පතිදම් රකින බිරිඳක්‌-සැමියෙක්‌ සොයාගන්නා හැටි මෙන්න


වෘත යනු විනයක්‌ රැකිමය. එය ශිලයක්‌ ලෙසද හැදින්විය හැක. පෙර සිටි රජවරු බිසවුන් වහන්සේලා හා පවා නොයෙකුත් වෘත සමාදන් වී ඇති නමුත් පතිවෘත යනු විවාහක බිරිඳක්‌ විසින් රැකිය යුතු විනයකි. නැතිනම් ශීලයකි. තමා විවාහ වූ දා පටන් තම ස්‌වාමියාට පමණක්‌ ලැදිව ආදරය දැක්‌වීම හා ඔහු සමඟ පමණක්‌ මෙවුන්දම් (සංවාසයේ) යෙදීමයි.

මෙය පතිවත රකින කාන්තාවක සතුය. එදා සිSතා දේවිය පත්තිණි දේවි යන කුල කාන්තාවන් රැක්‌කේද එම ශීsලයයි. පත්තිණි දේවියට එම නම පට බැඳුනේද ඇය පතිවෘතය රැකි නිසාමය. අද සමාජයේ විශාල වශයෙන් පිරිහීsයන පවුල් සංස්‌ථා තුළ බොහෝ දරුවන් දුකට පත්වී සිටී. සමහර දරුවන් පරිවාස භාරයට පත්වේ. බොහෝ විට ස්‌වාමියා පරස්‌ත්‍රි ගාමි වීමෙන් තම බිරිඳ හා දරුවන් අනාථ වේ. මවුවරු පියවරු වශයෙන් ඔබ ඒ ගැන දැනුවත් විය යුතුවේ.

පසුගිය කාල වකවානුව තුළ තම දරුවන්ට වස පොවා තමාද වස පානය කළ බව තම දරුවන් ජල රකුසකුට බිලිදී තමාද දිවිනසා ගන්නා අයුරු බොහෝ මාධ්‍ය තුළින් ඔබ දැක තිබෙනවා නේද? මෙවැනි දේ පිටරට වලට වඩා අප රටේ වැඩිපුර ඇතැයි සිතෙනවා නේද? එහෙනම් මෙය වලක්‌වා ගන්න මෙය කියවන සියලු දෙනාම බුද්ධිමත් විය යුතු වේ.

නමුත් අද අප රටේ බොහෝ විට ස්‌ත්‍රීන් පුරුෂයන් 50% ක්‌ පමණ පතිවෘත සහ පතිනිවෘත රකින්නේ නැත. ඒ අද එදා මෙන් නොව වෙනස්‌ වූ සමාජ ක්‍රමය නිසාමයි. අද එක ස්‌වාමියෙකුගෙන් සැනසෙන කාන්තාවන් සෙවීමද අපහසුය. තම ස්‌වාමියා පිටරටක නම් බිරිඳ තවත් සොර සැමියන් හා හිතවත් වේ. නැතිනම් අයථා මාර්ග වලින් තම සිතැඟි සපුරා ගනී. නමුත් මෙම පතිදම් රකින කුල කතුන් අද සමාජයේ නැතුවාම නොවේ. මේ ආකාරයට ස්‌ත්‍රියකගේ රකින පතිදහම බලන අප සියලු දෙනා පුරුෂයකුගේ විනය බලන ආකාරයක්‌ මෙහිලා සඳහන් කරමු. පුරුෂයකු රැකිය යුත්තේ පතිනිවෘත යයි. එනම් තම විවාහක බිරිඳට පමණක්‌ ඇල්ම ආදරය දැක්‌වීම හා ඇය සමග පමණක්‌ මෙවුන් දම් සෙවීම පමණකි. නමුත් අද සමාජ ක්‍රමය තුළ එයද විනාශ වී ගොසිනි. තම සිතැඟි අවශ්‍යතා සපුරා ගැනීමට අද සමාජයේ පිරිමින් පුරුදු ව සිටින්නේ සමාජ ශාලා කැරෝකේ වැනි ස්‌ථාන වගේම හෝටල්වල පවා ගොස්‌ මෙවැනි විනය විරෝධි වැඩ කිරීමටයි. එය තුළින් අප රට තුළ තිබෙන බෞද්ධ ශිෂ්ඨාචාරය සහ සංස්‌කෘතිය පවා විනාශ මුඛයට ළඟා වේ.

