පුරුෂ දේහ ලක්ෂණ විග්‍රහය : පලමු කොටස




පුරුෂයෙකුගේ හිස වටකුරුව මහත්ව මනාලෙස වැඩී ඇත්නම් එම පුරුෂයා මහත් ධනය ලබන අතර ජනතා ප්‍රසාධය ලබනවාද ඇත.එමෙන්ම යම් පුරුෂයෙකුගේ හිස පිටුපස තරමක් දිව පිහිටා ඇත්නම් බුද්ධිමත්ව කටයුතු කරන්නාවූ ඕනෑම කටයුත්තක් පිලිබදව පහසුවෙන් වටහාගැනීමේ දක්ෂතාවයක් සහිත අයෙකි.යම් පුරුෂයෙකුගේ හිසෙහි දකුණු හෝ වම් පස ඉන්නන් හෝ ලප පිහිටා ඇත්නම් මහත් ධනය වස්තුව ලබන අයෙකු වනු ඇත.

යම් පුරුෂයෙකුගේ හිසකෙස් රැලි සහිතව පිහිටා ඇත්නම් ධාර්මිකව කටයුතු කරනා මනා බුද්ධියකින් ජීවත්වන අයෙකු වන්නේය.කාල වර්ණයෙන් යුතු ඝණ වූ කෙස් පිහිටා ඇත්නම් මෘදු මොලොක් සිතුවිලි සහිත කෙනෙකි.යම් පුරුෂයෙකුගේ හිසකෙස් තඹ පැහැයෙන් යුතුනම් වලහෙළද කටයුතු සදහ දක්ෂ උවද යටපත්ව ඇති මෝඩගති නිසා තම ධනය විනාෂ කරගන්නා අයෙකු වනු ඇත.

යම් පුරුෂයෙකුගේ නළල් තලය උස්ව විහිදී ගියේනම් එම පුරුෂයා ක්‍රිඩාවෙහි දක්ෂ කතාවෙහි දක්ෂ කෙනෙකු මෙන්ම තරමක කපටි ගතියෙන්ද යුතු අයෙකි.නළල දෙපස නහර ගැටගැසීම් සහිතව පිහිටා ඇත්නම් එම පුරුෂයා බුද්ධිමත්ව කටයුතු කරනා අයෙකු නමුත් කෝපගති ඇතිවද ක්‍රියාකරනා අයෙකු වන්නේය.නළල හතරැස් ආකාරය පිහිටා ඇත්නම් ඔහු දුරදිග බලා විමසිලිමත්ව කටයුතු කරනා අයෙකු වන්නේය.නළල මුදුන උස්ව පිහිටියේ නම් උඩගු සිතින් යුතුව කටයුතු කරනා අයෙකුවේ.නළල පැතලි දිගුව හැඩයට පිහිටා ඇත්නම් ඔහු නපුරු ක්‍රියාවන්හි නිරත වන්නෙක්වේ.පුරුෂයෙකුගේ නළල අඩසදක් මෙන්පිහිටීම අයහපත්ය.අලස ගති ඇති ගුණධර්මයෙන් හීන පුද්ගලයෙකු වන්නේය.

යම් පුරුෂයෙකුගේ ඇස් වපර ගතියෙන් පිහිටා ඇත්නම් දුසිරිත් ක්‍රියාවන්හි නිරත අයෙකු වන්නේය.ඇස් කොන් රත් පැහැගත්තේනම් අඩදඹරයෙහි දක්ෂයෙකි.දුඹුරු පැහැයට හුරු ඇස් පිහිටියේ නම් ඔහු අනුන්ගේ ඕපාදූප ඇසීමටත් කීමටත් ඇල්මක් දක්වන අයෙකු වන්නේය.නීල වර්ණ ඇස් පිහිටා ඇති පුරුෂයා වාසනාවන්තයෙකි.තම වාසනාව අන් අයටද බෙදා දෙන සත්පුරුෂයෙකු වනු ඇත.ගෞරවය ලබනු ඇත.කුඩා ඇස් පිහිටා ඇති පුරුෂයා ඉවසීමෙන් යුතුව කටයුතු කරයි.විශාල ප්‍රමාණයේ ඇස් පිහිටා ඇති පුරුෂයා දීර්ඝායුෂ ලබනවා ඇත.

යම් පුරුෂයෙකුගේ නාසය විෂාලව පිහිටියේ නම් මනා අවබෝදයකින් යුතුව උත්සහයෙක් කටයුතු කරනා අයෙකුවේ.යමෙකුගේ නාසය දික්ව පිහිටා ඇත්නම් ඔහු සාමදානව කටයුතු කරනා ඉටුකරගන්නා අදහස් ඇත්තෙකු වූවත් දුබල ශරීරයක් ඇති අයෙකුවේ.කුඩා නාසය පිහිටා ඇති පුරුෂයා අලස ගතියෙන් යුතුය.නිතර කෝපයෙන් කට්යුතු කරයි.තම මිතුරන් සමග උවද ඉවසීම් රහිතව කටයුතු කරන්නෙක්වේ.නාසය මොලොක්ව පිහිටා නාසයේ අග උස්ව පිහිටියේ නම් කාම රාග අදහස් බලවත් වූ අයෙකුවේ.නාසයේ පුටු පලල්ව පිහිටා ඇත්නම් බුද්ධිමත්ව ක්‍රියාකරන්නෙකුවේ.නාසයේ පුටු කුඩානම් නපුරු ක්‍රියාවන් කරන අයෙකු වන අතර හදිසි දුක් කරදර ඇතිකරගන්නා අයෙකු වන්නේය.

