විවාහයේ පසුබිම කේන්ද්‍රයේ සැගවී ඇත


අනාගතයට සූදානම් වන පුද්ගලයා කුමන කාර්යකදී වුවත් විමසීමක්‌, සොයා බැලීමක්‌ පිළිබඳ තක්‌සේරුවක යෙදෙයි.බුලත් විටට සරිලන දුම්කොළයක්‌ තෝරා ගැනීම සඳහා ගැමියෙක්‌ දුම්කොළ මිටියම අතින් ස්‌පර්ශ කර සුවඳ විමසා බලයි. පොල් ගෙඩියක්‌ තෝරා ගැනීම සඳහා ගැමි ළඳක්‌ පොල් ගෙඩි කීපයක්‌ම සොලවා බලයි. වළඳක්‌ තෝරා ගැනීමේදී ද වළං කිහිපයකට තට්‌ටු කර බලයි. එහෙම කරන්නේ හොඳ දෙය තෝරා ගැනීමටය.

විවාහයක්‌ සඳහාද මේ විමසීම හෙවත් සොයා බැලීම කරයි. නුවණින් පරිණත නොවූ තරුණයා සමහර විට අභ්‍යන්තරයට එබී නොබලා මතුපිට රූපයට හැඩයට පැහැයට වසඟ වෙයි. එයින් ඔබ්බට සොයා බැලීමක්‌ නැත. ආලය අන්ධයෑයි කියන්නට ඇත්තේ ඒ නිසා විය යුතුයි.

වැඩිහිටි පක්‍ෂය දරුවකුගේ විවාහය සඳහා පළමු කොට කේන්ද්‍ර පරීක්‍ෂාවක යෙදේ. දෙවැනුව මනාලිය බලන්නට යන මංගල ගමනක්‌ යොදා ගනී. එතැනදී ඔහු හෝ ඇය උගත් පාසල, කරන වෘත්තිය, නෑදැ පරපුර, වත් පොහොසත්කම්, ප්‍රියමනාප බව හා ඇතැම් විට ලැබෙන දායාදය ගැනත් විපරම් කරයි.

එහෙත් විවාහයට සුදුසු - නුසුදුසු තක්‌සේරුව නිවැරැදිව, දූරදර්ශීව කරන්නා ජ්‍යෙdතිෂවේදියාය. ඇතැම් ජ්‍යෙdතිෂය පිළිබඳ ගැඹුරු දැනුමක්‌ නැති ජ්‍යෙdතිෂ කටයුතු වල යෙදෙන්නා සම්ප්‍රදායානුකූලව පොරොන්දම් ටික පමණක්‌ විමසා බලා වැඩි ගණනක්‌ ශුභ සේ පෙනෙයි නම් විවාහයට සුදුසු සේ නිර්දේශ කරයි.

එහෙත් ජ්‍යෙdතිෂ දැනුමෙන් පමණක්‌ නොව ජීවිත පරිඥනයෙන් පරිණත වියතා ජන්ම කේන්ද්‍රය තුළට කිමිද, තවත් බොහෝ දේ පිළිබඳව විමසා බැලීමක යෙදෙයි. එතැනදී පැසුණු දැනුමැති ජ්‍යෙdතිෂවේදියා පොරොන්දම් පරීක්‍ෂණයට පළමු විමසා බලන කරුණු කීපයක්‌ පෙළ ගස්‌වා දක්‌වතොත් මෙසේය.

