දරුවන් නැති අයට දරු සම්පත් දෙන ප්‍රතිකාර මාලාව


ප්‍රශ්නය - වඳ භාවය කියන්නේ ඉතාම ගැඹුරු සමාජ ප්‍රශ්නයක්‌. විවාහ ප්‍රාප්ත නව යුවළක්‌ දරුවකු ලැබීම ප්‍රමාද වීමේදී ඉමහත් දුකට පත් වෙනවා. මේ තත්ත්වය සාකච්ඡා කර විශේෂ ලිපි පෙළක්‌ මගින් සහනය සලසා දීමයි අපේ අරමුණ. මොකක්‌ද මේ වඳභාවය කියන්නේ?

වෛද්‍ය කෞමදී කරුණාගොඩ - වඳ භාවය කියන වචනයටම මා ප්‍රතිපත්තියක්‌ වශයෙන් විරුද්ධයි. වඳ ගැහැණුq මිනිස්‌සු කියල දෙයක්‌ නැහැ. මෙතැනදී තිබෙන්නේ සරුභාවය පිළිබඳ ප්‍රශ්නයක්‌. මද සරු භාවය කියන වචනය මෙතැනට හොඳටම ගැලපෙනවා. ආයුර්වේදයේදී මෙය හඳුන්වා දෙන්නේ දරු ඵල ප්‍රමාදය කියලයි. ප්‍රමාද වෙලා හරි දරුවකු ලැබෙනවා නම් ප්‍රශ්නය එතැනින් ඉවරයි. වඳ භාවය කියන්නේ මේ ආත්මයේදී දරුවන් නැති බවයි. යුවළක්‌ දැක්‌ක සැනින්, ඔවුන්ට දැනට දරුවන් නැතැයි කියන පදනම මත සදාකාලයටම දරුවන් නැහැ කියල කිව හැකිද?

ප්‍රශ්නය - දරු ඵල ප්‍රමාදය නූතන ලංකාව තුළ කොපමණ ප්‍රමාණයක්‌ තිබෙනවාද? ඒ කියන්නේ විවාහක යුවළ කීයෙන් කීදෙනාටද දරුඵල තිබෙන්නේ.?

වෛද්‍ය කරුණාගොඩ - මේ ගැන නිවැරැදි සංඛ්‍යා ලේඛන සෙවීම දුෂ්කරයි. ඒත් දරුඵල ප්‍රමාදය එන්න එන්නම වැඩි වෙමින් පවතින බව සමාජය දිහා බැලීමේදී පෙනෙනවා. කාන්තා රෝග සම්බන්ධයෙන් විශේෂ හැදැරීමක්‌ ඇති, විශේෂ අධ්‍යයනයක්‌ කරන වෛද්‍යවරියක වශයෙන් මා හමුවන අය දිහා බැලුවම ඒ ගැන පැහැදිලියි. උදාහණයක්‌ කියන්නම්. ඉස්‌සර කාලේ තිබුණා බෝවන රෝග. දියවැඩියා, ඇදුම, හෘදරෝග වැනි බෝ නොවන රෝග තිබුණේ ඒ බෝවන රෝගවලට හුඟක්‌ පසුපසිනි. 

ඒත් අද වෙනකොට බෝවන රෝග පරද්දලා බෝ නොවන රෝග එතැනට ඇවිත් තිබෙනවා. දරු ඵල ප්‍රමාදයත් ඒ බෝ නොවන රෝග වගේ ක්‍රමයෙන් ඉදිරියට එනවා. පසුගිය කාලේ මේ රටේ ජනතාව ඉතාම මෝඩ වැඩක්‌ කරනවා. ඒ තමයි දරුවන් ප්‍රමාදවීම සඟවාගෙන සිටීම. අද ඒ සඳහා කොයි තරම් ප්‍රතිකාර තිබෙනවාද? ඒ අවස්‌ථාව ප්‍රයෝජනයට නොගැනීම මෝඩකමක්‌. මෙහිදී තවත් එකක්‌ කියන්න ඕනෑ. ඒ තමයි ප්‍රමාද වී විවාහ වීමේ සමාජයයීය පුරුද්ද. අද සිටින තරුණියන් බොහෝ වේලාවට විවාහවෙන්නේ අවුරුදු 30 ඉක්‌මවා ගියාට හෝ 30 ට ආසන්න වෙලා.

