මිනිස්‌ සමාජයේ වැඩි දෙනෙක්‌ රෝගීහුය : සිග්මන් ෆ්‍රොයිඩ්


 විවාහය ජීවිතයේ වැදගත්ම අවස්‌ථාවයි. එය වැදගත් වන තරමට අසීරු අවස්‌ථාවකි. විවාහයට සුදුසු කෙනකු සොයා ගැනීම අසීරු අවස්‌ථාවක්‌ නිසා සමාජයේ හැම තැනකම පෙරළිය.සැමියා, බිරිඳ හා දරුවන් අතහැර යන අවස්‌ථාවත්, බිරිඳ, සැමියා හා දරුවන් අතහැර යන අවස්‌ථාත්, ඔවුනොවුන් ශාරීරික වශයෙන් පළිගැනීම්වලට බඳුන් වන අවස්‌ථාත් බහුලව වාර්තා වන්නේ විවාහයට සුදුස්‌සකු තෝරා ගැනීම අපහසු නිසාය.

මිනිස්‌ සමාජයේ වැඩි දෙනෙක්‌ රෝගීහුය. තවත් කොටසක්‌ චෞරයෝය. තව කොටසක්‌ බේබද්දෝය. සල්ලාලයෝය අවස්‌ථාවාදියෝය, ආත්මාර්ථකාමියෝය, මුග්ධයෝය, නිවටයෝය, උත්සාහය නැත්තෝය. මේ සියල්ලන්ගෙන් තොර කෙනෙකු තෝරා ගැනීම අපහසු නිසා බොහෝ විවාහ පරාජිත අත්දැකීමකින් කෙළවර වෙයි.

විද්‍යාව අහස උසට දියුණු වී ඇති බවක්‌ කියති. ග්‍රහලෝක තරණයට තරම් දියුණු වී ඇත. එහෙත් මිනිසකුගේ ජීවිතයේ අභ්‍යන්තර තත්ත්වය විනිවිද දැකිය හැකි යන්ත්‍රයක්‌ හෝ විද්‍යාවක්‌ නැත. වෛද්‍යවරයා කෙනකුගේ පපුවට විද්‍යා උපකරණයක්‌ තබා මොහු රෝගියෙකුයි කියයි. එහෙත් මොහු අධ්‍යාත්මයෙන් පිරිහුණු කෙනෙකි. චෞරයෙකි. උම්මත්තකයෙකි ආදි සැඟවුණු තත්ත්වයක්‌ කියන්නට බැරිය. එහෙත් එය ප්‍රවීණ ජ්‍යෙdaතිෂවේදියා දකී.

අපි හැමෝම පිස්‌සෝ වෙමුයි සිග්මන් ප්‍රොයිඩ් කී කතාවේ ඇත්තක්‌ තිබේ. ටික ටික හෝ පිස්‌සුවක්‌ හෙවත් උමතු ස්‌වභාවයක්‌ නැති කෙනකු සොයා ගැනීම අපහසුය. වෙතොත් ඒ දශම ගණනකින් කිව හැකි ප්‍රමාණයකි.

විවාහ ජීවිත දෙදරන්නේ මේ සැඟවුණු උමතු භාවය කලඑළියට පැමිණෙන නිසාය. බිරිඳට පහර දීමට සැමියා අතක්‌ ඔසවන්නේ ඒ මොහොත ඔහුගේ උමතු අවස්‌ථාව බැවිනි. පහර කෑමට තරම් වරදක්‌ බිරිඳක විසින් කරන්නේ නම් ඒ ඇගේ උමතුකම නිසාය. එකිනෙකාට ෙද්‍රdaහීව, එකිනෙකාට වෛරයෙන් පසුවන මේ උමතු සමාජයේ පැහැපත් මනසක්‌ ඇති කෙනකුට ජීවත්වීම අමාරුය.

