කුරුලෑවලට
උඳුපියලිය කොළ සමඟ සුදු ලූනු ගෙඩි කීපයක් සිහින්ව අඹරා උදේ - හවස මූණේ ගෑමෙන් කුරුලෑ නැතිවේ.
දත් කැක්කුමට
මූණමල් ගසේ පොතුවල කුඩු දත් කැක්කුමට ඉතා සුදුසුයි.
පිලිස්සීමට
අළුහුනු ස්වල්පයක් ගෙන වතුරෙහි දියකර එයට පිරිසුදු පොල්තෙල් ස්වල්පයක් මිශ්‍රකොට ගෑමෙන් පිලිස්සීමෙන් වූ තුවාල සුව වේ.
කටු ඇදෙන්නට
වසතැල්ල සහමුලින් ගෙන කයිප්පු, කලුදුරු, අමුකහ, මුහුදු ලුණු, සුදු ලූනු සමඟ කොටා මලවා කටු ඇනුණු තැන මුඛය පාදා බඳිනු. දිනක් ඇතුළත ඇනුණු කටු උල් ඉවතට ඇදේ.
උම්බලකඩ ඇල් දියෙන් අඹරා කටු ඇනුණු තැන මුඛය පාදා බඳින්න. උල්කටු ඉවතට ඇදේ.
තෝර කොළ, අමුකහ සමඟ කොටා මලවා බඳිනු. ඇනුණු තැන ඉදිමී වේදනා සහිත වූ උණමින් සුවවේ.
කෝමාරිකා කැබැල්ලක් උණු අළු යට තබා තම්බා කටු ඇනුණ මුඛය විවර කර බඳිනු. එහි ඇති වේදනා සුවවේ.
වාත වේදනාවට
මුරුංගා මුලේ පොතු, අමුකහ දෙහි ඇඹුලෙන් අඹරා ගානු.
තොලබෝ කොළ, අමුකහ, ලුණු ලා කොටා උණු අළු යට තියා තම්බා බඳිනු.
උගුර ඇහිරී තිබේනම්
අමු ඉඟුරු - කලුදුරු - සුදු දුරු - අත්තික්කා පොතු සහිඳ ලුණු සමඟ ගෙන මීතෙලින් අඹරා බෙල්ලේ පිට ගානු.
නාසයෙන් ලේ යනවාට
දෙළුම් මල් කොටා තන කිරෙන් මිරිකා පෙරා නස්න කරන්න.
සුදු හඳුන්, සැවැන්දරා මුල්, ඉරිවේරිය, කලාඳුරු අල මේවා ඇල් දියෙන් අඹරා හිස මත ආලේප කරන්න.
සෙම් ගෙඩිවලට
කුප්පමේනිය දලු හා කොළ සුදු ලූනු අහුරක් දමා පිසගත් වෑංජන නිතර කෑමට ගන්න.
හිසරදයට
වදකහ, වියළි ඉඟුරු සමඟ තන කිරෙන් ගලගා නළලේ ආලේප කරන්න.
කලාඳුරු කුඩුකර නාසයට උරන්න.
බඩරුදාවට අත්දුටු බෙහෙතක්
ළිප මැදින් අළු ටිකක් ගෙන වතුර ටිකකට දමා දියකර පෑදෙන්න තබන්න. පසුව අමු ඉඟුරු කොටා අළුදිය කර වතුරෙන් මිරිකා බොන්න දෙන්න. බඩරුදාව වහා සුවවේ.
වියළි කැස්සට
පිරිසුදු නියම තල තෙල් ස්වල්පයක් ගෙන උගුර දඬුව අවට පිටතින් ගාන්න. රාත්‍රි කැස්ස අධික වනවිට කීපවරක් ගෑමෙන් ගුණ වේ.
කන් කැක්කුමකදී
සුදුලූනු බික් කිහිපයක් තළා පිරිසුදු කුඩා රෙදි කඩක් මත දමා පොට්ටනියක් සාදා කන තුළ තැබීම ගුණයි.
දත වේදනාවට
ගම්මිරිස් ඇට කිහිපයක් ලුණුු සමඟ අඹරා කුහරයට තබන්න.
පොල් කිරි ස්වල්පයක් කපු පුළුන් රොදක දවටා කැක්කුම ඇති දත මත තබන්න. විනාඩි 5කින් සුව වෙයි.
දත්මුල් දියවීම
පිලමුල් - මූණමල් පොතු සමව ගෙන තම්බා කට සෝදනු.
මව්බිම පුවත්පත





0 Comments