ඇදුම රෝගයට කෙම් ක්‍රමයක්

ඇදුම රෝගය නිසා පීඩා විඳින බොහෝ දෙනකුට කුමන වෛද්‍ය ක්‍රමයක් තුළින් වුව ප්‍රතිකාර ලබා ගත්තද නිට්ටාවට සුවය ලැබීමට නොහැකිව ඉතා අසරණවී සිටී.
බටහිර ඔෟෂධ හෝ දේශීය ඔෟෂධ දිනපතාම මෙම රෝගීන්ගෙන් බොහෝ දෙනකු ගැනීමට පුරුදුවී සිටී. සීතල කෑම වර්ග මෙන්ම විවිධ කෑම වර්ග ගැනීමද මෙම රෝගීන්ට රෝගය උත්සන්න වීමට හේතුවේ.

මෙවැනි රෝගීන්ට අප පරම්පරාගතව එන රහස් කෙම් ක්‍රමයක් හඳුන්වාදී එය ඔබට හෝ ඔබ පවුලේ අයකු ලවා කරවාගෙන නිසි පරිදි සකස් කරගන්න. අදාළ නූල් ඒ ඒ දිනවල ඒ ඒ අයුරින් බැඳ ගන්න.

මෙම නූල් සකස් කර ගැනුමට පෙර අදාළ පුද්ගලයා පිරිසුදු වී සුදු වස්ත්‍රයකින් සැරැසී තමන්ගේ කාර්යය ඉටු කිරීමට සිතන්න.
ඉරිදා තුනක් මේ වෙනුවෙන් කැප කිරීමට සිදුවේ. ඉරිදා රාත්‍රියේ මල් බුලත් පුටුවක් හදාගන්න. බුදු පිළිමයක් හෝ පින්තූරයක් ඒ මත තබා සුවඳ මල්, හඳුන්කූරු ආදිය තබා ත්‍රිවිධ රත්නය සිහිකර වැඳ නමස්කාර කර මෙම නූල් ජීවම් බල පිහිටුවීම කළ යුතු අතර, ඊට පෙර පළමු ඉරිදා සුදු නූල් තුන් පොටක්ද, රතු නූල් හතර පොටක්ද, වනසේ සූදානම් කරගන්න.

මේ ආකාරයට දෙවැනි ඉරිදා කළු නූල් තුන්පොටක්ද සුදු නූල් හතර පොටක්ද වන සේ අරගෙන එකට අඹරා තබා ගන්න. එමෙන්ම තෙවැනි ඉරිදා බැඳීමට මේ ආකාරයට නූල් සකස් කරගන්න. සුදු නූල් හතර පොටක් කහ පැහැති නූල් තුන් පොටක්ද වන සේ අරගෙන එකට අඹරා ගන්න.
මේ ආකාරයට නූල් සකස් කර ගත යුත්තේ ඒ ඒ ඉරිදා දිනවල උදේ නූල් දැමීමට හැකිවන සේ අවශ්‍ය විදියට බව සලකන්න. පළමු දිනයේ සකස් කරගත්තේ පළමු ඉරිදාට අදාළ නූල් පමණි. සකස් කිරීම සෙනසුරාදා කළ යුතුය.

පළමු දින අදාළ නූල් සකස් කර ගැනීමෙන් පසු පෙර සඳහන් කළ පරිදි සකස් කරන ලද නූල්ද මල් බුලත් පුටුවේ තබන්න. බුදු පිළිමය ඉදිරියේ පහන දල්වා සුවඳ දුම් අල්ලා ත්‍රිවිධ රත්නය සිහිකර වැඳ නමස්කාර කර තුන් සූත්‍රය කියා සියලුම දෙවි දේවතාවුන්ට (ගමට ප්‍රදේශයට අධිපති ............ දෙවියන්ට, මහා භද්‍රකාලී, සත්පත්තිනි මෑණිවරුන්ටද, විෂ්ණු, කතරගම, ගම්බාර සිද්ධ සූනියම් ඇතුළු දෙවියන්ටද) පින් දී තබන ලද නූල අතට ගෙන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන්ද, සියලුම දෙවි දේවතාවුන් වහන්සේගේ ආනුභාවයෙන්ද පිනට පිහිට වී අප කෙරේ මා කෙරේ අනුකම්පා කර මට/ ......... වැලඳී ඇත්තා වූ ඇදුම රෝගයෙන් සම්පූර්ණ සුවය ලබා ගැනීමට මා විසින් ජීවම් බල පිහිටුවීමට යන මෙම නූල් බල පිහිටුවා දෙමින් ආශීර්වාද කර දෙන සේක්වා! පසුව නූල ගැට හතක් ගසා ගන්න.

