ඇසේ ඇතිවන රෝග සදහා සිංහල අත්බෙහෙත්

ඇස් විරේකයක් 

දොඹ කොල තම්බා පෙරා බේසමකට වත්කර ඇස් එම ජලයේ ගිල්වා කරකවන්න.

ඇසේ ඇතිවන වේදනාවන් සදහා

කොහොඹ දලු , බෝදලු , සමව ගෙන තම්බා එම වතුරින් ඇස් සෝදන්න.පිරිසිදු වැසි වතුර එකතුකර බෝතල් බාගයක් පමණ වනසේ ගෙන,සීනක්කාරණ් කළදක් කුඩුකර දමා දවසකට තුන්වරක් ඇසට වත්කරන්න.

ඇස්වලින් කදුලු ගලනවාට

කපුරු සහ පිච්ච මල් සමව ගෙන පිනිදියෙන් අඹරා පෙරා දෙපැයකට වරක් බැගින් ඇසට වත්කරන්න

ඇස්වලින් කබ ගලනවාට

බුලුමද කිහිපයක් ගෙන මීපැණියෙන් සියුම්ව අඹරා ඇස් වටා ගාන්න.

ඇසේ රතට

අරළු , බුලු , නෙල්ළි , වැල්මී , වෙනිවැල්ගැට යන මේවා කළද බැගින් ගෙන පත හතරක් පත භාගයකට සිද පෙරා නිවුනු පසු දවසට වරක් බැගින් ඇසට වත්කරන්න.

ඇසේ තැල්මට

කහගොඹ සහ කොහොඹ දලු සමව ගෙන අඹරා ඉස්ම ඇහැට වත්කරන්න

පොතපත ඇසුරෙන්
ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය

Post a Comment

0 Comments