ඇස් දෙකේ දෙකොන නළල දෙපැත්ත, හිස් මුදුන දෙපැත්ත කකියන ලෙසින් ආරම්භ වී දරාගත නොහැකි වේදනාවක් දක්වා පරිවර්තනය විය හැකිය. හිසේ කැක්කුම ඇතිවීම කෙරෙහි පහත දෑ බොහෝ විට බලපෑ හැකිය.
* හිස අභ්‍යන්තරයට අවශ්‍ය වාතය නොලැබී යෑම
* ස්වසන නාළ, නාස් පුඩු නිසි ලෙස ක්‍රියාත්මක නොවීම
* සෙම, සෙම්ප්‍රතිශ්‍යාව හේතුවෙන්
* නිතර නිතර දූවිලි හා ගැටීම
* ගල් ආකර, ගඩොල් පෝරනු, මහා මාර්ග වැනි ස්ථානවල රැකියා කරන්නන්ට
* නාසය තුළ තුවාල ඇතිවීම
* පීනසය
* පීනසය හේතු කොට ගෙන නාසය තුළ මස් දලු ඇතිවීම
* මානසික ආතතිය
* අධික ලෙස කල්පනා කිරීම
* අවිවේකී බව
* නිදි වැරීම
* වැඩි වෙලාවක් එක දිගටම පරිගණකයේ හෝ දුරකතනයේ රැඳී සිටීම
* දුම් වැටි, මත්පැන් භාවිතය
* අයහපත් වර්යාවන් හා ආහාර රටාව
ශරීරයට අවශ්‍ය ආහාර පාන නොලැබුණු විට රුධිරයේ පවත්නා පෝෂ්‍ය කොටස් හා ශක්තිය හීනවේ. එවිට සංකූලතා ඇති විය හැකිය. යම් හෙයකින් වෙනත් රෝගයක රෝග ලක්‍ෂණයක් ලෙස වුවද හිසරදය ඇති විය හැකිය.
දීර්ඝ කාලීනව හිසරදයෙන් ඔබ පීඩා විඳිනවා නම් කොපමණ අත්බෙහෙත් කළද සුවයක් නොලද හොත් වහාම ඇස් පරීක්‍ෂා කරගන්න දෘෂ්ටි විතානයේ පවතින වෙනස්කම් හේතුවෙන්ද හිසරදය ඇතිවේ. එය දෘෂ්ටිය හීනවීමේ පෙර ලකුණක් ලෙසද හඳුන්වා දිය හැකිය.
ගර්භණී සමයේදී යම් යම් සංකූලතා හේතුවෙන් හිසරදය ඇතිවේ. එය කිසිසේත් නොසලකා නොහැර වෛද්‍යවරයකු හමුවිය යුතුයි. ශරීරයේ වෙන රෝගයක් නොමැති නම්, අත් බෙහෙත්වලින්වත් සුව නොවේ නම්, ගර්භණී තත්ත්වයේත්, පසු නොවනවා නම් දීර්ඝකාලීන හිසරදය පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. යම් හෙයකින් හිසරදය අමනුෂ්‍ය බලපෑමක් හේතුවෙන් ඇති විය හැකිය. අමනුෂ්‍ය බලපෑම්වලින් ශරීරයේ වාතය පිත පවත්නා මට්ටමින් වෙනස් කරලයි. ශරීරයේ සමමිතික බව වෙනස් වේ. ශරීරයේ වාතය හෝ පිත පවත්නා ප්‍රමාණයට වඩා වැඩිවේ. අමනුෂ්‍ය බලපෑම් කිසිදු වෛද්‍ය පරීක්‍ෂණයකට හසු වන්නේ නැත.
අප ගන්නා ආහාර පාන ශරීරයට ඔරොත්තු නොදුනහොත් හෝ දිරවා ගත නොහැකි වුවහොත් හිසරදය ඇතිවේ. එම නිසා ඔබ ගන්නා ආහාරපාන ඔබගේ වයසට සහ ශරීරයට ඔරොත්තු දේ දැයි විමසිලිමත් වන්න.
හිසරදය ඇති අවස්ථාවලදී නිවෙසේදී කළ හැකි සරල ප්‍රතිකාර කිහිපයකි.
* නාස විවර දෙක හොඳින් පිරිසුදු කර ගන්න.
* ඔබට හැකි ලෙස කිවිසුම් පිට කරන්න.
* උණු ජලයෙන් හුමාලය අල්ලන්න.
* හිස දෙපස පිරිසුදු උණු ජලයෙන්
තෙත මාත්තු කිරීම.
* තේ, කෝපි, ඉරමුසු, කොත්තමල්ලි වැනි
පානයක් හෝ උණු ජලය පානය කිරීම
බොහෝ විට අපි කරන කියනා දේ හේතු කොටගෙන හිසරදය ඇතිවේ. එහෙයින් ඔබ කරන කියනා දේ පිළිබඳ අවධානයෙන් සිටින්න.
දේශබන්දු රාජගුරු වෙද මහතා
මව්බිම පුවත්පත





0 Comments