එළඟිතෙල්, තලතෙල්වලින් දරු ඵල ලබන හැටි


ප්‍රශ්නය සුගිය සතියේදී අප සාකච්ඡා කළේ මද සරු බව ගැනයි. මෙයට වඳ භාවය කියන වචනය යෙදීම ගැන ඔබ ප්‍රතිපත්තියක්‌ වශයෙන් විරුද්ධ වුණා. ඊළඟට ආයුර්වේදය මගින් මෙය අර්ථ දක්‌වා තිබෙන කාරණය ගැනත් කතා කළා. අද සංවාදය එතැන් සිටයි.ප

වෛද්‍ය කෞමදී කරුණාගොඩ - යුවළක්‌ විවාහ වූ විට ඔවුන්ට දරුවන් නැතිනම් බිරිය වඳ කාන්තාවක බව කීම ඉතාම පහත්. මොකද මද සරු භාවය කියන එක පිරිමින්ටත් තිබෙනවා. එය සොයාගත හැක්‌කේ වෛද්‍ය පරීක්‍ෂණයකින් විතරයි. 

ප්‍රශ්නය - මද සරු බව සහිත කාන්තාවකට දරු ඵල ලබා ගැනීම සඳහා පරිහරණය කළ යුතු ඖෂද ගැන ආයුර්වේදයේ විස්‌තර කෙරෙනවාද?

වෛද්‍ය කෞමදී කරුණාගොඩ - ඖෂධ වර්ග නම් විශාල වශයෙන් තිබෙනවා. ඒවා මාස කිහිපයක්‌ නොකඩවා කළ යුතු ඖෂධ. මේවා ඉතාම සාර්ථක ඖෂධ. ඔබ දන්නවා බටහිර ලෝකයේ තිබෙනවා ෂඪF කියලා ක්‍රමවේදයක්‌. මේ මගින් කරන්නේ දරුවකු ගැබ් ගැනීමට සුදුසු ශක්‌තිමත් නැති දුර්වල ගර්භාෂයක්‌ සහිත කාන්තාවන්ගේ ඩිම්බ පුරුෂ ශුක්‍රානු සමග පරීක්‍ෂණ නලයක තැන්පත් කර එමගින් කළලයක්‌ හටගත් පසු එය ගර්භාෂය තුළ තැන්පත් කිරීමයි. එවිටමේ කලලය මෝරා නිසි කාලයේදී දරුවා බිහි කර ගත හැකියි. මෙයට සරල භාෂාවෙන් කියන්නේ නළ දරු උපත් කියලා. මේ හැම ගැබ් ගැන්වීමක්‌ම සාර්ථක වන්නේ නැහැ. සියයට ගණනක්‌ අසාර්ථක වෙනවා. එහෙත් ආයුර්වේද ගැබ් ගැන්වීම් සියයට සියයක්‌ම වාගේ සාර්ථකයි. දැන් ඔබ ඇසුවා ගැබ් ගැන්වීම් සාර්ථක කර ගැනීමට ආයුර්වේද බෙහෙත් තිබෙනවාද කියලා. මම කුඩා උපක්‍රමයක්‌ කියන්නම්. පිරිමියා සහ කාන්තාව කායිකව එකතු වීමට ස්‌වල්ප වේලාවකට පෙර පිරිමියා එළඟිතෙල් තේ හැඳි 3 ක්‌ පමණක්‌, කාන්තාව තල තෙල් තේ හැඳි 3 ක්‌ පමණක්‌ පානය කළ යුතුයි. මෙසේ පානය කළාම ශුක්‍රානු සහ ඩිම්බ ශක්‌තිමත් වෙනවා විය හැකියි. මේ ක්‍රමයෙන් දරු ඵල ලබාගත් කිහිපදෙනකු ගැන මා දන්නවා. මෙය සරළ උපක්‍රමයක්‌ ලෙස පෙනුණත් මෙයින් ඇතිවන ක්‍රියාවලිය සංකීර්ණයි. මනුෂ්‍ය ශරීරයේ තිබෙන ධාතු වර්ග 7 ක්‌ ගැන ආයුර්වේදයේ කියෑවෙනවා. එයින් එක්‌ ධාතු වර්ගයක්‌ තමයි ශුක්‍රානු. කාන්තාවගේ පැත්තෙන් ගත්තොත් අප කියන්නේ ඩිම්බ කියලා. එළඟිතෙල් සිසිල් ගුණයෙන් යුක්‌තයි. ධාතු වර්ධනයේදී සිසිල් ගුණය අවශ්‍යයි කියලා ආයුර්වේදය කියනවා. ඉතින් පිරිමියෙක්‌ ගැහැනියක සමග කායික එකතුවකට පෙර එළඟිතෙල් පානය කළාට එහි සිසිල් ගුණය ශුක්‍රානුqවලට ලැබෙනවා. දැන් බලමු කාන්තාවගේ පැත්ත. ආයුර්වේදයේ හැටියට කාන්තාවගේ ඩිම්බ උණුසුම් ගුණයෙන් යුක්‌තයි. එයට අප කියනවා ආග්නේය ගුණය කියලා. ඒ නිසා ඇගේ ඩිම්බ උත්තේජනය කිරීම සඳහා යොදාගත හැකි හොඳම දේ හැටියට ආයුර්වේදය සලකන්නේ තලතෙල්. කාන්තාව ඩිම්බයක්‌ පරිත්‍යාග කරනවාට අමතරව, ගැබ දැරීම, එම ගැබ නිසි මාර්ගයේ ගමන් කිරීම, නිසි තැන ස්‌ථාපනය කිරීම, ගර්භාෂයේ චලන නිසි ලෙස පවත්වාගෙන යැම, මුළු ගර්භණී කාලයම ස්‌ථායීව රැක ගැනීම යන හැම දෙයකටම බලපාන්නේ කාන්තා ශරීරයේ තිබෙන වාතය කියන දොaෂය. මේ වාත දොaෂය නියම අයුරින් පවත්වාගෙන යන්නට තලතෙල් හුඟාක්‌ උපකාරී වෙනවා.

ප්‍රශ්නය - පිරිමියාට වාත දොaෂය බලපාන්නේ නැද්ද?

වෛද්‍ය කෞමදී කරුණාගොඩ - බලපානවා. එහෙත් කාන්තාවට තරම් ලොකු කාර්ය භාරයක්‌ එතැනදී පිරිමියාට නැහැනේ. ගැබ් ගැනීමේ සිට ප්‍රසූතිය දක්‌වා ඇයට විශාල වැඩ කොටසක්‌ තිබෙනවා.

ඊළඟට ආයුර්වේදයේ කියනවා ගර්භයක්‌ හටගන්නේ කොහොමද කියලා. සෘතු, ක්‍ෂේත්‍ර, අම්බු, බීජ කියලා කරුණු හතරක්‌ ගැනත් සාකච්ඡා වෙනවා. මෙයින් සෘතු කියන්නේ ඔසප් වීමේ කාලයයි. ක්‍ෂේත්‍රය තමයි ගර්භාෂය. අම්මු කියන්නේ පෝෂ්‍ය පදාර්ථ සහිත දියර, බීජ ලෙස හඳුන්වන්නේ ශුක්‍ර. ලබන සතියේදී මේ කාරණා හතර ගැනත් ගැබක්‌ පිහිටන සුදුසුතම කාලය මොකක්‌ද කියන එක ගැනත් අපි කතා කරමු.

නොමිලේ විස්‌තර 011-5289248/077 7620948