විෂ්ණු දෙවියෝ


මම කාරුණික බවේත්, ධාර්මික බවේත් මූර්තියයි. අපි දෙවිවරුන් වෙමු. මිනිසුන්, අසුරයින් හෝ තිරිසනුන් මෙන් කෝපවීමත්, පළිගැනීමත් අපට සුදුසු නොවේ. මම මතුබුදුබව පතමි.

සුවඳක්‌ දසත හමාගියේ පිච්ච මල්වලින් නිකුත්වන්නාක්‌ මෙනි. බැලු බැලු අත සෞභාග්‍යය ඉතිර පැතිර යයි. කිසිවෙකු තුළ සතුට පහවී නොතිබිණ. සාමය සමගිය, සෞභාග්‍යය, සමෘධිය අලංකාරය ධනය මුතු මැණික්‌ සිත් පහන් කළේය. නෙත්a හා සිත් පිනවූ මඳඑළිය, මඳ පවන, පරිසරය තවත් අලංකාර කළේය. අනේක විධ රශ්මින් නිකුත් වූයේ අමිල වූ මාණික්‍යවලින් හා රත්තරනින් පිරුණු ආසන, ඔටුණු, ධජ, සේසත් හා ස්‌වර්ණාභරණවලිනි.

මේ මිනිස්‌ ලොව නොවේ. මහා පුණ්‍ය ශක්‌තියකින් දෙව්ලොව පහළ වූ ශ්‍රී විෂ්ණු දෙවි`දුන්ගේ වාසභවනයි. එය නමින් වෛකු=ණ්‌ඨය විය.

ධාර්මික වූද, කාරුණික වූ ද, තේජවත්ත වූ ද ශ්‍රී විෂ්ණු දෙවි`දුන් සම`ග ශ්‍රී ලක්‍ෂ්මි දෙව`ගනද වූහ. ඕ ආත්ම ගණනාවක්‌ පුරා විෂ්ණු දෙවි`දුන්ගේ ප්‍රියම්භිකාවයි. මුදා හැර තිබූ නීලවර්ණ කේෂ කලාපය, කොළපාට හැට්‌ටය, රක්‌තවර්ණ සළුව, රතු සහ නිල් මැණික්‌ වලින් අලංකෘත රන් ඔටුන්න ඕ තොමෝ ඒ සියලු දිව්‍යාංගනාවන් අතර අගතැන් බව පසක්‌ කළාය.

අන් දෙවියෝද, දිව්‍යාංගනාවෝ ද දෙව්ලොව සැප වචනයෙන් කිවනොහැකි බව පසක්‌ කරන්නාහු ඔබ මොබ ගියහ. ආහාර ද වස්‌ත්‍රද විමානද පෙර පිනටම පහළ වී තිබුණහ.

වෛකුණ්‌ඨය සැනෙකින් ආලෝකවත් කරමින් මිනිස්‌ රූපයක්‌ පහළවිය. කෂාය වස්‌ත්‍රයෙන් ද ප්‍රඥාසම්පන්න මුහුණකින් ද සුදෝසුදු කෙස්‌ කලඹ හිස්‌ මුදුනට බැඳ තිබූ මිනිස්‌ රුව දුටු අන් දෙවියෝ පසකට විය. ලක්‍ෂමී දෙව`ගනගේ මදහස ලත් මුවින් නිකුත් වූයේ.

''මහා සෘෂි භෘගු උතුමන් නොවේ ද ?'' යන්නයි.

''සත්තකින්ම, මනුෂ්‍ය ලෝකයේ මහානුභාවසම්පන්න ඉසිවරයාණන් භෘගු උතුමන් තමා...''

කියමින් ශ්‍රී විෂ්ණු දෙවියෝ නැගී සිටියදී ලක්‍ෂ්මිය ද එය අනුගමනය කළාය. 

ගතවූයේ නිමේෂයකි. කිසිවෙකු නොසිතූ ලෙස මහාර්ෂි භෘගු , ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ගේ පපුවට පා පහරක්‌ එල්ල කළේය. මුළු දෙව්ලොවම කම්පා වූවා මෙනි. ලක්‍ෂමිය සසල වූවාය. එහෙත් මතු බුදුවන පතන ශ්‍රී විෂ්ණු දෙවියෝ භෘගු සෘෂින් අමතා මෙසේ කීහ.

''අහෝ සෘෂිවරයාණෙනි. ඔබේ පාද මගේ ශක්‌තිමත් ලයේ වැදුනා නේද? ඔබතුමන් මෙහි පැමිණි කාරණය මම දනිමි. කාරුණික බවේත්, ධාර්මික බවේත්, මුර්තිය ශ්‍රී විෂ්ණු දෙවිඳුන් බව ඔබ පසක්‌ කර ගත්තා නේද?"

