කිරි දානය හරියටම දෙන විදිහ


යහපත් චරිතවත් සිල්වත් කිරි අම්මාවරුන්ට දෙන නිර්මාංශ පිරිසිදු දානයත් එහි ආනිශංසත් ඔවුන්ගෙන් ලබන ආශිර්වාදයත් පිළිබ`ද වටිනාකම මෙතෙකැයි කිව නොහැක. විවාහ ප්‍රමාදය, දරුවන් නැති බව, වසංගත රෝග, නිය`ගය, ගොවිතැන් පාළුවීම ආදී බොහෝ ගැටලුවලට සහනය පතා පත්තිනි දේවියට කරන පූජාවන් වශයෙක්‌ සිදු කෙරෙන කිරි අම්මාවරුන්ගේ දානය තවත් බොහෝ කාලයක්‌ ජනතාව අතර පවතිනු ඇත.

ගොවියෝ තම හේන් හා කුඹුරු කරා යමින් සිටියහ. මනහර පරිසරයක වූ ම`ග දෙපස තිබූ ගසක්‌ යට ගිමන් හරින තරුණ කාන්තාවක්‌ ගොවියන් විසින් දක්‌නා ලදී. ඇය සුරූපීය, දුටුවන් වශී කරන රුවැත්තීsය. එහෙත් විඩාබරිත, ශෝකී බවක්‌ ඇයගේ මුහුණෙන් පළ විය. ඒ වෙනදා දකින සුපුරුදු කාන්තා රුවක්‌ නොවේ. කුකුසක්‌ ඇති වූ ගොවීන් අතරින් එක්‌තරා පියෙකු ඇයගෙන් මෙසේ විමසීය.

'දුව, ඔබ කව්ද? ගෙවල් කොහෙ ද ? 

සුරූපී තරුණ කත මෙසේ පිළිවදන් දුන්නාය.

''පියාණෙනි ඔබ මා දැකලා නැතුව ඇති. ඒත් අසා ඇති''

නොකළ හොරකමකට දුෂ්ට රජුගෙන් මැරුම් කෑ

කෝවලන් ගේ පතිනිය - මම

පතිවෘතා බලයෙන් මධුරා පුරය ගිනිබත් කළේ මම-

මගේ නම - කන්නගී 

''ඒ උත්තමාවිය ඔබ ද ?'' කියමින් වයෝවෘද්ධ ගොවියා වැ`ද වැටුණේය. ඒ සම`ගම අන් අයද වැන්දෝය. දසතින් මල් සුව`ද හමා ගියේය. පපුවේ වම් පස ලේ රතු පාටට තෙත්වූ සුරූපී කන්නගීගේ සිරුර ගස මුල නිසල විය. අහස දෙසින් පහත් වූයේ අමුතුම යානයකි. ගොවීන් ඒ අසා තිබුණේ දිව්‍ය රථ ලෙසිනි. කඩවසම් පෙනුමැති අලංකාර ඇ`දුමින් සැරසුණු දෙවිකෙනෙකු ද රථයේ සිට කන්නගී දෙසට දෑත පෑවේය. මෙහොතකින් කන්නගී රැගත් දිව්‍ය රථය අහස්‌ කුස සිසාරා නොපෙනී ගියේය.

විශ්මයටත්, භීතියටත් පත්වූ ගොවියෝ ගල් ගැසී සිටියහ. මේ ඇස්‌ අදහාගත නොහැකි දර්ශනය පිළිබ`ද පුවත රැගෙන ඔවුහු වහාම රටේ රජුවෙත දිව ගියහ.

ඒ ඉන්දියාවේ කේරල දේශය පාලනය කළ සෙංගුට්‌ටුවන් නැමැති රජතුමාය. ගොවියෝ රජතුමාට තමන් දුටු දේ කීහ. එහෙත් ගොවියන් ගේ නොසන්සුන් බව රජුටද බලපෑ බවකි. 

''මේ වගේ පුදුමයක්‌ අපි කවදාවක්‌ දැකලා නෑ'' බොහෝ අය කීහ

''මං හිතන්නේ ඒක පුදුමවෙන්න දෙයක්‌ නෙවේ.'' මෙහිදී කතා කළේ රජු සම`ග සිටි සාන්තනාර් නම් ද්‍රවිඩ කවියාය.