1. විවාහ යෝජිතයාගේ මානසික තත්ත්වය

2. ඔහුගේ හෝ ඇගේ ශාරීරික දුබලතා

3. වාසනාවන්ත දරුඵල සහිතද 

4. පුරුෂයකු නම් බිරිඳක නඩත්තු කිරීමේ ආර්ථික ශක්‌තියක්‌ ඔහුට වේද

5. සැඟවුණු රෝගී තත්ත්වයක්‌ පෙන්නුම් කෙරේද

6. බහු විවාහ යෝග සහිතද

7. වෘත්තීය වැදගත්කම කෙබඳුද

8. මනුෂ්‍යත්වය කෙබඳුද

9. ඥතීන් කෙරෙහි දක්‌වන ආකල්ප කෙබඳුද 

10. හිර බන්ධන, නඩු හබ සහිතද

11. ඉදිරියට සැත්කම් වේද

12. සමාජයට ඔරොත්තු දෙන උගත්කම් සහිතද

13. කඩ හන්දි හෝ නශාංශක යෝග වේද

14. සමාජ සම්මත ආගම් හා විශ්වාස ප්‍රතික්‌ෂේප කෙරේද

15. ආයු බල සහිතද

යට සඳහන් කළ කිසිම කරුණකට පිළිතුරු වෛද්‍යවරයාගේ පරීක්‍ෂණ උපකරණයට හසු නොවේ. රෝගී - නිරෝගී තත්ත්වය ගැන පමණක්‌ හඳුනා ගනිතත් එයද හඳුනන්නේ රෝගී වූ විට පමණි. කුඩා දරුවකුගේ පපුවට "නලාව" තියා මොහුට අසවල් වයසේදී මෙබඳු රෝගයක ලකුණු වෙතැයි කිව නොහැකිය. එහෙත් එකී හැම ගැටලුවකටම නිවැරැදි පිළිතුර ඔහුගේ ජන්ම කේන්ද්‍රයේ හෝ ෂඩ් වර්ග කේන්ද්‍රයේ සටහන්ව ඇත. හැබැයි එය හඳුනාගත හැක්‌කේ යටත් පිරිසෙයින් අවුරුදු තිහ හතළිහවත් ජ්‍යෙdතිෂය සමග ජීවත් වූ ප්‍රවීණයකුට පමණි. 

කැඩපතක්‌ ඉදිරියේ පෙනී සිටි විට ඔහුට ඔහුගේ මතුපිට රූපය පෙනෙයි. ඡායාරූපයේද එසේය. එහෙත් පුද්ගලයකුගේ ආධ්‍යාත්මය පළ කෙරෙන උපකරණයක්‌ තවම විද්‍යාව විසින් සොයාගෙන නැත. යට සඳහන් කරන ලද කරුණු ජන්ම කේන්ද්‍රය ඇසුරින් පෙන්නුම් කරන්නේ කෙසේද යනු අපි ඒ එකින් එක ගෙන විග්‍රහ කර බලමු.

ජ්‍යෙdතිෂයට අනුව චන්ද්‍රයා මනස්‌කාරකයාය හෙවත් පුද්ගලයකුගේ මනස විවරණය කරන ග්‍රහයාය. සාමාන්‍ය මිනිසකුට මේ සඳු පෙනෙන්නේ පුර පස සඳු හා අවපස සඳු වශයෙන් පමණි. නැත්නම් අමාවක හා පසළොස්‌වක උදාකරන ග්‍රහයා වශයෙනි. ජ්‍යෙdතිෂවේදියාට එසේ නොවේ. ඊට වඩා ගැඹුරක්‌ එම චන්ද්‍රයා කෙරෙන් ඔහු දකී. ජ්‍යෙdතිෂවේදියාට විටෙක මේ සඳු චිත්ත කාරකයාය. යළි ආලෝක ග්‍රහයාය. නැවත මාතෘ කාරක ග්‍රහයාය.

