ගුරු මාරුව 2018 ඔක්තෝම්බර්


2018 ඔක්තෝම්බර් 10 වනදා රාත්‍රීයේ ගුරු ග්‍රහයා වෘශ්චික රාශියට පැමිණීම සිදුවේ.සිකුරුට අයත් තුලා රාශියේ එතෙක් ගමන් කල ගුරු තමාට මිත්‍ර ග්‍රහයෙකු වන කුජට අයත් වෘශ්චික රාශියට පැමිණීම ග්‍රහ චාරය තුල විවිධ ප්‍රතිඵලයන් ඇතිකිරීමට හේතු වනවා ඇත.මීට පෙර 1982 නොවැම්බර් සිට 1983 දෙසැම්බර් දක්වා වෘශ්චික රාශිය තුල ගුරු ගමන්කල අතර නැවත 1994 - 1995 අතර කාලයේත් , නැවත ආසන්න වශයෙන් 2006 ඔක්තෝම්බර් සිට 2007 නොවැම්බර් දක්වාත් ගුරු වෘශ්චික රාශිය තුල ගමන් කලහ.ඉන් වසර 10 යි මාස 10 ක් ඉමවන අවස්තාවේ 2018 ඔක්තෝම්බර් 10 වනදා සුර ගුරු වූ ගුරු ග්‍රහයා වෘශ්චික රාශියට පිවිසීම සිදූවන අතර 2019 නොවැම්බර් 05 වනදා දක්වා එම රාශිය තුල විවිධ බල දුබලතාවයන් සහිතව  රාශි චාරයේ යෙදෙනවා ඇත.

මෙහිදී ගුරු ග්‍රහයා විසින් තමාගෙන් හත්වැන්න වූ වෘෂභ රාශිය පූර්ණ දෘශ්ටියෙන් දකිනවා ඇත.මීට අමතරව මීන සහ කටක රාශියට ගුරුගේ දෘශ්ටි බලපෑම සුබාසුබ සහිතව යෙදෙනවා ඇත.ගුරු ග්‍රහයා ආකාශ ධාතු ගුණ සහිත ග්‍රහයෙකු වන අතරම වෘශ්චිකය අපෝ හෙවත් ජල ධාතුවට අයත්වේ.2019 මාර්තු 29 වනදා තෙක් ගුරු වෘශ්චිකය තුල වේගමත් ගමනක යෙදී ධනු රාශිය තුලට පිවිසීම සිදුවන අතර ධනු රාශිය තුලදී 2019 අප්‍රියෙල් 10 වනදා වක්‍රවීමට නියමිතය.ධනු රාශිය තුල වක්‍රවීමට ලක්වන ගුරු නැවත වක්‍ර ගමනින් අප්‍රියෙල් 23 වනදා වෘශ්චිකය වෙත පිවිසේ.වෘශ්චිකය තුල 2019 අගෝස්තු 11 දක්වා වක්‍රවීමට නියමිත ගුරු එදින වක්‍රයෙන් මිදේ.එතැන් සිට වෘශ්චිකය තුල ඉදිරි ගමන ආරම්බ කරන ගුරු 2019 නොවැම්බර් 05 වනදා වෘශ්චිකය තුල ග්‍රහ චාරය නිමාකරමින් ධනු රාශියට පිවිසෙනවා ඇත.

මේෂයේ සිට මීනාන්තය දක්වා වූ ලග්න දොළොසින් උපන් ඔබට ගුරුගේ වෘශ්චික රාශිගතවීම සහ රාශි චාරය විවිධාකාරයේ සුබ අසුබ ප්‍රතිඵල ඇතිකරනවා ඇත.මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් අටවැන්නට පැමිණෙන ගුරු ග්‍රහයා තද අසුබ අවස්තාවන් ඇතිකරනවා ඇත.වෘෂභ ලග්නයෙන් හත්වැන්නට පැමිණෙන ගුරු සුබාසුබ මිශ්‍රඵල වෘෂභ ලග්න හිමියාට ඇතිකරයි.මිතුන ලග්නයටද ගුරු වෘශ්චික රාශිගතවීම එතරම් සුබදායක නොවනවා ඇත.කටක ලග්නයෙන් පස්වැන්නට ගුරුගේ පැමිණීම එම ලග්න හිමියන්ට සුබ ප්‍රතිඵල ඇතිකිරීමට හේතු වනු ඇත.සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් සිව්වැන්නට ගුරුගේ පැමිණීම සුබාසුබ මිශ්‍රඵල ඇතිකරවයි.කන්‍යා ලග්න හිමියාට ලග්නයෙන් තුන්වැන්නට ගුරුගේ පැමිණීම සුබදායක නැත.තුල ලග්න හිමියාගේ ධනස්තානය හරහා ගුරුගේ ග්‍රහ චාරය සිදුවීම සුබදායක වනවා ඇත.


වෘශ්චික ලග්න හිමියාගේ ලග්න රාශිය වෙත ගුරුගේ පැමිණීම මෙතෙක් පැවති තද අසුබකාරී තත්වයට සහනයක් වනවා ඇත.ධනු ලග්න හිමියන්ට ගුරුගේ චාරය යහපත් නැත.ලග්නයෙන් දොලොස්වැන්න හරහා ගුරු ගමන් කිරීම විශේෂ අසුබ ධනු ලග්න හිමියාට ඇතිවීමට හෙතුවෙයි.මකර ලග්න හිමියන්ගේ බාධකස්තානය වූ ලග්නයෙන් එකොලොස්වැන්න හරහා ගුරුගේ ග්‍රහ චාරය සිදුවන අතර සුබාසුබ මිශ්‍රඵල ඇතිකරනු ඇත.කුම්භ ලග්න හිමියාගේ ලග්නයෙන් දසවැන්න වූ කර්මස්තානය හරහා ගුරුගේ ගමන වෘශ්චික රාශිය තුල සිදුවන අතර සුබාසුබ මිශ්‍රඵල ඇතිකිරීමට සාධකවේ.මීන ලග්න හිමියාගේ ලග්නයෙන් නමවැන්නට ගුරුගේ පැමිණීම සිදුවේ.එතෙක් ලග්නයෙන් අටවැන්නේ තද අසුබ ඇතිකල ගුරු වෘශ්චිකය වූ ධර්මස්තානය තුල සුබඵල ඇතිකරවනු ඇත..........මේ ආදී වශයෙන් ගුරු ග්‍රහයා වෘශ්චික රාශියට පැමිණීම ඒ ඒ ලග්න හිමියන්ට සාපේක්ෂ වශයෙන්  පහත සුබ අසුබ බලපෑම් ඇතිකරනවා ඇත.

ගුරු මාරුව 2018 - මේෂ ලග්නය


ගුරු මාරුව 2018 - වෘෂභ ලග්නය


ගුරු මාරුව 2018 - මිතුන ලග්නය
 

ගුරු මාරුව 2018 - කටක ලග්නය


ගුරු මාරුව 2018 - සිංහ ලග්නය



ගුරු මාරුව 2018 - කන්‍යා ලග්නය


ගුරු මාරුව 2018 - තුලා ලග්නය


ගුරු මාරුව 2018 - වෘශ්චික ලග්නය
ගුරු මාරුව 2018 - ධනු ලග්නය


ගුරු මාරුව 2018 - මකර ලග්නය
 

ගුරු මාරුව 2018 - කුම්භ ලග්නය
 

ගුරු මාරුව 2018 - මීන ලග්නය