රාහු කේතු මාරුව 2017

රාහු කේතු මාරුව 2017

2017 අගෝස්තු 18 වනදා රාහු සහ කේතු ග්‍රහයන් පිළිවෙලින් කටක සහ මකර රාශි ගතවීම ලෝකයටත් රටටත් එතරම් සුබදායක නොවේ.වසර එකහමාරක් පුරා කටකයේත් මකරයේත් ගමන් ගන්නා රාහු සහ කේතු යන ඡායා ග්‍රහයන්  2019 මාර්තු මස 07  වනදා දක්වා එම රාශි තුල ග්‍රහ චාරයේ යෙදෙනවා ඇත.ලෝකය තුල සුලි කුණාටු මුහුදු ආශ්‍රිතව ඇතිවන අතර නාවික ගමනා ගමනයේ බාධා ගැටලු ඇතිවේ.නෞකා හානි හෝ අතුරු දහන් වීම් සිදුවේ.මුහුදු ත්‍රස්තවාදය වර්ධනයවෙයි.ත්‍රස්තවාදීන් ජලය සහ වායුව අවියක් කරගත හැකිය.ලෝක මුස්ලිම් ත්‍රස්තවාදය වේගවත් පැතිරීමක් සිදුවේ.ශ්‍රී ලංකාව තුලද දෙශපාලණික වශයෙන් බල පෙරළි ඇතිවේ.2014 ජුලි මාසයේ සිදුවූ රාහු කේතු මාරුව සමග එවකට රාජ්‍ය පාලන අංශයේ ඇතිවූ පිරිහීම් සහිත වෙනස්කම් සමග , බලය ලබාගත් නව පාලකයන් හට , සිය බලයේ  ශක්තියේ විශේෂ වේගවත් පිරිහීමක් මෙවර 2017 අගෝස්තු රාහු කේතු මාරුව සමග සිදුවනවා ඇත.පාලක පක්ෂය ඉදිරි වසර එකහමාර තුල විශේෂ පිරිහීමකට ලක්වනු ඇත.



ලග්න දොළසින් උපන් ඔබට රාහු සහ කේතු ග්‍රහයන් ඉදිරි වසර එකහමාර පුරාවට සාපේක්ෂ වශයෙන් පහත ප්‍රතිඵල උදාකරනු ඇත.

මේෂ ලග්නය

මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් සිව්වැන්නට රාහු ග්‍රහයාත් ලග්නයෙන් දසවැන්නට කේතු ග්‍රහයාත් පැමිණීම සිදුවෙයි.මේ හරහා විදෙස්ගතවීමේ බලාපොරොත්තුවෙන් සිටි අයගේ එම බලාපොරොත්තු සාර්තක කරගැනීමට අවස්තාව සැලසේ.දුර බැහැර ගමන් බිමන් , හදිසි ගමන් බිමන් යෙදෙනවා ඇත.රැකියාව සම්බන්ධව දුෂ්කරතා මතුවේ.මෙතෙක් ආ ජීවිත ගමනේ බලාපොරොත්තු අරමුණු තුල වෙනස්කම් මතුවනවා ඇත.ස්තානීය වෙනසකට අවස්තාව සැලසේ.නිදන ඇදෙහි කාබරයෙහි හෝ කිසියම් වෙනසකට අවස්තාවක් යෙදේ.නිවසේ පදිංචි ස්තානයේ ගතකරන කාලය අඩුවී යයි.දේපල අයිතිවාසිකම් පිලිබදව වෙනසක් ඇතිකරයි.ආගම දහම කෙරෙහි නැඹුරුවක් ඇතිවේ.පියා හෝ මව සමග මතබේද මතුවෙයි.පාදයේ දනහිසේ ආබාධයන් ඇතිකරයි.මානසික පීඩා සිත් තැවුල් මතුවේ.