තවදුරටත් ජ්‍යෙdතිෂවේදියාට මේ සඳුගේ ප්‍රභේද රැසක්‌ම ඇත. ස්‌වක්‌ෂේත්‍ර, මිත්‍ර, ක්‌ෂේත්‍ර, උච්ච, නීච වශයෙන් චරිත කීපයකි. ජන්ම කේන්ද්‍රයේ සඳු සිටින රාශිය දෙපස කිසිදු ග්‍රහයෙක්‌ නොවෙතොත් එය ෙ€ම දෘම යෝගය හෙවත් ජන්මියා දිළිඳු කරන ග්‍රහයා වශයෙන් නම් කරයි. එම සඳු නියෝජනය කරනු ලබන නැකත අනුව ලබන දෘෂ්ටිය අනුව සංයෝගය අනුව සමහර විට උමතු චරිතයක්‌ ගොඩනැගීමේ සමත් ග්‍රහයා බවට පත් වෙයි. මෙම සඳුට ගජ කේශරී, අධි යෝග වැනි රාජ යෝග උදා කිරීමේ ශක්‌තියක්‌ ඇති බව දනී. හැම පුද්ගලයකුගේම ආධ්‍යාත්මික චරිතය පාලනය කරනු ලබන මෙම සඳු එක්‌ එක්‌ මනුෂ්‍යයා තුළ තවත් චරිත ගණනාවක්‌ම නිර්මාණය කිරීමේ ශක්‌තියක්‌ ඇති ග්‍රහයා වෙයි.

එම සඳු ජන්ම කේන්ද්‍රයේ පීඩාවීම නිසා කෙනකුගේ මනස දුර්වල විය හැකිය. එම දුර්වලකම නිසා සැකය, අනියම් බිය, ක්‌ෂණික කෝපය ඇතිවිය හැකිය. එම සඳුම රාහුගේ නැකතක හෝ අශුභ දෙර්කාණයකට අයත් (22,16,34) ග්‍රහයකුගේ නැකතක වෙතොත් ඔහුගේ මානසික ස්‌වභාවය තදින්ම අවුල් සහගත වේ. එබඳු කේන්ද්‍රයක්‌ හිමියකු හෝ බිරිඳක සමග සතුටු සහගත විවාහයක්‌ ගෙන ගිය නොහැක. නොරිස්‌සුම් ස්‌වභාවය නිසා අඹු සැමියන් අතර මතභේද - ගැටුම් ඇතිවිය හැකිය.

දෙවැනුව විවාහයකදී අනිවාර්යයෙන්ම විමසා බැලිය යුතු ප්‍රධාන කරුණක්‌ නම් එම යුවළට වාසනාවන්ත දරුඵල වේද යන්නයි.

ජ්‍යෙdතිෂයේදී දරුඵල පරීක්‍ෂා කිරීමට පුත්‍ර කාරක ගුරුගේ පිහිටීමත්, පුත්‍රස්‌ථානය වූ පස්‌වැන්න පාප පීඩාවලින් තොරව තිබීමත් අවශ්‍යය. එසේම පස්‌ වැන්න අධිපතියා සිටින රාශිය හා පාප කර්තරී යෝගයකට හසුව සිටීද යන්නත් පරීක්‍ෂා කර බැලිය යුතුය. ඒ සියල්ල හෝ වැඩි ගණනක්‌ පාප පීඩා වී ඇත්නම් දරු ඵල නැති වීම, අවාසනාවන්ත දරු ඵල වීම හෙවත් ආබාධිත මන්ද බුද්ධික දරුවන් ඇති විම, දරුවන් ගබ්සා වීම, බාලාරිෂ්ට යෝග සහිතව උපන්නේත් බාල වයසේදී දරුවන් මිය යැම වැනි අයහපත් ප්‍රතිඵල ලැබීමට ඉඩ ඇත. ඒ සියල්ල යහපත් වෙතත් තවදුරටත් පස්‌ වැන්නෙන් පස්‌ වැන්න වූ 9 වැන්න කෙරෙත් දරුවන්ගේ දරුවන් ගැනත් විමසා බැලිය හැකිය. 