යම් පුරුෂයෙකුගේ බෙල්ල වටව මසින් පිරී උස්ව පිහිටා ඇත්නම් ධනය ලබනා වාසනාවත් ජනතාව අතර ගෞරවය ලබනා වාසනාවත් හිමි අයෙකුවේ.බෙල්ල දික්ව පිහිටා ඇත්නම් දිළිදුවේ.දිලිසෙනා ආකාරයේ පිරිපුන් බෙල්ලක් පුහිටා ඇති පුරුෂයා ආගමට දහමට ලැදී ධනයෙන් බලයෙන් උසස් වන්නාවූ අයෙකු වන්නේය.

යම් පුරුෂයෙකුගේ දෙවුර මහත්ව පුළුල්ව පිහිටියේ නම් උත්සහයෙන් කටයුතු කර ධනය සැපය බලය ලබනා අයෙකු වන්නේය.යම් පුරුෂයෙකුගේ දෙවුර පටුව  පිහිටා ඇත්නම් අලස ගති ඇති අයෙකු වන්නේය.යම් පුරුෂයෙකුගේ දෙවුර උස්ව පිහිටා ඇත්නම් ධනවත් අයෙකු වන්නේය

පුරුෂයෙකුගේ අත් දිව පිහිටියේ නම් මනා බුද්ධියකින් කටයුතු කරනා වාසනාවන්තයෙකු වන්නේය.අත් කොටව පිහිටා ඇත්නම් නීච ක්‍රියාවන් කරනා අයෙකුවේ.අත් මසින් පිරී පිරිපුණ්ව පිහිටියේ නම් දුටු දුටුවන් ප්‍රිය කරනා විවිධ සම්පත් ලබනා අයෙකු වන්නේය.රෝමයන්ගෙන් පිරී ඇති අත් ඇති පුරුෂයා බොහෝ කටයුතු පිලිබදව මනා දැනුමක් ඇත්තෙක් වන්නේය.උත්සහයෙන් කටයුතු කරයි.

පුළුල් වූද මනාලෙස සිනිදු රෝමයන්ගෙන් ගැවසුනා වූද ඇට නහර මස් ආදිය නොපෙනෙනා ආකාරයෙන් පිහිටියා වූද ලැම ඇති පුරුෂයා සත්පුරුෂයෙකු වන්නේය.උත්සහයෙන් කටයුතු කරනා,ස්තිර සිතින් යුතුව තම අරමුණු ජයගන්නා අයෙකු වනවා මෙන්ම දීර්ගායුෂ ලබනා සමාජ ගෞරවයට ලක්වන අයෙකු වන්නේය.රෝම රහිත ලැම ඇති පුරුෂයා දුෂ්ට ක්‍රියාවන්හි නිරතවේ.වෙහෙසකරවූ ජීවිතයක් උරුම කරගන්නා අයෙකුවේ.

උම් පුරුෂයෙකුගේ උදරය සමව පිහිටා තිබීම යහපත්ය.ඔහු උත්සහයෙන් සියල්ල ජයගන්නා අයෙකි.ඕනෑම කටයුත්තක් දෙවරක් සිතාබලා යහපත්දේ පමනක් ක්‍රියාවේ යොදවනවා ඇත.උදරය ගර්ඹණී කාන්තාවකගේ මෙන් පිහිටා ඇත්නම් පහසුවෙන් රෝගවලට හසුවේ.ශරීර ගත රෝග තත්වයන් පිහිටා තිබිය හැකිය.නමුත් ධනය ලබන වාසනාව ඔහු සතුව පවතී.වඩා කුඩා නොවූත් වඩා විශාල නොවූත් උදරය ඇති පුරුෂයා ජීවිතේ සියල්ල පිලිබදව සමානව සිතාබලා කටයුතු කරනා අයෙකු වේ.දුක ඇති අවස්තාවක උවද එයට අනුගතව ක්‍රියා කරනා අයෙකුවේ.සැප ඇති අවස්තාවේදීද එලෙසමය.එවැනි පුද්ගලයන් හට දුක හෝ සැප සමව විදදරා ගැනීමේ ආත්ම ශක්තිය බලවත්ව පිහිටා ඇත.

sathiye lagna palapala.අපල යෙදෙන මහදසා සහ අතුරු දසාවන් : Hadahana Lanka Astrological Services in Srilanka : Horoscope reading service in Sri Lanka : Horoscope Matching : ජනක පී කුමාර : හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය
ජනක පී කුමාර
හදහන ලංකා ජ්‍යෙතිෂය සේවය

Post a Comment

0 Comments