වෘෂභ ලග්නය

වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් තෙවැන්නට රාහුත් ලග්නයෙන් නමවැන්නට කේතුත් පැමිණෙනවා ඇත.ආත්ම ශක්තිය උත්සහයේ වර්ධනයක් ඇතිවේ.ඇතිවන බාධක තත්වයන් ජයගැනීමට අවස්තාව සැලසේ.උදව් උපකාර ලැබේ.පියාට පවුලේ වැඩිහිටියන් සම්බන්ධව අයහපත් බවක් මතුවෙයි.ආගම දහම කෙරෙහි සහ විස්වාසයන් කෙරෙහි විස්වාසයෙන් කටයුතු කරනා නමුත් තම මතය අනුව , තම අවශ්‍යතාවය අනුව ඒවා විවේචනය වීමක්ද සිදුවනු ඇත.අසල්වැසි සබදතාවයෙහි වෙනසක් ඇතිවේ.එක් අසල්වැසියෙකු සමග දුරස්වීමක් සිදුවන අතර අනෙක් අසල්වැසියා සම්බන්ධයෙන් වෙනදාට වඩා විස්වාසයක් හිතවත්කමක් ඇතිවෙයි.මතකය ශක්තිමත්වේ.පූර්ව ආත්මීය මතකයන් මතුවිය හැකිය.කෙසේ නමුත් 2020 දක්වා වූ කාලය දක්වා වෘෂභ ලග්න හිමියාට ලග්න අශ්ටම ඒරාශ්ටක අපල පවතින බැවින් ඉවසීමෙන් බුද්ධියෙන් යුතුව කටයුතු කිරීම යහපත් වේ.

මිතුන ලග්නය

මිතුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් දෙවැන්නට රාහුගේ පැමිණීම සිදුවන අතර ලග්නයෙන් අටවැන්නට කේතු ග්‍රහයාගේ පැමිණීම සිදුවෙයි.මුදල් සම්බන්ධ ගැටලුකාරී තත්වයන් ඇතිවෙයි.මිල මුදල් ගණුදෙනු තුලින් බොහෝ දුරට වැලකී සිටීම යහපත්වේ.හිතමිත්‍රයන් දෙමාපිය සහෝදරයන් සමග පවා මුදල් ගණුදෙනු සිදුකිරීමෙන් තමාට සැලසෙන්නේ අවාසි සහගත තත්වයකි.තැම්පත් ධනය ආරක්ෂාකරගැනීමට කටයුතු කිරීම යහපත්වේ.විවාහක අඹු සැමියන් අතර මතබේධ දුරස්වීම් සිදුවිය හැකිය.කට වචනය නිසාද අවසාන වශයෙන් පාඩු සිදුවෙයි.අසුබ සිහින පෙණිය හැක.ලිංගික දුබලතා අසනීපයන් ඇතිකරයි.අමනුෂ්‍ය දෝශයන් ඇතිවිය හැකි කාලයයි.

කටක ලග්නය

කටක ලග්නයෙන් උපන් ඔබගේ ලග්න රාශියට රාහුගේ පැමිණීමත් , ලග්නයෙන් හත්වැන්නට කේතුගේ පැමිණීමත් සිදුවේ.විවාහ ප්‍රමාදයෙන් පසුවූවන්ට කර්මගත විවාහයකට අවස්තාව සැලසේ.ජීවිතයේ අරමුණු බලාපොරොත්තු වෙනසකට ලක්වේ.රැකියාවේ වෙනසක් හෝ ස්තාන මාරුවක් සමග රැකියා දුෂ්කරතාවයන් මතුකල හැකිය.තමාට නොදැනුවත්ව , තම තත්වය ගෞරවය සම්බන්ධයෙන් අවසාන වශයෙන් ගැටලුකාරී තත්වයන් මතුකල හැකිය.තම නිවසේ උත්සව අවස්තා යෙදිය හැක.දුර බැහැර ගමන් සංචාරක අවස්තා සමග විදෙස්ගත වීමේ බලාපොරොත්තු ඉටුවිය හැකිය.විවාහ දිවි ගතකරනා අය අතරේ කිසියම් ආකාරයකින් ගැටලු මතුවිය හැකි අතර සහකරුගේ හෝ සහකාරියගේ සෞඛ්‍ය දුබලතාවයන්ට මුහුණ දීමට සිදුවනවා ඇත.හිතුවක්කාර ගතිගුණ ස්භාවයන් මතුවේ.සුබාසුබ මිශ්‍රඵල සහිතව කාලය ගතවේ.

