ඔක්තෝම්බර් 26 වනදා දක්වා කාලය සුබදායක නැත.


ඔක්තෝම්බර් 26 වනදා දක්වා සමස්ත ලෝකයටත් , ලෝ වැසියන් සියලු දෙනාටත් , ශ්‍රී ලාංකිකයන්ටත් ගෙවෙමින් ඇති ග්‍රහ තත්වය යහපත් නොවේ.කුජ සහ රාහු ග්‍රහයන් අගෝස්තු 27 වනදා දක්වා  කටක රාශියේ ගමන් කරමින් කුජ චණ්ඩාල යෝගය උදාකරන අතර අගෝස්තු 22 වනදා සිකුරු ග්‍රහයාද කටක රාශිගතවීමත් සමග මේ දක්වා පැවති තරමක් සහනදායී බවද දුරස්ව යනු ඇත.රවි සිංහ රාශියේ ගමන් කලද සිංහ රාශිය තුලම බුධ ග්‍රහයා වක්‍රවීමක සිටීම මත එම රවිගේ බලවත්වීමද දුර්වලවීමකට ලක්වේ.සෙනසුරු වෘශ්චික රාශියේ වක්‍රවෙමින් පවතී.මෙම ග්‍රහ තත්වයන් සමස්ත සියලුම දෙනාට අයහපත් ප්‍රතිඵල ඇතිකරවයි.

කාලගුණ දේශගුණික තත්වයන් වෙනසකට ලක්වේ.නියගය අවසන් කරමින් උතුරු සහ දකුණ හම්බන්තොට ආදී ප්‍රදේශයන්ට වැසි ඇතිවිය හැකි අතර එය ජල ගැලීම් තත්වයන් ඇතිවනු ඇත.නියගයෙන් පීඩා විදි ජනයාට ගංවතුර හේතුවෙන් නැවත පීඩා මතුවීම සිදුවෙයි.ගිණි ගැනීම් වාර්ථාවිය හැකි අතර ගිණි පැතිරයාම් සිදුවෙයි.සුලගේ වේගය වැඩිවේ.මාරාන්තික හදිසි අනතුරු සිදුවනවා ඇත.රිය අනතුරු සහ සිදුවන හදිසි අනතුරු හේතුවෙන් එයට ලක්වන්නා බරපතල ලෙස හානියට ලක්වේ.ස්නායු හානි මෙන්ම අදික ලේ ගැලීම් සිදුවේ.කාලයක් එක්තැන්ව සිටීමට සිදුවිය හැකියි.එමෙන්ම නැවත බෝවන සහ පැතිරෙන රෝග තත්වයන් වර්ධනයවෙයි.වකුගඩු ආබාධයන් වර්ධනය වනවා ඇත.මුත්‍රා දෝශයන්ගෙන් සහ උෂ්ණ රෝගයන්ගෙන් පීඩා ඇතිවෙයි.වස විස භාවිතාවන කර්මාන්ත ශාලාවලදී විස පැතිරීම් සිදුවිය හැකි අතර ජලයටත් වායුවටත් විස මුසුවීම් සිදුවනු ඇත.

අගෝස්තු 27 වනදායින් ඉදිරියට මෙරට දේශපාලණික සහ අධ්‍යාපණික අංශයන්ගේ නැවත කැලබීමක් ඇතිවේ.මෙරට ප්‍රධාන පෙළේ දේශපාලකයෙකුට හෝ පිළිගත් ප්‍රධානියෙකු සම්බන්ධව හෝ අධ්‍යාපණික , මුදල් අංශය නියෝජනය කරන්නෙකු සම්බන්ධව මාරක අපල යෙදේ.ගත්කතුවරයෙකු පුවත්පත් ලේඛකයෙකු සම්බන්ධව මරණයක් සිදුවිය හැකිය.එමෙන්ම අධ්‍යාපණික අංශය දැනට පවතිනවාට වඩා බිදවැටීමක් සිදුවිය හැකිය.දැනට පවතින ශිෂ්‍ය ව්‍යාපාර දරුණු ලෙස මර්ධනය වීමක් සිදුවනවා ඇත.රාජ්‍ය මර්ධනය ඇතිවේ.නීතිය ඒ ඒ අයගේ අවශ්‍යතා මත හැසිරේ.පාලකයාගේ සිතුවිලි සාධාරණ නොවනු ඇත.කෝපය සමග ඉවසීම් අඩුව රාජ්‍යත් නීතියත් ක්‍රියාත්මක වනු ඇත.ජනතාව සියලු අංශයන්ගෙන් පීඩනයට ලක්වන අතර පාලනයත් පාලකයාත් පක්ෂ බේධයෙන් තොරව ප්‍රතික්ෂේප වීම සිදුවෙයි.