උමතුව භයානක ව්‍යාධියකි. ඒ උමතුව උත්සන්න වූ නැත අපරාධයකට පසුබිම සැලසේ. හැම රටකම පිස්‌සන් සඳහා වෙන් වූ තැනක්‌ වෙයි. ගැමියා එතැනට කියන්නේ පිස්‌සන් කොටුව කියාය. පිස්‌සන් කොටුවේ සිටින මිනිසා කියන්නේ එළිමහනේ සිටින අය පිස්‌සන් බවය.

මට පරණ කතාවක්‌ මතක්‌ වේ. අංගොඩ පිස්‌සන් කොටුව අද්දර මාවතක්‌ හරහා සිය මෝටර් රථය පදවා ගෙන යන මහාචාර්ය වරයෙකි. ඔහුගේ රියේ එක්‌ රෝදයකට ඇණයක්‌ ඇනී හුළං බැස්‌සේය. මහාචාර්යවරයා රථය නතර කර ඒ රෝදය ගලවා අමතර රෝදය සවි කිරීමට උනන්දු විය. මේ සිදුවීම ඒ අද්දර වූ තාප්පය මත වාඩිලා ගෙන සිටි පිස්‌සන් දෙදෙනකුගේ ද ඇසට ලක්‌ විය. ඔවුන් දෙදෙනා මහාචාර්යවරයාගේ ක්‍රියා කලාපය දෙස බලා ගෙන සිටියේය.

රෝදය ගලවා එය සවිකර තිබූ ඇණ හතර ගලවා, ගැලවූ රෝදයේම "කප්" එක තුළට දමා එහාට මෙහාට යද්දී ඔහුගේම පයේ හැපී ඇණ ටික මාර්ගය අසල දියපාර මතට දමා තිබූ කොන්ක්‍රීට්‌ ලෑල්ලක සිදුරු තුළින් ජලාශයට වැටුණි. රෝදය සවි කර ගත නොහැකිව මහාචාර්යවරයා පසුතැවෙයි.

තාප්පය මත සිටි එක්‌ උම්මත්තකයෙක්‌ මහාචාර්යතුමා අමතා ඇයි සර් ප්‍රශ්නයක්‌ද? ප්‍රශ්නය කියන්න අපි "සපෝට්‌" එකක්‌ දෙන්නම් යි කීය.

පිස්‌සන්ගේ කථා නොතකා හළ මහාචාර්යවරයා තවත් ළතැවීමේදී පිස්‌සා ඒ ප්‍රශ්නයම අසයි.

ඇයි පේන්නෙ නැද්ද. ඇණ ටික පහළට වැටුණා රෝදය සවිකර ගන්න බැරි යෑයි උස්‌ හඩින් කීය. සිම්පල්නෙ සර් අර හොඳ රෝද තුනෙන් එක එක ඇණය බැගින් ගලවා ගෙන ඔය රෝදය සවි කරගන්නැයි පිස්‌සා කීය.

පිස්‌සුව හෙවත් මුග්ධ මනස ඇත්තේ පිස්‌සාට නොව තමාට බව මහාචාර්යවරයාට වැටහුණි.

මිනිසුන්ගෙන් වැඩි දෙනකුට උමතු ලක්‍ෂණ ඇති බවත් මේ ලිපිය මුලදී සඳහන් විය. කෙනකු උමතුවන්නේ ඇයිද යන ප්‍රශ්නයට පැරැණි ජ්‍යෙdතිෂ ඉසිවරුන් විසින් සාර්ථක පිළිතුරක්‌ දී ඇත. එය විග්‍රහ කර දැක්‌වීම මෙය කියවන්නාට ප්‍රයෝජනවත් වෙතැයි සිතමි. විශේෂයෙන්ම විවාහ අපේක්‍ෂකයන්ගේ අවධානය යොමු විය යුතු තැනක්‌ නිසා ඒ පිළිබඳව වඩාත් ගැඹුරට සාකච්ඡා කිරීම ප්‍රයෝජනවත් වනු ඇත.