තමා සසර පුරා ප්‍රේමකළ ශ්‍රී විෂ්ණුන්ට කළ මේ අවමානය ගැන ලක්‍ෂ්මි කම්පාවට පත්ව සිටියාය. එතුමා මේ කියන්නේ කුමක්‌ ද? කෙතරම් වේද වේදාංග වල පරතෙරට ගියත් මේ නිර්ලඡ්ජී භෘගුනම් බ්‍රාහ්මණයාට ද`ඩුවම් නොකරන්නේ මන්දැයි ඇය වික්‍ෂිප්ත වූවාය. සියලු දෙවිවරුන්ගේ අදහස එයම විය.

වෛකුණ්‌ඨය මදකට නිසල විය. භෘගු සෘෂිවරයා කතා කළේය. 

''අහෝ...කාරුණිකවූත් ධාර්මික වූත් දෙවි`දුණි. මට සමාවුව මැනවි. සෞභාග්‍යයේ දෙව`ගන ලක්‍ෂ්මී මැණියනි මට සමාවුව මැනවි. මම ලෝකයේ ලොකුම බලවතා සෙවීමට යොදවන ලද්දෙමි.

''ලොකුම බලවතා සොයන්නේ මෙහෙමදැයි ?'' ලක්‍ෂ්මී විචාලය.

දෙව්වරුනි, මනුලොව නාරද නම් මහාසෘෂිවරයා සම`ග අපි පූජාවක්‌ සූදානම් කළේ ඔබලාටය.

අපි සැම විටම ශ්‍රී විෂ්ණු, මහේෂ්වර මහාබ්‍රහ්ම යන ත්‍රිමුර්තියට පූජා තබමු. අපි ගයන ගයාත්‍රී මහා මන්ත්‍රය ඇතුළු බොහෝ මන්ත්‍ර ආරම්භ වන්නේ ''ඕං'' අක්‍ෂරයෙනි. ඒ ඔබ ත්‍රිමුර්තියට නමස්‌කාර වේවා යන්නයි. ඉතිං නාරද සෘෂි වරයා මේ තිදෙනාගෙන් වඩාත් බලවතා සෙවීම මට භාරකළේය.

''එය මම දැනගතිමි. ඒත් මේ දෙවිවරුන්ටත් ඇහෙන්න කියවන්න'' යෑයි ශ්‍රී විෂ්ණු දෙවියෝ පැවසූහ.

''මම පළමුව මහා බ්‍රහ්ම වෙත ගියෙමි. ඔහු සරස්‌වතිගේ වීනා නාදය අසමින් සිටියේය. මගේ පැමිණීම ගැන සැලකුවේ නැත. ඔහු අහංකාර යෑයි මම සිතමි. මම කළකිරුනෙමි. බලවතා බ්‍රහ්ම විය නොහැකිය.''

ඉතිං..ඉතිං

''ඉන් පසුව මම ඊශ්වර දෙවිඳුන් වාසය කරන මේරූ පර්වතය වෙත ගියෙමි. මා යන විට ඊශ්වර දෙවියෝ බිරිඳ පාර්වතීත් සම`ග නර්තනයක යෙදී සිටියාය. මගේ පැමිණීම සැලකූ බවක්‌ නොදුටිමි. මම පාර්වතියට කතා කළෙමි. ඇය නර්තනය නතර කළාය. මෙයින් ඊශ්වර කෝපවී මා එළවා ගත්තේය'' අවසානයේ මම ඔබ වෙත පැමිණියෙමි. සිදු වූ දේ ඔබ දනී. නැවතත් මම ඔබෙන් සමාව අයදිමි. ත්‍රිමුර්තියෙන් වඩා බලවත් ධාර්මික බවේ රජු ඔබම බව මම වටහා ගතිමි. මනුලොව වෙසෙන නාරද ඇතුළු සියලුම ඉසිවරුන්ට එය පවසමි. මම සමුගනිමි. නැවතත් සමාව අයදිමි. කියමින් භෘගු සෘෂි තෙමේ අතුරුදන් විය.

"අහෝ.. මම මෙතරම් නින්දාවක්‌ කිසිදාක වි`ද නැත්තෙමි. ඒ අහංකාර බමුණාට ඔබ කළේ කවර නිවටකමක්‌ද? ඔහුට ද`ඩුවම් නොකළේ මන්ද? '' කියමින් ලක්‍ෂ්මී හඩා වැටෙන්නට විය.''ඔහුට ද`ඩුවම් කරණු මැනවි.'' දසතින්ම දෙවියෝ හ`ඩනැ`ගුහ.

