ඉරුවාරදය සුවකරමු


ඉහත රෝගී තත්ත්වයන්ට සමගාමීව ඇතැම් රෝගීන් මුහුණදෙන තවත් රෝග අවස්ථාවක් ලෙස ඉරුවාරදය හඳුන්වාදිය හැකිය. මේ සඳහා මූලික හේතුව බවට පත්වන්නේ ශරීරය තුළ හටගන්නා අධික වූ පිත් ප‍්‍රභවයන්ය. කෙසේ වෙතත් මේ අධික වූ පිත ස්වභාවය නිසා මොළය ආශ‍්‍රිත ශ්ලේෂ්ම පටලවලට දැඩි ලෙස හානි සිදුවේ. මෙම රෝගී තත්ත්වය සඳහා ද ප‍්‍රමුඛතම හේතුව වන්නේ ශරීරයේ පවතින උෂ්ණාධික බවයි.

 උෂ්ණාධික බව සමග ඇතිවන වෙනත් රෝග තත්ත්ව ඉහත රෝගී තත්ත්වයන්ට අමතරව අර්ශස් වැනි රෝග තත්ත්ව, කැසීම් ප`ඵ දැමීම් ආශ‍්‍රිත සමේ රෝග, අධික නිදිමත, නින්ද නොයාම, තදබල ලෙස පවතින ගැස්ට‍්‍රයිටීස් තත්ත්ව, මළ බද්ධය, ඇතැම් විට මළ බුරුලට විටින් විට පිටවීම, අධික කේන්තිය ආදී රෝගී තත්ත්ව සඳහා ඇතැම් අයට අඩු වැඩි වශයෙන් මුහුණදීමට සිදුවේ.

 ප‍්‍රතිකාර

 පොදුවේ ඉහත පැහැදිලි කළ සියලූ රෝගී තත්ත්ව සඳහා පිළියම් යෙදීමට පෙර ශරීරයේ උෂ්ණ අධික බවට පිළියම් යෙදීම අත්‍යවශ්‍ය වේ. එහිදී ශරීරය ශෝධන කර්මවලට ඖෂධ ලබාදිය යුතුය. එසේම වා පිත් සෙම් පදාර්ථවල සමතුලිතභාවය ඇතිකරන ප‍්‍රතිකාරය ද සිදුකළ යුතුය. විශේෂයෙන්ම සෙම් රෝගී තත්ත්වයන්ට ප‍්‍රතිකාර කිරීමේ දී බොහෝ රෝගීන්ට අවශ්‍ය වන්නේ බලෙන් ශරීරයේ සෙම් කොටස් බැහැර කරවීම වුවත් ස්වභාවිකවම ශරීරය විසින්ම ඒවා බැහැර කරන බව ඔබ විශේෂයෙන් මතක තබාගත යුතුය. ඒ අනුව මෙහිදී කළයුතු වැදගත්ම ප‍්‍රතිකර්මය වන්නේ ශරීරයෙන් සෙම බැහැර කරවීමට වඩා රෝග නිධානය වන ශරීරයේ උෂ්ණාධික බව සමනය කිරීමයි. කෙසේ වෙතත් ඉහත ප‍්‍රතිකර්ම හරහා අදාළ රෝගී තත්ත්වයන් ස්ථිරවම සුව කරගැනීමට හැකියාව ලැබේ. ඒ වගේම මෙවැනි රෝග තත්ත්වවලට සුලබව මුහුණදෙන්නේ විවිධ රැුකියාවන් කරන අය හා පාසල් දරුවන් නිසා ඉතා පහසුවෙන් භාවිත කළ හැකි ඖෂධ නිර්මාණය විය යුතුය.

 එසේ ආයුර්වේදීය වෛද්‍ය විද්‍යානුකූලව නූතන ශිල්පීය ක‍්‍රම හරහා නිපදවූ ඖෂධ අප විසින් භාවිත කරන නිසා ඕනෑම අයකුට කිසිදු ගැටලූවකින් තොරව ප‍්‍රතිකාර ලබාගත හැකිය.