මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් අටවැන්නට පැමිණෙන සෙනසුරු ලග්න අශ්ටම ඒරාශ්ටක අපලය ඇතිකරයි.සියලුම මේෂ ලග්න හිමියන් මෙම අපලයට ලක්වේ.ඔබගේ ජම්ම කේන්ද්‍රයේ සදු ග්‍රහයා ලග්නයේ තැම්පත්ව සිටියේනම් ලග්න අශ්ටම ඒරාශ්ටකය සමග චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටකයද යෙදෙනු ඇත.ඔබගේ කේන්ද්‍රයේ උපතින් සදු ග්‍රහයා ලග්නයෙන් අටවැන්නේ තැම්පත්ව සිටියේ නම් ලග්න අශ්ටම ඒරාශ්ටක අපල සමගම ජම්ම ඒරාශ්ටක අපලද ආරම්බවනු ඇත.
වෘෂභ ලග්නයෙන් උපන් ඔබට සෙනසුරු ග්‍රහයා ලග්නයෙන් හත්වැන්නට පැමිනේ.එසේ සෙනසුරු ග්‍රහයා ලග්නයෙන් හත්වැන්නට පැමිනීම සිදුවන විට ඔබගේ උප්පත්ති කේන්ද්‍රයේ ලග්නයෙන් හත්වැන්නේ සදු ග්‍රහයා තැම්පත්ව සිටියේනම් ජම්ම ඒරාශ්ටක අපල ආරම්බ වන අතර ලග්නයෙන් දොලොස්වැන්නේ තැම්පත්ව සිටියේ නම් චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටකය ආරම්බ වනු ඇත.
මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් හයවැන්නට සෙනසුරු ග්‍රහයා පැමිණේ.ඔබගේ ජම්ම කේන්ද්‍රයේ සදු ග්‍රහයා ලග්නයෙන් හයවැන්නේ තැම්පත්ව සිටින්නේ නම් ඔබට ජම්ම ඒරාශ්ටක අපල ආරම්බ වනු ඇත.එමෙන්ම ලග්නයෙන් එකොලොස්වැන්නේ සදු ග්‍රහයා තැමපත්ව සිටියේ නම් චන්ද්‍ර අශ්ටල ඒරාශ්ටක අපල ආරම්බවනු ඇත.
කටක ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් පස්වැන්නට සෙනසුරු පැමිණෙන අතර උපතේදී සදු ග්‍රහයා ලග්නයෙන් පස්වැන්නේ තැම්පත්ව සිටියේනම් ඔබට ජම්ම ඒරාශ්ටක අපල ආරම්බ වන අතර ලග්නයෙන් දසවැන්නේ සදු ග්‍රහයා තැම්පත්ව සිටියේනම් ඔබට චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටක අපල ආරම්බවනු ඇත.
ඔබ සිංහ ලග්නයෙන් උපන් අයෙකු නම් ඔබගේ ලග්නයෙන් සිව්වැන්නට සෙනසුරු ග්‍රහයා පැමිණේ.උපතේදී සදු ග්‍රහයා ලග්නයෙන් සිව්වැන්නේ තැම්පත්ව සිටියේ නම් ජම්ම ඒරාශ්ටක අපල ආරම්බවේ.සදු ග්‍රහයා ලග්නයෙන් නමවැන්නේ තැම්පත්ව සිටියේ නම් චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටක අපල ආරම්බවනු ඇත.
කන්‍යා ලග්නයෙන් උපන් ඔබට ඔබගේ ලග්නයෙන් තුන්වැන්නට සෙනසුරු ග්‍රහයා පැමිණෙන අතර ඔබට වසර හතයි මාස හයක් පුරාවට ලග්න ඒරාශ්ටක අපල ඒ සමගම අවසන් වනු ඇත.නමුත් උපතේදී සදු ග්‍රහයා ලග්නයෙන් තුන්වැන්නේ තැම්පත්ව සිටියේ නම් ජම්ම ඒරාශ්ටක අපල ආරම්බවනවා ඇත.සදු ග්‍රහයා ඔබගේ කේන්ද්‍රයේ ලග්නයෙන් අටවැන්නේ තැම්පත්ව සිටියේ නම් ඔබට චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටක අපලය සදහා මුහුණ දීමට සිදුවනු ඇත
තුලා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් දෙවැන්නට සෙනසුරුගේ පැමිණීම සිදුවන අතර වසර හතයි මාස හයක් පුරා පවතින ලග්න ඒරාශ්ටක අපලයේ වසර පහක අපල කාලයක් අවසන් කරමින් ලග්න ඒරාශ්ටක අපලයේ අවසන් කොටස මේ සමගම ආරම්බ වනවා ඇත.ඔබගේ ජම්ම කේන්ද්‍රයේ සදු ග්‍රහයා ලග්නයෙන් දෙවැන්නේ තැම්පත්ව සිටියේ නම් ජම්ම ඒරාශ්ටක අපලය ලග්න ඒරාශ්ටක අපලය සමග ආරම්බ වනු ඇත.එමෙන්ම ලග්නයෙන් හත්වැන්නේ සෙනසුරු ග්‍රහයා තැම්පත්ව සිටියේ නම් ලග්න ඒරාශ්ටක අපලයේ අවසන් කොටස සමග චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටක අපලයට මුහුණ දීමට ඔබට සිදුවනවා ඇත.
