අරලියා නිවෙස ඉදිරිපිටට අසුබද?


පිරිමින් එතරම් සිතට නොගන්නා ඇතැම් කාරණා කාන්තාවන්ගේ සිත් තුළ තදින්ම ධාරණය වීමෙන් එම කාරණා පිළිබඳ වඩාත් සිතමින් ජීවත් වන්නට වීමේදී කාන්තාවන් සිත් තළ බොහෝ සිත් තැවුල් ඇතිකර ගන්නවා.සමාජ වටපිටාව අනුව එවැනි කාරණා හමුවේ නිවසේ පරිසරයතුළ එවැනි වූ කාරණා බොහොමයක්‌ තිබෙනවා.

අරලියා මල් ගස්‌ නිවෙස ඉදිරිපිටට අසුබ කාරණාවක්‌ ලෙසටත්, කතුරුමුරුංගා ගස්‌ නිවසේ වහළයට උඩින් උස යන්නට හොඳ නැති බවටත් වූ කතා අපේ සමාජයතුළ අදටත් කතා බහට ලක්‌වී තිබෙන කතා අතර ප්‍රධාන වෙනවා.

කතුරුමුරුංගා ගස නිවසේ වහලට උඩින් උස සෑම නිවෙස්‌ ගෘහ මූලිකයාට අසුබ බවටවූ කතාව හමුවේ කතුරුමුරුංගා ගස උස යන්නට නොදී ඉහළින් අතු කඩමින් ගසේ උස අඩුකර ගැනීමට වෙහෙසෙන කාන්තාව ගස උස ගියේ නම් එයින් අවැඩක්‌ වේ යෑයි බිය තුනීකර ගන්නට ගහේ ඉහළ අතු කඩමින් සිතට සහනයක්‌ ළඟාකර ගන්නවා.

තවත් තැනෙකදී නිවෙස ඉදිරිපිට අරලියා සිටුවීම හොඳ නැති බවට වූ කතාව හමුවේ අරලියා නිවෙස මිදුලේ සිටුවීමට කාන්තාවන් කිසිසේත්ම කැමැත්තක්‌ නොදක්‌වන බවක්‌ පෙනෙනවා. අරලියා ඉතාම සුවඳවත්, ලස්‌සන, එකවර මල් බොහෝමයක්‌ පිපෙන මල් වර්ගයක්‌ වුවත් නිවසේ ඉදිරිපිට අරලියා දක්‌නට නොමැති වීමට මෙම කාරණාවට ප්‍රබල සාධකයක්‌ බව පෙනෙනවා.

මේ පිළිබඳ අත්දැකීම් ඇති පරිසරවේදීන් මෙන්ම ප්‍රවීණ ජ්‍යෙaතිර්වේදීන්ගේ අදහස්‌ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ කිසිදු විද්‍යාත්මක සත්‍යතාවයක්‌ මෙම කතා බහ තුළ නොමැති බවයි.

කතුරුමුරුංගා අතු වහළයට ඉහළින් යැමේදී මැල්ලුමකට කොළ ටිකක්‌ කඩා ගැනීමට කානතාවකට ඇති අපහසුතාවය නිසාවෙන් නිවෙසක වහළයට පහතින් ගස උස්‌ නොවී තිබීම මත කාන්තාවට එයින් සැලසෙන පහසුව මත එම කතාව ගොඩනැඟී ඇති බවට ඔවුන් කරුණු පෙන්වා දෙනවා.

අරලියා ගස කිරි ගතියෙන් පිරුණු ගසක්‌ නිසාත්, එහි අතු ශක්‌තිමත් භාවයෙන් අඩු නිසාත් නිවෙසක මිදුලේ අරලියා ගස්‌ සිටුවා තැබීමෙන් නිවෙස්‌ පුංචි දරුවන් මිදුලේ සෙල්ලම් කිරීමේදී අරලියා ගස්‌වලට නැගිය හැකි නිසාවෙන් එහි ශක්‌තිමත් බවින් අඩු අතු කැඩී දරුවන් සමග බිමට වැටීමට හැකි නිසාත්, කොළ කැඩීමෙන් ඒවායේ කිරි දරුවන්ගේ ඇස්‌වලට වැටීමට හැකි නිසාත්, ඒ සඳහා තහංචියක්‌ පැනවී ඇති බවට පෙන්වා දෙන කතාව හමුවේ එහි සත්‍යතාවයක්‌ නැතිබව වටහා ගැනීම අසීරු වන්නේ නැහැ. එම කතාව නිවෙසක කුඩා දරුවන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් ගොඩනැඟී ඇති කතාවක්‌ බව පෙනෙන්නට තිබෙනවා. තහංචියක්‌ හමුවේ වුව එවැනි ආරක්‍ෂාකාරී තත්ත්වයක්‌ ගොඩනැඟීම කෙතරම් වැදගත් වනවාදැයි මේ අනුව තේරුම් ගැනීමේ හැකියාව තිබෙනවා.

උපුටා ගැනීම - දිවයින පුවත්පත