උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන්



උතුම් ශ්‍රී ලක්‍ෂ්මි දේව මෑණියන් වහන්සේ ධනයට, වාසනාවට සහ සෞභාග්‍යයට අධිපති දේව මතාව ලෙස වැඳුම් පිදුම් ලබති (භෞතික සහ ලෞකික යන දෙකෙහිම). උතුම් ශ්‍රී ලක්‍ෂ්මි දේව මෑණියන් වහන්සේ ක්‍රියාකාරී ශක්තියට අධිපති උතුම් විෂ්ණු දෙවිනගේ භාර්යාවයි. උතුම් ශ්‍රී ලක්‍ෂ්මි දේව මෑණියන්ගේ අත් සතරෙන් මිනිස් ජිවිතයේ අරමුණු සතර නියෝජනය කරයි, හින්දු ජනයාගේ ජීවන රටාව අනුව ඒවා සතර නම් “ධර්ම”, “කාම”, “අර්ථ” සහ “මෝක්ෂ” වේ. ජෛන ස්මාරක වලද උතුම් ශ්‍රී ලක්‍ෂ්මි දේව මෑණියන්ව නිරුපනය කර ඇත. ටිබෙටයේ, නේපාලයේ සහ දකුණු ආසියානු බෞද්ධ සම්ප්‍රදායන් වල වන්දනා කරන “වාසුධාර” නම් දේවමෑණියන්, හින්දු දෙවඟනක් වන උතුම් ශ්‍රී ලක්‍ෂ්මි දේව මෑණියන් වහන්සේට සමාන අංග සහ උපලක්ෂණ ඉතා සුළු වෙනස්කම් සහිතව දක්නට ඇත.

උතුම් ශ්‍රී ලක්‍ෂ්මි දේව මෑණියන්ව “ශ්‍රී” සහ “තීරුමංගල්” යන නාමයෙන්ද හඳුන්වන්නේ උතුම් සුභ මංගල ලක්ෂණ හයකින් සමන්විත නිසා සහ උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන්ට සමාන දිව්‍ය බලයෙන්ද සමන්විත නිසාවෙනි. උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් වහන්සේ පෘතුවියේ ගත කල ආත්මය “රාමා” සහ “ක්‍රිෂ්ණා” ලෙසින් සලකන අතර උතුම් ශ්‍රී ලක්‍ෂ්මි දේව මෑණියන් වහන්සේ පෘතුවියේ ඔව්න් වහන්සේගේ භාර්යාව ලෙස ගත කල ආත්ම ලෙස පිලිවෙලින්: “සීතා” (රාමාගේ භාර්යාව) සහ “රුක්මිණි” (ක්‍රිෂ්ණාගේ භාර්යාව) ලෙස සැලකෙයි. ඉන්දියාවේ පුරාතන ධර්ම ග්‍රන්ථ වල සඳහන්ව තිබුණේ සෑම කාන්තාවක්ම උතුම් ශ්‍රී ලක්‍ෂ්මි දේව මෑණියන් වහන්සේ ලෙසින් ජීවිතය හැඩගස්වා ගත යුතු බවයි. උතුම් ශ්‍රී ලක්‍ෂ්මි දේව මෑණියන් සහ උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් අතර වූ ස්වාමි සහ භාර්යා සම්බන්දතාවය පැට්‍රිෂියා මොනඝන් මෙලෙස දක්වා ඇත; “මෙම සුසමාදර්ශය හින්දු විවාහ මංගල්‍යයන්ගේ මනාලයා සහ මනාලිය චාරිත්‍ර සහ පූජා ඉටු කිරීමට සඳහා බවයි.”
පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් සහ පුරාණ කාසි අඟවන්නේ ක්‍රි.පූ. 1 වන සහශ්‍රවර්ෂයේ “සිතෝ-පර්තිඅන්” රාජධානියේ සහ ඉන්දියාව පුරා උතුම් ශ්‍රී ලක්‍ෂ්මි දේව මෑණියන්ට තිබු ගෞරවය සහ පිළිගැනීම පිළිබඳවයි. ගිනිකොණ දිග ආසියාවේ සෑම හින්දු දේවස්ථානයකින්ම පාහේ උතුම් ශ්‍රී ලක්‍ෂ්මි දේව මෑණියන්ගේ ප්‍රතිමාශිල්ප සහ පිළිම සොයාගෙන ඇති අතර ඒවා ක්‍රි.ව. 1 වන සහශ්‍රවර්ෂයේ මුල් භාගයේ කරවූ ඒවා බවට නිමානය කර ඇත.

