ගිතෙල් භාවිතයේ රහස් කිහිපයක්


ණය වීම නරක වැඩකි. එහෙත් ගිතෙල් මිල දී ගැනීමට ණය වීම නරක වැඩක් නොවේ. එයට හේතුව ගිතෙල් අතිශ්‍රෙෂ්ඨ ආහාරයක් වීමයි. අතිශ්‍රෙෂ්ඨ ඖෂධයක් වීමයි. ගිතෙල් ශීතල යි. මිහිරියි. වා පිත් සමනය කරයි. බඩගිනි වඩවයි. ඇසට හිතයි. සිරුර ලස්සන කරයි. කට හඩ මිහිරි කරයි. විස නසයි.

විවිධ රෝගාබාධ සදහා ගිතෙල් යොදන අවස්ථා ,


නුවණ වැඩීමට හා සිහිකල්පනාව වැඩීමට 

ගොටුකොළ ඉස්ම මේස හැදි    02
ගිතෙල් මේස හැදි    01
මී පැණි මේස හැදි    1/2
  
එක් කර උදයේ හිස් බඩ බොන්න.


සිරුර ලස්සන වීමට 

ගිතෙල් මේස හැදි    01
මී පැණි මේස හැදි    1/2

සමග උදයේ හිස් බඩ බොන්න.


කට හඩ මිහිරි වීමට 

ගිතෙල් මේස හැන්දකට වැල් මී, ගම්මිරිස් හා සීනී මිශ්‍ර කොට කන්න.


අපස්මාරයට 

කතුරුමුරුංගා කොළ යුෂ ගිතෙල් සමග මුසු කර දිනකට දෙවරක් බොන්න.


උන්මාදයට 

මුං ඇට පිටි, තිරිගු ගිතෙලින් කලතා දිනකට දෙවරක් බොන්න.


මත් පැන් විෂට 

ගිතෙල් මේස හැදි    01
සීනි මේස හැදි    01
මුං ඇට තැම්බූ වතුරට මුසු කර උදේ සවස බොන්න.


සර්ප විෂට

හදවත රැක්මට වහා ම ගිතෙල් මේස හැන්දක් පොවන්න.


තුවාල සනීප වීමට

ගිතෙල් ආලේප කරන්න.


පිළිස්සීමට

ගිතෙල් සමග නිවිති කොළ ඉස්ම ගාන්න.


මූලාශ්‍රය - ආයුර්වේදයේ ජීවන දර්ශනය - වෛද්‍ය අමරසිරි පොන්නම්පෙරුම - උපුටා ගැනීමකි { mediopedia.blogspot.com }