ඔබගේ මරණය සිදුවන්නේ මෙසේය


මිනිසකුගේ ජීවත්වීමට පෘථිවියත් වායුවත් ඉරෙන් හඳෙන් ලැබෙන ශක්‌තියත් උපකාරී වේ. මනුෂ්‍යයාට ද නියමිත ආයු කාලයක්‌ වේ. ඉසිවරු එම ආයු කාලය අවුරුදු 120 කට සීමා කර ඇතත් මිනිසාගේම වැරදි පැවතුම් නිසා ඊට අඩු ආයු ප්‍රමාණයක්‌ වළ¹ මියයයි. එසේ අත්වන ආයු කාලය කොටස්‌ කීපයකට බෙදා දක්‌වන ඉසිවරු බාලාරිෂ්ඨ, මධ්‍යායුෂ්ත දීර්ඝායු හා විපරිත වශයෙන් දක්‌වා ඇත. මිනිසකුගේ ආයු කාලය කොපමණ දැයි අනුමාන වශයෙන් හෝ කිව හැකි එකම ශාස්‌ත්‍රය ජ්‍යෙතිෂයයි.

පොල් ගහක ආයු ප්‍රමාණය අවුරුදු 60 ක්‌ පමණ වේ. ඇතැම් ගසක්‌ මිනිස්‌ පරම්පරා දෙක තුනක ආයු බලය ලබයි. පොළොවේ සාරවත්කම උරාගෙන එතෙක්‌ කල් වැඩෙමින් පවත්නා ගහක්‌ අන්තිමේදී ගසේ සාරවත් කොටස පොළොවට පරිත්‍යාග කර මැරී යයි. ඒ වූ කලි සොබා දහමේ රීතියයි.

මිනිස්‌ ජීවිතයත් එසේ ය. මිනිසකුගේ ජීවත්වීමට පෘථිවියත් වායුවත් ඉරෙන් හඳෙන් ලැබෙන ශක්‌තියත් උපකාරී වේ. මනුෂ්‍යයාට ද නියමිත ආයු කාලයක්‌ වේ. ඉසිවරු එම ආයු කාලය අවුරුදු 120 කට සීමා කර ඇතත් මිනිසාගේම වැරදි පැවතුම් නිසා ඊට අඩු ආයු ප්‍රමාණයක්‌ වළ¹ මියයයි. එසේ අත්වන ආයු කාලය කොටස්‌ කීපයකට බෙදා දක්‌වන ඉසිවරු බාලාරිෂ්ඨ, මධ්‍යායුෂ්ත දීර්ඝායු හා විපරිත වශයෙන් දක්‌වා ඇත. මිනිසකුගේ ආයු කාලය කොපමණ දැයි අනුමාන වශයෙන් හෝ කිව හැකි එකම ශාස්‌ත්‍රය ජ්‍යෙdතිෂයයි.

ජ්‍යෙdතිෂයට අනුව එක්‌ එක්‌ ග්‍රහයා විසින් මනුෂ්‍යයකුගේ මෙම ආයු කාලය වූ අවු. 120 කොටස්‌ වශයෙන් භාර ගෙන ඇත. එම භාරකාරත්වයේ වගකීම අනෙක්‌ ග්‍රහයන් වෙත පවරන්නේ චJද්‍රයා විසිනි. සඳුගේ ගමන් රටාව අනුව නැකැත් 27 ක්‌ නියෝජනය කරමින් බෙදා දී ඇති මේ ආයු කාලය වූ කලී විශ්මිත බෙදා දැක්‌වීමකි.

සමස්‌ත අහස්‌තලයම කොටස්‌ 12 කට බෙදා යළි ඉන් එක්‌ රාශියක්‌ වූ අංශක 30 ක ප්‍රමාණය යළි රාශ්‍යාර්ධයේ සිට අංශක 30 න් 150 වැනි කොටස වූ නාඩිය දක්‌වා බෙදා දැක්‌වීමත් සාමාන්‍ය මිනිස්‌ බුද්ධියකට කළ නොහැකි බෙදීමකි. මිනිස්‌ ජීවිතයේ ආරම්භය උපතයි. එහි අන්තය හෙවත් කෙළවර මරණයයි. එහෙයින් තොටිල්ලේ සිට සුසානය දක්‌වා යන මේ සංසාර ගමන් මාර්ගය තුළදී මිනිහා ලබන අත්දැකීම් අනන්තය. අප්‍රමාණය.

