලතුරක් ලෙස
- අමු ගෙඩි - තම්බා කෑමට ගැනීම
- බෙලිකටුව - තම්බා බීම
ශරීරයේ අවශ්‍යතාව අනුව මල බද්ධයට මෙන්ම බඩ විරේක වීමටත් එක ලෙස ගුණදායක වේ.
ඔෟෂධමය වටිනාකම - කෂාය හා පේයාව සඳහා යොදා ගැනීම
- කොළ හා මල් තම්බා බීමෙන් දහදිය දුගඳ නැති කිරීම
- ශරීරය සිසිල් කිරීම
- බෙලි ගෙඩියේ කෙඳි හා ජෙල්වලින් මල බද්ධය සුව වීම
- බඩේ අමාරු සුව වීම.
සතුන් පලවා හැරීමට මැතිරිල්ලක්
දේශීය වෛද්‍ය පද්මසිරි බෙන්තර හේමපතිරණ
“නමො නික්ඛ මන්තං සාරිපුත්තං මහා මොග්ගල්ලා නම් තේර යාව ජීවං ඕං භනේස්ව--”
කැකුළු හාල් මිටක් ගෙන ඉහත ගාථා පාඨයෙන් 108 වරක් මතුරා වහලට විසිකරන්න. සතුන් බැසයයි.
කොලෙස්ටරෝල් නසන කරපිංචා සම්බෝලයක්
ආයුර්වේද වෛද්‍ය, සර්ප විෂ වෛද්‍ය,
වෛද්‍යාභිමානී එල්. ජී. වික්‍රමසිංහ
කොලෙස්ටරෝල් යනු සංස්තෘප්ත හෙවත් මිදෙන තෙල්ය. කොලෙස්ටරෝල් තිබෙන පුද්ගලයාගේ නහර තුළ මෙම තෙල් තැන්පත් වේ. එවිට ලේ ගමනාගමනයට බාධා වීමෙන් රුධිර පීඩනය වැඩිවේ. එම තත්ත්වය නහරවල මෙන්ම හදවතේද ඇති විය හැකිය. ආහාරවලින් මෙන්ම පරම්පරාවෙන්ද මෙම රෝගී තත්ත්වය ඇතිවේ.
රෝගයේ ප්‍රතිඵල
රුධිර පීඩනය වැඩිවීම.
හෘදයාබාධ ඇතිවීම.
ලේ කැටිගැසීමේ රෝගය වැලඳීම.
එම නිසා ලේ කැටිය ගමන් කරන විට නහර සිහින් ස්ථානයකදී හිර වී නහර පුපුරා යෑම.
රෝගය වැලඳීමට හේතුව
අධික තෙල් සහිත ආහාර ගැනීම
ව්‍යායාමය අඩුකම
ප්‍රතිකාර
- වදකහ ගහ කැඳ හදා බීම
- වදකහ පියළි අල තම්බා බීම
- කරපිංචා කොළ, සුදු ලූනු, ගම්මිරිස් හා ලුණු අඹරා සම්බෝලයක් සාදාගන්න. ශීතකරණයක දමා සතියක් පමණ කල්තබා ගත හැකිය. අවශ්‍ය විටෙක දෙහි ඇඹුල් දමා ආහාර සමඟ ගන්න. කොලෙස්ටරෝල් සමනය කිරීම මෙන්ම බඩේ අමාරුවලටත් යෝග්‍යයි. කෑම ප්‍රියතාව ඇති කරයි.
ආහාරයට නොගත යුතු දේ
තෙල් සහිත ආහාර
ආහාරයට සුදුසු දේ
තල තෙල් / මී තෙල් අගුණ නැත.
කරපිංචා
සුදු ලූනු
සිරුරේ පැහැය වැඩි කිරීමට
දේශීය වෛද්‍ය පද්මසිරි බෙන්තර හේමපතිරණ
සුදු සඳුන්, අරළු, සැවන්දරා, අබ ගෙඩියේ පොතු, ලොන් සුඹුලු සමව ගෙන ඇල්වතුරෙන් අඹරා ශරීරයේ ගා පැයකින් නාන්න. එකවර දින ගණනකට බෙහෙත් සාදාගන්න. අළුහම් පවා නැතිවේ.
කටේ පණුගෙඩි එනවට
දේශීය වෛද්‍ය පද්මසිරි බෙන්තර හේමපතිරණ
* ඇඹරැල්ලා ගෙඩියක පොතු ලුණු දියෙන් ගලගා පණුගෙඩියේ ගා සෙම අරින්න.
* නැතිනම් කටුවැල්බටු ඇට ලුණු දියෙන් අඹරා ගාන්න. සුව වේ.
මව්බිම පුවත්පත





0 Comments