පොරොන්දම් වලින් සියයට අසූ හතරක ගැලපීමක්‌ මත විවාහය සුදුසු යෑයි නිර්දේශ කළ යුවළකට ඇවිදින්නට බැරි ආබාධිත දරුවකු ලැබීම නිසා මුළු ජීවිතයම අවාසනාවන්ත විය. ස්‌ත්‍රී කේන්ද්‍රය ධනුව වී පස්‌ වැන්නේ කුජ - චන්ද්‍ර යෝගය විය. එම සඳු අට අධිපතියා වන අතර කුජ 22 වැනි දෙර්කාණාධිපතියා විය. පුරුෂ කේන්ද්‍රය මිථුනය වී 5 අධිපති සිකුරු 22 වැනි දෙර්කාණාධිපතියා වී රාහුත් සමග යෝගව 8 වැන්නේ විය. ඒ ග්‍රහ පිහිටීම් දෙකම සර්ප ශාප යෝගයට අයත්ය. ඒ කිසිවක්‌ වෙත අවධානය යොමු නොකර පොරොන්දම් පමණක්‌ ශුභ වීම නිසා විවාහයට සුදුසුයෑයි නිර්දේශ කිරීමෙන් එය පරීක්‍ෂා කළ ජ්‍යෙdතිෂවේදියා බරපතළ වරදක්‌ කර ඇත. ඒ වරදේ විපාකය විවාහක යුවළට ගෙවන්නට සිදුවී ඇත. ජ්‍යෙdතිෂය පල් බොරුවකැයි කෙනෙක්‌ නිර්දය ලෙස හෙළා දැකීමට ලක්‌ කරන්නේ ජ්‍යෙdතිෂයේ වරදක්‌ නිසා නොව තෙම්පරාදු දැනුම ඇතිව ජ්‍යෙdතිෂ විශාරදයන් වශයෙන් පෙනී සිටින ඇතැම් පිරිසක්‌ නිසාය. 

පුරුෂයකුට විවාහයෙන් පසු සිය බිරිඳ හා දරුවන් පෝෂණය කිරීමට හෙවත් නඩත්තු කිරීමට පොහෝනා ආර්ථික ශක්‌තියක්‌ විය යුතුය. තමාගේම නිරවුල් නිවසක්‌ ආදී දේ විය යුතුය. ඒ කිසිවක්‌ නොමැතිව අනාගත සිහින ලෝකයක අතරමං වූ පෙම් යුවළක්‌ සමහර විට ආර්ථික දුබලතා නිසාම විවාහ සතුට අහිමි කර ගනී.

ඒ සඳහා විවාහ යුවළගේ ජන්ම කේන්ද්‍රයේ 4,11,2, යන රාශි හා එම රාශි අධිපතියන්ගේ පිහිටීම ගැන ගැඹුරින් පරීක්‍ෂා කර බැලිය යුතුවේ. කේන්ද්‍රයක 11 වැන්න ආදායම ගැන කියන රාශියයි. 2 වැන්න මාපියන්ගෙන් ලැබුණු දේපළ ගැන හෝ තැන්පත් ධනය ගැන කියන රාශියයි. එයට අමතරව යහපත් වෘත්තීය බලයක්‌ වේදැයි ජන්ම කේන්ද්‍රයේ 10 වැන්නේ, දශාංශක කේන්ද්‍රයේ 10 වැන්නේ, හා කර්ම පාලක ග්‍රහයා කෙරෙන් හෙළිදරව් වේ.

විවාහ වන යුවළට ශාරීරික වශයෙන්ද නිරෝගී තත්ත්වයක්‌ විය යුතුය. ජන්ම කේන්ද්‍රයේ රෝගී ස්‌ථානය වූ හයවැන්නෙන් හා සැත්කම් ආදිය ගැන කියෑවෙන අටවැන්නෙන් ඒ තත්ත්වය හෙළිදරව් වේ. දෙර්කාණ කේන්ද්‍රය ද මේ තත්ත්වය විමසා බැලීමට උදව් වේ. ලග්නාධිපතියාම 22 වැනි දෙර්කාණාධිපතියා වූ විට එම පුද්ගලයා තුළ සැඟවුණු රෝගයක්‌ පවතින බව හෙළිදරව් වී ඇත. ඒ තත්ත්වය විමසා නොබලා පොරොන්දම් 20 තුළ කොටුවී විවාහයක්‌ නිර්දේශ කිරීම අපරාධයකි. පුරුෂයකුට පැහැපත් මනසක්‌ පමණක්‌ නොව ශක්‌තිමත් සිරුරක්‌ ද විය යුතුය. ශරීරයේ අස්‌ථි පංජරයේ භාරකාරයා වන රවිගේ පිහිටීමෙන් ඔහුගේ ශරීර ශක්‌තිය විමසා බැලිය හැකිය. රවි - සඳු දෙදෙනාම දුබලවීමෙන් කායික, මානසික දෙපැත්තම දුබල විය හැකිය. රවි - සඳු ආලෝක ග්‍රහයන් ලෙස සැලකෙන හෙයින් කිසියම් අවස්‌ථාවක අන්ධ භාවයට ගොදුරු වීමටත් ඉඩ ඇත.