සිංහ ලග්නය

සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් දොලොස්වැන්නට රාහුගේ පැමිණීමත් ලග්නයෙන් හයවැන්නට කේතුගේ පැමිණීමත් සිදුවේ.ඔබගේ වියදම් අංශයේ වැඩි වීමක් ඇතිවේ.නිෂ්ඵල වියදම් යෙදිය හැකිය.නීතිමය ගැටලු බාධකයන් මතුවීමට අවස්තාව ඇති.හිතමිත්‍රයෙකු බැලීමට හෝ නීතිය ක්‍රියාත්මක වන ස්තානයන්ට හෝ රෝහල් වෙත යාමට සිදුවෙයි.නිෂ්ඵල දුර බැහැර ගමන් බිමන් යෙදේ.රාත්‍රී ගමන් වැඩිවේ.සතුරන් ඇතිවේ.සතුරන් පිළිබදව සැකය චකිතය නිතර මතුවිය හැකිය.ඇසේ රෝග මතුවෙයි.කනේ දතේ කැක්කුම් සමග ස්නායු දුර්වලතාවයන් ඇතිකල හැකිය.විශේෂ අසනීප තත්වයන් යටිබඩ ආශ්‍රිතව ඇතිවේ.බඩ වියලීම් ඇතිකල හැකිය.වස විස සම්බන්ධවත් , ශරීරයේ ලේ සහ මුත්‍රා සම්බන්ධව විසවීම් යෙදීමටත් අවස්තාව පවතී.කෙසේ වෙතත් මෙතෙක් පැවති මානසික ව්‍යාකූලතා අස්තාවරත්වයන් සමනය වී ස්තිර අරමුණක කටයුතු කිරීමට අවස්තාව සැලසෙනවා ඇත.

කන්‍යා ලග්නය

කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් එකොලොස්වැන්නට රාහුගේ පැමිණීමත් ලග්නයෙන් පස්වැන්නට කේතුගේ පැමිණීමත් සිදුවේ.හිතුවක්කාර සබදතා හිතවත්කම් ඇතිවේ.පවතින සබදතා හිතවත්කම් වෙනසකට ලක්වීමට සහ නව සබදතා හිතවත්කම් ඇතිවීමට විශේෂ අවස්තා පවතී.යහපත් සහ අයහපත් බේධයෙන් තොරව සියල්ලන් සමග ඇසුරට අවස්තාව හිමිවනවා ඇත.ඉගෙනීම් කටයුතු සාර්තකවේ.නව අධ්‍යාපණික අවස්තා සහ නව විෂයන් සම්බන්ධව අවධානය ඇතිවේ.ගුප්ත සහ පැරණි ඉගෙනීම් සම්බන්ධව විශේෂ අවධානය යොමුවේ.හදිසි විවාහයක් සිදුවිය හැකි කාලයයි.නමුත් මානසික වශයෙන් සහනය අඩුවී යයි.හදිසි දරුඵල ලාබ හිමිවිය හැකි අතර පවුලට නව සාමාජිකයන් එක්වන කාලයයි.දියුණුවට ගන්නා උත්සහයන් සාර්තකවේ.විදෙස්ගතවීමේ බලාපොරොත්තු සාර්තකවේ.නමුත් විශාල වශයෙන් මුදල් යොදවා කරන කටයුතු සහ හවුල් ව්‍යාපාර ආදිය සම්බන්ධව සැලකිලිමත්විය යුතුය.