විවාහයකදී පති සහ පතිනි එක්‌වෙති. ප්‍රේමය මුල්කොටගෙන විවාහ ජීවිතයක්‌ ඇරඹීම එය මරණය තෙක්‌ ගෞරවයෙන් යුතුව ආරක්‌ෂා කර පරිහරණය කිරීම දෙදෙනාගේම යුතුකමකි. සාර්ථක යුග ජීවිතයක්‌ සඳහා පතිගෙන් පතිනියට හා පතිනියගෙන් පතිට යුතුකම් කිහිපයක්‌ ඉටු විය යුතුයි.

යුග ජීවිතයේ සාර්ථකත්වය ර¹ පවතින්නේ (පති) ස්‌වාමියා (පතිනි) බිරිඳ කෙරෙහි (පතිනි) බිරිඳ (පති) ස්‌වාමියා කෙරෙහි දක්‌වන ආදරය ප්‍රේමය සෙනෙහස හා ගෞරවය මතයි. ආදරය මෙන්ම දෙදෙනාගේම ආධාරය මත පවුල් ජීවිතය තුළට ගෙන ආ යුතුයි. ජීවිතයක්‌ ගෙනයාම පහනක්‌ දල්වන ආකාරයට සිදුවිය යුතුයි. පහන ජීවිතය නම් එහි දැමූ තෙල් සෙනෙහසයි. එබැවින් ජීවිතය ගෙනයාමට සෙනෙහස ආදරය අවශ්‍යයි. නමුත් සෙනෙහස නැති වූ දා පහනේ තෙල් සිඳී යනවාක්‌ මෙන් ජීවිතය ද අකර්මන්‍ය වේ.

සිඟාලෝවාද සූත්‍රයේ ස්‌වාමියාත් බිරිඳත් බටහිර දිශාව ලෙස නම් කළේය. එසේ නම්කොට ස්‌වාමියාගෙන් ඉටුවිය යුතු යුතුකම් 05 ක්‌ පෙන්වා දුන්හ.

1. ස්‌වාමියා බිරිඳට ගෞරව බුහුමන් කිරීම (සම්මානනාය)

2. ස්‌වාමියා බිරිඳට අවමන් නොකිරීම (අනවමානනාය)

3. පර ස්‌ත්‍රී ගාමි නොවීම. (අනති චරියාය)

4. අවශ්‍ය සැප සම්පත් සපයා දීම (ඉස්‌සරිය වොස්‌සක්‌ගෙන)

5. ඇය අලංකාර කිරීමට අවශ්‍යදේ සැපයීම (අලංකාරානුපද්දාය)

මෙම කරුණු 5 න් බිරිඳට සංග්‍රහ කිරීම හිමියකු සතු වැදගත් යුතුකමකි.

එසේ සංග්‍රහ කරන කල්හි බිරිඳ විසින් ද කරණු පහකින් ස්‌වාමියාට සලකන්නීය. ඒ බිරිඳ විසින් ස්‌වාමියා කෙරෙහි දක්‌වන අනුකම්පාව සහ ආදරයකි.

1. ගේ දොර කටයුතු මනාව පිළියෙල කිරීම. (අලංකාර කිරීම, පිරිමැසීsම, ලද පමණින් සතුටු වීම.)

2. ස්‌වාමියාගේ පරිවාර ජනයාට එකලෙස සැලකිSම (නැන්දා මාමා ඥතීsන්ට සංග්‍රහ කිරීම ස්‌වාමියාගේ බලය විකාශනය වන අයුරින් කටයුතු කිරීම.

3. පර පුරුෂ ගාමි නොවීම. (දුෂ්ඨ ෙච්තනාවෙන් හා තමන්ගේ අනිසි ආශාවන් මුදුන් පමුණුවා ගැනීම ආශාවන් රහිතව පර පුරුෂයන් කෙරෙහි ඇලීම.