ප්‍රශ්නය - තරුණියක්‌ විවාහ විය යුතු සුදුසුතම වයස කුමක්‌ද?

වෛද්‍ය කරුණාගොඩ - ආයුර්වේදය අනුව නම් අවුරුදු 20 -22 අතර කාලයේදී තරුණියක්‌ විවාහ විය යුතුයි. පිරිමියෙක්‌ නම් අවුරුදු 25 වන විට විවාහ විය යුතු බව තමයි ආයුර්වේද මතය. ආයුර්වේදය එම උපදෙස දෙන්නේ මද සරු භාව තත්ත්වයක්‌ හට ගැනීම කල් තබා වැළැක්‌වීමටයි. හොඳයි, කල් පහුවෙලා හරි විවාහ වුණා කියමු. එහෙම වෙලා දරුඵල නැත්නම් ඒත් ප්‍රතිකාර තිබෙනවා. විවාහ විය යුතු වයස විතරක්‌ නෙමෙයි විවාහ වීම සඳහා තෝරා ගත යුතු ස්‌ත්‍රිය හෝ පුරුෂයා කෙසේ විය යුතු ද යන කාරණා පවා ආයුර්වේදයේ සාකච්ඡා කරනවා. ආයුර්වේදයේ මේ තොරතුරු එන්නේ ගර්භදාන විධි කියන මාතෘකාව යටතෙයි. කාන්තාවක්‌ තෝරා ගනිද්දී ඇය අතුල්‍ය ගෝත්‍ර විය යුතු බව ආයුර්වේදයේ කියනවා. ඒ කියන්නේ ඇය තමන්ගේ ගෝත්‍රයේ කෙනකු හා විවාහ නොවිය යුතුයි. නවීන විද්‍යාවේදී කියන්නෙත් ඒකමනේ. ලේ නෑයන් සමග විවාහ නොවිය යුතුයි කියලා. නවීන විද්‍යාවේදී කියනවා සමාන ජාන නොව වෙනස්‌ ජාන එකතුවීමෙන් උසස්‌ ප්‍රතිඵල ලැබෙන බව. ලේ නෑයන් සමග විවාහ වුණාම දුර්වල දරුවන් උපදින බව නවීන විද්‍යාව පෙන්වලා දෙනවා. පුරාණ රජ පෙළපත් විවාහ වුණේ ලේ නෑයන් අතර. සමහර විට සුදුසු පෙළපතක අය නැතිනම් අයියා සහ නංගී අතර විවාහ සිදු වුණා. ඉන්පසු රෝගී දරුවන් ඉපැදීලා රජ පෙළපත විනාශ වුණා. ආදී මිසරයේ ෆේරෝ (පාරාවෝ) රජ පවුල තුළ විවාහ සිදුවුණේම අයියා නංගි, අක්‌කා මල්ලි ආදි වශයෙන් එක පවුලේ සහෝදර සහෝදරියන් අතරේ. මිසරයේ ටූටන්කාමන් රජතුමා ඉතා බාල වියේදී මිය ගිය රෝගී දරුවෙක්‌. ඔහු ලේ නෑයන් අතර වූ විවාහයකින් ලද පුතෙක්‌. ඔහුගේ අත් පා පවා ඇදයි. පුරාණ රජ පෙළපත් රැසක්‌ම මියගියේ මේ ලේ නෑයන් අතර විවාහ නිසයි. 

නොමිලේ විස්‌තර 011-5289248/077 7620948