කුණකටු විෂට ප්‍රතිකාර

කුණකටු විෂට ප්‍රතිකාර
ආයුර්වේද වෛද්‍ය, සර්ප විෂ වෛද්‍ය,
වෛද්‍යාභිමානී එල්. ජී. වික්‍රමසිංහ

 කසළ ගොඩවල් ආශි්‍රතව ජීවත් වන උග්‍ර විසැති කුණකටුවා තේ වතු, කුරුඳු වතු ආදිය විශේෂයෙන් තම වාසභූමිය කරගනී.  එම ස්ථානවල කෘමි සතුන් වැඩිපුර ගැවසීම ඊට හේතුවයි.  ලංකාවේ උෂ්ණ ප්‍රදේශවල ජීවත් වන කුණකටුවා  වඩාත් සක්‍රිය වන්නේ රාත්‍රි කාලයටයි.  එහෙත් දිවා කාලයට වුවත්  වතු සුද්ධ කිරීමේදී කුණකටුවා පෑගුණහොත් දෂ්ට කිරීමට පෙලඹේ.  ආරක්ෂාවට  මෙන්ම ගොදුර අඩපණ කිරීමටත් විෂ උපයෝගී කරගන්නා කුණකටුවා එළවා පහර දෙන සර්පයෙකි.

රෝග ලක්ෂණ 

උග්‍ර විෂක් ඇත. දෂ්ටනයට ලක්වූ ස්ථානය ගින්නෙන් පිච්චෙන්නාක් මෙන් දැවිල්ල ගනී. තුවාලය අවටද දැවිල්ල පවතී. මිනිත්තු 2, 3ක් ඇතුළත  තුවාලය  ක්ෂණිකව ඉදිමීම කුණකටු විෂෙහි  ප්‍රධාන ලක්ෂණයකි. ඇතැම් විට වමනය  ඇතිවිය හැකිය.

බලපෑම

ඉක්මන් ප්‍රතිකාරයක් නොලැබුණහොත් තුවාලය පැසවා ඔඩු දුවයි. වකුගඩුවලට බලපෑම්  ඇතිවේ. පිත හා සෙම කෝප වේ. ඉන් සෙම් කෝපය තදින් බලපායි. ඒ නිසා වමනය ඇතිවිය හැකිය. තුවාලය තෙමුණහොත්  අනිවාර්යයෙන්ම පැසවයි.

ප්‍රථමාධාර

•    කරපිංචා කොළ කොටා මිරිකා බීමට දෙන්න.
•    අරත්ත අල කොට මිරිකා බීමට දෙන්න.
•     දෙහි කොළ, දෙහි ගහේ පොතු මුරුංගා  කොළ හා  මුරංගා ගහේ  පොතු, අමුකහ හා ලුණු  කොටා මලවා තුවාලයේ හා ඉදිමුම ඇති ස්ථානවල බඳින්න.
ප්‍රථමාධාරවලින් අරමුණ
 මල මුත්‍රා බද්ධ වීම වැළැක්වීම ඉන් වකුගඩුවලට වන හානිය අවම කරයි. විෂ ඇද්දවීම.


මුහුණ ලස්සන වීමට
දේශීය වෛද්‍ය - පද්මසිරි බෙන්තර හේවාපතිරණ

සියඹලා පොතු දෙහි ඇඹුලෙන් ගලගා රාත්‍රියට  මුහුණේ ආලේප කරන්න. උදේට සුදු හඳුන්  එළකිරෙන් ගලගා මුහුණේ ගා පැය 2කින් මුහුණ සෝදන්න. මසක් පමණ දිනපතා කළ යුතුයි.



මකුණන් පලවා හැරීමට දුමක්

වරාමල්, සෙන්කොට්ටන්, නෙලුම් ඇට, අබ, උක් හකුරු සමාන ප්‍රමාණයෙන් ගෙන වේලා කුඩුකර  ගිනි කබලකට දමා ඇඳ, පුටු, කොට්ටවලට  දුම් අල්ලන්න. මකුණන් නොමැරේ පවක් නැත. පලා යයි.



දහදිය  දුඟදට සුදුහඳුන්

ඔෟෂධීය ගුණයෙන් යුතු ශාකයකි. බදුල්ල දිස්ත්‍රික්කයේ විශේෂයෙන් වැවේ. සම්පූර්ණ ශාකයම පාහේ ප්‍රයෝජනයට ගත හැකි වුවත් සුදුහඳුන් ශාකයේ වැඩිපුරම ප්‍රයෝජනයට ගන්නේ අරටුව පමණි.

ඔෟෂධීය ගුණ හා ප්‍රයෝජන
•    ශරීරය සිසිල් කරයි.
•    හම වර්ණවත් කරයි.
•    දහදිය දුඟද  නැති කරයි.
•    දියවැඩියාව සමනය කරයි.
•    හමේ තෙල් ගතිය ඇති කරයි.
•    වියළි සමක් තිබෙන අයට ගුණදායක වේ.
•    හමේ කොරල පිපීම නැති කරයි.
•     සුවඳ විලවුන්වලට යොදා ගනී.