''පතිවෘතා ගුණයෙන් පිරිච්ච කාන්තාව, පිsරිමින්ගේත්, මුනිවරුන්ගේත්, දෙවියන්ගේත් ගෞරවය ලබනවා'' හේ තවදුරටත් කිවේය. මෙම සිදුවීම ගැන දැන ගන්නට රජු උනන්දු වුයෙන් ගොවීන් හා අවට සිටි අයට සාන්තනාර් කවියා මෙසේ කීවේය.

''කන්නගී කියන්නේ බෙහොම දුර කාවීර පට්‌ටනම කියන ගමේ උපන් ගෑනු දරුවෙක්‌. එයා විවාහ වුණේ කාවලන් කියන තරුණයා එක්‌ක. ම`ගුල බොහොම ජයට ගත්ත''

ඉතිං මොකද වුණේ..?

ඒ වුණාට මේ තරුණ ඉලංදාරියට කන්නගීගෙ යහපත්කම පතිභක්‌තිය ගැන තේරුණේ නෑ. එයා මාධවී කියන නරක ගෑනු කෙනෙක්‌ට රැවටුණා. ඇත්තටම මාධවී කියන්නේ ගණිකාවක්‌. කෝවලන්ගෙ සල්ලි ඔක්‌කොම ඉවර වෙනකල් මිනිහ කන්නගීගෙන් වෙන් වෙලා මාධවී එක්‌ක ගතකළා. අන්තිමට මාධවී මිනිහ අතෑරල වෙන කෙනෙකු හොයා ගත්තා. එතකොටයි කාවලන්ට තේරුණේ තමන් රැවටුණු බව. අන්තිමට මිනිහා තමන්ගෙ යහපත් බිරි`ද කන්නගී හොයාගෙන ආවා. තමන් කරපු වරද ගැන සමාව ඉල්ලුවා.

කන්නගී කොච්චර යහපත් ද කියනව නම් ඒ සැමියාව එලව ගත්තෙ නැ. ආයෙමත් ජීවිතේ පටන් ගන්න කොහොමද උදව් කරන්නේ කියලා කල්පනා කළා. කන්නගී ල`ග තිබුණෙ කකුල් වල පල`දිලා තිබුණ ''සළඹ'' ජෝඩුව විතරයි.

''මේ සළඹ දෙක අරගෙන ගිහින් විකුණන්න'' කියලා කන්නගී කාවලන්ට කිව්වා. ඒත් මේවා විකුණගන්න තරං කෙනෙක්‌ මේ ගමේ නෑ. මේ නිසා කාවලන් කීව සලඹ විකුණගන්න මධුරාපුරයට යමු කියලා. ඉතිං දෙන්න මධුරාපුරේට ගියා. ගිහිං එහෙ රත්තරං වෙළෙන්දෙක්‌ හම්බ වුණා. හැබැයි ඒ වෙනකොට මධුරාවෙ රජතුමාගෙ බිසවගෙ සළඹක්‌ නැතිවෙලා. රාජ පුරුෂයො බිසවගෙ සළඹ හොයනවා. කන්නගී ගෙ එක්‌ සළඹක්‌ විකුණගන්න කියලා කාවලන් වෙළෙන්දා හම්බ වෙන්න ගියේ තනියම. කන්නගී වෙන ගෙදරක නවත්තලා රත්තරං වෙළෙන්දට හිතුන මේක බිසවගෙ නැති වුන සළඹ කියල කාවලන් අල්ලලා දෙන්න. තෑගි බෝග ගන්නයි ඒක කළේ. ඉතිං ර-ජුරුවන්ගෙ අණින් රාජපුරුෂයො කාවලන් මරල දාල සළඹ ර-ජුරුවන්ට දුන්නා. කාවලන් නොකළ හොරකමකට මැරුව කියලා ආරංචි වුණ කන්නගීට ඉවසුම් නැතුව ගියා. එයා ගියා රජතුමා හමුවෙන්න. කන්නගී රඡ්ජුරුවන්ට ශෝකයෙන් මෙහෙම චෝදනා කළා.