ඔබට ඔබේ ජන්ම කේන්ද්‍රය අතට ගෙන පෙරළා, බැලිය හැකි නම් මිනිස්‌ ජීවිතය පාලනය කරනු ලබන එක්‌ එක්‌ ග්‍රහයාගේ ස්‌වභාවය චිත්‍රපටයක්‌ මෙන් විග්‍රහ කොට දැක්‌විය හැක්‌කේ ප්‍රවීණ ජ්‍යෙdතිෂවේදිකයකුට පමණි. අපි ඉන් එක්‌ ග්‍රහයකු ගෙන එම ග්‍රහයා අපේ ජීවිතය මෙහෙයවනු ලබන ආකාරය ගැන මඳක්‌ විපරම් කර බලමු. ග්‍රහ මඬුල්ලේ ප්‍රධානියා රවිය. මේ රවි ද විවිධාකාර අයුරින් අපේ ජීවිත ගමනට හවුල් වෙයි.

ඔබේ කේන්ද්‍රයේ රවි ලග්නයේ නම් ඒ රවිට තමා සිටින රාශියේ අයිතියත්, නැකතේ අයිතියත්, දෘෂ්ටියේ අයිතියත් සංයෝගයේ අයිතියත් අනුව රවි ගේ ස්‌වභාවය එකිනෙකාට වෙනස්‌ වෙයි.

රවි ඔබේ කේන්ද්‍රයේ පළමු වන කොටුවේ හෙවත් ලග්නයේ සිටියේ නම් සිතුවිලි නපුරුය. ජීවන රටාව පහසුය. අඩුවෙන් කෑම ගනී. ඇස්‌ පෙනීම දුර්වලය. ලග්නය තුලාව වී රවි ලග්නයේ වූයේ නම් යම් පමණකට අන්ධය. තරගයකදී පුරසාරම් දොඩයි. ඉතිහාසයත් කලාවත් ගැන දැනුම ඇත. එම රවි (ලග්නයේ මේෂ වී) උච්චව සිටියේ නම් ඇස්‌ පෙනීම හොඳයි. කීර්තිමත් වෙයි. ගුණ ගරුකයි. දැනුම ලබා ගැනීමට උනන්දුයි.

ලග්නය මීන නම් ස්‌ත්‍රීන්ගෙන් සැලකුම් ලබයි. ලග්නය සිංහ නම් රාත්‍රි අන්ධයෙකි. ශක්‌තිමත් සිරුරකි. ලග්නය කටක වී රවි ලග්නයේ වූයේ නම් ඇස්‌වල සුද එයි.

එම රවි කේන්ද්‍රයේ තුන්වැන්නේ නම් නිර්භීතය. දුෂ්ට මිනිසුන්ගේ ඇසුරට වැටෙයි. පොහොසත් වෙයි. නිදහස්‌ මතධාරියෙකි. එම රවි හතර වැන්නේ නම් හෘදය දුබලකම් වේ. මුදල් හීනය. පොදු අදහස්‌ නැත. තද සිත් සහිතයි.

එම රවි පස්‌වැන්නේ නම් චපල සිත් ඇති ඉච්චා බස්‌ දොඩන්නෙකි. රජයේ සේවකයෙකි. කෙටි කලක්‌ රටින් පිට ජීවත් වෙයි.

රවි හය වැන්නේ නම් ලෝභයෙකි. එහෙත් නිර්භය කෙනෙකි. රාජ්‍ය ගෞරවය ලබයි. ප්‍රසිද්ධියට පත් වේ.

එම රවි ඔබේ කේන්ද්‍රයේ හත්වැන්නේ නම් ස්‌ත්‍රී වර්ගයාට ද්වේශ කරයි. කපටි අදහස්‌ දරයි. නපුරු පැවතුම් සහිතයි. එම රවි අට වැන්නේ නම් අමාරු දෙයට දක්‍ෂයෙකි. සිතින් ජය ලබයි. පියාගේ ආයු දුබල විය හැකිය. එම රවි නවයේ නම් සිය ගුරුවරුන් අන්‍ය ලබ්ධීන් වේ. රවි දහයේ නම් පරම්පරාගත වස්‌තුව උරුම වේ. කීර්තිය, අවබෝධය, ඉගෙනීම හා ශක්‌තිය ද වේ. රවි එකොළහේ නම් සතුටින් ජීවත් වන කෙළෙඹියෙකි. රවි දොළහේ නම් විකලාංග ඇත්තෙකි. එහෙත් බොහෝ උත්සාහ වන්තයෙකි.