වර්තමානයේ උතුම් ශ්‍රී ලක්‍ෂ්මි දේව මෑණියන් ධනයට අධිපති දෙවියන් ලෙසින් වන්දනාමාන කරති. උතුම් ශ්‍රී ලක්‍ෂ්මි දේවමෑණියන්ව උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ භාර්යාව ලෙස බොහෝ දේවස්ථාන වලදී වන්දනාමාන කරති. “දීවාලි” සහ “ශරඩ් පුර්නිම” (කොජගිරි පුර්නිම) උත්සව අවස්ථා වලදී උතුම් ශ්‍රී ලක්‍ෂ්මි දේවමෑණියන් ගෞරවයෙන් යුතුව සමරනු ලබනවා.
උතුම් ශ්‍රී ලක්‍ෂ්මි දේව මෑණියන් වහන්සේ පුරාණ සංස්කෘත ග්‍රන්ථ සහ පාඨ වල සඳහන් වන බොහෝ හින්දු දෙවි දේවතාවන්ගෙන් එක් උතුම් දේවමෑණියන් වහන්සේ නමකි. උතුම් ශ්‍රී ලක්‍ෂ්මි දේවමෑණියන් පිළිබඳව වරෙක ඍග් වේදයේ සඳහන් වන අතර එම අන්තර්ගතයෙන් උතුම් ශ්‍රී ලක්‍ෂ්මි දේව මෑණියන් “වාසනාවට සහ ධනයට අධිපති” යැයි එම වචනයන්ගෙන් අදහස් නොවන නමුත් එයින් “වාසනාව සහ සුභ මංගල්‍යයන්හි සංකේතයක් හෝ සමාන සංකේතයක් ” බව අදහස් වේ.
“භද්‍රායිසාම් ලක්ෂ්මීර්නිහිතාධි වාසි”   
“සෞභාග්‍යමත් වාසනාව ඔව්න්ගේ වචන සමඟ බැඳී පවතී”
 - ඍග් වේදය x.71.2, ජෝන් මුඉර් විසින් පරිවර්තනය කර ඇත.

ක්‍රි.පූ. 1000 දී පමණ ලියවුණු අතර්ව වේදයට අනුව උතුම් ශ්‍රී ලක්ෂ්මී දේවමෑණියන් සංකීර්ණ සංකල්ප වලට දාායක වී ඇති බව බොහෝ ප්‍රකාශවීම් වල ඇත. අතර්ව වේදයහි 7 වන ග්‍රන්ථයෙහි 115 වන පර්ච්ජේදයේ බහුවිදතාවය විස්තර කරයි. උතුම් ශ්‍රී ලක්ෂ්මී දේවමෑණියන්ගේ ආත්මීය සංකල්පය සහ යහපත සහ වාසනාව සමග ඇති සබැඳියාව අතර්ව වේදයෙහි විවිධ පොත් වල සැලකිය යුතු අන්දමින් සඳහන්ව තිබේ: උදාහරණයක්‌ ලෙස, 12 වන ග්‍රන්ථයෙහි 5 වන වෙළුමෙහි “පුණ්‍ය ලක්ෂ්මී” ලෙසින් සඳහන්ව ඇත. අතර්ව වේදයේ සමහර වෙළුම්හි උතුම් ශ්‍රී ලක්ෂ්මී දේවමෑණියන් අර්ථ දක්වා ඇති පරිදි යහපත, මංගල ලකුණක් ලෙස, වාසනාව, භාග්‍යය, සෞභාග්‍යය, සාර්ථකත්වය සහ සන්තුෂ්ටිය අඟවනු ලබයි.