පුද්ගලයකුගේ මනස පාලනය කරන ග්‍රහයා සඳුය. විශ්වයේ සැරිසරණ චන්ද්‍රයා, කෙනකුගේ උපතත් සමගම ඔහුගේ ජීවිතය තුළ අරක්‌ගනී. එම සඳු සිටින රාශිය, එම සඳුගේ ශක්‌තිය හෝ දුබලකම ආදී සියල්ලම ඔබේ ජන්ම කේන්ද්‍රයේ සැඟවී ඇත. සෙසු ග්‍රහයෝ මෙම සඳුට සුවිශේෂ බලපෑම් කරති. මිනිසාගේ මනස ක්‍රියා කරන්නේ ඒ තත්ත්වය අනුවයි.

කෙනකු මෝඩයකු, නැණවතෙකු කපටියකු අවස්‌ථාවාදියකු, නිවටයකු, හෝ සැහැසියකු බවට පත් කරන්නේ මෙම සඳු සහ සෙසු ග්‍රහයන්ගේ බලපෑම් මතය. අපි දැන් ඒ එකින් එක ස්‌වභාවය තේරුම් ගනිමු.

සෙනසුරු උමතු ස්‌වභාවයට දායක වෙයි. එහෙම වන්නේ සඳු, ලග්නය හෝ ලග්නාධිපති එම සෙනසුරුගෙන් පීඩා ලැබූ විටය. සෙනසුරුගෙන් පීඩා ලැබීම යන්නෙහි තේරුම යට සඳහන් කළ ග්‍රහයකු සෙනසුරු සමග යෝග වී, නැතොත් සෙනසුරුගේ දෘෂ්ටිය ලැබ සිටීම හෝ සෙනසුරුගේ නැකතක සිටීමය. එසේම පස්‌වැන්නට හෝ පස්‌වැන්න අධිපතියාට එම සෙනසුරුගෙන් පීඩා වීමත් එම ප්‍රතිඵලයම දෙයි. විවාහක යුවළක්‌ අතර "සැකය" පෙරදැරි ගැටුම් ඇති වීමට එම පිහිටීම හේතුවක්‌ වේ. එතැනත් ඇත්තේ යම් ප්‍රමාණයක උමතුවකි.

රාහු හෝ සෙනසුරු යන තදබල පාප ග්‍රහයන් දෙදෙනාගෙන් එකකු ලග්නයට සඳුට ( හෝ බුදට) ත්‍රිකෝණගතව සිටීමත් උමතු ලක්‍ෂණ පහළ කිරීමකි. වැඩි දෙනෙකු මෙම ග්‍රහ පිහිටීම් දෙස නොබලා විවාහ ගැලැපීම් අනුමත කිරීම නිසා අසාර්ථක වන යුග ජීවිත අපමණය. එතැන දී එසේ පරාජයට පත් පුද්ගලයා ජ්‍යෙdතිෂ්‍ය ප්‍රතික්‍ෂේප කරන්නට තරම් සැහැසි වේ. එය ජ්‍යෙdතිෂයේ වරදක්‌ නොවේ. ජ්‍යෙdතිෂවේදියාගේ දැනුමේ අඩුව නිසා සිදුවන වරදකි.

සඳු - බුද යන දෙදෙනාට පීඩා වී සිටියදී 2, 5, 6 යන භාවයන්ද පීඩා වෙතොත් ඔහුගේ මනස උමතු සිතුවිලිවලින් යුක්‌තය. බුද ග්‍රහයා බුද්ධිය නියෝජනය කරන ග්‍රහයාය. එම බුද 3, 5, 6, 8, 9, 12 යන රාශියක දුබලව හෝ පාප පීඩිතව වෙතොත් මනස පැහැපත් නැත. සඳුගේ දුබලකම මෙයට හේතුවකි. අනෙකා දෙස සැකයෙන් බලයි. හොඳ සිතින් ගෙදරට ගෙනැවිත් දෙන ආහාරය පවා වස විස දමා ඇතැයි ප්‍රතික්‍ෂේප කරයි. ඔහුට හොඳ නරක තේරුම් ගැනීම අසීරුය.