වැඩි දෙනකු විවාහ වන්නාගේ රැකියාවේ තරාතිරම හා ලබන වැටුපේ තත්ත්වය ගැන මිස යට සඳහන් කළ කරුණු කෙරෙහි අවධානය යොමු නොකරති. නිරවුල් සැපවත් දිවි පෙවෙතක්‌ සඳහා රැකියාව හා වැටුප ප්‍රමුඛව වෙතත් එයට එහා තත්ත්වය ගැන අවධානය යොමු කරන්නට තරම් උනන්දුවක්‌ නොවීම අභාග්‍යයකි. 

බොහෝ විවාහ ජීවිත අවාසනාවන්ත වන්නේ ලිංගික තෘප්තියටම ප්‍රමුඛතාව දී බහු විවාහවලට පැටලීම නිසාය. ඒ තත්ත්වය ඇතිවීමට කරුණු කීපයක්‌ම හේතුවෙයි. විවාහකයා කෙරෙන් සතුට ප්‍රීතිය සමගිය ගොඩනැගෙන්නේ නැත්නම් ඒ අඩුව පිරිමසා ගැනීමට පෙළඹීම එක්‌ හේතුවකි. නොඑසේම ජන්ම කේන්ද්‍රයේ අධි කාම යෝග වීමත් හේතුවකි.

කාම යෝග නරක නැත. එය නොමැති ජීවිතය එළවළු කඩේ තිබෙන පතෝල මැස්‌සක්‌ මෙනි. පෙනුම මිස රසයක්‌ ගුණයක්‌, අගුණයක්‌ නැති එකක්‌ නිසා කාම යෝග නැතිනම් ජීවිතය රසවත් නැත. පුරා සතුටින් හිනා වෙන්නට බැරිය.

තවුස්‌ ජීවිතයට නැඹුරු වීම නිසා සිතුවිලි මලානික වේ. නීරස වේ. විවාහයකට රසය ප්‍රේමය ආදරය අවශ්‍යය. එවිට දෙදෙනාටම එකිනෙකා නොමැතිව ජීවත්වීමට අමාරු වේ. විවාහ ජීවිතය ආදරයේ කාන්තාරයක්‌ නොවිය යුතුය. එය සරුසාර ක්‌ෂේම භූමියක්‌ විය යුතුය.

බහු විවාහ යෝග ජන්ම කේන්ද්‍රයෙන් හෙළිදරව් වේ. ඕනෑම රාශියකින් අට වැන්න යහපත් ප්‍රතිඵල නොදෙයි. අයහපත් ප්‍රතිඵලම දෙයි. හත් වැන්න විවාහ රාශිය වූ විට හතෙන් අටවැන්න දෙවැන්නයි. ඒ රාශිය තුළ සිකුරු, සඳු, කුජ, සිකුරු වැනි රසකාමී ග්‍රහයෝග යෙදුණු විට ප්‍රසිද්ධියේ බහු විවාහ පවත්වා ගෙන යැමට තරම් එඩිතර වේ.