තුලා ලග්නය

තුලා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් දසවැන්නට රාහුගේ පැමිණීමත් ලග්නයෙන් සිව්වැන්නට කේතුගේ පැමිණීමත් සිදුවේ.මෙතෙක් පැවති ගැටලු අවහිරතාවයන් විසදා ගැනීමට අවස්තාව සැලසේ.තම අබිමතය අනුව ඉදිරි කටයුතු සිදුවනවා ඇත.සාර්තක වන්නට හෝ අසාර්තක වන්නට කටයුතු ක්‍රියාත්මක කෙරේ.තද හිතුවක්කාර බවක් ඇතිකරයි.පිය පාර්ශවය සමග පවත්නා සබදතා දුරස්වන අතර මව් පාර්ශවය සම්බන්ධව අසුබදායක ආරංචි ලැබේ.නිවසේ ආගමික කටයුතු සිදුවේ.ආගමික කටයුතු සදහා වැඩි නැබුරුවක් ඇතිවේ.සුබ කර්ම සුබ වශයෙන්ද අසුබ කර්ම අසුබ වශයෙන්ද ඵලදෙනවා ඇත.දිට්ඨ ධම්ම වේදනීය කර්මය හොදාකාරයෙන් හදුනාගැනීමට අවස්තාව සැලසේ.වෙනදා නොපැවති හෝ , මෙතෙක් පැවති තත්වය ගෞරවයට වඩා වැඩි ගෞරවයක් පිලිගැනීමක් ඇතිවේ.තම දේපල සම්බන්ධව ගැටලු මතුවිය හැකිය.අයහපත් ලෙස ග්‍රහ තත්වයක් උප්පත්ති කේන්ද්‍රයේ යෙදී ඇත්නම් දේපල විකුණා දැමීමකට හෝ තම දේපල මගින් අන් අය ඵලප්‍රයෝජන ලැබීම සිදුවිය හැකිය.දේපල දියුණුව උදෙසා නොවටිනා දේපල විකුණා දැමීමක් සිදුවිය හැකියි.රැකියාවේ ස්තාන මාරුවක් හෝ රැකියාව තුල තම වගකීම් සම්බන්ධව වෙනසක් ඇතිවේ.ප්‍රධානීන්ගෙන් පැසසුම් ලැබුණද කාර්‍ය බහුල කාලයකි.තම කටයුතු පවා අතපසු වීමක් සිදුවේ.දියුණුවට අවස්තාව හිමිවේ.

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් නමවැන්නට රාහුගේ පැමිණීමත් , ලග්නයෙන් තුන්වැන්නට කේතුගේ පැමිණීමත් සිදුවේ.පියා සහ වැඩි හිටියන් සම්බන්ධව යහපත් නොවේ.සහෝදර සහෝදරියන් සම්බන්ධව දුරස්වීම් ඇතිවේ.ගුප්ත විද්‍යාවෙන් වැඩ ගන්නා කාලයයි.ඒ සම්බන්ධව විශේෂ පිළිගැනීමක් ඇතිවේ.ඒ සම්බන්ධව වියදම් සිදුවනවා ඇත.ආගමික සහ පුණ්‍ය කටයුතු සම්බන්ධවද අනවශ්‍යාකාරයෙන් වියදම් සිදුවේ.වියදම් වැඩිවන අතර ලැබීම් අඩුවේ.අනවශ්‍ය හෝ නොගැලපෙන ආකාරයේ සබදතා හිතවත්කම් සහිත කාලයයි.විවාහක අඹු සැමියන් අතර මතබේධ ගැටලු , සැක සංකා ඇතිවේ.අසල්වැසියා තමන්ට අයහපත් ලෙස බලපෑම් ඇතිකරයි.සිතේ සැකය මතුවේ.ඉගෙනීම් අංශ වෙනසකට යොමුවේ.අතපසුවීම් සිදුවිය හැකිය.තමා සම්බන්ධව රහස් කටයුතු ඇතිවන අතර රහස් රැක ගැනීමට නොහැකිවේ.රහස් හෙළිවන කාලයකි.වෘශ්චික ලග්න හිමියාටද 2020 වසර දක්වා ලග්න ඒරාශ්ටක අපලයේ අවසාන කොටස ගෙවෙනා හෙයින් ඉතා බුද්ධිමත්ව ප්‍රවේසමෙන් යුතුව කටයුතු කිරීම යහපත්වේ.


