ඇදුම රෝගයට ප්‍රබල යන්ත්‍රයක පිහිට

ඇදුම රෝගීන්ගේ උදෙසා පාරම්පරිකව පැවැත එන ප්‍රබල කෙම් අනුගමනය කරමින් තමන්ටම හෝ තම පවුලේ අයකු ලවා සකස් කරවාගෙන කරට (ගෙලට) පැලැඳ ගැනීමටත් එමඟින් යම් සහනයක් සලසා ගැනීමට හැකිවන සේ ප්‍රබල කෙම් නූල පිළිබඳ පෙර ලිපියකින් දැනුම්වත් කළෙමු.

මෙම ලිපියෙන් තවදුරටත් ඇදුම රෝගයෙන් පීඩා විඳින රෝගීන්ට තමන්ටම සකස්කර ගත හැකි ප්‍රබල යන්ත්‍රයක් පිළිබඳ අවබෝධය ලබා දෙන්නෙමු. අප පරම්පරාවෙන් පැවැත එන මෙම යන්ත්‍රයට මහා භද්‍රකාලී මෑණියන්ගේ සහ ශිව දෙවියන්ගේ දේව ආකර්ෂණය තුළින් ලද මඟ පෙන්වීම හා සම්බන්ධ උපදෙස් අනුව මෙම යන්ත්‍රය සකස් කර ඇත.

අද ඔබට ඉදිරිපත් කරන මෙම යන්ත්‍රයට සමාන යන්ත්‍ර එක් එක් පාරම්පරික ඇදුරුතුමන්ලා සතුව ඇත. ඒ පිළිබඳ තමන්ට ආවේණික වූ ක්‍රියා මාර්ග අනුගමනය කරනු ඇත.

ඇදුම රෝගීන්ට, ඇතැම් ග්‍රහ දිෂ්ටි සහ ග්‍රහ බලපෑම් ඇතිවනු ඇත. එමෙන්ම පදිංචි ස්ථානයේ භූමියේ භූත - ප්‍රේත - අමනුෂ්‍ය බලවේගවල යම් ක්‍රියාකාරීත්වයක් තමාට එල්ලවී ඇත්දැයි සොයා බලන්න. එවැනි භූත දෝෂ නිවෙසේ තිබේද? යන්න ඔබටම සොයා බැලීමේ ක්‍රමයක් පසුගිය ජූලි 11 වැනිදා පලාපල පුවත්පතේ 'නිවෙසේ අමනුෂ්‍ය දෝෂ හඳුනා ගන්න පහසු ක්‍රමයක්' මැයෙන් වූ ලිපියේ සඳහන් කළෙමු.

එවැනි දෝෂ ඇත්නම් ඒවා ඉවත් කර ගැනුමට අවශ්‍ය පියවර ගන්න.

තඹ කොළයක් දිග අඟල් 5ක් හෝ 7ක් වනසේද, පළල අඟල් 2ක් වනසේද සකස් කරගන්න.

සෙනසුරාදා අලුයම ඉර උදාවීමට පෙර මෙම යන්ත්‍රය ඇඳීම ආරම්භ කරන්න. බුදු හාමුදුරුවන් ඇතුළු ත්‍රිවිධ රත්නය සහ දේව මණ්ඩලයද තමන්ගේ ඉෂ්ට දේවතාවන්ද සිහිපත් කර පහන් දල්වා යන්ත්‍රය ඇදීම සිදුකරන්න.

තඹ කොළයේ හතර වටේම දිග දෙපැත්තේ සහ පළල දෙපැත්තේද අඟල් 1/4 ක් බැගින් අඩු කර මෙහි සඳහන් අන්දමට යන්ත්‍රය ඇඳ ගන්න. අදාළ ස්ථානවල අකුරු යොදන්න. රේඛා නිතරම ද්විත්ව විය යුතු අතර, අංක එකේ සිට අංක අට දක්වා ඉලක්කම් යොදා ඇත. යන්ත්‍රයේ අට කොන දක්වා ඊට ඉලක්කම් යොදා ඇත. එම ඉලක්කම් වෙනුවට ත්‍රිශූලය ලකුණු කරන්න.

ත්‍රිශූල දෙකක් අතරට මෙය ලියන්න.

ඕ නීල ශ්‍රී යක්ෂණී හුං හුං පට්ටප්‍රලේ ස්වාහ--

ඕං අසුරා ගිනි යක්ෂණී අළ ශ්‍රී යක්‍ෂණී හුං හුං මදන

ශ්‍රී යක්ෂණී ශ්‍රී රාම බන්ධ ඒස්වාහ--...

පසුව බුදුන් උදෙසා පහන් තබා ස්ථානයේ එය තබා රාත්‍රි 8ට යන්ත්‍රයක් ජීවම් බල පිහිටුවීමේදී අනුගමනය කරන වත් - පිළිවෙත් පිළිබඳ සැලකිලිමත්ව කටයුතු කරමින් මල් බුලත් පුටුව සකසා, බුදු පිළිමයක් මල්, බුලත් පුටුව මත තබා ත්‍රිවිධ රත්නය උදෙසා ද, දේව මණ්ඩලය වෙනුවෙන්ද, ඉෂ්ට දේවතාවුන් වෙනුවෙන්ද පහන් දල්වා තෙල් - මල් - සුවඳ පූජා කැප කරන්න. සියලුම පූජා ද්‍රව්‍ය ඇත්නම් ඒවාද කැප කරන්න. (පලතුරු 5යි, කැවිලි වර්ග 5යි) තබන්න.