4. ස්‌වාමියාගේ වස්‌තුව ආරක්‌ෂා කිරීම. (ලද පමණින් සතුටු වී දරුවකු රකින මවක්‌සේ ඔහුගේ ධනය ආරක්‌ෂා කිරීම.

5. ගේ දොර කටයුතු අනලස්‌ව කිරීම (කම්මැලි නොවීම තමන්ගේ ගේ දොර කටයුතු කිරීම, නිතර නිදා නොගැනීම.)

මෙවැනි දේ පෙර සිටම බුදුන් වහන්සේගේ කාලයේ සිටම පැවතෙන කරුණු කාරණායි. මේ වන විට අද සමාජය මෙවැනි කරණු පිරිහීමට පටන්ගෙන ඇත. එබැවින් විවාහ වන ජීවිත විනාශ මුඛයට ලක්‌වීම කැඩීබිදීයාම සිදුවේ.

මෙවැනි දහමට පටහැනිව අයථා මාර්ග වලට යොමු වන අපගේ 

කාන්තාවනි, මවුවරුනි ( නිකමට සිතුවාද තමන් අනුන්ගේ ස්‌වාමියකු දරුවන්ගේ පියකු තමන්ට සතු කරගෙන ඔබ තවත් බිරිඳකට දරුවන්ට කරන්නේ විශාල වරැද්දක්‌. එරෙහිවීමක්‌ බව,

පුරුෂයිනි, පියවරුණි ( ඔබත් නිකමට හිතුවාද තමන් අනුන්ගේ බිරිඳක්‌ දරුවන්ගේ මවක්‌ තමන්ට වැරදි විදියට සතු කර ගැනීමෙන් ඔබ තවත් ස්‌වාමියකුට දරුවකුට කරන්නේ විශාල වරැද්දක්‌ බව. මෙය පසක්‌ කරගතහොත් ඔබ විශාල වැරැද්දකින් මිදුන කෙනෙකු බවට පත්වේ.

පංචසීලයෙහි හරිමැද පිහිටි ''කාමේසුමිච්ඡාචාරා වේරමණි සික්‌ඛාපදං සමාදියාමි'' යන සිල් පදය කැඩුවොත් එහි උඩ තිබෙන ශික්‍ෂාපද දෙකද තෙවැනි ශික්‍ෂා පදයට යටින් තිබෙන ශික්‍ෂාපද දෙකද ඉබේටම බිඳීයයි.

ඔබ ස්‌වාමියකු නම් මුලින් ඔබ මෙම වැරැද්ද කරන විට බිරිඳට බොරුවක්‌ කිව යුතුය. නැතිනම් සැමියාට බොරු කළ යුතුවේ. එවිට ''මුසාවාදා වේරමණි සික්‌ඛාපදං සමාදියාමි'' සිල්පදය බිඳේa. රාගයෙන් මත්වී මෙම වැරැද්ද කළ නිසා ''සුරාමේරය මඡ්ජපමා දට්‌ටානා වේරමණි සික්‌ඛාපදං සමාදියාමි'' ශික්‍ෂාපදය බිදේ. ඉන් සිල්පද 02 ක්‌ බිඳේ. අනුන්ගේ බිරිඳක්‌ ස්‌වාමියකු හෝ කිසිවකුට නොදැන සොරාගැනීම තුළින් දෙවන සිල්පදය වන ''අදින්නාදානා වේරමණි සික්‌ඛාපදං සමාදියාමි'' සිල්පදය බිඳේa. ඔබ මේ වැරැද්ද කර ඔබගේ බිරිඳට ස්‌වාමියාට දැනගැනීමට ලැබුණහොත් ඔහු හෝ ඇය සිතින් මරණයට පත්වේ. එවිට ඒ වේදනාව ඔබට දැනුණ දවසට තේරෙවි මෙහි බරපතළ කම එහෙනම් ඔබ පාණාතිපාතා ශික්‍ෂාපදයද කඩා හමාරයි.