ගනිමින් රත්රන් ලෝ වැසියන්නේ
රැකෙමින් දවසැර බොරුම කියන්නේ
මායම් දන්නා රන්කරු වන්නේ
කුමටද නිවැරදියන් මරවන්නේ ?

මේ චෝදනාවට රඡ්ජුරුවන්ට කේන්ති ගියා. රඡ්ජුරුවො කේන්තියෙන් කීවෙ මෙහෙම

''සළඹ සොරුගෙ අඹු මොකද කියන්නේ තනේ කඩා තිට කවමි කියන්නේ''

සොරාගේ බිරි`ද කියලත්, තනේ කඩල කවනව කියලත් අපහාස කරපු වචන වලට කන්නගීට ඉවසුම් නැතිව ගියා. ඇය හිතුවෙ ඒ වචන වලින්ම තමන්ගේ පතිවෘතාව ඉ`දුල් වුණා කියලයි.

''ඉ`දුල් තනේ මට කුමට තියෙන්නේ කඩා අතට රන් තැටියෙ ගසන්නේ''

දැඩි ආවේගයෙන් තම වම් පියොවුර කඩා විසිකරමින් කන්නගී තමන්ගෙ පතිවෘත බලයෙන් මධුරා පුරය විනාශ වෙන්න සාපකළා. රජතුමාත් බිසවත් මේ ඇත්ත දැනගෙන එතනම මැරිලා වැටුණා. මුළු නගරෙම ගිනිගත්ත. ඒත් ධාර්මිකයන්, ගවයන්, පතිවත රකින වනිතාවන්, ළදරුවන්, මහල්ලන් යන අය ආරක්‍ෂා වේවා කියලා අධිෂ්ඨාන කළා.

කන්නගී දිව්‍ය ලෝකයට ගියේ ඊට පස්‌සේ - සෙංගුට්‌ටාන් රජතුමා ඇතුළු පිරිසට සාත්තනාර් කවියා විසින් කළ විස්‌තරය අනුව පතිවත නිසා දේවත්වයට පත් වූ කන්නගී වෙනුවෙන් දේවාලයක්‌ ඉදි කරන ලදී. 

මෙම දේවාලය විවෘත කිරීමේ උත්සවයට ලංකාවේ එවකට රජකම් කළ ගජබා රජතුමා ද සහභාගී විය. එතුමා (ක්‍රි.ව.174 - 196) තම පියාගේ කාලයේ ලංකාවෙන් රැගෙන ගිය 12000 සෙන`ග හා තවත් 12000 ද පත්තිනි මෑණියන්ගේ සළඹ ද ලංකාවට රැගෙන ආවේය. ලංකාවේද පත්තිනි දේවාලය සාදා ඇසළ පෙරහැරද ආරම්භ කෙරුණි.

එදා සිට අද දක්‌වා ලංකාවේ පත්තිනි දෙවියන් උදෙසා ඉදි වූ දේවාල 500 අධිකය. මහනුවර හා නවගමුව දේවාල ඒ අතර ප්‍රමුඛ වේ. පත්තිනි දේවිය වැස්‌සට අරක්‌ ගත් දෙවියෙකු ද ළදරුවන්, ගර්භණි මාතාවන්ට, වසංගත රෝග සමනයට ආදී බොහෝ දේට පිහිට වන බවට දැඩි විශ්වාසයක්‌ පවතී. මේ නිසා පත්තිනි මෑණියන්ට භාරවීමට ද ඒ වෙනුවෙන් කිරි අම්මාවරුන්ට දානයක්‌ පිරිනැමීම ද ලංකාවේ බොහෝ කාලයක පටන් සිදු කෙරෙන සංස්‌කෘතිකාංගයක්‌ බවට පත්ව තිබේ. බාරවීම සිදු කරන්නේ පඩුරු බැඳීමෙන් හෝ ගසක අතු බැ`දීමෙනි. අතු බැඳීම යනු පොල් ගසක හෝ කෙසෙල් ගසක ගොක්‌ කොළයක්‌ ගැට ගසා නියමිත දිනයක කිරි අම්මාවරු හත් දෙනෙකුට දානය දෙන බවට පොරොන්දු වීමය. මෙම දානය දෙනු ලබන්නේ පුරපක්‍ෂයේ කෙම්මුර දිනයක පාන්දරය. බදාදා හා සෙනසුරාදා දින කෙම්මුර දින ලෙසින් ද ස`දුදා අඩ කෙම්මුර දිනයක්‌ ලෙසින් ද හ`දුන්වනු ලැබේ. කිරි අම්මාවරු ලෙස සලකනු ලබන්නේ කිරිදෙන මවුවරු වන අතර තරමක මැදි වයසේ ගුණවත් යහපත් සිල්වත් අම්මාවරු ද මේ ස`දහා සුදුසු බව පිළිගැනේ. දානයට පෙර දින බුලත් දී කිරි අම්මාවරුන්ට ආරාධනා කිරීම සම්ප්‍රදායයි.