මිථුන, කන්‍ය, හා මීන යන රාශි තුනම සංවේදී රාශීන් ලෙස ජ්‍යෙdතිෂයේදී හඳුන්වනු ලබයි. මෙයින් එක්‌ රාශියක්‌ ප්‍රබල ලෙස පාපන්ගෙන් පීඩා වී ඇතොත් ඔහුට කෝපයක්‌ ඇති වූ විට එය උමතු තත්ත්වයකට පත් වේ. සමහර විට ජය අතිශයින්ම භයානකය. මෙහිදී ලග්නය ද සංවේදී රාශියක්‌ වෙයි නම් වඩාත් අහිතකර ප්‍රතිඵල ලබයි. විවාහ ගැටුම් ඇති යුවළකගේ කේන්ද්‍ර පරීක්‍ෂා කර බලන්න. මෙය ඔබට වටහාගත හැකිය. වඩාත් යහපත් වන්නේ විවාහ ගැලැපීම් කරන විට ඒ තත්ත්වය විමසා බැලීමය. මේ දැනුම අහිමි නිසා ජ්‍යෙdතිෂ්‍යවේදියා වෙතින් වන වරද බරපතළය. ලග්නය සංවේදී රාශියක්‌ වී, රාහු හා ශනි එම රාශියේ වෙතොත් ඔහු එම දශාවන් ගෙවන විට උමතු ස්‌වභාවයට පත් වේ. එබඳු ග්‍රහයෝග ඇති අය විවාහ නොවී සිටින තරමට යහපත්ය. නැතහොත් එම විවාහය නිසා දරුවන්ටද වන්දි ගෙවන්නට සිදු වේ.

සඳු හෝ බුද යන ග්‍රහයකු සිටින රාශිය දෙපස පාපීන් දෙදෙනකු සිටීම (එය පාපකර්තරි යෝගය වශයෙන් හැඳින්වේ) ද උමතු ස්‌වභාවයට හේතුවකි. මාසේ පෝය දිනෙක උපත ලද්දේ නම් (එවිට රවි - සඳු දෙදෙනම එකට යෝගව ඇත) එම රවි - සඳු දෙදෙනාම එකවර පාප කර්තරි වෙතොත් උමතු ස්‌වභාවය දරුණු ය. සඳුත් - බුදත් දෙදෙනාම පාපින් දෙදෙනකුට මැදි වී සිටීම නිසාත් එම ප්‍රතිඵලයම ලැබේ.

ඇතැම් කෙනකුගේ කේන්ද්‍රයක දුෂ්ට ස්‌ථානවල (6, 8, 12) ශුභ ග්‍රහයන් සිටිය දී පාප ග්‍රහයන් ත්‍රිකෝණස්‌වාහ (5, 9) ගත වී ඇතොත් මනස නිරවුල් නැත. කේන්ද්‍රයක නරකම රාශි දෙක 8 වැන්න හා හය වැන්නයි. හොඳම රාශි දෙක පස්‌ වැන්න හා 9 වැන්නයි. 1, 4, 7, 10 කොහොමත් බලවත්ය 1-4-7-10 යන රාශි හතර විෂ්ණු ස්‌ථාන ලෙසත්. 5 සහ 9 ලක්‍ෂ්මී ස්‌ථාන ලෙසත් නම් කර තිබීමෙන් එම රාශිවල අගය ඔබට තේරුම් ගත හැකිය. ඒ අනුව යමෙකුගේ කේන්ද්‍රයේ 5 හෝ 9 අධිපති ග්‍රහයා සමග කේන්ද්‍රස්‌ථානයක්‌ හිමි ග්‍රහයකු යෝග වී ශුභ රාශියක වෙතොත් එම ජන්මියා වාසනාවන්තයකු බව ඔබට සිතා ගත හැකිය. එම උපත හෝ පිළිසිඳ ගැනීම සිදුව ඇත්තේ විෂ්ණු හා ලක්‍ෂ්මී සතුටු සාමිචියේ යෙදී සිටි අවස්‌ථාවකය. ඒ ජන්මියාට උමතු කල්පනා නැත. අසාධාරණ සිතුවිලි නැත. සමාජයට වෛර කරන්නේ නැත.

