දත් සම්බන්දව ඇතිවන රෝග සදහා සිංහල අත්බෙහෙත්

දත් කැක්කුමට

කපු පුලුන් කැබැල්ලක් කුරුදු තෙලින් තෙමා කැක්කුම ඇති තැන තබන්න.නික කොල , සුදුලූනු , වලග සාල් , එක පමණට ගෙන කොටා මිරිකා තලතෙල් දමා රත්කර කටසෝදන්න.

අකලට දත් සෙලවීමට

අරළු , පොල්මුල් , පුවක් මුල් , සමව ගෙන කොටා තම්බා කපුරු මිශ්‍රකර කට සෝදන්න.

දත්මුල් දියවීමට

අරළු තම්බාගත් වතුරට සීනක්කාරන් මදටිය ඇට තුනක බරට දමා කට සෝදන්න.

දත් පණුවන් කෑමට

ඉගුරු , ගම්මිරිස් , තිප්පිලි , දෙහි දළු , නික දළු , අක්මැල්ල කොල , උණු දියෙන් අබරා පණු කුහර තුල තබන්න.

දත්මුල් පැසවා සැරව පිටවීමට

අරළු මදක් කහ පැහැයට හැරෙන තෙක් කබලේ බැද සීනක්කාරන් කැබැල්ලක් සමග එම කබලේම රත්කර එකට කුඩුකර එම කුඩුවලින් දත් මදින්න.නැතිනම් තැඹිලි මුල් , කිඹිරි මුල් , නිකමුල් , ගිරිතිල්ල මුල් , තල් මුල් , පනාපත් , ඉගුරු , ගම්මිරිස් , තිප්පිලි , අමුවල පිදුරු , රත්කූර මුල් , යන මේවා සමව ගෙන තම්බා කට සෝදන්න.

හකු පිලිකාවට

කටරොළු ඇට , කරල් හැබ ඇට , නික පොතු , වරාමුල් , ඉගුරු , තිප්පිලි , මුව අං කුඩු , යන මේවා සමග ගෙන හාල්පාන දියෙන් අඹරා රෙදි කෑල්ලක ගා ගෙඩියේ එලන්න.

හක්කෙ මස්දලු පිලිකාවට

ඉගුරු , දෙහි ඇට , පෙති පුවක් , පෙති පුවක් සමව ගෙන නස්නාරන් ඇඹුලෙන් අඹරා එරඩු දලුවක ගා එලන්න.

පොතපත ඇසුරෙන්
ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය

Post a Comment

0 Comments