තවදුරටත් විවාහයක අනියම් ගැටලු මතු කිරීමට ඥති ප්‍රශ්න ද මුල් වේ. විවාහයෙන් පසු විවාහකයා සහ සිය මව පියා ආදීන් අතර වූ සෙනෙහස හෙවත් ආදරය දෙකට බෙදෙන බව සත්‍යයකි. ඇතැම් මවක හෝ පියකු තමාට එතෙක්‌ දරුවා දැක්‌වූ සෙනෙහස දෙකට බෙදී ඉන් අඩක්‌ම විවාහකයා සතුවීම දැකීමට සතුටු නැත. කාලයාගේ ඇවෑමෙන් දරුවකුගේ සෙනෙහස ආදරය මුළුමනින්ම විවාහකයාට උරුම කරයි. මෙය තුලා බරට පවත්වා ගෙන යා යුතු එකකි.

ඇතැම් තරුණියක්‌, එතෙක්‌ තමාට කවා, පොවා, උගන්වා දැඩි කළ මව් පියන් අතහැර පෙම්වතකු සමග රහසින් පලායන්නේ ආදරය හා සෙනෙහස තුලා බරට පවත්වා ගෙන යැමට බැරිකම නිසාය. ආලය අන්ධය යන ප්‍රකට කියමන මෙතැනටත් අගේට ගැලපේ. දෙවැනුව ගොඩනැගෙන "ප්‍රේමය" සමහර විට දියවී යා හැකිය. එහෙත් මා පිය සෙනෙහස කවදාවත් සිඳෙන්නේ නැත. එය සදාකාලික ආදර උල්පතක්‌ සේ හෙවත් දියලුම ඇල්ලසේ ජීවිත කාලය පුරා ගලා යන්නකි.

ඇතැම් යුග ජීවිතයකට නැන්දම්මා මහා බාධක කඳුවැටිය සේ දෙදෙනාගේ ආදරය හරස්‌කර ගෙන සිටියි. අපේ ඉතිහාසය ද නැන්දම්මා හා ලේලිය හබය නිසා වෙනස්‌ වූ අවස්‌ථා වෙයි.

ධාතුසේන රජතුමාගේ දියණිය විවාහ වූයේ සේනාධිපති ලංකාපුර සෙනෙවියා සමගය. ඔබ මේ රටේ මහ රජුගේ දියණිය වුවත් මගේ පුතාගේ ගෑනිය බව අමතක නොකළ යුතු යෑයි නැන්දම්මා කියයි. මා ඔබේ පුතාගේ බිරිය වුවත් මේ රටේ මහ රජතුමාගේ දියණිය බව ඔබත් අමතක කළ යුතු නැහැයි රජ දියණිය කියයි. කාලයාගේ ඇවෑමෙන් මේ මත ගැටුම මත දෙදෙනාම නයි, පොළොං වෛරයකට පාත්‍ර වූහ.

දිනක්‌ සේනාධිපති ගෙදර පැමිණි විටෙක සිය මව හා බිරිය කෙස්‌වලු පටලවා ගෙන දබරයක වෙලී සිටින බව දුටුවේය. ඔබේ බිරිය මට පහර දුන්නේයි මව පුතාට පැමිණිලි කළාය. ඔබේ මව මට පහර දුන්නේයි බිරිය සැමියාට පැමිණිලි කළාය.

කෝපාවිෂ්ට වූ සේනාධිපති බිරියට වේවැල් පහර කීපයක්‌ දී ශරීරය පීඩා කර කාමරයකට දමා දොර වැසුවේය.

ඇය කෙසේ හෝ දොරගුළු කඩාගෙන පිය රජු වෙත ගොස්‌ කරුණු පැහැදිලි කළාය. තම දියණියට ශාරීරික පීඩාදුන් සේනාධිපති කෙරෙහි කෝපාවිශ්ට වූ රජතුමා ඔහු අල්ලාගෙන ඒමට රාජ පුරුෂයන් යෑවීය. තමාට අත්වන දඬුවම මරණය බව මැනවින් දන්නා සේනාධිපති පලාගොස්‌ සැඟවුණේය. රජතුමා සේනාධිපතිගේ මව අල්ලා ගෙනවිත් මරා දැම්මේය.