බෘහත් ජාතකයට අනුව රවි කුජ, ශනි හත්වැන්නේ නම් ස්‌ත්‍රීන්ගේ සරදමට ලක්‌වන්නෙකි.

රවි මේෂයේ උච්ච වූ විට ධනවත් ය. හමුදා ක්‍ෂේත්‍රයක නායකයෙකි. රවි සිංහයේ මුල ත්‍රිකෝණ වූ විට හෙතෙම ජනතා ගෞරවය ලබයි. රවි සිංහයේ ස්‌වක්‍ෂේත්‍ර වීමෙන් ඔහුට ලස්‌සන ගෙයක්‌ වෙයි. රවි වෘෂභ මකර කුම්භ රාශියක (සතුරු) නම් පියාගේ සැප ජීවිතයෙන් ඈත්ව අනුන් යටතේ වැඩ කරයි. යට සඳහන් කළේ රවි ගේ පිහිටීම ගැන පමණි. මේ අයුරින් සෙසු ග්‍රහයන් ගැන ද විග්‍රහයක යෙදුනොත් මේ ලිපියට පුළුල් විස්‌තරයක්‌ ඇතුළත් වෙයි. එහෙයින් එක්‌ ග්‍රහයා දොළොස්‌ රාශියේ වූ විට ලබන ප්‍රතිඵල ගැන පසුව සාකච්ඡා කරමු.

මිනිසා උපතේ සිට මරණය දක්‌වා දිග ගමනක යෙදෙන බවක්‌ මුලින් සඳහන් විය. ලාභ - අලාභ, අයස - යසස, නින්දා - ප්‍රශංසා, සැප - දුක, ජය - පරාජය ආදී සියලු අත්දැකීම් පසු කරමින් මරණයට මුහුණ පාන අයුරු ගැන ද මඳක්‌ සාකච්ඡා කිරීම ප්‍රයෝජනවත් වෙතැයි සිතමි.

කේJද්‍රයක 8 වැනි රාශිය ලෙඩ රෝග, සැත්කම් ගැන කියන තැනයි. අටේ සිටින ග්‍රහයා, අට දකින ග්‍රහයා හෝ අට අධිපති ග්‍රහයා රෝග කෙරෙහි බලපෑම් කරයි. මරණයට ද අට වැන්න දායක වෙයි. ග්‍රහයෙකුට 8 වැන්න නොපෙනුනත් අටේ ග්‍රහයෙකු නැතත්, අට හිමි ග්‍රහයාට අයත් ලෙඩක්‌ වේ. රවි අටේ සිටියේ හෝ අට වැන්නට නෑකම් ඇත්තකු වූයේ නම් ගින්න හෝ උෂ්ණ රෝගයකින්ද, සක්‍ර නම් ජලය නිසා හෝ බඩ යැම ලේ දූෂණය වැනි හේතුවකින් ද. අටේ බුද නම් මොළයේ උණ වැනි රෝගයකින් ද ගුරු වූයේ නම් මානසික රෝගයකින්ද, නැතහොත් සොයාගත නොහැකි රෝගයකින්ද, සිකුරුගෙන් නම් බීමත්කම නිසාද ශනිගෙන් නම් බඩගින්න නිසාද මරණය විය හැකිය. අට වැන්න ග්‍රහයන් කීපදෙනකු විසින් දකිනු ලැබුවොත් ලෙඩ කීපයක්‌ ම විය හැකිය. අට චර රාශියක්‌ නම් (මේෂ, කටක, තුලා, මකර) පිටරටකදී ද, තිර රාශියක්‌ නම් තම නිවසේදී ද උභය රාශියක්‌ නම් අනුන්ගේ තැනකදී ද මරණය සිදුවෙයි.

