සිකුරුගේ අපලය දුරුකරන්න


සිකුරුගේ අපල යෙදෙන විට ලෞකික ජීවිතයේ රසාස්වාදයට ගැටලූ ඇතිවේ. ආරවුල් ආදියට මැදිහත් වන සුලූය. ප‍්‍රියයන්ගෙන් වෙන් වේ. කාන්තාවන් නිසා සිත්  කනගාටු, සිත් කරදර, ඇතිවේ. ආදර සබඳතාවන්ට, යුග ජීවිතයේ රසාස්වාදයේ ගැටලූ යෙදෙන අවස්ථා ඇතිවේ. ඉඩම්, ගෙවල්, වාහන, බැංකු ගිණුම් යන කරුණුවල විවිධ ගැටලූ මතුවීමට පුළුවන. තමාගේ ඇති නොසැලකිලිමත් භාවය නිසා වෘත්තීය කටයුතුවලට, දියුණුවේ කටයුතුවලට බාධා ඇතිවේ.

 ලෙඩ රෝග වශයෙන් වකුගඩු ආබාධ, ගර්භාෂගත රෝග, දියවැඩියාව, ඉදිමුම, ශරීරය දුර්වල වීම, ගෙඩි හා තුවාල ආදිය බලපායි. සිකුරුගේ නියෝජනය ඇති ශරීරයේ අභ්‍යන්තර සමතුලිත භාවය, හෝමෝන ක‍්‍රියාවලිය, ස්ත‍්‍රී හෝමෝන බීජ කෝෂ, වකුගඩු, ධමනි පද්ධතිය යන ඉඳුරන් හා ස්ථානවල දුර්වලතා ඇතිවේ.

 ඉහත කී අපලකාරී තත්ත්වයන් මර්දනය වීම සඳහා ජ්‍යොතිර් ශාස්ත‍්‍රයේ සඳහන් ශාන්තිකර්ම පද්ධතිය උපයෝගී කරගන්න.

 1. ජිනපංජරය, නව නාථය, ඊශ්වර මණ්ඩලය, සිදම්බරය යන යන්ත‍්‍රවලින් එකක් ශාස්ත‍්‍රානුකූලව සාදා පළඳින්න.

 2. අපලකරුගේ කේන්ද්‍රය පුද්ගලිකව පරීක්‍ෂා කරන්න. එහි බලවත්ම ග‍්‍රහයා තවදුරටත් බලවත් කිරීමේ න්‍යාය අනුගමනය කිරීම වඩාත් ප‍්‍රතිඵලදායී බව අත්දැකීම්වලින් පසක් වී තිබේ. එබැවින් බලවත්ම ග‍්‍රහයාට අදාළ මැණික තෝරා එම මැණික ඇතුළත් කර රිදී, රත්තරන් හෝ ග‍්‍රහයාට අයත් ලෝහයෙන් මුද්දක් සාදා එම ග‍්‍රහයාට අයත් ඇ`ගිල්ලේ හෝ එම ග‍්‍රහයාට මිතුරු ඇ`ගිල්ලක පළඳවන්න.

 3. පත්තිනි දේවියට පූජාවක් තබා යාතිකාවක් කර බාරයක් වෙන්න.

 4. පත්තිනි දේවනාමයට සෙත් කවියක් කියන්න.

na4 2 5. රාත‍්‍රි නින්දට යෑමට පෙර සිකුරු ස්තෝත‍්‍රය හැකි තරම් වාර ගණනක් ගායනා කරන්න.

 භීම කෘන්ද මෘනා ලාභං

 දෛත්‍යානං පරමං ගුරුම් 

 සර්ව ශාස්ත‍්‍ර ප‍්‍රවක්තාරං

 භාර්ගවං ප‍්‍රනමාම්‍යහම් 

 6. සිකුරු අපලයට අදාළ ඖෂධීය ජලය ස්නානය කරන්න. එනම් ඉරිවේරිය, සුදු නෙළුම් මල්, එනසාල්, සුවඳ කොට්ටං, නෙළුම් අල යන ඖෂධයන් සමව ගෙන තම්බා එම ඖෂධීය ජලය සාමාන්‍ය ජලයට මිශ‍්‍ර කර ස්නානය කරන්න.

 7. සිකුරු පූජාව තබන්න.

 අශ්ව රූපයක්, එළදෙනකගේ රූපයක්, කැකුළු හාල්, ගිතෙල්, පාට තුනේ රෙදි වියනක්, දුම්මල සහිත පූජා වට්ටියක් සාදා කරඳ ගහක් මුල ශුද්ධ පවිත‍්‍ර කර එහි ගිනිකොන පැත්තේ මැස්සක් තබා ඉහත පූජා වට්ටිය එහි තබා සිකුරු සුවඳ ධූපයෙන් දුම් දී යාදින්න කියවන්න.

 සිකුරු සුවඳ ධූපය යනු සුදු හඳුන් කුඩු, සහ වියළි බෙලි ගැට මද කුඩු යන දෙකේ මිශ‍්‍රණයයි.