වෘශ්චික ලග්න හිමියන්ගේ ලග්නයට සෙනසුරු ග්‍රහයා පැමිණේ.එය ඔබ දැනට ගෙවමින් පවතින ලග්න ඒරාශ්ටක අපලයේ මැද කොටස ආරම්බ වීමයි.එමෙන්ම සදු ග්‍රහයාද උපතේදී ලග්නගතව සිටියේ නම් ඔබට ලග්න ඒරාශ්ටක අපලගේ මැද කොටස සමග ජම්ම ඒරාශ්ටක අපලයද ආරම්බ වනවා ඇත.එමෙන්ම උප්පත්ති කේන්ද්‍රයේ සදු ග්‍රහයා ලග්නයෙන් හයවැන්නේ තැම්පත්ව සිටියේ නම් ලග්න ඒරාශ්ටකයේ මැද කොටස සමග චන්ද්‍ර අශ්ටල ඒරාශ්ටක අපලයද ආරම්බ වනවා ඇත.
ධනු ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් දොලොස්වැන්නට සෙනසුරුගේ පැමිණීම සිදුවේ.මෙය වසර හතයි මාස හයක් දක්වා පවතින සෙනසුරුගේ ලග්න ඒරාශ්ටක අපලයක ආරම්බයයි.සදු ග්‍රහයා උපතේදී ලග්නයෙන් දොලොස්වැන්නේ තැම්පත්ව සිටියේ නම් ලග්න ඒරාශ්ටකයේ ආරම්බයත් සමග ජම්ම ඒරාශ්ටක අපලද ආරම්බ වනු ඇත.සදු ග්‍රහයා ලග්නයෙන් පස්වැන්නේ තැම්පත්ව සිටියේ නම් ලග්න ඒරාශ්ටක අපලය සමග චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටක අපලයද ඔබට ආරම්බ වනවා ඇත.
මකර ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් එකොලොස්වැන්නට සෙනසුරු ග්‍රහයාගේ පැමිණීම සිදුවේ.සදු ග්‍රහයා උපතේදී ලග්නයෙන් එකොලොස් වැන්නේ තැම්පත්ව සිටියේ නම් ඔබට ජම්ම ඒරාශ්ටක අපලයත්, සදු ග්‍රහයා ලග්නයෙන් සිවැන්නේ තැම්පත්ව සිටියේ නම් චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටක අපලයත් ආරම්බවනු ඇත.
කුම්භ ලග්න ඔබගේ ලග්නයෙන් දසවැන්නට සදු ග්‍රහයා පැමිණෙන අතර උපතේදී සදු ග්‍රහයා ලග්නයෙන් දසවැන්නේ තැම්පත්ව සිටියේ නම් ජම්ම ඒරාශ්ටක අපලයත්,උපතේදී සදු ග්‍රහයා ලග්නයෙන් තුන්වැන්නේ තැම්පත්ව සිටියේ නම් චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටක අපලයත් ඔබට ආරම්බ වනු ඇත.
මීන ලග්න ඔබගේ ලග්නයෙන් නමවැන්නට සෙනසුරු ග්‍රහයාගේ පැමිණීම සිදුවේ.මේ සමගම වසර දෙකයි,මාස හයක් දක්වා පැවති ලග්න අශ්ටම ඒරාශ්ටක අපලය අවසන් වනවා ඇත.නමුත් උපතේදී සදු ග්‍රහයා ලග්නයෙන් නමවැන්නේ තැම්පත්ව සිටියේ නම් ඔබට ජම්ම ඒරාශ්ටක අපලයට ලක්වීමට සිදුවනු ඇත.නැතිනම් උපතේදී සදු ග්‍රහයා ලග්නයෙන් දෙවැන්නේ තැම්පත්ව සිටියේ නම් ඔබට චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටක අපලයට මුහුණ දීමට සිදුවනු ඇත.
ඉහත සදහන් කල ආකාරයට සෙනසුරු වෘශ්චික රාශියට පැමිණීමත් සමග ලග්න දොලසින් උපන් ඔබට ඒරාශ්ටක අපල ආරම්බවීම සිදුවනු ඇත.මෙහිදී උපතේදී සදු ග්‍රහයා වෘශ්චික රාශියේ තැම්පත්ව 2014.11.02 ජම්ම ඒරාශ්ටක ආරම්බවන ඒ ඒ ලග්න හිමියන් වැඩි සැලකිලිමත් බාවයකින් කටයුතු කිරීම වැදගත්වේ.සදු ග්‍රහයා වෘශ්චික රාශියේ දුර්වල හෙවත් නීච බලය ලබා උපතේදී තැම්පත්ව සිටියේනම්,සෙනසුරු එහි පැමිණීමෙන් ඇතිකරන අපල තත්වය ඉතා දරුණු වනු ඇත.
ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය
0 Comments