යමකුගේ කේන්ද්‍රයේ රවි 10 ද, කුජ 4 ද සිටියේ නම් මරණය උසකින් වැටීමකින් වේ. ශනි 4 ත් චJද්‍රයා 7 ත් කුජ 10 ත් නම් ළිඳකට හෝ ජලාශයකට වැටී මියයයි රවි චJද්‍ර කන්‍යාවේ සිටියදී එයට අශූභ දෘෂ්ටියක්‌ වැටුණේ නම් ස්‌වකීය නෑයන් නිසා මරණය සිදු වේ. නැතහොත් ඥාතීන් නිසා සිය දිවි නසා ගැනීමක්‌ වේ. ධනු, මීන, කන්‍යා, මිථුන යන උභය රාශියක්‌ ලග්නය වී නම් ලග්නයේ රවි - චJද්‍ර වෙතොත් දියේ ගිලීමෙන් මරණය වන බවක්‌ ජාතක පරිජාත සංග්‍රහයේ සඳහන් වේ.

සෙනසුරු කටකයේත්, සඳු මකරයේත් උපතේදී සිටියේ නම් උදර රෝගයක්‌ නිසා මරණය සිදු වේ. සඳු මේෂ වෘශ්චික රාශියක පාපීන් අතර සිටියේ නම් ආයුධයකින් මරණය වේ. ගින්නෙන් හෝ පිටගැස්‌මෙන් මරණය වේ. සඳු පාප පීඩිතව, පාපීන්ට මැදිව කන්‍යාවේ වෙතොත් ලේ නරක්‌ වීමෙන්ද, කෙට්‌ටු වීමෙන්ද, සඳු පාපීන්ට මැදිව මකරයේ සිටියොත් හෝ කුම්භයේ සිටියොත් එල්ලීමෙන් දිවි හානි කර ගනී. පිළිස්‌සීමෙන් ද මරණය විය හැකිය.

ශුභ ග්‍රහයන්ගේ දැකීමක්‌ නොලද පාප ග්‍රහයන් උපතේදී පස්‌වැන්නේ හෝ 9 වැන්නේ සිටියේ නම් බලහත්කාරකමකින් ද අෂ්ටම දෙර්කාණය යෙදුනේ නම් සර්ප විෂකින් ද මරණය වේ. හත් වැන්න කන්‍යා රාශිය වී සඳු පාපියකු සමඟÊඑක්‌ව එහි වුවොත් සිකුරු ද මේෂ රාශියේ වූයේ නම් බිරිය අතින් හෝ කාන්තාවකගෙන් මරණය වෙයි. එසේ සිටියොත් වස පානය කිරීමෙන් මරණය සිදුවන බව සාරාවලිය කියයි.

රවි - ශනි - කුජ යන ග්‍රහයන් තිදෙනා උපතේදී 4 වැන්නේ වූයේ නම් උලක්‌ වැනි දෙයක්‌ ඇනීමෙන් මරණය සිදුවනු ඇත. පස්‌වැන්නේ අඟහරුත් 9 වැන්නේ සෙනසුරුත් සඳු සමඟ සිටියේ නම් ද මරණය එසේය. එම යෝගයේදී කුජ ග්‍රහයා සෙනසුරුගේ දෘෂ්ටියට ලක්‌ වුණොත් පොලු පහරකින් හෝ ගසකට යටවීමෙන් මරණය සිදුවෙයි. ඒ අදහස්‌ සාරාවලියේ ය.

අව පස සඳු කුජ, ශනි හා රවි සමඟ ජන්ම කේන්ද්‍රයේ 8, 4, 01, 10 වැනි තැනක වූයේ නම් පොලු පහරකින් මරණය සිදුවනු ඇත. එම ග්‍රහ පිහිටීම 1, 5, 9, 10 යන රාශියක යෙදීම නිසාත් එම ප්‍රතිඵලයම දෙයි.

කුජ ග්‍රහයා 4 වැන්නේත්, රවි හත් වැන්නේත් සෙනසුරු 10 වෙතොත් ආයුධයකින්, ගින්නෙන් හෝ රාජ උදහසකින් මරණය සිදුවනු ඇත. තුවාලයක්‌ නිසා හෝ සැත්කමක්‌ නිසා හෝ නැතොත් සතකු විසින් හපා කෑමක්‌ නිසා මරණය සිදුවන්නේ සෙනසුරු 2 ත් සඳු 4 ත් කුජ 10 ත් සිටීම නිසා ය. ශනි චJද්‍ර දෙදෙනා ලග්නයේත් රවි 10 හා කුජ 4 ත් වෙතොත් සිරුර පොඩිපට්‌ටම් වී මරණය විය හැකිය. තද පාපියකු වන අඟහරු ලග්නයේත්, සෙනසුරුව නීචව මේෂයේත්, සඳු මකරයේ හෝ කුම්භයේත් වෙතොත් කුණු අපවිත්‍රතා මැද මරණය යෙදේ.