''පාණාතිපාතා වේරමණි සික්‌ඛාපදං සාමාදියාමි

අදින්නාදානා වේරමණි සිකඛාපදං සාමාදියාමි

කාමේසුමිච්ඡාචාරා වේරමණී සික්‌ඛාපදං සමාදියාමි

මුසාවාදා වේරමණි සික්‌ඛාපදං සමාදියාමි

සුරාමේරය මඡ්ජපමා දට්‌ටානා වේරමණි සික්‌ඛාපදං සමාදියාමි''

යන පංචශීsලය මෙම තෙවැනි ශික්‌ෂාපදය කැඩිමේදී අනෙක්‌ සිල් පද 04 ම බිඳි යන බව දැකිය හැකිය.

ඔබේ හොඳකම රැක ගන්න. පංචශිලයෙහි ඇති තුන් වැනි ශික්‍ෂා පදය කඩාගන්න එපා. ඔබගේ හෝ ඔබගේ සැමියා බිරිඳගේ කේන්දරයේ සටහන් වී ඇති අයුරින් එය දැනගත හැකිsය. ග්‍රහ මඬුල්ලේ අධික වේගවත් කලහකාරී පසු නොබසින ග්‍රහයෙකු වන්නේ කුජ. ඒ වගේම අලංකාරයට ආදරයට ආලය බැඳීම ලිංගික අශාවන්ට බලවත් වන්නේ සිකුරු ග්‍රහයායි. තවද හිතුවක්‌කාර සොරගති ඇති වන්නේත් තමාගේ සිත තමාට පාලනය කර නොහැකි වන්නේත් රාහු ග්‍රහයා නිසාවෙනි. තවද ලඳබොළඳ ගති වෙනස්‌ වන සුළු අදහස්‌ දරනුයේ. චන්ද්‍රයා හෙවත් සඳු ග්‍රහයාගෙන් ලැබෙන දෘෂ්ටිය අනුවයි.

මෙම ග්‍රහයින් සිටින තැන හා සිටින ආකාරය (නීච, සතුරු) බලා ඔහු නොමග යන සුළු අයකුදැයි තෝරා බේරා ගන්න.

කුජ සිකුරු ග්‍රහ සංයෝගය අධිකාම යෝගයකි. යම් කේන්දරයක කුජ සිකුරු 1, 4, 7, 8, 12 වැනි තැනක කුජ නීචවී හෝ සිකුරු නීචවී සිටීම එතරම් ශුභදායක නැහැ. එම අයට කුජ නීචව සිට කුජගේ දශාවකදී සිකුරු නීචව සිට සිකුරුගේ දශාවක්‌ ලැබු කල නුසුදුසු අයකු හා සම්බන්ධවේ. එමෙන්ම එය පරපුරුෂයෙකු සොයා යාමක්‌ හෝ පර ස්‌ත්‍රීගාමී වන යෝගයකි. තවද චන්ද්‍ර, සිකුරු, කුජ යෝගය ද එතරම් ශුභ දායක නැත. එක්‌ ග්‍රහයෙකු හෝ නීචව සිටියහොත් අධික ස්‌ත්‍රී සේවනය පුරුෂ සේවනය කේතු යෝගයද එලෙසමයි. එමෙන්ම රවි කුජ ශුක්‍ර යෝගයද ශුභ නැත. දූෂිත රෝග සාදයි. එය හයවැන්නට අට වැන්න දොළොස්‌ වැන්න වූ ස්‌ථාන වල නම් මෙවැනි අය බහු භාර්යයා බහු ස්‌වාමි යෝගයකි.

තවද චන්ද්‍ර බුධ සිකුදරු ද කුමන ස්‌ථානයක සිටියත් මෙහි චන්ද්‍රයා යනු සිතයි. බුධ යනු දරුවකු නම් සිකුරු යනු කාමයයි. මෙම යෝගය නරකට යෙදුන අය තමන් අනාචාරශීsලි භාවයට පත්වේ. තම චරිතය අපිරිසිදු කරගනී. ඒ අතින් ඔහුට ලැඡ්ජාවක්‌ නොවේ. තරුණ ස්‌ත්‍රිSන්ටම කැමති වේ. අවුරුදු 60 පිරුණත් ස්‌ත්‍රිSන්ට පෙනෙනුයේ තරුණයෙකුමෙනි. මෙවැනි ග්‍රහ යෝග ඔබගේ කේන්දරයේ තිබෙනවා ද? ඇත්නම් ඔබ ඔබගේ සිත පාලනය කරගන්න. නැතිනම් කෙදිනක හෝ ඔබට නින්දාවක්‌ අපහාසයක්‌ ලැබීමට ඉඩ කඩ වැඩියි.