පසුව, උතුම් ශ්‍රී ලක්ෂ්මී දේවමෑණියන් වහන්සේ වාසනාවට අධිපති දෙවියන් ලෙස සැලකු අතර උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන්ව “ශ්‍රී” යන නාමය සමග හඳුනාගෙන සහ උතුම් ශ්‍රී විෂ්ණු(නාරායන) දෙවියන්ගේ භාර්යාව ලෙසින් වැඳුම් පිදුම් ලබන ලදී. ක්‍රි.පූ. 300 සහ ක්‍රි.පූ. 800 අතර කාලයේ ලියවුණා යැයි විශ්වාස කරන ශතපත බ්‍රාහ්මණ ග්‍රන්ථයෙහි දැක්වෙන පරිදි උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් පුරාතන ඉන්දියාවේ බොහෝ තැන් වල සිද්ධාන්තයක් වූ බවත් ලෝකය නිර්මාණය කිරීම පිළිබඳවත් දක්වා ඇත. ශතපත බ්‍රාහ්මණයේ 9 වන ග්‍රන්ථයෙහි සඳහන් වන පරිදි උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන්  උතුම් ප්‍රජාපතිගේ  (බ්‍රහ්ම දෙවියන්ට ප්‍රජාපති යන නාමයද භාවිත වේ, හින්දු ජනයාගේ විස්වාශයට අනුව බ්‍රහ්ම දෙවියන් ලෝකයේ මැවුම්කරුවන්ය) තීව්‍ර යෝග සහ භාවනා වලින් පසුව ලෝකයත්, ජීවයත්, සොබාදහමත් නිර්මාණය කිරීමෙන් පසු ඉපදුනු බවත්ය. උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන්ගේ උත්පත්තිය විශාල ශක්තීන් සහ බලයන් සමග ඇති වූ බවත් අලංකාර ඒකාලෝක ආලෝකයන් සහිතව සිදු වූ බවට විස්තර වේ. දෙවියන් ඕතොමෝ වෙත වශී වී මහත් තෘෂ්ණාවක් හටගත්තේය. දෙවියන් උතුම් ප්‍රජාපති වෙත් ගොස් ඉල්ලා සිටියේ ඕතොමෝ නසා ඕ සතු සියලු බලයන්, හැකියාවන් සහ කුසලතාවයන් ලබා ගැනීමට අවසර දෙන ලෙසයි. උතුම් ප්‍රජාපති එම ඉල්ලීම ඉවතලා පවසා සිටියේ, ඕතොමොගෙන් යම්කිසි කුසලතාවයක් ප්‍රචණ්ඩත්වයකින් තොරව බලාපොරොත්තු විය හැකි බවත්ය. ඉන්පසු දෙවියන් උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් වෙත ගොස් ඔතොමොගෙන් අග්නි දෙවියන් ආහාරද, සෝම දෙවියන් රාජකීය අධිකාරියත්, වරුණ දෙවියන් මහේශාක්‍ය අධිකාරියත්, මිත්‍ර දෙවියන් රණකාමී ශක්තිය උකහාගත් අතර ඉන්ද්‍ර දෙවියන් ශක්තියත්, බ්‍රිහස්පති දෙවියන් පුජක අධිකාරියත්, සාවිත්‍රි දෙවියන් ප්‍රභූත්වය ද,පුෂාන් දෙවියන් ශ්‍රේෂ්ටත්වයත් සරස්වතී දෙවියන් පෝෂණයත් සහ ත්වෂ්ට්රි දෙවියන් ආකාර රේඛා ද පමුණුවා ගත්තෝය. ශතපත බ්‍රාහ්මණ හි සඳහන් දේවස්ත්‍රෝත පැහැදිලි කරන ආකාරයට උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් උපතින් ගෙන සහ මුර්තිමත් කර ගත විවිධ පරාසයන්ට අයත් දක්ෂතා සහ ශක්තීන් ඇති බවයි.
තවත් ජනප්‍රවාදයකට අනුව, උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් ලෝකය නිර්මාණය වන කාලයේ පහල වූ අතර ජලය මත පාවෙමින් නෙලුම් මල් පති මත වැඩසිටි සේක; මීට අමතරව උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන්ව විවිධ ආකාරයෙන් ගෞරවයට පත් විය, එනම් රාමාගේ භාර්යාව වන සීතා ලෙසින්ද හඳුන්වනු ලබයි.

මහාභාරත වැනි හින්දු වීරකාව්‍යන්හි විස්තර කරන ආකාරයට උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් ධනයෙන්, පොහොසත් බවෙන්, අලංකාරයෙන්, සන්තෝෂයෙන්, ප්‍රසන්නභාවයෙන්, ලාලිත්‍ය හා ප්‍රසාදයෙන් සහ ශ්‍රේෂ්ඨතත්වයෙන් මුර්තිමත් වේ. තවත් පුරාවෘත්තයක්‌ වන “රාමායනය” හි විස්තර කර ඇති පරිදි දෙවියන් සහ යක්ෂයින් අතර ඇති වූ ගැටුමේදී කිරි සහිත මුහුද කැලඹි ඇත. එවිට එය යථා තත්ත්වයට පත් කිරීමට පෙන සහිත කිරි මුහුදේ වූ අනර්ඝ වස්තූන් සමග පැන නැගී ඇත. උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් අතෙහි නෙලුම් මලක් දරා සිටීම නිසා “පද්මා” යන නාමයද භාවිතා වේ.

උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන්ගේ නාමයෙහි අරුත සොයා බැලීමේදී, සංස්කෘත භාෂාවේ “ලක්ස්” (laks) යන මූලයෙහි අර්ථය “ ප්‍රත්‍යක්ෂ කරනවා, පිළිපදිනවා, දැනසිටිනවා සහ තේරුම් ගන්නවා” ලෙස වන අතර “ලක්ස” (laksa) යන මූලයෙහි අර්ථය “ අරමුණ, ඉලක්කය සහ අභිප්‍රාය” ලෙසින් වේ. මෙම මුලයන්ගේ අර්ථයන් උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන්ව මෙලෙස සංකේතවත් කරයි; තමන්ගේ අරමුණ තේරුම් ගැනීම සහ දැනගෙන සිටීමයි. මේ සමගම සම්බන්ධ පදයක් වන “ලක්සන” (laksana) යන්නෙහි අර්ථය “ සංකේතය, ඉලක්කය, පරමාර්ථය, සංඥාව, ලක්ෂණය, ගුණාත්මක බව, වාසනාවේ සංකේතය සහ මංගල (සුභ) වාරය” ලෙසින්ය.

උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් වහන්සේගේ රූප, ප්‍රතිමා සහ කැටයම් සංකේත නියෝජනය කරයි. උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන්ගේ ශ්‍රී නාමය ව්‍යුත්පන්න වී ඇත්තේ තම අරමුණ දැන සිටීම සහ අභිප්‍රායන් තේරුම් ගැනීම යන තේරුම ලබා දෙන නාම මූලයන්ගෙනි. උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මාතාවගේ අත් සතරෙන් සංකේතවත් වන්නේ හින්දු දර්ශනයට අනුව මිනිස් ජීවිතයේ ඇති සතර අරමුණුයි: ධර්ම ( ශිල්වත් සහ සදාචාර සම්පන්න දියියක්‌ පවත්වාගෙන යාම), අර්ථ (ධනය සහ ව්‍යාපාර පවත්වාගෙන යාම), කාම (ආදරය සහ භාවාත්මක සම්පුර්ණතා පවත්වා්ගෙන යාම) සහ මෝක්ෂ (ආත්ම ඥානය සහ විමුක්තියයි.)

උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන්ගේ ප්‍රතිමාශිල්ප වල ඕතොමෝ නෙලුම් මලක් මත සිටගෙන හෝ හිඳගෙන සිටීම දක්නට ඇති අතර එක් අතකින් හෝ අත් දෙකක නෙලුම් මලක් බැගින් දරා සිටීම දැකිය හැක. නෙලුම් මලක් දරා සිටීම හින්දු දර්ශනයේ සහ අනෙකුත් ඉන්දියානු සම්ප්‍රදායන්හි දැකිය හැකි සකේතාත්මක අර්ථයකි. එම සංකේතය සහශ්‍රා‌‍ර සන්දර්භයට අනුව නිරූපනය කරන්නේ යථාර්තය, විඥාණය සහ කර්මයයි (ක්‍රියාව,කර්මය) අනෙකුත් සන්දර්භයන්ට අනුව දැනුම සහ තම හැකියාවන් හඳුනා ගැනීම වේ. නෙලුම් මල පිපෙන්නේ පිරිසිදු හෝ අපිරිසිදු ජලය තුලිනි, එලෙසම එය අලංකාරය සහ පිරිසිදු බව සංකේතවත් කරයි: එය වටා ඇති හොඳ හෝ නරක නොසලකා ජලයෙන් මතුපිටට පැමිණෙන්නා සේ මෙම සංකේතය එය වටා ඇති බාධක නොතකමින් යහපතට සහ සෞභාග්‍යයට මතු විය හැකිබව මතක කර දෙයි. ඇතැම් විට උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් වහන්සේට පහතින්, පිටුපසින් හෝ දෙපසින් එක් ඇතෙකු හෝ ඇතුන් දෙදෙනෙකුත් කලාතුරකින් බකමූනෙකුත් දැකිය හැක. ඇතුන්ගෙන් සංකේතවත් කරන්නේ ක්‍රියා කිරීම, සක්‍රීයතාවය, සහ ශක්තියයි, එලෙසම ජලය, වැස්ස සහ සාරවත් බවෙහි සමෘද්ධිමත් සෞභාග්‍යයයි. බකමූණාගෙන් සංකේතවත් වන්නේ ඉවසිලිවන්තව උත්සහ දැරීමත්, ශීලයේ පිහිටා සිටීමත් සහ විශේෂයෙන්ම අඳුරු වටපිටාවක සිට දැනුම සොයා යාමත්ය. බකමූණා දිවා කාලයේ ඇස් පෙනීම දුර්වල පක්ෂියෙකු ලෙස සලකයි, ධනය සහ දැනුම ලබාගත් පසු තණ්හාව සහ ලෝභයට අන්ධ බව (එනම් තණ්හාව සහ ලෝභය අත්හරින බව) සංකේතාත්මකව මතක් කර දෙයි.

සමහර නිරූපනයන්ට අනුව උතුම් ශ්‍රී ලක්ෂ්මි දෙවමෑණියන්ගේ ශ්‍රී හස්තයෙන් පිටතට මුදල් ගලා එන අතර  උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් වහන්සේ නිරායාසයෙන් මුදල් සහිත කලසක් දරා සිටියි. මෙම සංකේතයෙන් අර්ථයන් දෙකක් පැහැදිලි කරයි: එක් අර්ථයක් වන්නේ උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන්ගේ අනුහසින් භෞතික මෙන්ම ආධ්‍යාත්මික ධනය ද ප්‍රකාශ වන බවත්, අනෙක් අර්ථය වන්නේ උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන්ගේ මුහුණ සහ විවෘත වූ දෑත් වලින් සංකේතවත් කරනුයේ  දයාව, කරුණාව, අනුකම්පාව, දීම සහ දානයයි.

උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් වහන්සේ රතු පැහැති වස්ත්‍රයකින් සැරසී සිටින අතර එය රන් වලින් අලංකාර කර තිබීම දර්ශීය වේ. මෙම සංකේත වලින් අලංකාරය සහ ධනය අර්ථවත් වේ. උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් ධනයට සහ සෞභාග්‍යයට අධිපති දේව මාතාව ලෙස ද උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන්ගේ උතුම් ස්වාමියා වන ශ්‍රී විෂ්ණු දෙවියන් මනුෂ්‍ය දිවිය යුක්තියෙන් සහ සාමයෙන් පරිපුර්ණ කරන බව ද මහජන විශ්වාසයයි. මෙම සංකේතයන් ගම්‍යමාන වන්නේ ධනය සහ සෞභාග්‍යය ජිවිතයේ යුක්තිය සහ සාමය පවත්වාගැනීම සමග බැඳී පවතින බවයි.

උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් වහන්සේව නාමයන් රාශියකින් හඳුන්වනු ලබති. එලෙසම පැරණි හින්දු ස්ත්‍රෝත සහ සුත්‍ර වල ඇති විවිධ නාමයන් ගායනා කරති. උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් වහන්සේ සමඟ ඉතා ලඟින් නෙලුම් මල බැඳී පවතී. එබැවින් උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් වහන්සේගේ බොහෝ විරුදනාමයන් සමඟ නෙලුම් මල සම්බන්ධව පවතයි. උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් වහන්සේ හඳුන්වන නාමයන් වන්නේ:
පද්මා :  නෙලුම් මලෙහි වැඩ සිටින බැවින්
කමලා : නෙලුම් මලෙහි වැඩ සිටින බැවින්
පද්මප්‍රියා :  නෙලුම් මල්වලට ඇලුම් කරන්නීය
පද්මමාලධර දේවි : නෙලුම් මල් වලින් වූ මල්දම් පළදින්නි
පද්මමුක්හි : මුහුණ නෙළුමක් ලෙසින් අලංකාර බැවින්
පද්මක්ශි : ඇස් නෙලුම් මල් ලෙසින් අලංකාර බැවින්
පද්මහස්ත : ශ්‍රී හස්තයන් (අත්)  නෙලුම් මල් හා සමාන බැවින්
පද්මසුන්දරී : නෙලුම් මලක් හා සමානව අලංකාර බැවින්
ශ්‍රී : උතුම් ලක්ෂ්මි දේවමෑණියන් වහ්සේගේ සමෘද්ධිය නිසා

මිට අමතර අන්තර්ගත නාමයන්:
ජගධීෂ්ව්රි : ලෝකය පාලනය කරන උත්තරීතර මාතාව බැවින්
විෂ්ණුප්‍රිය : උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් ස්වාමින් වන බැවින්
උල්කවාහිනී : බකමුණන්ගේ වාහනයක නැගී යන බැවින්

උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් වහන්සේ හඳුන්වන අනෙකුත් නාමයන් වන්නේ, අම්බිකා, මනුෂ්රි, චක්‍රිකා, කමලිකා, අයිශ්වර්යා, ලලිමා, ඉන්දිරා, කල්යාණි, නන්දිකා, නන්දිනී, රාජුලා, වෛශ්නවී, සමෘද්ධි, නාරායනි, භාර්ගවී, ශ්‍රීදේවි, චංචලා, ජලාජා, මාධවී, සුජාතා, ශ්‍රේයා, මහේෂ්වරී, මධු, පරමා, ජනමොදිනි, ට්‍රිපුරා, තුලසි, කේතකි, මාලති, විධ්‍යා, ට්‍රිලෝචනා, තිලෝත්තම, සුභා, චන්දිකා, දේවි, ක්‍රියාලක්ෂ්මි, වනි, ගයත්‍රී, සාවිත්‍රි, අපාරා හෙවත් අපරාජිතා, අපර්ණා, අරුණ, අඛිලා, බාලා, තාරා, පූර්ණිමා, අදිති, අනුමති, අවශ්‍යා, සීතා, තරුණි, ජ්‍යෝත්ස්නා, ජ්‍යෝති, නිමේෂිකා, අතිභා, ඉෂානි සහ ස්ම්රිති යන නාමයන්ය.

“ශක්ත උපනිශාදස්” කෘතිය වෙන්ව ඇත්තේ “ත්‍රිදේවින්ට” ය. එනම්, උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන්, උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් සහ උතුම් ශ්‍රී පාර්වතී දේවමෑණියන් වහන්සේලා උදෙසාය. “සෞභාග්‍යලක්ෂ්මි උපනිශාද්” හි උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන්ගේ ගුණාංග, ලක්ෂණ සහ බලයන් පිළිබඳව විස්තර වේ. උපනිශාද් හි දෙවන කොටසේ අවධාරණය කරන්නේ භෞතික තෘෂ්ණාවෙන් යමක් කිරීම පිණිස යෝග සහ උත්තරීතර ක්‍රියාවන්ගෙන් අධ්‍යාත්මික දැනුම සහ ආත්ම සාක්ෂාත්කරණය (self-realization) සිදු කර ගැනීම නිර්ව්‍යාජ ධනය ලෙස පෙන්වා දෙයි. සෞභාග්‍ය-ලක්ෂ්මි උපනිශාද්හි උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් වහන්සේව  “ශ්‍රී” යන නාමයෙන් හඳුන්වා ඇත.

