පිංපොත පව් පොත සහ මාරයාගේ සිනහාව


ඔබ කුමන ලග්නයක වුවත් ඔබට අහිතකර ග්‍රහ ගමන් ගණනාවකි. නිදසුනක්‌ වශයෙන් ඔබ මේෂ ලග්නයේ නම් 6, 8, 12 රාශි තුනටම අයත් දශාකාල තුනම යහපත් නැත. ඊළඟට සඳුගෙන් 8 වැන්නේ සිටි ග්‍රහයාගේ දශාවත් යහපත් නැත. එසේම ජන්ම ඒරාෂ්ටක කාලයට අයත් වර්ෂ 3 ක පමණ කාලයක්‌ යහපත් නොවේ. තවදුරටත් 22 වන දෙර්කාණාධිපතියාට අයත් ග්‍රහයාට අයත් දශා කාලයත් යහපත් නැත. මේ අවස්‌ථා කීපය පමණක්‌ වුවද එකතු කර බලන විට දශා කාල 6 ක්‌ පමණම අයහපත් අත්දැකීම් දෙන කාලයක්‌ වේ.

මේෂ ලග්නයේ උපන් ඔබට සඳුගේ විංශෝත්තරී දශා කාල ශේෂය අවුරුදු 6 ක්‌ පමණ වූයේ යෑයි උපකල්පනය කරමු. එතැන් සිට ලබන කුජට අවුරුදු 7 යි. රාහුට 18 යි. ශනිට 19 යි යන අවුරුදු 45 ම යහපත් නැත. නැවත මේෂ ලග්න හිමියාට රෝග කාරක බුධගේ දශාව තවත් අවුරුදු 17 ක්‌ ම යහපත් නොවේ. 22 වන දෙර්කාණාධිපතියාත් කුජ වූයේ නම් තවත් අවුරුදු 7 ක්‌ යහපත් නැත. මෙසේ බලන විට අවුරුදු 69 ක්‌ ම ශුභ ඵල දෙන දශා නොවේ. ජන්ම ඒරාෂ්ටක කාලයත් මෙයට එකතු කළ විට වයස 75 ක්‌ වනතුරු දුක්‌ කරදර කර පින්නාගෙන යන ජීවන ගමනකි. පරමායුෂ ප්‍රමාණය අවුරුදු 120 ක්‌ වුවත් එපමණ කාලයක්‌ ජීවත්වන කෙනෙක්‌ නැත. යටත් පිරිසෙයින් උපරිම වයස අවුරුදු 80 ක්‌ වෙතොත් අයහපතක්‌ නැති කාලය අවුරුදු 05 කට වඩා නැත.

ඔබ ඔබේ ජීවන ගමන ගැන ආපසු හැරී බැලුවොත් ඔබ මියයමින් ජීවත් වූ බවක්‌ ඔබට පෙනෙයි. පෙර සසර ගමනේ දී රැස්‌ කරන ලද කුසලේ අස්‌වැන්න ඔබේ ජීවන ගමනට මග වියදම් සපයයි.

මිනිස්‌ ආත්ම භාවයක්‌ ලබන්නේ පෙර පිනකට බවත් ඇතැම් පතපොතක ඇතත් ඔබ ඉපැදී ඇත්තේ පෙර සසරේ වූ ණය ගෙවන්නට බවත් ඔබට සිතා ගන්නට බැරිකමක්‌ නැත.

ජ්‍යෙdතිෂය කෙරෙන් මෙය වඩාත් හොඳට සනාථ වේ. ජ්‍යෙdතිෂයේදී අපේ ජීවිතයට බලපෑම් කරන කුජ, ශනි, රාහු වැනි පාප ග්‍රහයන් සමූහයකුත් ජන්ම කේන්ද්‍රයේ දුෂ්ට රාශීන් කීපයකුත් නම් කර එයට අමතරව ඒරාෂ්ටක අපල දෙර්කාණ අපල ආදී වශයෙන් පෙන්වා දී ඇති සෘෂි භාෂිතය කොතරම් දුරට සත්‍යයට සමීප දැයි සිතා බලනු මැනවි. එතැන දී ආගමට වඩා ජ්‍යෙdතිෂය කෙරෙන් අපල කාලය හඳුනාගත හැකි බවක්‌ පෙනේ.