රිවි - සිකුරු, චන්ද්‍ර - සිකුරු, කුජ - සිකුරු, රාහු - සිකුරු, ශනි - සිකුරු මෙවැනි කුමන ග්‍රහයන් දෙදෙනකු එක්‌ වුවත් එය ග්‍රහයකු නීචනම් අනිවාර්යෙන්ම ඔහු දූෂිත චරිතයක්‌ ඇති කරගනී. එයට රාහු කේතු වැනි ග්‍රහයකු නීච සතුරුව එකතු වුවහොත් තවත් නරක අතට හැරේ. කුමන වයස්‌ ගත වුවත් ඔහුට හෝ ඇයට ලැබෙනුයේ තරුණ වයසේ ස්‌ත්‍රීන් හා පුරුෂයන්ය.

ශනි - සිකුරු වැනි ග්‍රහයින් වුවොත් ඔහුට හෝ ඇයට ලැබෙන්නේ මහළු ස්‌ත්‍රීන් හා පුරුෂයින්ය. මෙවැනි ග්‍රහ සංයෝග ඔබේ කේන්දරයේ තිබෙනවානම් එම සංයෝග ගුරු ග්‍රහයට පෙනුනහොත් ඔබට මෙම සම්බන්ධතාවලත් ඵලය නරක පැත්තට මඳකට වෙනස්‌ කරයි.

ඉතින් ඔබට මෙවැනි ග්‍රහ සංයෝග තිබුණොත් ඔබ කල්පනාකාරීවන්න බුද්ධිය මෙහෙයවන්න.

---------

වැරැදි අවුරුදු නැකතේ දෝෂයෙන් මිදෙන්නේ මෙහෙමයි

මාස ගණනක්‌ තිස්‌සේම සිංහල අලුත් අවුරුදු නැකැත් ඉතා අශුභ බව අප විසින් ප්‍රකාශ කරන ලදී. මෙය පසුගිය වසරේ සිටම ප්‍රකාශ කළ අතර වගකිවයුත්තන්ට මේ සම්බන්ධ ලිපි ලේඛනවලින් ද දන්වන ලදී. සංස්‌කෘතික අමාත්‍යාංශයේ නිලධාරීන් ද අභිමුව මෙය කරුණු සහිතව ප්‍රකාශ කළ අවස්‌ථා කීපයකි. 2017 අප්‍රේල් 04 වැනි අඟහරුවාදා ඇමැතිවරයා හා සංස්‌කෘතික අධ්‍යක්‌ෂවරියත් ප්‍රමුඛ නිලධාරීන් ඉදිරියේ සැමටම වඩා මුලින් කතා කරමින් මෙම නැකතට කටයුතු කළහොත් මහත් විනාශයක්‌ වන බව අප විසින් ප්‍රකාශ කළෙමු. 'මානාර්ථ හානි මරණානි භයානි කුරියා' යන ශ්ලෝක පාඨයත් 'නිත්‍යං වෛමෘත්‍ය යෝගං මරණ භයකරං' යන ශ්ලෝක පදයත් සමගම සාරාවලිය නමැති කල්‍යාණවර්ම රජතුමා පළ කළ ජ්‍යෙdතිෂ ග්‍රන්ථයේ 319 වැනි පිටුව පරිදි පාප මූඪ රාහු පස්‌වැන්නේ ද බාධක සෙනසුරු නවවැන්නේ ද තබා අඟහරු මෙම ග්‍රහයන්ව දැකීමත්, පාශ දෙර්කාණය අටවැන්නේත් නිසා මෙය මළපුඩු නැකතක්‌ බව කරුණු සහිතව අප විසින් පෙන්වා දෙන ලදී. නැකැත් කමිටුවේ ඇතැමුන් ඒ අවස්‌ථාවේ සිනහසුනා. ප්‍රශාන්ත් මලවියෝ, ඩබ්ලිව්.එA.ඩී.එA. වික්‍රමසිංහ, ආනන්ද සෙනෙවිරත්න, යූ.එA. සරත්චන්ද්‍ර ඉන් ප්‍රධානයි. අධ්‍යක්‌ෂවරිය ප්‍රකාශ කළේ මෙම මතයට විරුද්ධ වන්නන් නැකැත් කමිටුවෙන් ඉවත් කළ යුතු බවයි. නැකැත් කමිටුවේ දී ශාස්‌ත්‍රානුකූලව කරුණු දක්‌වමින් 2009 අවුරුදු නැකතෙහි අප යෝජනා කළ නැකත සේම මීන ලග්නය යොදා හොඳ ග්‍රහ බලයක්‌ සහිතව උදේ 5.05ට ළිප දැල්වීමත් 5.50 ට අනුභවය නැකත යොදා ගැනීමත් යන කරුණුවල ශුභ ප්‍රතිඵලයක්‌ ලෙස රටටම උදම් ඇනිය හැකි තිස්‌ අවුරුදු යුද්ධය නිමා වූ බව පවසන විටම සරත්චන්ද්‍ර පැවසුවේ එය මහා බොරුවක්‌ බවයි. එනිසා එයම පූර්වාදර්ශයක්‌ කර ගනිමින් ඊටත් වඩා යහපත් බලයක්‌ ඇති ලෙස මෙම අවුරුදු නැකත මීන ලග්නය යොදා ගනිමින් බ්‍රහස්‌පති, චන්ද්‍ර ආදී ඉතා ශුභව තබා පාපී ග්‍රහයන් 3, 6, 10 ආදී උපචය ස්‌ථානවල තැබීමෙන් මෙම නැකතට කටයුතු කිරීමෙන් රටට ඉමහත් ශාන්තියක්‌ වන බව පැවසුවත් මෙහි දී සියල්ල ඊට විරුද්ධ වුණා. ඔවුන් යෝජනා කළ උදේ 7.05 ට යෙදුණු නැකත මළපුඩු නැකතක්‌ වීම ද මත රටට මහා විපත්තියක්‌ වන බව පෙන්වාදෙන ලදී.