එහෙත් පහත ස`දහන් අය මෙම දානයට ආරාධනා කිරීමට නුසුදුසු අය ලෙස සැලකේ.

අංගවිකල කාන්තාවන් , උමතු කාන්තාවන්

මහලු දුර්වල කාන්තාවන් , වෛශ්‍යාවන්

දරුවන් නැති (ව`ද) කාන්තාවන්, කණවැන්දුම් කාන්තාවන්

වාචාල කටමැද දොඩන කාන්තාවන්

සුරා මත්ද්‍රව්‍ය භාවිත කරන කාන්තාවන් 

දානයට පෙර දින නිවස සම්පූර්ණයෙන්ම පිරිසිදු කරන අතර දානය ස`දහා මස්‌ මාංශ භාවිතා නොකෙරේ. විවිධ පළාත්වල මෙම දානය උදෙසා දෙන ආහාර වෙනස්‌ වන නමුදු එය සාමාන්‍යයෙන් මෙසේය.

ඇඹුල් කෙසෙල් ඇතුළු පලතුරු 07, තැඹිලි ගෙඩියක්‌

දැහැත් විට , කිරිබත් (කැටකපා) 07 , කිරියා (කිරි කෑලි) 

07 , අතිරස 07 . පඬුරු 07

දානය වෙනුවෙන් නිවස මිදුලේ මල් පැලක්‌ සාදන අතර නිවස ඇතුළේ පත්තිනි මෑණියන් වෙනුවෙන් යහනක්‌ සකසා ස`දුන් කිරි පැන් ඉස සුව`ද දුම් අල්ලනු ලැබේ. කෙසෙල් කොළ යහනේ තබා ඒ මත මල් පහන් හා බ`දින ලද ප`ඩුරු තැන්පත් කරනු ලැබේ. මිදුලේ මල් පැල සතර වරම් දෙවියන් හා ගම්බාර දෙවියන් උදෙසාය. මල් යහනේ පත්තිනි දෙවියන් ගේ රූපය හා පළතුරු පූජා තබනු ලැබේ.

පාන්දරම නිවසට පෙළ සැදී එන කිරි අම්මාවරු සත්දෙනා අතරින් නායක කිරි අම්මා මෙවැනි කවියක්‌ කියනු ඇත.

මුදු හදවත් බැතියෙන් පුරවන්නේ
සුදු පිරුවට ඇ`දලා පේවන්නේ
බුදුවන පත්තිනි දෙවි නමදින්නේ
මිදුල ඉසව්වට ඇවිත් සිටින්නේ

මෙවිට නිවසේ කාන්තාවක ගේ ආරාධනයෙන් කිරි අම්මාවරු ඇතුළුවී මල් පැල දල්වා දානය පිළිබ`ද කටයුතු ආරම්භ කරනු ලැබේ. දානය ආරම්භ වන්නේ බුද්ධ පූජා පිළිගන්වා පන්සිල් ගැනීමෙනි. මෙයින් අනතුරුව යහනේ තැබූ පත්තිනි රූපය අබියස පූජා තබා අදාල කවි ගායනා කරනු ලැබේ. පත්තිනි උපත ගැනද මේ කවිවල විස්‌තර කෙරේ. මේ උදාහරණයකි. පත්තිනි උපත සිදු වූ ආකාර 20 පමණ ජනශ්‍රැතියේ එයි.