වනාන්තරයේදී මස්‌ නොකන හැම සතෙක්‌ම මාංශ භක්‌ෂණයෙන් ජීවත් වන තවත් සතෙකුගේ ගොදුරකි. ගවයා, මුවා, අශ්වයා වැනි සතුන් කොටියාගේ ගොදුරුය. අලියා සිංහයාගේ ගොදුරය. මිනිස්‌ සංහතිය දෙස බලන විට ඊටත් වඩා භයානක තත්ත්වයක්‌ විද්‍යමාන වේ. එනම් මිනිසා වූ කලී මිනිසාගේම ගොදුරක්‌ වීමයි. මනුෂ්‍යයා වූ කලී තවත් මිනිසකු මරාගෙන ඔහුගේ මාංශ අනුභව නොකළත් ඔහුගේ පසුම්බිය උදුරා ගැනීමට මිනිසකු මරයි. බලය උදුරා ගන්නට මිනිසකු මරයි.

ඉඩමේ වැට මායිම් වෙනස්‌ කර ගැනීමට මිනිසකු මරයි. පියාගේ හෝ සහෝදරයාගේ දේපළ උරුමය උදුරා ගැනීමට පියාට හිමි මවට හිමි සෙනෙහස මරයි. හැබෑව එය නම් මේ මිහිතලය මත ජීවත්වන භයානකම සතා මිනිසාය.

අප මේ ලිපිය ආරම්භ කළේ අපේ හඳහන වූ කලි පෙර සසරේ රැස්‌ කළ පව් පින් දෙකේ වාර්තා පොත එය බව පෙන්වීමටය. වෙනත් වචනයකින් කියතොත් පෙර සසරේ රැස්‌ කළ පව්-පින් දෙකේ වාර්තාවය.

අදත් සමහරුන් වෙත පින් පොතක්‌ වේ. බලු කපුටු දානයක්‌ දුන්නත් ඒ පුවත තම පින් පොතේ සටහන් කරයි. එහෙත් කිසිවකු අත zපව් පොතක්‌Z නැත. මෙලොව දී එක්‌ එක්‌ අය කළ වැරැදි, කළ අපරාධ, කළ සැහැසිකම් එම පව් පොතේ සටහන් කර කියවා බලන්නට උනන්දු වන්නේ නම් මිනිහා වඩාත් සංවර වනු ඇතැයි මට සිතේ.

ජ්‍යෙdතිෂ පොත්වල ඇතැම් විටෙක මෙබඳු වැකියක්‌ වෙයි. කලත්‍රස්‌ථානයට හෙවත් 7 වැන්නට අෂ්ටමාධිපතියාගේත් පාපී දෙර්කාණාධිපතියාගේත් දෘෂ්ටිය වැටී ඇති නිසා ජන්මියාගේ විවාහය දුක්‌බර වේ. අසාර්ථක වේ.

ඒ වූකලී ජ්‍යෙdතිෂ භාෂාවෙන් ලියූ වැකියකි. මාරයාගේ පොතේ ඒ පුවත ලියා ඇත්තේ වෙනත් භාෂා ස්‌වරූපයකිනි. එය මෙසේ විය හැකිය.

zz....මේ නරුමයා ආත්ම කීපයකදී වැරැදි අයුරින් නින්දිත අයුරින් ලිංගික අපරාධ කළ පාපී නරුමයෙකි. ඒ වරදට මොහුට තවත් ආත්ම ගණනකට විවාහ සැපත අහිමි කරමි. කලත්‍ර සෙනෙහස අහිමි කරමි...ZZ