"ලක්‍ෂ්මී... මම කාරුණික බවේත්, ධාර්මික බවේත් මූර්තියයි. අපි දෙවිවරුන් වෙමු. මිනිසුන්, අසුරයින් හෝ තිරිසනුන් මෙන් කෝපවීමත්, පළිගැනීමත් අපට සුදුසු නොවේ. මම මතුබුදුබව පතමි.'' මට දරාගත නොහැකියි. ලක්‍ෂ්මි පිළිවදන් දුන්නාය. ''මම ආත්ම ගණනාවක්‌ ඔබේ ප්‍රියම්බිකාව වූයෙමි. අහෝ ස්‌වාමිනි ඔබ මහා භාරතයේ රාම වූ කල මම සීතා වූයෙමි. ඔබ ක්‍රිෂ්ණා වූ කාලයේ මම රාධා වීමි. ඔබ විෂ්ණු වූ විට මම ලක්‍ෂ්මි වීමි. ඔබ බුදු පදවිය ලබන ආත්මය තෙක්‌ මම ඔබ මගේ ආදරබර සැමියා වේවායි පතමි. එහෙත්..එහෙත්.. ස්‌වාමීනි..'' මම භෘගුට පමණක්‌ නොව සියලුම බමුණන්ට ශාප කරමි. ඔව්, මෙසේ ශාප කරමි. බ්‍රාහ්මණයින්ගේ ජීවිකාව වන්නේ වේදයයි. ශිල්ප ශාස්‌ත්‍ර වලින් ඔවුහු ජීවනෝපාය සරිකර ගනිති. මින් මතුවට ශිල්ප ශාස්‌ත්‍ර වෙනුවෙන් ධනය ඉල්ලන බමුණන්ට එය නොලැබේවි. ධනය එවැන්නන්ගෙන් පළා යනවා ඇත. යම් බමුණෙක්‌ අන් අයගේ යහපතට කාරුණිකව කරන ශාස්‌ත්‍රය සේවාවට මුදල් නොඉල්ලයි ද ඔවුන්ට ධනය ලැබේවි...මේ මගේ ශාපයයි.'' මෙසේ කියූ ලක්‍ෂ්මී ශෝකයෙන් මුත් විෂ්ණු දෙවියන්ගේ වෛකුණ්‌ඨයෙන් චුතව පද්මාවතී නමින් ඉන්දියාවේ නැවත පහළ විය. ලක්‍ෂ්මීගෙන් හිස්‌වූ වෛකුණ්‌ඨයේ තිබූ සෞභාග්‍යය පිරිහී ගියේය. අනතුරුව විෂ්ණු දෙවියෝද ඇය කරා පැමිණ එක්‌වූ බවත් දැනට ඉන්දියාවේ ''තිරුපති'' කෝවිලේ සිට බැතිමතුන්ට සෙත සලසන බවත් සැලකේ.

අප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයෙහි වැඩ සිටිමින් ලංකාව ආරක්‍ෂා කිරීම සක්‌ දෙවි`දුන් වෙත පැවරූ බවත්, සක්‌ දෙවි`දුන් එය සතරවරම් දෙවියන්ට පැවරූ බවත් අනතුරුව සතරවරම් දෙවියන් මේ වගකීම උත්පලවර්ණ හෙවත් ශ්‍රී විෂ්ණු දෙවියන්ට පැවරූ බවත්, වංශකතාවල සඳහන්වේ. ශ්‍රී ලංකාවේ බොහෝ පළාත්වල ශ්‍රී විෂ්ණු දෙවියන් උදෙසා දේවාල ඉදිකර තිබේ.

ජ්‍යෙdතිෂයට ද ශ්‍රී විෂ්ණු දෙවි`දුන්ගේ අශිර්වාදය ඇතිබව පරාශර මහාසෘෂින් තම ශිෂ්‍ය මෛත්‍රීට මෙසේ පවසා ඇත. 

''නිල් වස්‌ත්‍ර දරන්නාවූත් පංචායුධ දරන්නාවූත් ශ්‍රී විෂ්ණු දෙවියන්ට නමස්‌කාර කරව..''

මේ අනුව විෂ්ණු දෙවියන්ගේ නම් දහසක්‌ ඇතුළත් විෂ්ණු සහශ්‍රනාම ස්‌තොත්‍රය ගායනා කිරීමෙන් වීර්යය, තේජස, බලය, රූපය හා ගුණය ද වර්ධනය වන බව දක්‌වා තිබේ.

ධනයට අධිපති යෑයි දක්‌වන්නේ ලක්‍ෂ්මී දෙව`ගනයි. ලක්‍ෂ්මී දෙවගන වෙනුවෙන් මහා ලක්‍ෂ්මී අෂ්ටක ස්‌තෝත්‍රය යෑයි ස්‌ත්‍රොaත්‍රයක්‌ ඇති අතර මෙය කියවීමෙන් බොහෝ ධනය ලැබෙන බව කියවේ.

