විශේෂ භාවනා ක‍්‍රමයකින් ලෙඩ සුවකරන හැටි


”රජෙකු වුවත් ඔහු රෝගී පුද්ගලයෙකු නම් දිළින්දෙකු බවට අප ව්‍යවහාරයේ කියමනක් ඇත. රෝගයක් සෑදුන විට ගත පමණක් නොව, හිත ද පීඩාවට පත්වන බව නොරහසකි. වර්තමාන සමාජයේ ජීවත්වන මිනිසුන් බෝ නොවන රෝගාබාධයන්ට ගොදුරුවීමේ ප‍්‍රවණතාවය දිනෙන් දිනම වැඩිවෙමින් පවතී. එහිදී රෝගියාව ඉක්මණින් සුවපත් කරගැනීමට වෙහෙස දරණ ඥාතීන්, දක්‍ෂ වෛද්‍යවරයෙකුගෙන් ප‍්‍රතිකාර ලබාගැනීමට උත්සුක වෙති. එවැනි දක්‍ෂ වෛද්‍යවරයෙකු අපට මහනුවර, අංකුඹුර ප‍්‍රදේශයෙන් හමුවිය. එතුමා ඒ.ඇම්. ජයන්ත බණ්ඩාර වෙද මහතාය.

 වර්තමාන සමාජයේ බෝ නොවන රෝගයක් සේ සැලකෙන අංශභාග රෝගයෙන් පීඩා විඳින අසරණ රෝගීන්ගේ සිත්සතන් වලට සැනසීම ලබාදෙමින් රෝගීන් විශාල සංඛ්‍යාවක් මේ වන විට සුවපත් කර ඇත. සුවකළ නොහැකි ඇදුම රෝගය, කල් පවතින හිසරදය, කොන්දේ අමාරුව, දණහිස් ඉදිමුම, සන්ධිවාත රෝග,ශරීරයේ ස්ථුලතාවය අඩුකිරීම වැනි රෝගයන්ට නිල ප‍්‍රතිකාර මඟින් සාර්ථක ප‍්‍රතිකාර ලබා දී රෝගීන් සුවපත් කරනු ලබයි.

 කුඩා දරුවාගේ සිට වැඩිහිටි පුද්ගලයන් දක්වා ‘ස්ථුල භාවය’ අද සමාජයේ බොහෝ සෙයින් දක්නට ඇත. එයට හේතු වී ඇත්තේ පිටි සහිත ක්‍ෂණික ආහාර, තෙල් සහ පැණිරස සහිත ආහාර ගැනීම, ව්‍යායාම මඳකම, පෝෂණය අධික ආහාර භාවිතය වැනි කරුණු ස්ථුලභාවයට හේතු වේ. ස්ථුලභාවය නිසා විවිධ රෝගාබාධයන්ට මිනිසා ගොදුරුවීමේ ප‍්‍රවණතාවයක් ඇත. ජයන්ත බණ්ඩාර වෙද මහතා කුඩා කළ සිට ප‍්‍රගුණ කළ භාවනා ක‍්‍රමය තුළින් හා භූත විද්‍යාව, භූත ආකර්ෂණය තුළින් 2001 වසරේ සිට මේ දක්වා රෝගීන් විශාල සංඛ්‍යාවක් සුවපත් කර ඇත. මහජනතාවගේ සියලූ දැවෙන ප‍්‍රශ්න වලට ක්‍ෂණික සාර්ථක විසඳුම් ලබා දී ඔවුන්ගේ සිත්සතන්වලට සහනය සලසා දී ඇති ආකාරය ඉතා ප‍්‍රශංසනීයයි.

 ජයන්ත බණ්ඩාර වෙද මහතා වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රමවලට අමතරව පෙනෙන නොපෙනෙන භූත, අමනුෂ්‍ය පේ‍්‍රතයන්ගෙන් ඇතිවන කරදර ඉවත්කර දීම, අසාර්ථක වෙළඳ ව්‍යාපාර දියුණුකර දීම, වශී ගුරුකම්, කොඩිවිණ ඉවත්කර දීම, දරුවන්ගේ අධ්‍යාපනය වැඩිදියුණු කිරීම හා විභාග ජය සඳහා බහිරව පූජා තැබීම ආදී කටයුතු සිදු කරනු ලබයි. අමනුෂ්‍ය බලවේගයන්ගෙන් හටගන්නා රෝගයන්ද මෙතුමාගේ දක්‍ෂතාවය මඟින් ඉවත්කර දී රෝගීන් සුවපත් කරනු ලබයි.

 ඔබත් ජීවිතයේ ප‍්‍රශ්න වලින් හෙම්බත් වී පීඩා විඳින්නෙකු නම්, ජයන්ත බණ්ඩාර වෙද මහතා හමු වී ඉක්මන් සාර්ථක විසඳුම් ලබාගෙන ජීවිතය ජයගන්න.

ජයන්ත බණ්ඩාර වෙද මහතා
උපුටා ගැනීම - දිවයින පුවත්පත