මීතොටමුල්ල කුණු කන්දේ නාය යැම සිදු වූයේ සවස තුනට නොව සවස එකට ආරම්භ වූ බව එම ප්‍රදේශයේම මහත්මයෙක්‌ නාළිකා ඔස්‌සේ අවධාරණයෙන් ප්‍රකාශ කළේය. ජ්‍යෙdතිෂයට අනුව යාමාර්ධ තුනක්‌ ඉකුත් වන විට අශුභම නැකතක විනාශකාරී ප්‍රතිඵල ලැබෙන බව සඳහන් වේ. මේ අනුව යාමාර්ධ තුනක්‌ පසුවන විටම හරියටම හෝරා හයක්‌ ගත වීමටත් මත්තෙන් මීතොටමුල්ලේ තම තම නිවෙස්‌වලම මළපුඩුවකට හසු වුණා මෙන්ම හුස්‌මක්‌ කටක්‌ ගන්නට බැරිව මරණයට පත් වුණු ප්‍රමාණය අති විශාලයි. 'නිත්‍යං වෛමෘත්‍ය යෝගං මරණ භයං' යනුවෙන් මා මෙය අවධාරණය කළත් වගකිවයුත්තන්ගේ විෂම ප්‍රතිචාරයත් අල්පශ්‍රැත ජ්‍යෙdතිෂඥයන්ගේ අමනෝඥ භාවයත් නිසා ඉතිහාසයේ කවරදාකවත් නොවූ මහා ෙ€දවාචකයක්‌ අසන්නට දකින්නට ලැබුණි. හෝරා හයකින් සිදු වූ මෙම විපත මාස හයක්‌ වන තෙක්‌ම තදබල අගුණ ලෙස විපාක ලැබීමට ඉඩකඩ තිබෙනවා. රටට, ජනතාවට එය අත්විඳින්න සිදු වෙයි. ඉන් ඉදිරියට ද මෙම ශාපයෙහි විපාක සුළුපටු නොවී ලැබෙන්නට පුළුවන. අවස්‌ථා හතරක්‌ම මම සංස්‌කෘතික අධ්‍යක්‌ෂවරිය ඉදිරිපිට ජ්‍යෙdතිෂඥයන් මධ්‍යයෙහි මෙම අයහපත් ප්‍රතිඵල පිළිබඳව ප්‍රකාශ කළත් රටේ අවාසනාවකට මෙයට යහපත් විසඳුමක්‌ ලැබුණේ නැත. මෙම ශාපයට විසඳුමක්‌ පැවසීමද අසීරුයි. එහෙත් ලංකාවේ සතර දිග්භාගයෙහි අඩුම වශයෙන් අටෝ රාශියක්‌ හෙවත් ස්‌ථාන 108 ක්‌ හෝ ඊට වැඩි ප්‍රමාණයක ස්‌ථානවල තුන් සූත්‍රය ස-Cධායනය කර දසදිසා පිරිතෙන් 1080 ක්‌ පිරිත් ස-Cධායනය කිරීමෙන් දොස්‌ පහකර ගැනීමට පුළුවන් විය හැකියි. තෙල් සුවඳ දුම් එම ස්‌ථානයෙහි පිරිතෙන් බලගැන්වීමට සලස්‌වා, සුවඳ දුම් අල්ලා පහන් දැල්වීම තුළින් නිවසක්‌ නිවසක්‌ පාසා ඇතිවිය හැකි දෝෂය ඉවත් කිරීමට පුළුවන. මහජනතාවට මෙම පූජා ද්‍රව්‍ය සපයා තම නිවෙස්‌වල එAවා භාවිත කිරීමෙන් ශාන්තියක්‌ ලැබීමට අවකාශ ලැබේ. 2014 අප්‍රේල් 14 වැනි ද උදේ 7.05 ට යෙදුණු අශුභ නැකත භාවිත කළ අයට මෙම ශාන්තිය කිරීමෙන් වඩ වඩාත් ශාන්තියක්‌ ලැබේ.

