මීන කාන්තාවකයේ පියයුරු මුල පිරිපුණ්ව අග කොටස දක්වා සිහින්වන ආකාරයෙන් වැඩී ඇත්නම් ජීවිතයේ මුල් කාලය ඉතා සැපවත්ව කාලය ගතකරන අතර පසුව දුකින් කාලය ගතකිරීමට සිදුවේ.සමව , ගනව , වක්‍රව පියයුරු වැඩී ඇති කාන්තාව රාගාධික වන නමුත් තම සැමියාට එකගව ආදර සහ කරුණාවෙන් යුතුව තම දරු දැරියන් සමග සතුටින් වාසය කරයි.විශාල ප්‍රමාණයට පියයුරු වැඩී ඇති කාන්තාව දුකින් අගහිගකම් සහිතව ජීවත්වන්නියක් වන්නේය.දිගටියට හෝ කුඩාවට පියයුරු වැඩී ඇති කාන්තාව ඉතා ශක්තිසම්පන්න පුරුෂයෙකුගේ ඇසුරේ කාමබෝගී ජීවිතයක් උරුමකරගන්නවා ඇත.දකුණු ලැම අනෙකට වඩා ප්‍රමාණයෙන් වැඩී ඇති කාන්තාව පිරිමි දරුවන් ලබයි.වම් ලැම අනෙකකට වඩා ප්‍රමාණයෙන් විශාලවූ කාන්තාව ගැහැණු දරුවන් ලබයි.රෝම කූපයන්ගෙන් තොරව මනාලෙස වැඩුනු පියයුරු ඇති කාන්තාව සැප සම්පතින් පිරි වාසනාවන්ත ජීවිතයකට උරුමකම් කියන්නියක්වේ.තන පුඩුව කලු වර්ණයෙන් යුතුව ගනව සැකසී ඇති කාන්තාව ගුන ධර්ම ආරක්ෂා කරමින් චරිතවත් ජීවිතයක් උරුමකරගන්නියක්වේ.
කාන්තාවකගේ උදරය මදක් පුලුල්ව එම ප්‍රමාණයටම විශාලවී සැකසී ඇත්නම් ඇය විවිධ කටයුතු පිලිබදව මනා වැටහීමකින් යුතුව කටයුතු කරන බොහෝ දරුවන් ලබන තැනැත්තියක් වන්නේය.ලොම් සහිතව හැකිලිණු බවින් යුතු උදරයක් පිහිටා ඇති කාන්තාව බොහෝ දුක් ලබමින් ජීවිතය ගෙනයයි.උදරයේ රැලි තුනක් සහිත කාන්තාව රාගාධිකව කටයුතු කරන අතර නිතර සිනහමුසු මුහුණින් යුතුව සිටී.දික් වූ උදරය ඇති කාන්තාව බලවත් පිරිමි දරුවන් ලබන්නියක් වන්නේය.ගෙම්බෙකුගේ උදරයට සමාන උදරයක් පිහිටා ඇති කාන්තාව ඉතා සැපවත් බලවත් ජීවිතයක් ලබයි.උදරයේ ලප හෝ ඉන්නන් පිහිටා ඇත්නම් එවැනි කාන්තාවන් ඉතා වාසනාවන්ත පුරුෂයෙකු ලබා සැපසේ ජීවිතය ගෙන යයි.
යම් කාන්තාවකගේ පිට මසින් පිරී,නහර,ඇට ආදිය සැගවී ඇත්නම් වාසනාවන්තියක් වන්නේය,සියලු සැප සම්පත් බුක්තිවිදී.යහපත් ස්වාමියෙක් ලබනවාද ඇත.පිටේ රෝමයෙන් සැකසී ඇති සුලියක් පිහිටි කාන්තාව කුල පරම්පරාවේ ගෞරවයට සහ සිය ස්වාමියාගේ ගෞරවයට හානි වනලෙස කටයුතු කරයි.පිට මසින් අඩුව ඇට නහර මතුවී ඇති කාන්තාව අවාසනාව සමග ජීවිතය ගෙනයයි.පිට සමව සැකසී,රෝමයන්ගෙන් තොරව ඇදවීම් රහිතව සැකසී ඇති නම් එම කාන්තාව සියල්ල තුල තම වාසනා මහිමය මතුකරමින් කටයුතු කරන තැනැත්තියක් වන්නේය.
යම් කාන්තාවකගේ උකුල ප්‍රදේශය මනාලෙස වැඩී,සිහින්ව සිනිදුව මනා හැඩයෙන් යුතුව සැකසී ඇත්නම් එවන් කාන්තාවන් යහපත් ස්වාමි පුරුෂයන් ලබා වාසනාවෙන් යුතුව සමාජයට ගෞරවයෙන් යුතුව කටයුතු කරයි.සමාජයෙන්පෙරලා ගෞරව ලබයි.කාන්තාවකගේ උකුල ප්‍රදේශය ඉහත සදහන් කල ආකාරයෙන් නොව,වෙන කුමන ආකාරයකින් සැකසී පැවතියත් සුබඵල නොලබන පිහිටීමක් වන බව සදහන් කර ඇත.
යම් කාන්තාවකගේ දකුණට කැරකුනාවූ සියුම් රෝමයන්ගෙන් යුතුව යටිබඩ ප්‍රදේශය සැකසී ඇතිනම්,එවැනි කාන්තාවන් සියලු යස ඉසුරු ලබා සැපවත් වාසනාවන්ත ජීවිතයකට උරුමකම් ලබන බව සදහන්වේ.වාමාර්තව රෝමයන් යටිබඩ ප්‍රදේශයේ පිහිටා ඇති කාන්තාව අවාසනාවන්තියක් බවත් දිළිදු ජීවිතයකට උරුමකම් කියන බවත් පොතපතෙහි සදහන් කර ඇත.