කේන්ද්‍රයක 8 වැන්න හා 6 වැන්න නරකම රාශි දෙක බව ඉහත සඳහන් කළෙමි. ඒ අනුව ශනි - රාහු වැනි පාපීන් දෙදෙනකු එක්‌ රාශියක පතිතව සිටීම කොහොමත් යහපත් නැත.

මනස්‌ කාරක සඳු, සෙනසුරු සමග යෝගව කුජ ගෙන්ද පීඩා ලැබ දුබල රවිගේ දෘෂ්ඨියද ලැබ උපත ලබන්නෝ කලාතුරෙකින් හමුවෙති. ඒ අය ළමා වියේ සිටම උමතු ලක්‍ෂණ පළ කරයි. එවන් උපත් දරුවනට ලැබෙන්නේ මා පියන් විසින් පෙර සසර ගමනේදී කරන ලද පාපයක්‌ නිසා විය හැකි වුවත් මෙම විපාක මතු නොවන අයුරින් විවාහ ගැලපීම් කරන්නට බැරිකමක්‌ නැත.

යට සඳහන් කළ කරුණුවලින් ඔබ්බට යතොත් සඳුගෙන් පස්‌ වැන්නේ කුජ නීචව සිටීම, අතිශයින් දුබල සඳු බුද හා යෝගව ලග්නයේ සිටීම, වෙනත් පාප බැඳීම්වලින් පරිපීඩිත කුජ - ශනි රවි යන ග්‍රහයන් දෙදෙනකු එකිනෙකාගෙන් කේන්ද්‍රගතව හෝ ද්විර්ද්වාදශාව (2-12) සිටීම, ද පුද්ගලයකුගේ මනස වියවුල් කරන ග්‍රහ පිහිටීමකි. සඳු 8 හෝ 6 හෝ 12 දුබලව සිටීමත් යහපත් නැත.

ආදරය හා ප්‍රේමය යන දෙවදනින් සමීප නෑකම් දෙන අර්ථ ඇති බව පෙනෙතත් එය බොහෝ දුරට වෙනස්‌ය. ප්‍රේමය උත්තරීතරය. මාතෘ ප්‍රේමය - දේශ ප්‍රේමය හා සස¹ බලන්න සහෝදර ප්‍රේමය ගැන හිතා බලන්න. එතැනට ආදරය යන නම ප්‍රමාණවත් නැත. ආදරය යන වදන තුළ ඇති සම්මිශ්‍රණ අර්ථ කීපයක්‌ පමණ දැන පළ කළ හැකිනම් ආදරය ද විශිෂ්ටය. එය හදවත් කෙරෙන් පිටාරය ගලන තරමට උත්සන්න වෙතොත් එතැන ඇත්තේ ආදර උමතුවකි.

පහත සඳහන් කේන්ද්‍රය බලන්න.

මේ දැරියට දැනට වයස අවු 18 කි. තවම විභාගයට සූදානම් වන වයසේය. මේ කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම ආදරය උතුරා යන එකකි. ආදරය පිටාරය ගලන එකකි.