ජ්‍යෙdaතිෂය හුදු ගණිත ක්‍රමක්‌යක්‌ම නොව ජ්‍යෙdaතිර්වේදියාගේ අන්තර් ඥානය තුලින් විකසිත වන ගුප්ත ශාස්‌ත්‍රයකි. ඊට ගුණගරුක බවත් දේවාශීර්වාදයත් අවශ්‍ය වේ. ශ්‍රී විෂ්ණු දෙවියන් හා ලක්‍ෂ්මි දෙව`ගන මෙහිදී ප්‍රමුඛ බව නොකිවමනාය.

මෙහිදී ලක්‍ෂ්මිය සියලු බ්‍රාහ්මණයින් වෙනුවෙන් කරන ලද ශාපය ද අමතක කළ යුතු නොවේ. එනම් වේද ශිල්ප ශාස්‌ත්‍ර උදෙසා මුදල් ඉල්ලීම නොකළ යුතු බවයි. එසේ කරන්නා ධනවත් බවට නොපැමිණේa යෑයි ලක්‍ෂ්මී ගේ කියමන අනුව, බ්‍රාහ්මණයන්ට අයත් ශාස්‌ත්‍ර ජ්‍යෙdaතිෂය, ශාන්ති කර්ම, උදෙසා මෙපමණ මුදලක්‌ අවශ්‍ය යෑයි මුදල්වලට පළමුතැන දෙන්නා කෙරෙන් ශාස්‌ත්‍රයද ධනය ද පලා යනවා ඇත. යන්ත්‍ර මන්ත්‍ර. තන්ත්‍ර ජ්‍යෙdaතිෂය, ශාන්ති කර්ම සියල්ල අන් අයගේ යහපත තකා කාරුණිකව ඉටුකරන්නා වෙත පමණක්‌ ධනය ලැබීමද ශාස්‌ත්‍රය පිහිටීමද ලක්‍ෂ්මීගේ අභිමතයයි.

ජ්‍යෙdaතිෂ්ශාස්‌ත්‍රයට ශ්‍රී විෂ්ණු දෙවි`දුන්ගේ සහ ලක්‍ෂ්මී දෙව`ගනගේ ඇති සබ`දතාවත් මේ දෙවිවරුන් කවුරුද යන්නත් මේ කතාව තුලින් වටහාගත හැකිවේ. කරුණු මෙසේ තිබියදී ජන්ම පත්‍ර පරීක්‍ෂා කිරීම, ශුභ නැකත් සැදීම වැනි ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රිය කටයුතු කරන විට විෂ්ණු දෙවි`දුන් හා ලක්‍ෂ්මී මෑණියන් උදෙසා පුද පූජා තැබීමත්, දාන, ශීල, භාවනා වල යෙදී පින් දීමත් දේවාශිර්වාදය ලැබීමට හේතු වනවා ඇත.

ශ්‍රී විෂ්ණු දෙවියන් පිළිබ`ද කියවෙන් ස්‌ත්‍රොaත්‍රයකි මේ.

ශංඛාධර දක්‍ෂිණස්‌ථ වාම හස්‌ත චක්‍රම්

ගංගාධර ප්‍රියංගනා භාතෘ දෙව රාඥම්

ශාරීක නීලාංජන වර්ණජ්‍යෙdති වර්ණම්

ප්‍රණමාමිත විෂ්ණු දේව ශාන්ති දාන නිත්‍යම්

ශ්‍රී ලක්‍ෂමී මෑණියන් පිළිබ`ද කියවෙන ස්‌තෝත්‍රයකි මේ.

බෙ`ද් ඉසුණු පෙති ගෝමර දෑලට

සෙ`ද් ඇන්ද ලපයේ දිසි පෑයට

විෙ`ද් පහස නැත රකින සීලෙට

ළෙ`ද් වඩින් සිරිකත මල් අසුනට

එහෙත් මේ සේවාවන්ට මෙපමණ මුදලක්‌ අයකරනවා යනුවෙන් මුදල් සෙවීම ප්‍රධාන ෙච්තනාව කරගත් කෙනකුට මෙම ශාස්‌ත්‍රවල යෙදීම නිසා ඇතිවන භයානක ඉරණම එවැන්නක්‌ දෙස කාලයක්‌ තිස්‌සේ බලා සිටීමෙන්ම අවබෝධ කරගත හැකිවේ. මානව දයාව පෙරදැරිකර ගත් ශාස්‌ත්‍රඥයකුට පමණක්‌ ශ්‍රී විෂ්ණු /ලක්‍ෂ්මී දෙවිවරුන්ගේ ආශිර්වාදය ලැබෙනු ඇති බව අවසාන වශයෙන් ප්‍රකාශ කරමු. 

කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්
www.divaina.com