ජලෙනි දඹෙනි සුරන් දඹෙනි අඹෙනි උපන්නා
ගලෙනි කුලෙනි සළුවෙනි එක්‌ වරෙක උපන්නා
එවෙනි මෙවෙනි සත්වෙනි රන් අඹෙනි උපන්නා
මෙවෙනි පතිනි තෙදිනි මෙ ලක්‌ දිව බබළන්නා

කිරි අම්මාවරුන් විසින් නිවැසියන්ට ආශිර්වාද පතා ගායනා කරන කවිද බොහෝය. ''පත්තිනි සිරස පාදය'' නම් කවි පෙළේ එන කවියක්‌ මෙසේය. 

ඉසේ හටගත් දෙසිය සොළසක්‌ පිළික බන්දන කොඩි විසල්
ඇසේ හටගත් සය අනූවක්‌ පටල පණු කැවිලිද කැලැල් 
කනේ හටගත් කර්ණ සූලය බිහිරි හා සන්නිද සියල්
මෙකී සැම ලෙඩ රෝග දුරුවෙයි තෙදැනි පත්තිනි වැඩිය කල්

දානය පිළිගැන්වීමෙන් පසුව නැඟී සිටිමින් පහන් තිර දල්වාගෙන නිවැසියන් වටා හි`ද කිරි අම්මාවරුන් විසින් කරන ආශිර්වාදය හා කිරි ඉතිරවීම ද දානයේ වැදගත් කරුණු වේ. පහන්තිර දල්වා ආශිර්වාද කරන කවියකි මේ.

දැල්වෙන මේ පහන් තිරේ
දෙවියන් තෙද බල පැතිරේ
එ අනුහසින් කිරි ඉතිරේ
අද සිට සව් ඉසුරු පිරේ
පත්තිනි ස්‌තෝත්‍රයක්‌ 

නානා සුන්දර ජන වනිතාගණ තාරපතී ඉව ශ්‍රී දේහං
නානා වර්ණක ශාටක ධාරන මාලා දාම පිලන්ධං
නානා ශාස්‌ත්‍ර ප්‍රජාන විජානන ඥානවිශාරද කීර්ති ධරං
නානා ශෝභිත රත්න නිරන්තර දාදාතුතේ පත්තිනි මාතා

උදෑසන හිරු නැඟීමට පෙර දානයට සහභාගී වූ කිරි අම්මාවරු පිටව යන්නේය. කිරි අම්මාවරුන්ගේ දානයෙන් ගත හැකි ආදර්ශ බොහෝය. පතිවෘතාවම තම ශක්‌තිය බවට පත්කරගත් උතුම් කාන්තාව එම ශක්‌තියෙන්ම නොමනා රාජ්‍ය බලය පවා විනාශ කිරීම එහි ප්‍රමුඛය. පත්තිනි නමින් දේවත්වයට පත්වු කන්නගී ගැන කතන්දරය විශිෂ්ට ද්‍රවිඩ සාහිත්‍ය ග්‍රන්ථයක්‌ වන ඉලංකෝ ආඩිගල් ලියූ ''සිලප්පදිකාරම්'' නම් පොත කියවීමෙන් දැනගත හැකිවේ.

මේ හැර යහපත් චරිතවත් සිල්වත් කිරි අම්මාවරුන්ට දෙන නිර්මාංශ පිරිසිදු දානයත් එහි ආනිශංසත් ඔවුන්ගෙන් ලබන ආශිර්වාදයත් පිළිබ`ද වටිනාකම මෙතෙකැයි කිව නොහැක. විවාහ ප්‍රමාදය, දරුවන් නැති බව, වසංගත රෝග, නිය`ගය, ගොවිතැන් පාළුවීම ආදී බොහෝ ගැටලුවලට සහනය පතා පත්තිනි දේවියට කරන පූජාවන් වශයෙක්‌ සිදු කෙරෙන කිරි අම්මාවරුන්ගේ දානය තවත් බොහෝ කාලයක්‌ ජනතාව අතර පවතිනු ඇත.