මාරයාගේ පොතේ ඊළඟ පිටුවේ මෙබඳු වැකියක්‌ ද විය හැකිය. zz... මේ හාදයා ග්‍රහයන්ගේ චාරය zඅපලයZ වශයෙන් පෙන්වා දී ආත්ම බයක්‌ ඇති කොට වීදුරු කෑල්ලක්‌, මැණික්‌ ගලක්‌ සේ පෙන්වා ලක්‌ෂ ගණන් වැය කරවමින් ප්‍රවීණ ජ්‍යෙdතිෂවේදී හෝ රාජකීය ජ්‍යෙdතිෂවේදී යන හනිවරය ප්‍රදර්ශනය කරමින් කළ අපරාධයට දඬුවම් වශයෙන් කල්පයක්‌ අවීචි මහා නරකාදියට තල්ලු කිරීමට නියම කරමි...ZZ

ශ්‍රී ලංකා උසාවිය විශ්ව අධිකරණයට වඩා මාරයාගේ උසාවිය සරල නැත. මිනිස්‌ උසාවියකදී නීතිඥයකුගේ කටහැකර කතාවකින් අපරාධයක්‌ කර නැති බව ඔප්පු කළ හැකිය. ඒ සෙල්ලම් අපායේදී බැරිය. ජ්‍යෙdතිෂ පොත්වල වක්‍රෝක්‌තියෙන් කියා ඇති කරුණු ඇතැමෙකුට තේරුම් ගැනීම අමාරුය. නීච ග්‍රහයා යන වචනයට ජ්‍යෙdතිෂ ශබ්ද කෝෂයේ අර්ථ දක්‌වා ඇත්තේ දුඃතයා යනුවෙනි. උච්ච ග්‍රහයාට අර්ථ දක්‌වා ඇත්තේ දීප්ති කාරකයා යනුවෙනි. නීච ග්‍රහයා, සතුරු ග්‍රහයා, පාප කර්ත්‍රි ග්‍රහයෝ, දුෂ්ට ග්‍රහයා යනාදි වචන ජ්‍යෙdතිෂ පොත්වල දැක්‌වේ. තවදුරටත් යෝග කාරක ග්‍රහයා, මාරක ග්‍රහයා, පාපී ග්‍රහයා, 22 වන දෙර්කාණාධිපතියා ආදී වශයෙන් දක්‌වා ඇත්තේ පෙර සසර ගමනේ දී ජන්මියා විසින් කරන ලද අපරාධවලට දඬුවම් දීම සඳහා ඔහු පසු පස එන මාරයාගේ දූතයාය. හෙතෙම මගයන ඔබව පාරේ දුවන ලොරියකට දුම්රියකට තල්ලු කරන්නට සුදුසු අවස්‌ථාව එළඹෙන තුරු ඔහු අප පසුපස ගමන් කරයි. නැත්නම් ආගන්තුක ලෙඩක්‌ ශරීරගත කොට ඔබ රෝහලටකටත් එතැනින් මෝචරියටත් තල්ලු කරයි. ඒ ඔහුට හිමි දඬුවමය.

ඔබේ කේන්ද්‍රයේ විෂ්ණු දෙවිඳුන්ට හා ලක්‍ෂ්මී දෙවඟනට හිමි රාශි දෙකක්‌ හෙවත් ගෙවල් දෙකක්‌ වෙයි. හතර වැන්නේ ශ්‍රියා කාන්තාව හෝ මූ දේවියත් වෙයි. ඔබේ දශාධිපතියා පස්‌ වැන්නට හෝ 9 වැන්නට නෑකම් කියයි. ඒ දශා කාලය තුළ ඔබට ආශිර්වාද කිරීමට විෂ්ණු - ලක්‍ෂ්මී දෙදෙන එක්‌ වෙයි. ඒ දශා කාලය තුළ දී ඔබ සතුටින් ප්‍රීතියෙන් අගහිඟයෙන් තොරව ජීවත් වෙයි.