ආචාර්ය ජී.ඇම්. ගුණපාල

------------------------------------------------

හත් වැන්නේ ශනි සහ විවාහය 

විවාහය යනු කායික මානසික ක්‍රියාකාරකම්වල යම් වෙනස්‌කමක්‌ ඇති ස්‌ත්‍රි පුරුෂ දෙදෙනකුගේ එකතු වීමයි. ඈත පුරාතනයේ සිටම විවාහ චාරිත්‍ර සිදු කිරීමේ මුලාරම්භය ලෙස පොරොන්දම් ගැලපීම මෙන්ම ග්‍රහ ගැලපීsමද කාලෝචිත බව සලකන ලදී.

ජ්‍යෙdතිෂය යනු ඉන්දියානු සම්භවයක්‌ ඇති වූද සෘෂි මත පදනම් කර ගන්නා වූද හිරු සඳු තරු සහ ග්‍රහයන්ද ඇසුරින් තුන්කල් දකින මහඟු ශාස්‌ත්‍රයකි. ඉන්දියාවේ බ්‍රාහ්මණ ආදී කුලවතුන් විසින් ඉතා ගෞරව බහුමානයෙන් යුතුව පරිහරණය කරන ලද ජ්‍යෙdතීර් විද්‍යාව විටෙක බ්‍රාහ්මණයන්ගේ වාසියට හරවා ගත් බවද ඇතැම් කරුණු සම්බන්ධයෙන් විග්‍රහ කිරීමේදී හැඟී යන කරුණකි. විවාහයට 7 වැන්නේ ශනි පිහිටීම් අශුභ යයි පැවසීමද එදා බ්‍රාහ්මණයන් තම වාසියට යොදා ගත් සාවද්‍ය කරුණක්‌ බව අද කාලානුරූපව ජ්‍යෙdතිෂය ගැන විමසිලිමත් වීමේදී පෙනී යයි.