ධනු ලග්නය

ධනු ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් අටවැන්නට රාහුගේ පැමිණීමත් ලග්නයෙන් දෙවැන්නට කේතුගේ පැමිණීමත් සිදුවේ.සිතේ තන්නහව මතුවේ.ඊර්ෂ්‍යා කුහක කම් මතුවිය හැකිය.අනෙකාගේ දියුණුව හෝ අනෙකාගේ වත්කම , තමාගේ නොවන දෙය සම්බන්ධව ආසාවක් මතුවන කාලයකි.මුදලට ආසා කරයි.මුදල් එකතු කරනවා ඇත.නමුත් එකතු කරනා මුදල අවසාන ප්‍රතිඵලය ලබන්නට පෙර නිෂ්ඵල ලෙස වියදම් වී යා හැකිය.ඉතිරි කල ධනයේ අඩුවීමක් තමා නොදැනුවත්වම සිදුවිය හැකිය.විවාහය සදහා අවස්තා උදාවන අතර , විවාහකයන්ගේ ගෘහ ජීවිතය තුල යම් යම් අර්බුධ ගැටලු මතුවිය හැකිය.තමාට උදව් කරුවෙකු හමුවිය හැකි අතර එම උපකාරයන් තුල අවස්තාවාදී වීම් පවතිනවා ඇත.පවුලට නව සාමාජිකයන් එකතුවේ.සබදතා හිතවත්කම් විවාහයක් සිදුවන තරමට ශක්තිමත්විය හැකිය.ඉගෙනීම් කටයුතු සාර්තකවේ.නිහඩව කාලය ගතවන නමුත් නිහඩතාවය තුල බොහෝ කටයුතු සිදුවේ.වචන පැටලීම සිදුවිය හැකියි.වචන තුල ශක්තිමත්බව දුර්වලවේ.දෙවරක් සිතා කටයුතු කිරීම යහපත්වේ.

මකර ලග්නය

මකර ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් හත්වැන්නට රාහුගේ පැමිණීමත් , ලග්න රාශියට කේතුගේ පැමිණීමත් සිදුවේ.නිතර මතුවන හිසේ කැක්කුමක් පවතිනවා ඇත.නිදිඹර ගතියක් අලස ගතියක් ඇතිකල හැකිය.තම මතයම නිවැරදි යැයි සිතා කටයුතු කරයි.ආගම දහම පිලිබදව උවත් දක්වන විස්වාසයන් වෙනසකට ලක්වේ.අවස්තාවාදී ලෙස කටයුතු කරයි.රැකියාවේ කාර්‍ය බහුල බවකට අවස්තාව පවතී.තමාගේ පිළිවෙලෙහි වෙනසක් ඇතිවේ.රැකියාවට සම්බන්ධව කටයුතු සදහා සේවා ස්තානයෙන් පිටස්තරව කටයුතු කිරීමට සිදුවේ.දුරබැහැර ගමන් බිමන් යෙදේ.විදෙස්ගතවීමේ අරමුණු බලාපොරොත්තු සඵල කරගැනීමට අවස්තාව සැලසෙනවා ඇත.අවිවාහකයන් සම්බන්ධව විවාහයක් සිදුවීම සිදුවිය හැකි කාලයක් වන අතර විවාහක අඹුසැමියන් අතර ගැටලු මතුවේ.සැකය ඇතිවේ.සහකරු හෝ සහකාරිය සම්බන්ධව සෞඛ්‍ය දුබලතාවයන් ඇතිවේ.නීතිමය ගැටලු යෙදිය හැකි අතර රෝහල්ගතවීම් සහිතයි.නිෂ්ඵල වියදම් සහ අනවශ්‍ය වියදම් දැරීමට සිදුවිය හැකිය.ශරීර ප්‍රතිෂක්තියේ දුර්වල වීමක් සහ තමා තුල ගුප්ත ගති පැවතුම් ඇතිවේ.