 සිකුරු යාදින්න සිංහලෙන්,

 ෂ. හෙළ හසක සේ සුදෝ සුදු මල්වතින් සැරසිලා, හෙළ පැහැය ගත් සුවඳ සුණු නිබඳ ඇ`ග උලා, හෙළ අසුන් පිට අරා සේසතින්, සුදු රියෙන්, සුදු දෙදෙත් මනහරා දෙව්රියේ මත අරා මහමෙරේ දකුණකට ගමන් ගෙන කරන නිති පැදකුණු රිවි දෙවිඳු පෙරදිගින් පස් කොනේ මඬලකින් පෙරදිගම බලා හුන් සිකුරු ගහ දෙවියනේ ඔබට හිමි සුවඳවත් සුදු කුසුම්, රිදී දියමන්ති සහ හෙළ සඳුන් කිරි බතින් සුදුවතින් පුද දෙමි. මෙහෙසුරන් නමදිමි. කුසල්කර පින් දෙමි. මෙමට වන් සිකුරු මහ දසාවේ සහ අතුරු දසාවේ නොහොත් වෙන යෝගෙකින් උදාවුණු අනිටුදොස් අරිටු හැම උවදුරුත් කමල් පත දිය ලෙසේ දුරැුර සෙත දෙනු මැනවි. දෙවියනේ දෙවියනේ දිගාකල් ඔබ බෙලෙන් ආයු බල සැප නුවණ යස ඉසුරු නිබඳ දී සුරැුකගත මැනවි සාමිනේ.

 සිකුරු යාදින්න සංස්කෘත භාෂාවෙන්,

 ශුක‍්‍රං ශ්වේත වර්ණං ශ්වේත මාල්‍යාම්බරධරං ශ්වේත ගන්ධානුලේපනං ශ්වේතාශ්වං ශ්වේතච්ඡුත‍්‍ර ධ්වජ රථ පතාකානී ශොභිතං දිව්‍ය රථ සමාරූඪං මෙරුං පුදක්ෂිණං, කුර්වාණං ග‍්‍රහ මණ්ඩලෙ ප‍්‍රතිෂ්ඨිතං සාංගං සායුධං සවාහනං සදෙශං සගොත‍්‍රං සශක්ති සපත්නි සපුත‍්‍ර සපෞත‍්‍ර පරිවාරං අධි දෙවතා ප‍්‍රත්‍යාධි දෙවතා සහිතං සූර්ය ග‍්‍රහස්‍ය පූර්ව දිග්භාගෙ පංච කෝණාකාර මණ්ඩලෙ ප‍්‍රතිෂ්ධිතං පූර්වාභිමුඛං ශුක‍්‍ර ග‍්‍රහ මාහ්වයාම් අධි දෙවතා ආහ්වයාමි ප‍්‍රත්‍යාධි දෙවතා ආහ්වයාමි.

 මෙම පූජාව සිකුරාදා දවසේ සිකුරු හෝරාවෙන් සිදුකරන්න.

 8. පෙරවරු කාලයේ ගිතෙල් මිශ‍්‍ර කිරිබතක් සාදා කැවිලි වර්ග 09 ක් සුදු මල් සහ රතු අරලිය මල් සමග බෝ සමිඳුන් වෙත පූජා කොට අනතුරුව ආගමික වතාවත් සිදුකරන්න. ඉන් පසු කරණීය මෙත්ත සූත‍්‍රය තුන්වරක් කියන්න.

 9. සිකුරාදා දවසක දිළිඳු ගර්භණී කාන්තාවකට රසකැවිලි සහිතව ආහාරයක් දන්දෙන්න.

 10. කේන්දර හිමිකරුවා බෞද්ධයෙකු නම් ආගමික වතාවත්වලින් පසු පහත සඳහන් කවිය 9 වරක් කියන ලෙස උපදෙස් දෙන්න.

 සිල් ගුණ නුවණින් අසම වූ මුනිදා

 අනුත්තරය සැම ගුණයෙන් සැමදා

 අනුත්තරය මුනි සැප බල විහිදා

 සිකුරු අපල දොස දුරලන් සැමදා 

 11. පහත සඳහන් ග‍්‍රහ බල ශාන්තියක් කිරීමෙන් සිකුරු අපලය දුරුවේ. එබැවින් එවැනි ග‍්‍රහ බල ශාන්තියක් කිරීම සුදුසුය.

 කිවි දිෂ්ටිය.

 කිවි සක

 ප‍්‍රතිබිම්බ රාක්‍ෂය

 දේව රූප මංගල්‍යය.

 අසුර මංගල්‍යය.

 ජයගිරි රාක්‍ෂය.

 යහපත් මංගල්‍යය.

 ශ‍්‍රී විෂ්ණු කල්‍යාණය.

 සිරිකොත් මංගල්‍යය.

 රඹුක්කන - හේළි සරත් රාජකරුණා
 විද්‍යා ජ්‍යොතිෂ
උපුටා ගැනීම - දිවයින