මෙයට කරුණු දැක්‌වීම විවාහයට එළඹෙන තරුණ තරුණියන්ටත් වැඩිහිටි අයටත් වටිනා බව මගේ අදහසයි. එකල බමුණු කුලවතුන් විවාහ වූයේ වයස අවුරුදු 45 ඉක්‌ම වූ පසුවය. ඔවුන්ගේ භාර්යාවන් වූයේ අවුරුදු 15, 16 වැනි වූ හිරිමල් වයසේ තරුණියන්ය. බමුණන්ගේම පාරම්පරික ඉගැන්වීම්වලට අනුව බමුණන්ට මෙම ලාබාල කුමරියන් විවාහ කර දීමට එකල භාරත ධන කුවේරයෝ සිය කැමැත්තෙන්ම ඉදිරිපත් වූයේ මෙම විවාහයන් නිසා බිහි වන දරුවන් පවා උසස්‌ මානසික ශක්‌තීන් ඇති පිරිසක්‌ බව විශ්වාස කළ නිසාවෙනි.

දැන් අපි 7 වැන්නේ ශනි ග්‍රහයාගේ පිහිටීම් ගැන කරුණු විමසා බලමු. 7 වැන්න කේන්ද්‍රයට අනුව විවාහ ස්‌ථානය නැත්නම් හවුල් කටයුතු, හවුල් සම්බන්ධතා ඇති භාවයයි. 7 වැන්නේ ශනි පිහිටියා වූ තැනැත්තා වයසට වඩා වයස පෙනෙන අයෙකි. එසේම එම පිහිටීම අනුව විවාහය සිදු වන්නේද තරමක්‌ ප්‍රමාද වී සේම තම වයසට ආසන්න වයසක අයෙකු සමඟ බොහෝ විට විවාහය සිදු වේ. ඇතැම් අවස්‌ථාවල පුරුෂයාට වඩා තරමක්‌ වැඩිමහල් කෙනෙකු සමඟ විවාහය සිදු වීමටද හේතු වේ. මෙම අර්ථ දැක්‌වීම නිසා බමුණන් ලාබාල කතුන් විවාහ කරගත් නිසා ඔවුන් ශනි 7 සිටීම විවාහයට අශුභ බව ප්‍රකාශ කළහ.

සාමාන්‍යයෙන් ග්‍රහ ගති සැලකීමේදී ශනි හඳුන්වා දී ඇත්තේ දුක්‌ විඳීමට උපන් වයසින් වැඩිමහල් කටුක කරදරකාරී ජීවිතයන් ලෙසය. ශනි 7 පිහිටියා වූ තැනැත්තාද ඕනෑම දුකකට ඔරොත්තු දීමේ හැකියාව ඇති අයෙකු වේ. ජීවිතයේ කරදර කම්කටොළු සහිත බවට සහ දරා ගැනීමේ හැකියාවට උචිතම ග්‍රහයා ශනි බව පෙනේ. 

ශනි 7 වැන්නේ පිහිටි තැනැත්තාගේ විවාහය තරමක්‌ ප්‍රමාදව සිදුවුවද එය ස්‌ථිර සාර එකක්‌ වනු ඇත. ශනි 7 වැන්නට දිග්බල ඒමද විවාහ ආරක්‌ෂක පිහිටීමක්‌ වේ.

විවාහය සඳහා කේන්ද්‍ර ගැලපීමේදී පොරොන්දම් 20 ට පමණක්‌ සීමා වී 7 ශනි දුටු පමණින්ම විවාහය ප්‍රතික්‌ෂේප කිරීම නුසුදුසු බව දැන් ඔබට වැටහෙනවා ඇත. පොරොන්දම්වලට එහා ගිය ග්‍රහ ගැලපීම තුළින් සාර්ථක විවාහ ජීවිතයකට මං පෙත් විවර කරදීම තුන්වැනි ඇසක්‌ හිමි සාර්ථක ජ්‍යෙdතිර්වේදියාගේ බැබළීම විද්‍යමාන කරන සාධයකි. 7 තේ ශනිට බිය නොවී සාර්ථක විවාහ ජීවිතයක්‌ ගත කළ හැකි බව පවසන්නේ මා කේන්ද්‍ර පරීක්‌ෂා කරලත් අත්දැකීම්ද ඉවහල් කර ගනිමිනි.

ජ්‍යොතිර්වේදිනී උපමාලිකා අබේරත්න
උපුටා ගැනීම - දිවයින පුවත්පත