අට වැන්නේ උච්ච බල සහිත සිකුරුය. එම සිකුරු සඳු සමගය. සඳු - සිකුරු යෝගය ආදරය උත්සන්නව මතු කරන යෝගයකි. මේ වන විට විවාහකාරක ආදර කාරක සිකුරුගේ දශාව ලබා ඇත. සඳුගේ අතුරු දශාව අද හෙටම ලබයි. එවිට සඳු - සිකුරු යෝගය ක්‍රියාත්මක වේ. විවාහය ගැන කියන හත් වැන්න පාප පීඩිතය. 22 වන දෙර්කාණාධිපති කුජත්, පාපි ශනිත් 7 වැන්න පීඩා කර ගෙන ඇත. 4 වැන්න කුජගේ නැකතක සිටි රාහුගෙන් පීඩා වී ඇත. ඒ නිසා ගෙදර සිටින්නට බැරිය. 4-6 අධිපතින් යෝගව සිටීම හිරවී සිටින බවට සාක්‍ෂියකි. 8 අධිපති ගුරු, සිකුරුගේ රාශියක සිට 7 වැන්නට දෘෂ්ටි හෙළයි.

ළමා අවදියේ විනෝදාංශය වුයේ මධ්‍යම රාත්‍රිය පසුවන තුරුම පිරිමි ළමයින් සමඟ දුරකථනයෙන් සාමිචියේ යෙදීමය.

වත්මන් සමාජයෙන් මතු පිටින් දක්‌නා ලැබෙන භෞතික දියුණුව සමගම අනෙක්‌ පැත්තෙන් පැන නැගී ඇති ශෝචනීය තත්ත්වය නම් රෝගාබාධ පැතිරී යාමයි. ඒ අතරින් මානසික සෞඛ්‍යයේ විපරිත තත්ත්වය අතිශයින් ම ශෝචනීය එකකි. දිනපතා පුවත්පතක්‌ බලන විට දක්‌නට ලැබෙන අසන්නට ලැබෙන ඇතැම් සිදුවීම් පිළිබඳ වාර්තා ලොමු දැහැගන්වන සුලුය.

බිරිඳගේ බෙල්ල කපා ඝාතනය කරන සැමියන්, දරුවන් මරා දමන පියවරුන්, දරුවන් සමග දිවි හානිකර ගන්නා මව්වරුන් ආදී සිදුවීම්වලින් සමාජය කිළිටි වෙමින් පවතී. අපේ රටේ පමණක්‌ නොව ලොව මුළුල්ලේම මේ මානසික විපරිතකම් දක්‌නට ලැබේ.

ඇතැම් ලෙඩකට ඖෂධ වෙනත් මානසික ව්‍යාධීන් සුවපත් කළ නොහැකි තරමට පැතිරෙමින් පවත්නා බව දක්‌නට ලැබේ. මිනිස්‌ සමාජය මේ තරම් පහත් තත්ත්වයකට පත් කිරීමට මිනිහාම දායක වී ඇති බැව් පෙනේ. ගමේ දැරිය ළමා සාරියකින් සැරසී දහම් පාසලට තනිවම ගමන් කළ යුගයක්‌ විය. එවන් දර්ශන කාමය කුපිත කරන දර්ශන නොවීය. ගැමි දැරියක්‌ කලිසමකින් සැරසී මාවතක ගමන් කරන්නට වූ දා සිට රූපවාහිනියේ අඩනිරුවත් නැටුම්වලට ප්‍රමුඛම ස්‌ථානය දුන් දා සිට, ගුරුපත්වීම සම්මුඛ පරීක්‍ෂණයකින්, ලිත පරීක්‍ෂණයකින් තොරව දුන් දා සිට සමාජය විනාශ මුඛයට ළං විය. පෙර අත් බැව්හි දී අප විසින් සිදු කරනු ලැබ, අප පසුපස ලුහුබැඳ එන්නා වු අෂ්ට කර්ම ඵල විපාකයන්ගෙන් කොටසක්‌ අප මෙලොව ගත කරන කාලය තුළ දී කායික හා මානසික රෝගාබාධවල මුහුණුවරින් එළිදක්‌නා ලැබේ. ඒ කර්ම විපාකවල ප්‍රතිඵල යමකු උපත ලබන විට අහසේ ග්‍රහයන් පෙළ ගැසී සිටිනා රටාවෙන් හෙළිදරව් වනු ඇත.