හින්දු සම්ප්‍රදායේ විවිධ ස්ත්‍රෝත සහ සූත්‍ර උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් උදෙසා ගායනාවන් ඇත. “පුරාණ” සහ “ඉතිහාස”  ග්‍රන්ථවල උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් වහන්සේ ප්‍රධාන දේව මාතාවක් ලෙසින් හඳුන්වා ඇත. ඉන්දියාවේ ඓතිහාසික ධර්ම ග්‍රන්ථ වල සඳහන් වුයේ එකල කාන්තාවන්ට නියම කර තිබුනේ  උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් වහන්සේගේ ප්‍රතිමුර්තිය උදාහරණයකට ගෙන ජීවිතය හැඩ ගස්වාගන්න ලෙසයි.

සියලු කාන්තාවන් ඔබ වහන්සේගේ ප්‍රතිමුර්තියයි
ඔබ වහන්සේ කුඩා ගැහැණු ළමුන්ගේ ළමා අවදිය තුල වැඩ සිටියි
තරුණ ගැහැණු ළමයෙකු මෙන් ඔව්න්ගේ තරුණ අවදියේද
වයස්ගත කාන්තාවක් ලෙස ඔව්න්ගේ මහලුවියේද වැඩ සිටියි.
- ශ්‍රී කමල ස්ත්‍රෝතම්

එකල භක්තිකයන් උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් වහන්සේට පුද පූජා පවත්වා ප්‍රර්ථනා කර සිටියේ භෞතික මෙන්ම අධ්‍යාත්මික සමෘද්ධියත ලබා දෙන ලෙසය.
හින්දු සම්ප්‍රදායේ එන “පුරාණ” ග්‍රන්ථයේ උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් වහන්සේ විස්තර ඉතා විශේෂයෙන් සඳහා වේ. විෂ්ණු පුරාණයේ උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් වහන්සේ සඳහා බොහෝ අංශයන් වෙන්ව ඇති අතර උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් වහන්සේව “ශ්‍රී” යන නාමයෙන් හඳුන්වා ඇත. J.A.B. van buitenen නම් පුද්ගලයා විසින් විෂ්ණු පුරාණයේ සඳහන් පාඨයක් මෙසේ පරිවර්තනය කර ඇත: “ශ්‍රී, විෂ්ණු හට ඉතා ලැදිය, උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් වහන්සේ මේ ලෝකයේ මාතාවයි. ශ්‍රී යනු කථාවයි, ශ්‍රී විෂ්ණු යනු එහි අර්ථයයි. උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් හසුරුවයි, උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් එහි හැසිරීමයි. උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් දැනුමයි, උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් එහි ප්‍රඥාවයි. උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් ධර්මයයි, උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් වහන්සේ ධර්මිෂ්ට ක්‍රියාවයි. උතුම් ශ්‍රී ලක්ෂ්මි  දේවමෑණියන් පෘථිවියයි, උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් පෘථිවිය දරා ගෙන සිටියි. උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් සන්තුෂ්ටියයි, උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් තෘප්තියයි. උතුම් ශ්‍රී ලශ්මි දේවමෑණියන් පැතුමයි, උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් එහි අපේක්ෂාවයි. උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් අහසයි, උතුම්ම් ශ්‍රී විෂ්ණු දෙවියන් ස්වකීය සෑම දේ වෙයි. උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් සඳයි, උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් එම සඳෙහි අලංකාරයයි. උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් සාගරයයි, උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් වෙරළයි.”  “ශ්‍රී වෛකුන්ත” හි සදාකාලික නාරායන ලෙස උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් වහන්සේ තම භාර්යාවන් දෙදෙනා වන උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් (ශ්‍රී) හා උතුම් ශ්‍රී සරස්වතී දේවමෑණියන් (වාණි) අනුබද්ධව ඇති බව පැවසේ. උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් වහන්සේගේ ළය මත නේවාසික වන බැවින් උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන්ට “ශ්‍රිනිවාස” යන නාමයද භාවිත වේ.

උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන්, උතුම් ශ්‍රී පාර්වතී දේව මෑණියන් සහ උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් ඉන්දියානු සාහිත්‍යයේ විශාල සුභාෂිත, ස්මෘත පාඨ සහ උපදේශාත්මක සාහිත්‍යයට විෂය විය. ක්‍රි.පූ. 1 වන සහස්‍ර වර්ෂයේ සිට ක්‍රි.ව. 16 වන සියවස දක්වා කාලය දක්වාම නොකඩවාම කෙටි කාව්‍ය, ආප්තෝපදේශ, දෙපද කවි සහ සුත්‍රයන් සංස්කෘත භාෂාවෙන් නිවැරදි මාපකයකට අනුව ලියවී ඇත. ඔව්න් සමහර විට උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් සහ උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් අතර වූ යම් දෙබස් ගෙන වේදයන් සහ ආචාරධර්ම විධි ඉස්මතු කරන්නේ එහි අන්තර්ගත අධ්‍යාත්මික පණිවුඩයන් උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් වහන්සේ හින්දු වීර චරිතයක් ලෙස සලකමින්ය. උදාහරණයක්‌ ලෙස දකුණු ඉන්දියාවේ “වේකතාර්ය” සම්පාදනය කල සුභාෂිතයක් (ආදර්ශවත් උපදේශ ඇතුලත් ග්‍රන්ථ) වන “පුරාණර්ථසම්ග්‍රහ” කෘතියේ, උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් සහ උතුම් ශ්‍රී විෂ්ණු දෙවුයන් “නීති” (නිවැරදි දේ, සදාචාරය සහ චර්යාවන්)  සහ “රාජනිති” (විශාරද දේශපාලන ඥානය, නිවැරදි පාලනය) පිළබඳ සාකච්ඡා කිරීම් දක්වා ඇත. එය වෙළුම් 30 කින් සමන්විත අතර ආචාරධර්ම සහ සදාචාරය පිලිබඳ ප්‍රශ්න හා පෞද්ගලික, සමාජීය සහ දේශපාලන ජීවිතය පිළිබඳව ආවරණය කරයි.

නැගෙනහිර ඉන්දියාවේ උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් වහන්සේව උත්තරීතර බල සහිත දේව මාතාවක් ලෙස “දේවි” නාමයෙන් ද “දුර්ගා” සහ “ශක්ති” යන නම වලින්ද හඳුන්වන ලදී. ඉන්දියාවේ පැහැදිලි ලෙසම උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන්, උතුම් ශ්‍රී පාර්වතී දේවමෑණියන් සහ උතුම් ශ්‍රී සරස්වතී දේව මෑණියන් වහන්සේලාට පුද පූජා පවත්වති. නමුත් බටහිර බෙංගාල සහ ඔඩිෂ වැනි ප්‍රදේශ වල දුර්ගා ආකාරයෙන් සලකා විශ්වාස කරති, වන්දනා මාන කරති.

උතුම් ලක්ෂ්මි දේවමෑණියන් වහන්සේ  “භූදේවි” හා “ශ්‍රීදේවි” ලෙසින් ආකාර දෙකකි. මෙම දෙආකාරයම වෙන්කතේශ්වර හෙවත් උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ පිල්හිදීය. භුදේවි සියලුම භෞතික ලෝකය සහ ශක්තිය නියෝජනය කරති, එය මිහිමව (Mother Earth) යන අර්ථය දෙන “අපරාම් ප්‍රක්රිති” ලෙසින් හඳුන්වයි. ශ්‍රීදේවි යනු අධ්‍යාත්මික ලෝකය සහ ශක්තියයි, එය “ප්‍රක්රිති” ලෙසින් හඳුන්වයි. උතුම් ලක්ෂ්මි දේව මෑණියන් උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ ශක්තිය වේ.

බොහෝ විට දේවස්ථාන තුල උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් සහ උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් එකට දැකිය හැක. ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශ වල ලෞකික බැතිමතුන්ගේ සහ උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් වහන්සේගේ ස්වාමියනන් වන උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් අතර මැදිහත්කරු ලෙස විශේෂ භූමිකාවක් ඉටු කරති. උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන්ගෙන් බැතිමතුන් සමාව හෝ කරුණාව අයදීමේදී අතරමැදි දේවතාවක් ලෙස උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් අභියසට පැමිණෙයි. උත්තම ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් වහන්සේ ද අධ්‍යාත්මික පරිපුර්ණ මුර්තිමත් වූ අයෙකි. උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් වහන්සේ අධ්‍යාත්මික ලෝකයේ මුර්තිමත් අතර “වෛකුන්ට" ලෙසින්ද හැඳින්වේ. උතුම් ශ්‍රී ලක්ෂ්මි-නාරායන හෙවත් විෂ්ණු දෙවියන්ගේ විමානය දිව්‍යලෝකයේ ඇති “වෛශ්නාවිස්ම්” ලෙස හැඳින්වේ. උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් වහන්සේ උතුම් ශ්‍රී විෂ්ණු දෙවියනේ මැවුම් ශක්තියයි එලෙසම විශ්වය නිර්මාණය කල ප්‍රථමාරම්භ ප්‍රක්රිතියයි.

උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන්ගේ ද්විතික ප්‍රකාශවීම්(විද්‍යමාන වීම්); අෂ්ට ලක්ෂ්මි නමින් හැඳින්වෙන්නේ උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන්ගේ ද්විතික ප්‍රකාශ වීම් ඇතුලත් අටකින් යුතු  කණ්ඩායමකි. අෂ්ට ලක්ෂ්මි උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන්ගේ ධනය සහ විවිධ බලයන් අටකට මුලසුන ගනිති. උතුම් ශ්‍රී අෂ්ට ලක්ෂ්මි වෙනුවෙන් වෙන වූ දේවස්ථානයන් තමිල්නාඩු වැනි ප්‍රදේශ වලින් හමු වී ඇත. එලෙසම චෙන්නායි වලට ආසන්නයේ ඇති “අශ්ටලක්ෂ්මි කෝවිල්”වැනි බොහොමයක් ඉන්දියාව පුරා විවිධ ප්‍රාන්ත වල දැකිය හැක.
අෂ්ට ලක්ෂ්මි පහත ආකාරයට වේ:
ආදී ලක්ෂ්මි
උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන්ගේ ප්‍රථම පහල වීම.
ධාන්‍ය ලක්ෂ්මි
ධාන්‍යාගාර සමෘද්ධිය
වීර ලක්ෂ්මි
නිර්භීත සමෘද්ධිය
ගජ ලක්ෂ්මි
හස්තීන් ජලය විසුරුවීම, සශ්‍රීකත්වය, වර්ෂාව සහ අහාර ලැබීම්.
සන්තාන
අඛණ්ඩතාවය ලැබීම, පරම්පරාවේ පැවැත්ම.
විජය ලක්ෂ්මි
ජයග්‍රහණයන් ලැබීම
ඓශ්වර්ය ලක්ෂ්මි
දැනුම සහ අධ්‍යාපනයේ සම්පත් ලැබීම
ධන ලක්ෂ්මි
ධන සම්පත් ලැබීම
   
නේපාලයේ උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමැණියන් වහන්සේ මහාලක්ෂ්මි නමින් හඳුන්වන අතර අත් 16 නිරුපනය වේ. සැම අතකින්ම සුපරිශුද්ධ ලාංජනයක් දරා සිටියි. ඒ සැම එකකින්ම සුපරිශුද්ධ අදහසක් හෝ මුද්‍රාවක් නිරුපනය වේ. (නෙලුම් මලක්, කලසක්, ආශීර්වාද කරන මුද්‍රාව, පොතක්, නවගුණවැලක්, සීනුවක්, පලිහක්, දුන්නක්, ඊතලයක්, කඩුවක්, ත්‍රිශුලයක්, අනුශාසනා කරන මුද්‍රාව, තොන්ඩුවක්, හිස් මුදුනට පළඳින තොප්පියක් සහ දවුලක්) මෙම නිරුපනයෙන් විද්‍යමාන වන්නේ ශ්‍රී මහාලක්ෂ්මි දේව මෑණියන් ශාන්තව දයාබරව නෙලුම් මලක් මත වැඩ සිටින ආකාරයේ දෙවඟනක් නොව සිංහයෙකු මත සිටින බවයි.
               
සමහර ජෛන දේවස්ථාන වල උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් අර්ථ (සමෘද්ධිය) සහ කාම (සොම්නස) ලෙස වහන්සේ චිත්‍රයෙන් නිරුපනය කර ඇත. උදාහරණයක්‌ ලෙස කිලිමන්ජාරෝ කඳු වැටියේ මධ්‍ය ප්‍රදේශයේ ඇති ජෛන දේවස්ථානයක උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් වහන්සේ උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් සමඟ “පර්ශවනාථ” හි වැඩ සිටිනු නිරූපනය කර ඇත. එහි උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් වහන්සේ උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ ළයට තද වී සිටිනු දැකිය හැක. කිලිමන්ජාරෝ හි හින්දු දේවස්ථාන අසල සාදා ඇති ජෛන දේවස්ථාන අභියස විෂ්ණු-ලක්ෂ්මි මුර්තිශිප දැකිය හැක. මෙය ඉන්දියාව පුරා සිටින සියලු ජාතින් වල ජනයාට උතුම් ශ්‍රී ලක්ෂ්මි දේවමෑණියන් පිළිගත හැකි බව යෝජනා කරයි. මෙම පොදු සිදුවීම උතුම් ශ්‍රී ලක්ෂ්මි දේව මෑණියන් වහසේට ප්‍රශංසනීය ලෙස ජෛන පාඨයක් වන කල්ප සුත්‍රයෙහි මෙනෙහි කර තිබේ.

උපුටා ගැනීම - ශ්‍රී ස්වර්ණ දෙවි දේවතාවන්