ගෘහ ජීවිත ගතකිරීමේදී ද සියලු දෙනා ඉවසීමෙන් කටයුතු කල යුතුය.නිවසේ පැවති සාමකාමී බව දුරස්ව නොයෙක් ආකාරයෙන් මානසික පීඩා මතුවෙයි.ඉවසීම අඩුවන අතර හදිසිය කලබලය , අනෙකා නොයිවසන බව නිවස තුල මතුවේ.අඹුසැමියන් අතර මතබේධ දුරස්වීම් සිදුවිය හැකිය.දරුවන්ගේ ඉගෙනීම් කටයුතු මගහැරීමටත් ක්‍රිඩා හා භාහිර කටයුතු සදහා යොමුවීම් සිදුවේ.දරුවන් අසනීප වීම හෝ දරුවන් සම්බන්ධව වෙනත් ආකාරයේ ගැටලු ඇතිවීම සිදුවිය හැකිය.එමෙන්ම ප්‍රේම සබදතා වෙනසකට ලක්විය හැකි අතර ස්තාවර සබදතාවයන් තුල පවා ගැටලු ඇතිවේ.පුද්ගලයන්ගේ කාම රාගී ගති වර්ධනය වන කාලයකි.මත්පැන් අදික ලෙස විකිනීම සිදුවෙයි.තරුණයන් මත්පැණටත් , මත්ද්‍රව්‍යන්ටත් වැඩි වශයෙන් යොමුවේ.ලැගුම් හල් පිරී යයි.ඒ තුල වයසින් බාල දැරියන් වැඩි වශයෙන් සිටිනු ඇත.රැවටීමට සහ පෙළබවීමට ලක්වනු ඇත.දෙමාපියන් ගැහැණු දරුවන් සම්බන්ධව විශේෂයෙන් සැලකිලිමත්විය යුතුවේ.ජනතාව ආගම දහම කෙරෙන් දුරස්වීමක් සිදුවන අතර ඒ සදහා කාලයක්ද නොවනවා ඇත.පාපය වර්ධනය වෙයි.මානසික රෝග පීඩා ආදිය පවතින අය තුල එම තත්වයන් වර්ධනය වීම සිදුවිය හැකිය.අතුරුදහන් වීම් අසන්නට ලැබෙනවා ඇත.සංචාරක ගමන් බහුල විය හැකි අතර ඒ සියල්ල තුලදී ප්‍රවේසම් වීම වැදගත්ය.වාහනයේ වේගය පාලනය පිලිබදව වැඩි අවධානයක් පැවතිය යුතු අතර කට වචනය සහ සිතුවිලි නිසි පාලනයක තබාගත යුතුට.මෙම විපත් සහිත අයහපත් කාලය ඔක්තෝම්බර් 26 වනදා පමණ දක්වාම පවතී.

සියලුදෙනාම ඉතා බුද්ධිමත්ව ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම ඉතා වැදගත්වේ.

දැනට ...

පුවත් - නෙත් පුවත් - nethnews.lk



































sathiye lagna palapala.අපල යෙදෙන මහදසා සහ අතුරු දසාවන් : Hadahana Lanka Astrological Services in Srilanka : Horoscope reading service in Sri Lanka : Horoscope Matching : ජනක පී කුමාර : හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය
ජනක පී කුමාර
හදහන ලංකා ජ්‍යෙතිෂය සේවය

Post a Comment

0 Comments