සැත්කමින් තොරව සයටිකා සුවකිරීම


කොඳු ඇට පෙළ ආශ‍්‍රිතව ඇති කරන්නා වූ රෝගාබාධ බොහෝමයකි. එහෙත් මේ සියල්ලගේම ප‍්‍රතිඵල එකිනෙකට සමාන හා පීඩාකාරීත්වයේ ස්වරූපය සමාන විය හැක.

 (කශේරුකා අස්ථි) එකතුවකිනි. එය ශක්තිමත් හා නම්‍යශීලී නිර්මාණයකි. මෙම අස්ථි එකිනෙක සම්බන්ධ කරමින් හා ගැටීම වලකාලමින් ඊට සම්බන්ධ වූ මෘදු අස්ථි කොටසක් පවතී. ඒවා කශේරුකාන්තර ඩිම්බ (කශේරුකාන්තර මඩල) ලෙසට හඳුන්වයි. එසේම කොඳු ඇට කුහර හැඩයකින් යුක්තය. ඒ මැදින් ශරීරය පහළ දක්වා දිවෙන කශේරුකාන්තර ස්නායු පද්ධතිය පිහිටවීමට සුදුසු පරිද්දෙන් මෙම ස්නායු අති සංවේදී හා සුවිශේෂ ඒවා වේ. 

 කොඳු ඇට පෙළ ආශ‍්‍රිතව ඇතිවන රෝගාබාධ කිහිපයක්.

 කශේරුකාන්තර මඩල ලිස්සා යාම, ගෙවීයාම සහ වෙනස්වීම, කශේරුකා අස්ථි එකිනෙකට වඩාත් ලංවීම හෝ දුරස්වීම, කශේරුකා අස්ථීන්ගේ බිඳිම එම අස්ථි හා සම්බන්ධ පටක ඇදී යාම හෝ ඉරීයාම කශේරුකාන්තර ස්නායු ඒ තුළ හිරවීම හෝ ගැටීම් තත්ත්වයන් කශේරුකා මණ්ඩලයේ ඇදවීම් (පැති කුදය) මෙකී නොකී බොහෝ ආබාධ තත්ත්වයන් විවිධ රෝගීන් තුළින් බහුලව දැකිය හැකි තත්වයකි.

 ඊට පිළියම් :- මෙම තත්ත්වයන් බොහෝමයකදී කළ යුතු පිළියම් එකිනෙකට වෙනස් සේම ප‍්‍රතිකාරයේ ස්වරූපයද අදාළ තත්ත්වයට අනුව තීරණය කළ යුතුය. එහිදී පළමුව කළ යුතුව ඇත්තේ විකෘති වූ හෝ වෙනස් වූ කොදු ඇට පෙළ යථා තත්ත්වයට සකසා ගැනීමයි.

 ඒ සඳහා ඊට උචිත බොහෝ ගුණයෙන් යුත් තෙල් වර්ග භාවිතා කෙරේ. මෙම ක‍්‍රියාවලිවය ඉතා සියුම් හා මනා පරිශ‍්‍රමයකින් සිදුකළ යුතුය. ඊට පසුව සකසා ගත් කොඳු ඇට පෙළ හැඩය හා එහි ප‍්‍රකෘති ආකෘතිය නිසි ලෙස පවත්වා ගැනීමට අවශ්‍ය ප‍්‍රතිකාර පද්ධතියක් සිදුකළ යුතු වේ. එමෙන්ම කැඞී බිඳී ගිය අවස්ථාවකදී නම් එම තත්ත්වයන්ට අදාළව චිකිත්සාව සිදු කළ යුතුය. වක‍්‍ර වී ගිය හෝ වෙනස් වූ කොඳු ඇට පෙළ හැඩය නැවත ප‍්‍රකෘතිමත් කර ගැනීමේදී කශේරුකා මණ්ඩල මෘදුතාවයට පත්කර නිශ්චිත හැඩයට සකසා ගැනීම සිදු කරයි. ඊට පසු එය දැඩි බවට පත්කර 

 ගැනීමට අවශ්‍ය චිකිත්සාවන් සිදුවේ. අදාළ රෝග තත්ත්වයන්ට අනුව ප‍්‍රතිකාර එකිනෙකට වෙනස් බව පෙර දැක්වූයේ ඇයිදැයි මෙම උදාහරණ තුළින් පැහැදිලි වනු ඇත. 

 කෙසේ නමුත් ශල්‍ය කර්මය සඳහා නිර්දේශිත කොඳු ඇට පෙළ ආශ‍්‍රිත ආබාධ බොහෝමයක් ඉතා සාර්ථකව සුවකර ගැනීමේ හැකියාව පුරාණ දේශීය වෛද්‍ය සම්ප‍්‍රදාය තුළ පවතින බව හා එය එලෙසටම අද දක්වා පවතින බව ප‍්‍රත්‍යක්ෂයෙන්ම සඳහන් කළ හැක.

 හේතුව හා වළක්වා ගැනීම :-

 කොඳු ඇට පෙළ ආශ‍්‍රිත ආබාධ සඳහා හේතුවන කරුණු බහුවිධ වේ. ඉන් සමහරක් ලෙසට වැරදි ඉරියව් අනුගමනය කරමින් බර එසවීම ව්‍යායාමය, අධික තර දෘඩ ක‍්‍රියාවන්හි නිරතවීම, වැරදි ඉරියව් පවත්වාගෙන යාම, හදිසි අනතුරු, ආමවාත, හා වාත රක්ත ආදී තත්ත්වයන් උපතේදී ඇතිවන සංකූලතාවයන් ලෙසට කෙටියෙන් දැක්විය හැකිය.

 කෙසේ නමුදු ඉහත සඳහන් කළා වූ වලක්වාගත හැකි හේතු කාරණා පිළිබඳව අවධානය යොමු කිරීම තුළින් දරුණු කොඳු ඇට පෙළ ආශ‍්‍රිත රෝග බොහෝමයක් වළක්වා ගැනීමේ හැකියාව පවතී.

 වෛද්‍ය සල්මන් ප‍්‍රනාන්දු
උපුටා ගැනීම - දිවයින