ජයමංගල ගාථා දිනපතා ගායනා කර ජීවිතයම ජයගන්න



මේ ජයමංගල ගාථාවන් බුදුරදුන් ලැබූ ජයග්‍රහණ අටක් පිළිබඳවය.

ලොව්තුරා අමාමෑණී බුදුපියාණන් වහන්සේ තම ජීවිතයට එල්ල වූ විවිධ අභියෝගයන්ට නොසැලී මුහුණ දෙමින් එකී බාධක ජයග්‍රහණය කළ ආකාරය කියවෙන ගාථා පංතියක්‌ තමයි ජයමංගල ගාථා කියන්නේ.

එලෙස උන්වහන්සේ ජය ලැබූ අයුරු සිහිපත් කරමින් ඒ සත්‍යානුභාව බලයෙන් අපටද සෙතක්‌ උදාවේවායි ප්‍රාර්ථනා කරමින් භාවිත කළහැකි මෙම මෙම ජයමංගල ගාථා පංතිය අපවෙත පැමිණෙන දුක්‌ කරදර, රෝග පීඩා, අපල උපද්‍රවයන්ගෙන් මෙන්ම යක්‍ෂ, ප්‍රේත භූත, පිසාච වැනි අමනුෂ්‍ය බලවේගයන්ගෙන්ද කායික මානසික පීඩාවන්ගෙන්ද මිදීම පිණිස භාවිත කළහැකි ඉතා බලගතු සෙත්කවි මාලාවක්‌ ලෙසද හඳුන්වාදිය හැකිය.

එහෙත් මෙම උතුම් බලවත් කවි මාලාවෙන් අද බොහෝ ජන්මීන් නිසි ප්‍රයෝජන ගැනීමට නොදන්නා බැවින් විවාහ මංගල්‍යයක්‌ සිදුවන අවස්‌ථාවල අභිනව විඩාපත් යුවළ ඉදිරියේ මෙම ගාථා පංතිය ගායනා කරවීම පමණක්‌ සිදුකෙරේ.

එබැවින් මෙතැන් පටන් සෙත්කවි මාලාවක්‌වන් මෙකී ජයමංගල ගාථා සෙත ශාන්තිය සාමය සෞභ්‍යය පතා දිනපතා ගායනා කර මෙහි ඇති අප්‍රමාණ වූ පිහිටි ලබන්නට අදිටන් කරගන්න.