යම් කාන්තාවකයේ අවුල්වූ රෝමයන්ගෙන් යුතුව හෝ හිස් කබලක් මෙන් ගනව යෝනි ප්‍රදේශය පිහිටා ඇත්නම් එම පිහිටීම අයහපත් බවත් සියුම් රෝමයන්ගෙන් ගැවසී මෘදු මොලොක්ව යෝනි ප්‍රදේශය සැකසී ඇත්නම් එය මහත් වාසනාවක් බවත් සදහන්වේ.ඇදවූ යෝනිය ඇති කාන්තාව පාපී බවින් කටයුතු කරයි.වකුටුවූ යෝනිය ඇත්තියන් දුශ්ටගති ප්‍රකට කරයි.යෝනියෙහි දකුණු පස උස්ව පිහිටයි නම් පිරිමි දරුවන් ලබන බවද,වම් පස උස්ව පිහිටයි නම් ගැහැණු දරුවන් ලබන බවද සදහන්වේ.හැකිලී ඇති යෝනිය සහිත කාන්තාව දරුවන් ලැබීම දුර්වල තැනැත්තියක්වේ.
යම් කාන්තාවකගේ උස් වූ මනාලෙස මොලොක්ව වස්තිය වැඩී ඇත්නම්,එවැනි කාන්තාවන් තම පවුලට මෙන්ම සමාජයටද යහපත ඇතිවන ආකාරයෙන් කටයුතු කරනා තැනැත්තියක් වන බවද රෝමකූපයෙන් සහ නහර ආදියෙන් පැහැදිලි දැකීමක් නැතිව වස්තිය සැකසී ඇති කාන්තාව වාසනාගුණයෙන් දුර්වල වූ තැනැත්තියක් වනබවද පැරණි පොතපතෙහි සදහන්ව ඇත.
පින භාග්‍යය සහිත උතුම් ගුණ පිරි ස්ත්‍රියක හදුනා ගැනීම සදහා දේහ ලක්ෂණ අංග ලක්ෂණ වේද ශාස්ත්‍රයෙහි සදහන් ස්ත්‍රී දේහ ලක්ෂණ 20 ක් පිළිබදව වූ සවිස්තරය.
යම් කාන්තාවකගේ කලවා ඇත් සොඩක් මෙන් පිහිටා සියුම් රෝමයන්ගෙන් සැකසී ඇත්නම් ඇය වාසනාවන්ත බලවත් පුරුෂයන් ලබන බවත් කෘශ වූ දෙකලබා ඇති කාන්තාව සදාකාලික දුක උරුබ බවත් කියවේ.එමෙන්ම යම් කාන්තාවකගේ දනහිස් මසින් පිරී වටකුරුව සැකසී ඇත්නම් ධන ධාන්‍ය යාන වාහන ලබන වාසනාව හිමි බවත් කෙසග වූ දෙදෙන පිහිටා ඇති කාන්තාව දිලිදුකමින් පීඩා විදින බවත් සදහන් වේ.කාන්තාවකගේ කෙන්ඩා යුග්මය සිනිදුව දිලිසෙන ගතියෙන් යුතුව මනාලෙස වටකුරුව සැකසී ඇත්නම් එය යහපත් බවත්,එමෙන්ම එක් එක් කූපයෙහි එක් රෝමය බැගි පිහිටා ඇත්නම් එය බලවත් සුබ තත්වයක් ලෙසත් සදහන්වේ.නමුත් අපිලිවෙලට පිහිටි රෝම කූපයන්ගෙන් කෙන්ඩා වැසී ඇත්නම් එය අසුබ ලක්ෂණයක් ලෙසත් සදහන්වේ.
දුර්ගුණ සහිත ස්ත්‍රී දේහ ලක්ෂණ පිළිබදව වේද ශාස්ත්‍රීය දැනුමක සවිස්තරය.
මහත් වූ විලුඹ ඇති කාන්තාව ආගම දමින් වෙන්ව කටයුතු කරන අතර උස්ව විලුඹ පිහිටා ඇති කාන්තාව අනාචාරයට යොමුවේ.දිලිසෙන ගතියෙන් යුත් විලුඹ සහිත කාන්තාව රාගයෙන් මත්වන්නාක් මෙන්ම ලෝබී ගතියෙන්ද යුතුය.රත් පැහැයෙන් යුතුව මනාලෙස මසින් ගැවසීගත් විලුඹ ඇති කාන්තාව තම අරමුණු යහපත් මාර්ගයෙන් ඉටුකරගනිමින් සියල්ලන්ටම ආදර්ෂයක් වන ලෙස හැසිරේ.එමෙන්ම කාන්තාවකගේ පිටි පතුල සියුම්ව මනාලෙස වැඩී නහර ඇට ආදිය සැගව පිහිටා ඇත්නම් එම කාන්තාව යහපත් ගුණ දහම් ආරක්ෂා කරන්නියක් වන බවත් රලුව , ගනව නහර මතුවූ පිටිපතුළ සහිත කාන්තාව අයහපත් යැයි සම්මත දර්මයන්ට යොමුව කටයුතු කරන බවත් සදහන්වේ.
කාන්තා දේහ ලක්ෂණ පලමු කොටස
0 Comments