කේන්ද්‍රයක 6 වැනි භාවය රෝගාබාධ ගැන කියෑවෙන රාශිය බව ජ්‍යෙdතිෂය ගැන ටිකක්‌ දන්නා කෙනෙකු වුවද පිළිගනු ලබන දෙයකි. මනස පිළිබඳ තත්ත්වය හඳුනා ගැනීමට මනස්‌ කාරක සඳුගේ පිහිටීම පැහැදිලිවම හේතු සාධක වන බවද පිළිගත යුතුය. එසේම බුqද්ධියට හා ස්‌නායු පද්ධතියට කාරක ග්‍රහයා වන බුදගේ පිහිටීමද පුද්ගලයකුගේ මනස පාලනය කරනු ලබන්නක්‌ බවද අවිවාදයෙන් පිළිගත යුතුය.

උමතු රෝග පිළිබඳ කතා කිරීමේදී ස්‌නායුවලට හා සංවේදී බවට ප්‍රමුඛවන මිථුන රාශිය ගැනත් මොළයට කාරක අධිසක්‌ ඇති ලග්නය දෙසත්, කුඩා මොළයට කාරක රාශිය වන 2 වැන්නත් කෙරෙහි අපේ අවධානය යොමු කළ යුතුමය. ළමා වියේදීම ජන්ම කේන්ද්‍රයක්‌ පරීක්‍ෂා කිරීමෙන් ඔහුගේ මනසේ ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීමට සමත් ජ්‍යෙතිෂ්‍යවේදීය පරිසරය හා ආකල්ප වෙනස්‌ කිරීමට උපදෙස්‌ දීමෙන් ඒ තත්ත්වයෙන් දරුවා මුදවා ගැනීමට උපදෙස්‌ දෙයි.

මිථුන, කන්‍යා මීන යන රාශියක්‌ 8 වැන්න වී, එම රාශි පාප පීඩා වීමෙන් හා සඳු දුබල වීමක්‌ වෙතොත් කිසියම් දශා කාලයකදී මනස වෙනස්‌ විය හැකි බව ජ්‍යෙdaතිෂ්‍ය සඳහන් කරයි. හැම මවක්‌ම පියෙක්‌ම තම දරුවාගේ " මනස" තේරුම් ගැනීමට උනන්දු විය යුතුය. එවිට වැඩිහිටියකු වු විට ඔහුට පසුතැවිලි තත්ත්වයක්‌ නැත.

මේ යුගයේ සිය දිවි නසා ගන්නා අයගේ ප්‍රමාණයද වැඩි වෙමින් පවතී. කුමන හේතුවක්‌ පෙරදැරිව සිය දිවි නසා ගත්තත්. එයට මානසික බිඳ වැටීම ප්‍රමුඛ වූ බව පිළිගත යුතුයි. මව්වරුන් රැකියාවලට යැමට වූ දා සිට දරුවනට මව් සෙනෙහස නොමැති වීම නිසා ළා බාල වියේ සිටම ඒ දරුවන්ගේ මනස විකෘති ස්‌වභාවයකට පත්වන්නට වූ බවත් පිළිගත යුතුය. මත් පැන් භාවිතයට යොමු වීම ද මානසික විකෘතියට හේතු වූ අවස්‌ථා වේ. මත්පැන් භාවිතය වූ කලී උමතුව මුදල් දී ලබා ගන්නා එකක්‌ සේ හැඳින්වීම නිවැරදිය.

මේ පුද්ගලයාට අසවල් වයසේදී උමතු කල්පනා ඇති වෙතැයි වෛද්‍යවරයාට කිව නොහැකි වුවත් දක්‍ෂ ජ්‍යෙdතිෂවේදීයකුට ඔහුගේ ජන්ම පත්‍රය පරික්‍ෂා කර බලා කිව හැකිය. ඒ සඳහා කළ යුතු පිළියම්ද යෙදිය හැකිය.

ආචාර්ය පියසේන රතුවිතාන