කුම්භ ලග්නය

කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් හයවැන්නට රාහුගේ පැමිණීමත් , ලග්නයෙන් දෝලොස්වැන්නට කේතුගේ පැමිණීමත් සිදුවේ.දියුණුවට අවස්තාව සැලසේ.ලෝබකම ඇතිවේ.දියුණුවම මූලික අපේක්ෂාව වේ.පවුලට නව සාමාජිකයන් එකතුවේ.විවාහයට අවස්තාව සැලසේ.මේ අතරම නොගැලපෙන සබදතා හිතවත්කම් ඇතිවිය හැකියි.ඉගෙනීම් සම්බන්ධවද යහපත් කාලයකි.සතුරු කරදර බාධක ජයගැනීමට අවස්තාව සැලසේ.තම අයිතිවාසිකම් පිලිබදව නිරවුල් බවක් ඇතිවනවා ඇත.ගුප්ත විද්‍යාව පිලිබදව විස්වාසයෙන් කටයුතු කරනා අතරම ආගම දහම පිලිබදව ද වැඩි වශයෙන් යෙදී කටයුතු කරයි.සමාජ සබදතාවයන් යහපත්වේ.සංචාරක අවස්තා යෙදේ.කම්සැප ලාබ හිමිවේ.නමුත් ඇසේ ආබාධ සහ පාදයේ ආබාධයන් මතුවීමටත් , උදරගතව රෝග ඇතිවීමටත් අවස්තාව පවතී.ඔබට ඉදිරි කාලය යහපත් වූ කාලයක් වේ.

මීන ලග්නය

මීන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් පස්වැන්නට රාහුගේ පැමිණීමත් , ලග්නයෙන් එකොලොස්වැන්නට කේතුගේ පැමිණීමත් සිදුවේ.මෙය සුබාසුබ මිශ්‍රඵල සහිත කාලයකි.දියුණුවට අවස්තාව සැලසේ.ඉගෙනීම් සම්බන්ධව දුර්වලතා , වෙනස්කම් ඇතිකරයි.නොයෙක් ආකාරයේ සබදතා හිතවත්කම් ඇතිවිය හැකි අතර , නොගැලපෙනාකාරයේ විශේෂ සබදතාවයන් ඇතිවෙයි.මේවා සම්බන්ධයෙන් සැලකිලිමත්විය යුතු අතර තම තත්වය ගෞරවය සම්බන්ධව විශේෂ ගැටලු මතුවේ.නින්දා අපහාසයක් සිදුවිය හැකිය.එමෙන්ම කම්සැප ලාබ හිමිවන අතර අනවශ්‍ය , බලාපොරොත්තු නොවූ ආකාරයේ ගැබ් ගැනීමක් සිදුවිය හැකිය.එමෙන්ම දරුඵල අපේක්ෂාවන් යම් පමණකට ඉටුවී , හදිසියේ දරු ගැබට හානි ඇතිවිය හැකියි.රැකියාවේ දුෂ්කරතා සහිත නමුත් ඒ හරහාම දියුණුවට අවස්තාව සැලසේ.උදරගත රෝග මතුවීම සිදුවිය හැකි කාලයයි.වස විස ශරීරගතවීමටත් , බෝවන රෝග ආදියෙන් තමන්ට හානි ඇතිවීමටත් අවස්තාව පවතී.

sathiye lagna palapala.අපල යෙදෙන මහදසා සහ අතුරු දසාවන් : Hadahana Lanka Astrological Services in Srilanka : Horoscope reading service in Sri Lanka : Horoscope Matching : ජනක පී කුමාර : හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය
ජනක පී කුමාර
හදහන ලංකා ජ්‍යෙතිෂය සේවය

Post a Comment

0 Comments