එසේ ඔබේ කේන්ද්‍රයේ 8 වැනි රාශිය ඔබ යම් වරදක්‌ කර ඇත්නම් ඔබට දඬුවම් දීමට එතැන ලැගුම් ගෙන ඇත. එම අට වැනි රාශිය ඔබේ කේන්ද්‍රයේ චර රාශියක්‌ නම් ඔබට නිවසේදී දඬුවමක්‌ කරන්නේ නැත. ඒ සඳහා අවසර ඇත්තේ ගමනේ යෙදී සිටින විටය. එසේම 8 වැන්න උභය රාශියක්‌ නම් ඔබට දඬුවම ලැබෙන්නේ අනුන්ගේ තැනකදීය. නැතොත් රෝහලක්‌ තුළදීය. 8 වැනි රාශිය තිර රාශියක්‌ නම් ඔබේ නිවස තුළදීම ඔබට දඬුවම් දීමට මාරයාට බලය දී ඇත. එහෙත් ඒ දඬුවම් මාරයාට කැමැති අයුරකින් කළ නොහැකිය. ඒ සඳහා මාරයාගේ "පව්පොතේ" දඬුවම් කළ යුතු ආකාරය සටහන් කර ඇත.

ඔබේ කේන්ද්‍රයේ දෙර්කාණ කොටුවක්‌ ඇත්තේ ඒ සඳහාය. ඒ තුළ මරණය සිදු කළ ආකාර 36 ක්‌ වේ. එයින් කීපයක්‌ නම් ආයුධ දෙර්කාණය, ජල දෙර්කාණය පාශ දෙර්කාණය, සිවුපා දෙර්කාණය, පක්‍ෂි දෙර්කාණය, සර්ප දෙර්කාණය ආදී වශයෙන් වේ. මරණය එයින් එකකින්ය. 22 වන දෙර්කාණය පාශ දෙර්කාණයක්‌ නම් ඔබේ මරණයට ඔබම දායක වෙයි. එනම් සියදිවි නසා ගැනීමක්‌ වෙයි.

මරු සිටින දිශාව ඔබේ කේන්ද්‍රයේ වෙයි. එය මරු ශූලම වශයෙන් දක්‌වා ඇත. එසේම යෝගිනි සිටින දිශාවේත් පරිඝ සිටින දිශාවේත් ගුරුළු චන්ද්‍ර සිටින දිශාවේත් පාශ සිටින දිශාවේත් භෛරව සිටින දිශාවේත් දිග ශූල - දික්‌ ශූල සිටින දිශාවේත් ඔබේ පාපි පොත අතට ගත් මාරයා සැඟවී සිටී. 

එසේ නම් පව් පොතේ නම සඳහන් ඇත්තන් රජ පුටුවල සිටිනවා නොවේ දැයි ඔබට ප්‍රශ්නයක්‌ උපදී. සැබැවි, එබඳු අවස්‌ථා ඇත්තේ උස්‌සා පොළොවේ ගැසීමටය. එය පයින් ගහනවාට වඩා දරුණුය. පව් ගෙවෙන තුරු සැප පුටුවේ සිටිය හැකිය. ඒ කාලය නිමවූ පසු ඔහුට අපායට පිවිසෙන දොරටුව විවර වේ.

ඒ දොරටුව කී වැනි එකක්‌ දැයි කියන්නේ 12 වැන්නට පාපී දෙර්කාණාධිපතියා පැමිණි මොහොතේය. එය කේන්ද්‍රයේ 6, 8, 7 යන දෙර්කාණාධිපතියා පැහැදිලි කරයි. වරාහමිහිරයෝ එය මෙසේ පැහැදිලි කරති.

රවී, සඳු දෙදෙනා අතරින් වඩා බලවත් ග්‍රහයා කවරෙක්‌ දැයි සොයන්න. මෙම ග්‍රහ යුගල අතරින් බලවත් ග්‍රහයා තැන්පත් වූ දෙර්කාණයට අධිපති ග්‍රහයා ගුරු නම් මියගිය තැනැත්තා අමරණීය වූවන්ගේ ලෝකයට ගෙන යයි. සඳු හෝ සිකුරු බලවත් වූයේ නම් නැතොත් එහි දෙර්කාණාධිපතියා වූයේ නම් පීතෘ ලෝකයට නෑකම් කියයි. මිනිස්‌ ලොවට උරුමකම් කියන්නකු නම් රවි හෝ කුජ දෙර්කාණාධිපතියා වනු ඇත. ශනි හෝ බුධ එම දෙර්කාණාධිපතියා නම් අන්තරා භවයේය.