ගාථාව -

බාහුං සහස්‌ස මභිනිම්මිත සායුධං තං

ගිරිමේඛලං උදිත ඝෝර සසේන මාරං

දානාධි ධම්ම විධිනා ජිතවා මුනින්දො

තං තේජසා භවතු මේ ජය මංගලානී

සිංහල තේරුම -

දාසක්‌ මවාගෙන අතුත් අවියෙන් සමත් වූ

ගිරි මේඛලා ඇතු නැගී සිටි මාර සේනා

දානාදි දම් විදි බෙලෙන් දිනුවේ මුනින්දා

ඒ තේජසින් ජය මඟුල් අපටත් ලැබේවා

ගාථාව -

මාරාතිරේක මභියුඡ්Cධිත සබ්බ රත්තිං

ඝෝරං පනාලවක මක්‌ඛ මතද්ධ යක්‌ඛං

ඛන්තී සුදන්ත විධිනා ජිතවා මුනින්දො

තං තේජසා භවතු මේ ජය මංගලානී


සිංහල තේරුම

ඒ මාරයා හට වඩා නපුරක්‌ බිරම් වූ

බෝසත් අතින් හොර අලව් යකු කෝපවත් වූ

මෙත් සිත් වඩා යස ලෙසින් දිනුවේ මුනින්දා

ඒ තේජසින් ජය මඟුල් අපටත් ලැබේවා


ගාථාව 

නාලාගිරිං ගජවරං අතිමත්ථ භූතං

ධාවග්ගි චක්‌ක මසනීව සුදාරුණන්තං

මෙත්තංබුසේක විධිනා ජිතවා මුනින්දො

තං තේජසා භවතු මේ ජයමංගලානී


සිංහල තේරුම

නාලාගිරි ඇත් රජා ඇතිතෙක්‌ම රා බී

සෝකා දෙමින් හෙණ හඬක්‌ ලෙස බෝ බිරම් වූ

මෙත්පැන් ඉසීමෙන් වහා දිනුවේ මුනින්දා

ඒ තේජසින් ජය මඟුල් අපටත් ලැබේවා

ගාථාව

උක්‌ත්ත බග්ග මතිහත්ත සුදාරුනන්තං

ධාවන්තියෝ ජනපථං ගුලිමාලවන්තං

ඉද්ධීහි සංඛත මනෝ ජිතවා මුනින්දො

තං තේජසා භවතු මේ ජයමංගලානී

සිංහල තේරුම 

උස්‌සා සියුම් කගපතක්‌ සුරතින් රැගත් වූ

බෝසේ රකුස්‌යුරු අඟුල්මල් නම් සොරා ඒ

පාලා යසේ ඒ ඉඳු බෙලෙන් දිනුවේ මුනින්දා

ඒ තේජසින් ජය මඟුල් අපටත් ලැබේවා


කවාන කට්‌ඨ මුදරං ඉව ගබ්භීනියා

චිඤචාය දුට්‌ඨ වචනං ජනකාය මඡ්ෙCධ

සන්තේන සෝම විධිනා ජිතවා මුනින්දො

තං තේජසා භවතු මේ ජය මංගලානී


සිංහල තේරුම

රාසේ බැඳන් බොරු බඩක්‌ ගැබිනි විලාසෙන්

ආවේ නිගාකර සභාවට චින්චිමානා

සන්සුන් ලෙසින් ගුණ වඩා දිනුවේ මුනින්දා

ඒ තේජසින් ජය මඟුල් අපටත් ලැබේවා

ගාථාව


සච්චං විභාය මති සච්චක වාදකේතුං

වාදාභිරෝ පිත මනං අති අන්ධභූතං

පඤඤාපදීප ජලිතෝ ජිතවා මුනින්දො

තං තේජසා භවතු මේ ජය මංගලානී


සිංහල තේරුම

වාදෙන් සමත්කම් නැගු කොඩියක්‌ විලාසෙන්

ඇත්තෙත් වෙනස්‌ සිතැති සච්චකයා විවාදී

දල්වා පහන් ගුණ නැණින් දිනුවේ මුනින්දා

ඒ තේජසින් ජය මඟුල් අපටත් ලැබේවා

ගාථාව

නන්දොපනන්ද භුජගං විබුධං මහිද්ධිං

පුත්තේන ථෙර භුජහේන දමාපයන්තෝ

ඉද්ධූපදේස විධිනා ජිතවා මුනින්දො

තං තේජසා භවතු මේ ජය මංගලානී



සිංහල තේරුම 

නන්දොපනන්ද භුජගා ඉදුයෙන් සමත් වූ

සෑසී මුණි පුතු ලවා දැහැමින් දැමීමෙන්

පාලා තෙදින් සිතු බෙලෙන් දිනුවේ මුනින්දා

ඒ තේජසින් ජය මඟුල් අපටත් ලැබේවා



ගාථාව 

දුග්ගාහ දිට්‌ඨ භුජගේන සුදට්‌ඨ හFථං

බ්‍රහ්මං විසුද්ධි ජුති මිද්ධි බකාභිධානං

ඤාණා ගඨේන විධිනා ජිතවා මුනින්දො

තං තේජසා භවතු මේ ජය මංගලානී



සිංහල තේරුම 

දාසක්‌ ලොවේ බබළනා එළියෙන් දිමුත් වූ

බෝසේ පසන් මහබඹා වරදී වදාළා

යහපත් උතුම් නැණ බෙලෙන් දිනුවේ මුනින්දා

ඒ තේජසින් ජය මඟුල් අපටත් ලැබේවා



ගාථාව 

ඒථාපි බුද්ධ ජයමංගල අට්‌ඨ ගාථා

යෝවාචකෝ දින දිනේ සරණේ මතංදි

හිත්වාන නේක විවිධාන චුපද්දවානී

මොක්‌ඛං සුඛං අධිගමෙය නරෝ සපඤaෙඤ


සිංහල තේරුම 

මේ ලෙස බුදුන් ජය මඟුල් අට මගී මතාසේ

යම් ඒ කෙනෙක්‌ දින දිනේ සොඳසේ කියයි නම්

නානා උපද්දාව නසා සිත දුක නොවීමෙන්

අක්‌වේ සැපත් අමපුරේ සව් දුක්‌ නසාලා


ජ්‍යෙතිවේදී - රංජන් සිසිර කුමාර

සටහන - ධම්මික හේවාවසම්
උපුටා ගැනීම - දිවයින පුවත්පත