දියවැඩියාව සුව කළ හැකියි


ප‍්‍රශ්නය - යුද්ධය පැවැති කාලයේදී ත‍්‍රස්තවාදයෙන් අවුරුදු පතා මියගිය ගණනට වැඩි ප‍්‍රමාණයක් මේ වන විට දියවැඩියා රෝගයෙන් මියයමින් සිටිනවා. මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?


වෛi චාන්දනී වික‍්‍රමාරච්චි - ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව නූතන ලෝකයේ තිබෙන නරකම බෝ නොවන රෝගවලින් එකක් තමයි දියවැඩියාව හෙවත් මධු මේහය. මුල් අවස්ථාවේදී දියවැඩියාව කළමනාකරණය කරගන්න පුළුවන්. ඒ ප‍්‍රධාන වශයෙන්ම ආහාර මගිනුයි. දෙවන තුන්වන අවස්ථාවලදී රෝගය කළමනාකරණය කර ගැනීම ආහාර මගින් පමණක් කරන්නට බැරි වන අතර ඖෂධ සඳහා යොමුවීම අත්‍යවශ්‍ය වනවා.

 ප‍්‍රශ්නය - ඖෂධ මගින් දියවැඩියාව පාලනය කිරීම පටන් ගන්නේ කොහොමද?

 වෛi චාන්දනී වික‍්‍රමාරච්චි - මූලික අවස්ථාවේදී ඒ සඳහා ආයුර්වේද ඖෂධ විග‍්‍රහ කිහිපයක් යොදා ගන්නවා. ගුඩුචි :ඨමාමජයස* ෂර්දුනිකා :ීය්රාමබසන්* කුට්කි :ණමඑනස* පුනර්වන :ඡුමබ්රඅ්බ්* යනාදී ඖෂධ මේ වර්ගයේ ඖෂධ ලෙස සඳහන් කළ හැකියි. හැබැයි මේ ඖෂධ හා සමාන, එහෙමත් නැත්නම් මේවාට වඩා බලවත් ඖෂධ රැුසක් දේශීය වෙදකමේ තිබෙනවා.

 ප‍්‍රශ්නය - දියවැඩියාව වැළඳෙන මුල් යුගයේදී එය කළමනාකරණය කර ගැනීම සඳහා ක‍්‍රම දේශීය වෙදකම් ඕනෑතරම් තිබෙනවාද?

 වෛi චාන්දනී වික‍්‍රමාරච්චි - ප‍්‍රධාන ක‍්‍රම කිහිපයක් හඳුන්වා දිය හැකියි. එනම්,

  1. තඹ කෝප්පයකට රාත‍්‍රි කාලයේදී පුරවා තිබූ ජලය පසුදා උදේ හිස් බඩ පානය කරන්න.

weda3 111 2. දියවැඩියාව මඟහරවා ගැනීම හෝ පාලනය කිරීම යන කාරණයේදී කප මර්දනය කරන ආහාර ගත යුතුයි. පැණිරස, පිෂ්ටය, කිරි ආහාර යනාදිය

 3. ආහාර සඳහා බහුල වශයෙන් කහ මිශ‍්‍ර කිරීමෙන් දියවැඩියා රෝගීන්ට සහනයක් ලබාගත හැකියි.

 4. අමු බෙලි කොළ ඉස්ම මිලිලීටර් 28 ක ප‍්‍රමාණයක් මී පැණි ග‍්‍රෑම් 10 ක් සමග මිශ‍්‍ර කර දිනකට තුන් වරක් පානය කළ යුතුය.

 5. ඉඟුරු යහමින් මිශ‍්‍ර කළ තේ පානය කිරීම මගිනුත් දියවැඩියාව පාලනය කළ හැකියි.

 ප‍්‍රශ්නය - දියවැඩියාව සුව කිරීම සඳහා යොදාගත හැකි සාම්ප‍්‍රදායික දේශීය ප‍්‍රතිකාර ඔබ සතුව තිබෙනවාද?

 වෛi චාන්දනී වික‍්‍රමාරච්චි - මධු මේහ නිවාරණය සහ මධු කාෂිනී කල්කය යන බෙහෙත් වලින් අවුරුදු 6-7 පැරණි දියවැඩියා රෝගියෙක් වුව සුව කළ හැකියි.