බියත් කෝපයත් දෙකින්ම ඔත්පල වූ සේනාධිපති - ධාතුසේන රජතුමාගේ හදාගත් පුතකු වූ කාශ්‍යප වෙත ගොස්‌ ඔබට කවදාවත් රජකම ලැබෙන්නේ නැහැ. එය ලැබෙන්නේ මලනුවන්ටයි. ඔබට රජකම ලබාදීමට තමා උපකාර කරන බවක්‌ කියා පුතා ලවා පියාගෙන් පලිගැනීමට උපායක්‌ යෙදීය. නැත පියා තමාට රජකම දෙන බව සහතිකයෑයි කාශ්‍යප කීය. එසේ නම් බලන්න. ගිහින් ඉල්ලන්නැයි සේනාධිපති අභියෝග කළේය. සැකයේ බීජය පපුවට ඇතුළු වූ නිසා කාශ්‍යප පිය රජු හමුවී තමාට රජකම ඉල්ලා සිටියේය. පිය රජතුමා ඉතාම සතුටින් කිරුළ පුතා අතට දී මුළු රාජධානියම භාරගන්නැයි කීය.

සතුටින් පිනා ගිය කාශ්‍යප කුමරු ඒ බව සේනාධිපතිට දැන්වීය. ඒ වූකලී බොරුවකි. භාණ්‌ඩාගාරය සතු දේපළ නැතිව හිස්‌ රජකමක්‌ කුමටදැයි ප්‍රශ්න කළේය. එහෙයින් පුත් කුමරු භාණ්‌ඩාගාරය සතු සියලුම ධනය ඉල්ලා සිටියේය.

එයට එකඟ වූ රජතුමා තමා විසින් ගොඩනගනු ලැබූ කලා වැවට පුතු සමග ගොස්‌ ස්‌නානය කර වතුර දොaතක්‌ ගෙන පුතා මේ තමා මා සතු ධනය බව කීවේය.

රජතුමා එයින් අදහස්‌ කළේ මුළු ධනයම යොදා රටේ කෘෂිකර්මාන්තය නගා සිට වූ බවය. මේ කතාව තවත් දුරය. දිගය. අවසානය දී රාජධානියක්‌ම බිඳදමා ඉතිහාසය වෙනස්‌ කිරීමෙහිලා නැන්දා ලේලි හබය හේතු වූ හැටි ඉතිහාසය කියයි.

මෙය මෙතැනට නිදසුනක්‌ පමණි. කලාතුරකින් විටෙක අදත් නැන්දා, ලේලි අතර ගැටුම් වෙතත් සෙනෙහසින් භරත වූ නැන්දා - ලේලිවරුන් ද මේ රටේ හිඟ නැත.

කොහොම වෙතත් ජන්ම කේන්ද්‍රයේ 7 වැන්නෙන් 4 වැන්න වූ 10 වැන්න නැන්දම්මා ගැන කියන රාශියයි. 7 වැන්නෙන් 10 වැන්න වූ 4 වැන්න මාමණ්‌ඩිය ගැන කියන රාශියයි. හත් වැන්නෙන් තුන්වැන්න වූ 9 වැන්න විවාහකයාගේ සහෝදරයන් ගැන කියන රාශියයි. මේ අයුරින් ජන්ම කේන්ද්‍රයේ එක්‌ එක්‌ රාශිය සමීප ඥතීන් නියෝජනය කරනු ලබන රාශීන් වේ.

එහෙයින් විවාහ ගැලපීමකදී පොරොන්දම් කීපයකට පමණක්‌ අවනත නොවී වට පිටාව ගැනද විපරම් කර බැලීමේ යුතුකමක්‌ ජ්‍යෙdතිෂවේදියාට වෙයි. එය එසේ නොවන්නේ දැනුමේ අඩුවක්‌ නිසාද නැතොත් ඒ සා දුරට වෙහෙසවීමට තරම් ලැබෙන මුදල ප්‍රමාණවත් නොවීම නිසාද යනු සිතා බැලිය යුතුය. 