පසුව ගැට ගසන ලද නූල වම් අතේ අල්ල මත තබාගෙන නූලේ එක් ගැටයක් අතේ මහපට ඇඟිල්ලේ සහ දබරඟිල්ලේ ඇඟිලි තුඩු දෙකෙන් අල්ලා මුවට (කටට) ළංකර ගන්න. අනිත් (දකුණු අත) අතේ මහපට ඇඟිල්ලේ සහ මැදඟිල්ලේ ඇඟිලි තුඩු දෙකම හෝ මහපට ඇඟිල්ලේ සහ මැදඟිල්ලේ ඇඟිලි තුඩුවලින් කට්ටකුමන්ජල් හෝ සාම්බ්‍රානි සුවඳ කුඩු (හල් දුම්මල කුඩුනම් වඩාත් හොඳයි) මැදිවන සේ අල්ලාගෙන මෙම මන්ත්‍රයෙන් ජීවම් කර අවසානයේ ඇඟිලි තුඩු දෙකට මැදීවී ඇති කුඩු අඟුරු කබලට දමා ඒ දුම් අල්ලේ තිබෙන නූලට වැදෙන සේ අල්ලන්න. ඒ ආකාරයට හත්වරක් බැගින් 49 වරක් ජීවම් බල එක් එක් ගැටය හත්වර බැගින් මතුරමින් පළමු ගැටය ළඟට දෙවැනි ගැටය වශයෙන් මුවට ළංකර බල පිහිටුවා ගන්න.

මන්ත්‍රය 

ඕං නීල ශ්‍රී  යක්‍ෂණී හුංහුං පට්ට ප්‍රලේස්වාහ--
ඕං අසුරා ගිනි යක්‍ෂණී අළ ශ්‍රී  යක්‍ෂණී හුං හුං
මදන යක්‍ෂණී ශ්‍රී  රාම බන්ධ බන්ධ ඒස්වාහ--
ගැට 7 තුන්වර බැගින් එක ගැටයට මතුරා ජීවම් බල පිහිටුවාලීමෙන් පසු,
ඕං යන්ත්‍රප්‍රාණ මන්ත්‍රප්‍රාණ තන්ත්‍රප්‍රාණ අක්ෂර ප්‍රාණ ජීව ප්‍රාණ
ප්‍රතිෂ්ඨාමි සිද්ධි ගුරු ගුරු ඒස්වාහ--

යන මන්ත්‍රයෙන් 21 වරක් හෝ 108 වරක් ජීවම් බල පිහිටුවාලන්න.
මේ ආකාරයට සෙනසුරාදා රාත්‍රියේ ජීවම් බල පිහිටුවා ගනු ලබන මෙම නූල පසුදින අලුයම කපුටා හඬන්න පෙර බැඳගන්න. (කරට දමා ගන්න.)
පිළිවෙළින් ඉරිදා තුනට ඒ ඒ ආකාරයට සකස් කරන ලද නූල් ඒ අයුරින්ම ජීවම් බල පිහිටුවා පැලඳ ගන්න. දෙවැනි සතියේ නූල බඳින විට පළමු සතියේ නූල අයින් කරන්න. තුන් මාසයක් යන තුරු පිළී ඇති මස් මාළු, කරවල ආදියෙන් වළකින්න.
මෙය ප්‍රබල කෙම් ක්‍රම මුසුවී බල පිහිටුවාලන බැවින් ඉතා කල්පනාවෙන් පිරිසුදු සිතින් සිත එක අරමුණක තබාගෙන කටයුතු කරන්න.

රුහුණේ භද්‍රකාලී අම්මාන් දේවාලයේ
දේවගැති රූපසිංහ
වෙද මහතා
0777497099

Post a Comment

0 Comments