ශාකය  ප්‍රයෝජනයට ගන්නා ආකාරය
•    අරටුව - කසාය හා සුවඳ විලවුන් සඳහා
•    කොළ - සාමාන්‍ය  අයුරින් පලා වර්ගයක් ලෙස උයා ආහාරයට ගැනීම.
•    කොළකැඳ ලෙස බීමට ගැනීම.
•    ගෙඩියේ පොත්ත -  පලතුරක් මෙන් අමුවෙන් ආහාරයට ගත හැකිය.
•    ගෙඩිය තුළ ඇති ඇට - කුඩුකර කෝපි මෙන් පානය කිරීම.
•    මල් - තම්බා බීමට ගැනීම.


මානසික ආතතියට ප්‍රතිකර්මයක්


මානසික ආතතිය යනු අද බොහෝ දෙනකුට තිබෙන රෝගී තත්ත්වයක්. මානසික වශයෙන් අවිවේකී වන අයට මේ තත්ත්වය ඇතිවේ. මීට ප්‍රධාන හේතුව  ශරීරයේ පිත නැතිනම් ඇසිඩ් වැඩිවීමයි.
කිරිඅඟුණ කොළ හෝ තිත්ත අඟුණ කොළ පලා වර්ගයක් ලෙස හෝ කොළ කැඳ ලෙස ආහාරයට හා පානයට ගැනීමෙන් රුධිරයේ ඇසිඩ් / පිත නැති වේ.  ඒ නිසා මානසික වශයෙන් ඇතිවන ආතතිය අඩු කිරීමට එය හේතුවකි.

උගුරේ බැරැන්ඩියට

අමු ඉඟුරු, උණු අළුවල දමා තම්බා  ජලයේ දියකොට සූකිරි සමඟ බොන්න.


මලබද්ධය නසන ආහාර
ආයුර්වේද වෛද්‍ය, සර්ප විෂ වෛද්‍ය,
වෛද්‍යාභිමානී එල්. ජී. වික්‍රමසිංහ

මලබද්ධය බොහෝ දුරට ඇති වන්නේ ශරීරයේ ඇති උෂ්ණාධික බව හේතුවෙනි. ඊට අමතරව  ජලය අඩුවෙන් පානය කරන අයට මෙන්ම පරම්පරාවෙන්ද මෙම රෝගය වැලඳීමට  ඉඩ තිබේ. වැඩිහිටි අයට මෙය වැලඳෙන්නේ ප්‍රධාන වශයෙන්ම වැරැදි ආහාර රටා නිසාය. එසේම මීට වයස් භේදයක් හෝ ස්ත්‍රී - පුරුෂ භේදයක් නැත.   කුඩා ළදරුවන්ට මාස 6ක් ගතවන තුරුත් උණුවතුර හා රතකල්කය ලබා නොදීම නිසාද මෙම රෝගය වැලඳීමේ ඉඩක් පවතී.

 රෝග ලක්ෂණ

•    මලපහ කිරීමට අපහසු වීම.
•    වේදනාව
•    මල මාර්ගයෙන් ලේ පිටවීම.
•     බඩ රිදීම.
•    කෑම අරුචිය.

රෝගයෙන් ඇතිවන හානි

•    ග්‍රැස්ට්‍රයිටිස් රෝගය ඇතිවීම.
•    අර්ශස් රෝගය වැලඳීම.
•    බඩවැල් තුවාල වීම.
•    මල මාර්ගය අවට හා අභ්‍යන්තරයේ තුවාල හට ගැනීම.
•    එම තුවාලවල කොකු පණුවන් බෝ වීම.
•    කලක් ගතවූ විට පිළිකාවලටද හේතුවක් වීම.

රෝගයට ප්‍රතිකාර

•    දිනපතා පලා වර්ග ආහාරයට ගැනීම.
•    දිනකට අවම වශයෙන් බෝතල් 5ක්වත් ජලය පානය කිරීම.
•    කෙඳි සහිත ආහාර ගැනීම.
•     ව්‍යායාම කිරීම.
•     ආහාර නියමිත වේලාවට ගැනීම.
•    දිරවීමට අපහසු තෙල් සහිත කෑම නොගැනීම.

ගතයුතු ආහාර

ඕනෑම පලා වර්ගයක්, හබරල අල, කිරි අල, බණ්ඩක්කා, වැටකොළු, කොහිල, ගස්ලබු, කෙසෙල්, බෙලි
නොගත යුතු ආහාර
තක්කාලි, අන්නාසි, විනාකිරි, අච්චාරු

මව්බිම පුවත්පත

Post a Comment

0 Comments