පෙර ආත්ම භවයේදී උසස්‌ සාමාන්‍ය හා පහත් යන කවර තත්ත්වයක පෙර ආත්මය පැවැතියේ දැයි බලන්නේ අදාළ දෙර්කාණාධිපතියා උච්ච අංශකයෙන් මිදී නීචත්වය කරා ගමන් කරමින් සිටින නැතහොත් නීච යන කවර අවස්‌ථාවක පසු වූයේ දැයි සොයා බැලීමෙනි. එම ග්‍රහයා අහස මුදුනට ළඟා වී සිටියේ නම් යහපත් තත්ත්වයක වූ බවත් රසාතලයට ආසන්නව පිහිටියේ නම් අයහපත් මට්‌ටමක වූ බවත් සමහරු අර්ථකථනය කරති.

16 වන දෙර්කාණයට 22 වන දෙර්කාණයට අධිපතියා 7 වැන්නේ සිටින ග්‍රහයා යන මේ තිදෙනාගෙන් වඩාත්ම බලවත් ග්‍රහයා කවරේද ඔහුගෙන් හැඟවෙන ලෝකය කරා මෙලොවින් චූත වූ ආත්මය ගමන් කරන්නේය.

තවදුරටත් මෙය මතක තබා ගන්න. 2, 12 යන භාවයන්ගෙන් මතු ආත්මය ගැනද 6, 8 යන භාවයන්ගෙන් පෙර ආත්මය ද පළ කෙරෙන බවක්‌ ජ්‍යෙdතිෂය මැනවින් දන්නෝ කියති.

උපන්නේ කොහි සිට පැමිණීමක්‌ද මැරෙන්නේ කොතැනට යන්නේ දැයි නොදන්නා ඔබ පංෙච්න්ද්‍රියයන් සවිමත් වූවත් අන්ධයෙකි. බොහෝ පින් කළ රජ කෙනෙකු (ධර්මාශෝක) මරණින් පසුව පිඹුරකු වී උපන් පුවතක්‌ බණ පොතේ ඇත. ඒ පුවත ඔබේ දෙසවනට වැටෙන්නේ නැත. ඒත් එය හදවතේ රැදුණේ නැත. හේතුව මුළු මහත් මනසම බැංකුව, ගිණුම, උච්චාසනය යනාදී ආශා පොදියකින් පිරී ඇති බැවිනි.

ඔබට බරපතළ මුදල් හිඟයක්‌ සමඟ උත්සන්න අවශ්‍යතාවක්‌ වූයේ නම් හිතවාදී ඇති කෙනෙකුගෙන් ණය මුදලක්‌ ලැබිය හැකිය. පුතාගෙන් පියාගෙන් එම අගහිඟකම පිරිමසා ගත හැකිය. සසර ගමනත් එසේය. මරණයට සූදානම් වන්නැයි ඔබට මාරයා දැනුම් දුන්නේ නම් ඔබට මරණය ද කල් දමා ගත හැකිය. නැති කළ නොහැකිය. පුතාගේ කේන්ද්‍රයේ පිය රාශිය ඒ වන විට බලවත් නම් ඔබේ පියාගේ පුත්‍රස්‌ථානය ඒ වනවිට බලවත් නම් පමණක්‌ මරණය කල් දැමිය හැකිය. ඒ සඳහා කළ යුතු ශාන්ති කර්ම වේ.

ජීවන ගමන සැප පහසු අධිවේගී පාරක නොවේ. කඳු පල්ලම්, ප්‍රපාත, ජලාශ ආදී දුෂ්කරතා පසුකර යා යුතු එකකි. ඔබේ කේන්ද්‍රයේ බාධක, අපල, මාරක රාශි, මාරක ග්‍රහයෝ ආදී වශයෙන් දක්‌වා ඇත්තේ ඒ අවහිරතාවන්ය.

අතීතයට මනස යොමු කර පිං පොත හා පව් පොත පෙරළා බලන්න. පිං පොතේ සංඛ්‍යාවෙන් පව් පොතේ සංඛ්‍යාව අඩු කළ නොහැකි නම් මාරයා අහසට හිනා වෙයි.

ආචාර්ය පියසේන රතුවිතාන 
උපුටා ගැනීම - දිවයින පුවත්පත