රාශිය හා රාශියේ සිටින ග්‍රහයාගේ කාරක අයිතිය අනුවත් මරණය සිදුවෙයි. හතරවැනි රාශිය සිවුපා (මේෂ, වෘෂභ, සිංහ) රාශියක්‌ වී නම් සිවුපා සතකු නිසා මරණය සිදුවිය හැක. බොහෝ විට සැත්කමකින් මරණය වීමට කුජ දායක වෙයි. කුජ 7 ටත් ශනි චJද්‍ර ලග්නයටත් යහපත් නැත. අව පස සඳු විසින් කුජ ග්‍රහයා දැක ශනි 8 වැන්නේ වෙතොත් අර්ශස්‌ මුත්‍රා අමාරු නිසා මරණය සිදුවන්නේය. මේ සියලු ග්‍රහ පිහිටීම්වලට අමතරව අයහපත් දෙර්කාණයත් මරණයට දායක වෙයි. දෙර්කාණ 36 අතුරුන් 22 වන දෙර්කාණය වඩාත් මරණයට හේතු විය හැකි බව "මේෂාද්යේ දෙර්කාණේ කෲර ග්‍රහ වික්‍ෂිතේච සංයුක්‌තේ...." යන ප්‍රකාශයෙන් කියෑවේ. මේ දෙර්කාණ අතර ගිනි දෙර්කාණ, ආයුධ දෙර්කාණ, ජල දෙර්කාණ, සර්ප දෙර්කාණ ආදී වශයෙන් සඳහන් වන තැන මරණයට හේතුව කුමක්‌ද යනු එම දෙර්කාණ නාමයෙන්ම සිතා ගත හැකිය. දෙර්කාණ 36 න් 22 වැනි දෙර්කාණය වඩාත් මරණයට නෑකම් කියන බව කියෑවේ. 22 වැනි දෙර්කාණය 8 වැන්නේ බලකරුය.

ලග්නයේ සිටි ග්‍රහයා නවාංශක පාලක ග්‍රහයා, හෝ එම ග්‍රහයා සමඟ යෝග වූ නැතොත් දෘෂ්ටිය හෙළන ග්‍රහයා අනුව මරණය යෙදේ.

බොහෝ දෙනෙක්‌ තම ජන්ම කේන්ද්‍රය පරීක්‍ෂාවට ලක්‌ කරන්නේ ආර්ථිකය, රැකියාව හෝ විවාහය ගැන දැන ගැනීමටය. එහෙම වන්නේ සෘජු අපේක්‍ෂාව එය බැවිනි. එහෙත් තමාගේ ජීවිතයට පරාජිත අත්දැකීම් ගෙනෙන ග්‍රහයා ගැනත් මරණය ගැනත්, මරණයේ ස්‌වභාවය ගැනත් දැන සිටියේ නම් විපත් අවස්‌ථාවන් මඟහැර දීර්ඝායු විඳීමේ වාසනාව හිමිකර ගත හැකිය.

සසරේ කරන ලද පාපකර්මයන්ගේ විපාක ගෙන දෙන රාශි හා එම රාශි අධිපතීන්ගේ දශාව කුමක්‌ දැයි ජන්ම කේන්ද්‍රයේ පැහැදිලිවම දක්‌වා ඇත. 6 සහ 8 යන රාශිත්, එම රාශි අධිපතීන්ගේ දශා කාලයත් එම රාශිවල සිටි ග්‍රහයන්ගේ දශා කාලයත් පෙර කරන ලද පව් පළ දෙන කාලයයි. 9 වැන්නත් 9 වැන්නේ සිටින ග්‍රහයාත්, 9 අධිපතියාගේ දශා කාලයත් පින් පළ දෙන කාලයයි. එහෙයින් ජන්ම කේන්ද්‍රය තුළ සසර ගමනේ ක්‍රියාවලිය සටහන්ව තිබේ.

ජීවිතය සුත මුදිත කරන දශා කාලය ඉදිරි ජීවන ගමනට ශක්‌තිය සපයයි. බුද්ධියත් විචාරයත් පෙරදැරිය කටයුතු කරන අය ජීවිතය ජය ගනිති.

ආචාර්ය :  පියසේන රතුවිතාන