ත්‍රිවිධ රත්නය සිහිකර අදාළ ගාථා කියා තුන් සූත්‍රය සමඟ අට විසි පිරිත කියා දෙවියන්ට පින් දී මට / මාගේ දරුවාට නැත්නම් එම අයගේ නම කියා මෙම වැළ¼ද ඇත්තා වූ රෝගී තත්ත්වයෙන් මිදී සියලුම දෙවි දේවාතාවුන් වහන්සේගේ පිහිටාරක්ෂාව ලැබ අද ජීවම් බල පිහිටුවීමට ගන්නා වූ මෙම යන්ත්‍රයේ බල පිහිටුවා යහපත නිරෝගී සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරන්න. ආශීර්වාද ඉල්ලා සිටින්න.

ඉහත සඳහන් කළ ඕං නීල ශ්‍රී යක්‍ෂණී හුං හුං පට්ට ප්‍රලේස්වාහ... යන මන්ත්‍රය කියමින් තඹ කොළය එක් අතකට (වම් අතට) ගෙන අල්ල මත තඹ කොළය තබාගෙන සුවඳ කුඩු දකුණු අතේ ඇඟිලි තුඩුවලට අල්ලගෙන මුවට (කට ළඟට) ළං කර ගිනි කබලට මන්ත්‍රය කියා අවසන් වන විට එම කුඩු දමන්න. මේ ආකාරයටම 108 වරක් හෝ 324 වරක් ජීවම් බල පිහිටුවන්න.

ඉන්පසු

ඕං හී්‍රං ත්‍රිභූවන ග්‍රහණ දිෂ්ටි ගං රං රං

රර රර - වං වං වව වව - ත්‍රිභවා ආලෝක ධාරණී

ලං ලං ලං ලං - ලල ලල සලි සලි සෙලමල්

මල් මල් මල් රාශ්‍රී ස්වර ශ්‍රී ශ්‍රී ධාරණී ඉං ඉං

ඉතිපිසො භගවා කෝලට රූහිණී ඒහි ලෝක සරණ විජ්ජාචරන සම්පණ්ණෝ ප්‍රෝං ප්‍රිං යංයං ඉගිලී යං ඒහි ඒහි ඒස්වාහ--...

මෙම මන්ත්‍රයෙන්ද 108 වරක් හෝ 324 වරක් ජීවම් බල පිහිටුවාගෙන පසුදා (ඉරිදා) අලුයම පහට පෙර යන්ත්‍රය හකුළුවා ලීම කළ යුතුය. එසේ කිරීමේදී,

අහංකාර කාලි ශ්‍රී සිද්ධි මාංශ කාලි සිද්ධි ජය නර කදිර සිද්ධි සර්වේශ්වර සිද්ධි සිවරූපී අම්මා සිද්ධි යේස්වාහ--...

හත්වරක් කියමින් සුරය තුළට දමන්න.

ඉන්පසු තෙරුවන් සිහිපත් කර තුන් සූත්‍රය කියා සුරයේ ඇති තොණ්ඩු තුන තුළට අදාළ නූල දමා තොණ්ඩු දෙක දෙපැත්තේ ගැට දෙකක්ද, ඉන්පසු නූල් දෙක එකට එක දමන සේ අවසානයට දමන ගැටයද ගසමින් ගැට හිර කරන්න. ගැටය හිර කිරීමේදී එක් එක් ගැටයට,

ඕං නමෝ ආයු සිද්ධිං ඥාන සිද්ධිං මුඛා සිද්ධිං දේව සිද්ධිං බ්‍රහ්ම සිද්ධිං විෂ්ණු සිද්ධිං චන්ද්‍ර බන්දාම් ඉන්ද්‍ර බන්දාම් අක බන්දාම් ප්‍රාණ ප්‍රතිෂ්ටාම් සිද්ධි සිද්ධි ඒස්වා--

යන්න මතුරමින් ගැට හිර කරන්න.

මෙම යන්ත්‍රය සකස් කර ගනු ලබන ඇදුම රෝගීන්ට වෛද්‍යවරුන් දෙන වෛද්‍ය උපදෙස් ඔෟෂධ නිසි ලෙස පාවිච්චි කරන්න. අහිතකර ආහාරවලින් වළකින්න. මත්පැන් - දුම්පානය ආදියෙන් වළකින්න. ඉක්මනින්ම සුවය ලැබෙනු ඇත.

අම්බලන්තොට නෝනාගම සහ අනුරාධපුර කහටගස්දිගිලිය රුහුණු මහා භද්‍රකාලි අම්මාන් දේවාලයේ

දේවගැති රූපසිංහ වෙදමහතා
මව්බිම පුවත්පත

Post a Comment

0 Comments