සුබ ඵල උදාකරන මහා බලගතු විෂ්ණු පංජරය


ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවගේ අප්‍රමාණවූ ගෞරවයටත් වන්දනාමානයටත් පාත්‍ර වී ඇති ශ්‍රී විෂ්ණු දෙවියන් වූ කලී ශ්‍රී ලංකාද්වීපයත් සම්බුද්ධ ශාසනයත් සුරක්‍ෂිත කිරීමේ අති උදාරතර කර්තව්‍යයට උරදෙමින් ශ්‍රී ලාංකීය ජනතාවගේ සියලු දුක්‌ඛ දොaමනස්‌සයන් නිවාරණය කරමින් සර්ව සෞභාග්‍යය උදාකර දෙන්නාවූ සුවිශේෂී දේවාත්මයකි.

පිරිනිවන් පෑමට සුදුසු කාලය එළඹ ඇති බව තීරණය කළ බුදුරජාණන් වහන්සේ කුසිනාරානුවර මල්ලව රජදරුවන්ගේ ශාල වනෝද්‍යානයේ පිරිනිවන් මංචකයට වැඩමකොට එහි පැමිණි ශක්‍ර දේවේන්ද්‍රයා අමතා ශ්‍රී ලංකාද්වීපයත් සම්බුද්ධ ශාසනයත් සුරැකීමේ අතිඋතුම් කර්තව්‍යය ශ්‍රී විෂ්ණු දෙවියන්ට භාරකළ පුවත මහාවංශයෙහි සඳහන්ය.

බුදුරජාණන් වහන්සේගෙන් දහම් ඇසීමට යොමුවී සිටි උන්වහන්සේ අප ලංකාද්වීපය ආරක්‍ෂා කරනු පිණිසම විජය රජුගේ ආගමනයත් සමඟ මෙරටට පැමිණි බව ඉතිහාසයේ බොහෝ කතාවල සඳහන් අතර භාරතීය දෙවි කෙනෙකු වුවද අද වනවිට අප රටේ සිංහල බෞද්ධ ජනතාව ශ්‍රී විෂ්ණු දෙවියන් ලාංකීය බෞද්ධ දෙවි කෙනෙකු ලෙස සලකා උන්වහන්සේ වන්දනා මානයට ලක්‌ කරති.

ඒ අන් කිසිදු කාරණාවක්‌ නිසාවත් නොව සකල ලෝකවාසීන්ගේ සියලු දුක්‌කරදර නසා සර්ව සෞභාග්‍යයත් මානසික සහනයත් අසුරු සැණින් ලබාදීමේ ශ්‍රී විෂ්ණු දෙවියන් සතු මාහැඟි බලය නිසාමය.

එවන් වූ සුවිශේෂී බලයකින් හෙබි ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ පිහිට ආරක්‍ෂාව ඔබටම නිරතුරුවම ළඟාකර ගත හැකි අතර ඒ සඳහා යොමුවන ඕනෑම අයෙකුට දිව්‍ය අක්‍ෂර යොදා ගණ පිහිටුවා අපේ පැරණි ධ්‍යාන බලලාභී යෝගීතුමන්ලා විසින් රචනා කර ඇති බලගතු ශ්‍රී විෂ්ණු පංජරය නිසි ඇවතුම් පැවතුම් වලට අනුව භාවිත කිරීමෙන් බලාපොරොත්තු වන්නාවූ සුබඵල උදා කරගත හැකිය.

යහපත් කටයුතු සඳහා පමණක්‌ භාවිතා කළයුතු මෙය භාවිතා කරන ඕනෑම ස්‌ථානයක්‌ ඉතා හොඳින් ශුද්ධ පවිත්‍ර කොට කහ දියර ඉස මස්‌ මාංස අනුභවයෙන් තොරව කිළිකුණු දොaෂවලින් වැළකී මල් පහන් සුවඳදුම් පූජාකර ශ්‍රී විෂ්ණු දෙවියන්ට ආරාධනා කර වැඳනමස්‌කාර කිරීමෙන් පසුව ගායනා කිරීම නිවැරදි ක්‍රමය වේ.

පැරණි සෘෂිවරුන් රාජ රාජ මහාමාත්‍යාදීන් පවා භාවිත කර විශිෂ්ට ප්‍රතිඵල උදාකරගෙන ඇති බවට ඉතිහාසයේ බොහෝ සාක්‍ෂි ඇති අතර මෙම බලසම්පන්න ශ්‍රී විෂ්ණු ජිනපංජරය උදේ සවස භාවිත කිරීමෙන් නිවෙස්‌වල මෙන්ම ව්‍යාපාරික ස්‌ථානවල පවතින්නා වූ සියලුම අමනුෂ්‍ය දොaෂ පමණක්‌ නොව ඇස්‌වහ කටවහ අඬෝවැඩියා ඇතුළු සියලු වස්‌ දොස්‌ දුරුවී ශ්‍රියාව සෞභාග්‍යය වැඩී දියුණුවෙන් දියුණුවම හිමිවන්නේය.

ශ්‍රී විෂ්ණු පංජරය

ශ්‍රී විෂ්ණු පංජරං දිව්‍යං - සර්ව රෝග නිවාරණං

උග්‍රතේජං මහා වීර්යයං - සර්ව ශාස්‌තා නිකෘත්තනම්

ත්‍රිපුරං දාහ මානස්‍ය - හරස්‍ය බ්‍රහ්මණොදිතම්

තද හංසං ප්‍රචCෂ්‍යාමි - ආත්ම රක්‍ෂාකරං නෘතාමි

පාදො රක්‍ෂතු ගෝවින්දොa - ජංසෙ චෛවති වික්‍රමං

ඌරු මේ කේසවඃ පාතු - කටිං චෛව ජනාර්ධිනඃ

නාහි වෛචා ච්‍යqතඃ පාතු - ශුභ්‍යං චෛවතු වාමතඃ

උදාරං පද්ම නාභශ්ව - පෘෂ්ඨං චෛවතු මාධවං

වාම පාර්ශ්වං තථා විෂ්ණු - දක්‍ෂිණං මධු සුදනං

බාහුං වාසු දේවස්‍ය - හෘද් දාමෝදරඃ තථා

කණ්‌ඩං රක්‍ෂතු වාරාහඃ - කෘෂ්ණශ්ව මුඛ මණ්‌ඩලං

මාධවා කර්ණ මූලේතු - භෘෂි කෙෂශ්ව නිසිකෙ

නෙත්‍රෙ නාරායනේ රක්‍ෂ - ලලාටං ගරුඬද්වජම්

කපොලො කෙෂ චෞ රක්‌ෂද් - වෛකුණ්‌ඨං සර්ව තොදිෂම්

ශ්‍රී වතස්‍යාං කශ්ව සංවර්ශා - මŒගානං රක්‍ෂතො භවෙත්

පූර්වසසං පුණ්‌ඩරී තාක්‍ෂ - ආග්ෙන්‍යාං ශ්‍රී ධරස්‌ථතා

දක්‍ෂිණෙ නෘසිංහශ්ව - නෛසෘත්‍යං මාධවො චතු

පුරුෂොත්තමො මෙවණ්‍යාං - වාය ව්‍යාංච ජනාර්ධිනඃ

ආපදොa හරතෙ නිත්‍යං - විෂ්ණු ස්‌තොත්‍රාර්ථ සම්පදා

යස්‌ත්විදං පඨතෙ ස්‌තොත්‍රං - විෂ්ණු පංජර මුත්තමං