පුද්ගලයකුට සමාජය තුළ කැපී පෙනෙන අයුරින් ජීවත් වීමට නම් කීර්තියක්‌ අවශ්‍යයි. නරුමවාදී අදහස්‌ ඇත්තවුන්, සමාජය විසින් ප්‍රතික්‌ෂේප කරනු ලබයි.

ලග්නාධිපතිත් ලග්න රාශියත් පාප කර්තරී වීම (පාපීන් දෙදෙනෙකුට මැදි වීම) නිසා එම පුද්ගලයා සමාජයට ගරු නොකරන්නෙක්‌ වෙයි. සමාජයට නිගරු කරන්නා සමාජය විසින් ප්‍රතික්‌ෂේප කරනු ලබයි.

ඇතැම් කේන්ද්‍රයක හිර බන්ධන නඩු හබ ආදී කරුණු හෙළිදරව් කරයි. තවත් කේන්ද්‍රයකින් හෘදය රෝග ආදිය හෙළිදරව් කරයි. පරිණත ජ්‍යෙdතිෂවේදියා සිය අත්දැකීම් හා ජ්‍යෙdතිෂ සිද්ධාන්ත ඇසුරින් එකී දුබලකම් හඳුනාගනී.

කේන්ද්‍රයේ 4 වැන්නාධිපති 6 වැන්න හා අටවැන්නාධිපති සමග යෝග වී පාප දෘෂ්ටි වලට ලක්‌වූ බොහෝ දෙනකු සිර බන්ධන වලට හසුව බව පැහැදිලිය. මේ තත්ත්වය කල්තබා හඳුනාගත හැක්‌කේ ජ්‍යෙdතිෂය කෙරෙන් පමණි. කිසියම් කාන්තාවකගේ සැමියකු හිර බන්ධන ගතවන බවක්‌ දන්නේ නම් ඔහු සමග යුග දිවිය අරඹන්නේ නැත. 

විවාහයක්‌ සඳහා සුදුසු හොඳ සැමියකු බිරියක සොයා ගැනීම කොතරම් අසීරු දැයි ඔබට දැන් සිතෙනවා ඇත. එහෙත් කෝටි සංඛ්‍යාත මිනිස්‌ පරපුර අතර අප්‍රමාණ යහපත් ස්‌ත්‍රී පුරුෂයෝ වෙති. ඒ අය පොළොවට බරක්‌ නැත. පරිසරයට කරදරයක්‌ නැත. එය තෝරා ගැනීමට බුද්ධියත් ඉවසීමත් යන දෙකම අවශ්‍යය.

එදා ආදරය සුන්දරය, රසවත්ය. රහසින් ලියූ පෙම් ලිපියක්‌ වේලුණු අඹ ඇටයක්‌ තුළට දමා පෙම්වතියගේ මිදුලට යවන අහිංසක ආදරයකි. ඒ ලිපියේ අනිවාර්යයෙන්ම කවියක්‌ වෙයි.

අද හැම දෙයක්‌ම ක්‌ෂණික නූඩ්ල්ස්‌ තත්ත්වයට පත්ව ඇත. අතේ ගෙනයන දුරකථනයේ බොත්තමක්‌ ඔබා අයි ලව් යූ යන වැකිය කී පමණින් ආදරයක්‌ දිනාගත හැකි යුගයකි. ඒ පණිවිඩය තුළ දර්ශනයක්‌ නැත. ඉලක්‌කයක්‌ නැත. කඩපළෙන් අඩු මිලට ලබාගන්නා ඇඹුල් කෙසෙල්ගෙඩියක්‌ වැනිය. මදය හපා කා ලෙල්ල විසි කිරීමෙන් පසු වෙනත් කෙහෙල්ගෙඩියකට සිත යොමු කරන අන්දමේ එකකි.

ආචාර්ය  පියසේන රතුවිතාන