ගුරු මාරුව 2017


සුරයන්ට ගුරු වූයේ හෙවත් සුර ගුරු , නවග්‍රහයන් අතර සුබඵල ප්‍රධානයෙහිලා ප්‍රමුඛ කොට සැලකෙන ගුරු ග්‍රහයා මෙතෙක් තමන් ගමන් කල බුධට අයත් කන්‍යා රාශියෙන් මිදී සිකුරුට අයත් තුලා රාශිය වෙත 2017 අගෝස්තු 12 වනදා වන විට පැමිණේ.මෙලෙස තුලා රාශිය වෙත පැමිණෙන ගුරු ග්‍රහයා 2018 ඔක්තෝම්බර් 11 වනදා වන තෙක් තුලා රාශිය තුල ගමන් කරයි.මීට පෙර 2005 සැප්තැම්බර් 28 වනදා සිට 2006 ඔක්තෝම්බර් 27 වනදා දක්වා ගුරු ග්‍රහයා තුලා රාශිය තුල ගමන් කල අතර ගුරු තුලා රාශිගතවීම පිලිබදව පලාඵල විමසන ඔබ එම කාලය තුල සිදුවූ සිදුවීම් නැවත ආවර්ජණය කරගැනීමද යහපත්වේ.

තුලා රාශිගතවන විට ගුරු ග්‍රහයා කුජට අයත් සිත නැකතේ තෙවන පාදය තුල ගමන් කරනා අතර ඔක්තෝම්බර් 15 වනදා රාහුට අයත් සා නැකත හරහා ගමන් කරයි.නැවත 2017 දෙසැම්බර් 20 වනදා ගුරු සා නැකතින් මිදී ගුරුටම අයත් විසා නැකැත හරහා ගුරු ගමන් කිරීම ආරම්බ කරයි.මෙලෙස ගුරුටම අයත් විසා නැකත තුල , තුලා රාශිගතව ගමන් කරනා ගුරු සුබඵල විශේෂයෙන් උදාකරනා නමුත් 2018 මාර්තුවේ සිට ගුරුගේ වක්‍රවීම සිදුවීමත් සමග විසා නැකතේ ගමන් ගත් ගුරු නැවත , පෙර ගමන් කල සා නැකතේ පළමු පාදය දක්වාම වක්‍රවීම හෙවත් ආපසු පැමිණීම සිදුවෙයි.මෙම ගුරුගේ වක්‍රය යෙදෙනා කාලය විශේෂ අයහපත් බවක් මතුකරවයි.2018 ජුලි 18 වනදා දක්වා ගුරුගේ වක්‍රය සිදුවන අතර එතැන් සිට ගුරු නැවත තුලා රාශිය තුල රාහුට අයත් සා නැකතේ පළමු පාදයේ සිට ඉදිරියට ගමන් කරනු ඇත.ගුරු 2018 අගෝස්තු 01 වනදා නැවත ගුරුටම අයත් විසා නැකත වෙත පිවිසෙන අතර ඔක්තෝම්බර් 11 වනදා ගුරු තුලා රාශියෙන් නික්මෙනා විටද විසා නැකත තුලම ඉදිරියට ගමන් කරනු ඇත.

මේ ආකාරයෙන් ගුරු  ග්‍රහයා තුලා රාශියට පිවිසීම සහ ඉදිරියේ සිදුවන නැකැත් මාරුවත් සමග රටට ලෝකයට ඒ ඒ ලග්නයෙන් උපන් ඔබට විවිද වූ ප්‍රතිඵල ඇතිකරවයි.ලෝකය තුල ආගමික ප්‍රචන්ඩත්වයක් මුල් කාලය තුල වර්ධනය වන අතර ආගම් අතර මතබේධ වර්ධනයවේ.ආගමික පිරිස් අතර ගැටුම් ඇතිවන අතර ලෝකයේ ප්‍රධාන ප්‍රසිද්ධ ආගමික ස්තාන මුල් කරගනිමින් ත්‍රස්තවාදී සහ ප්‍රචන්ඩකාරී ප්‍රහාරයන් ඇතිවේ.ලෝකප්‍රසිද්ධ ආගමික නායකයෙකු හදිසි සැත්කමකට , හදිසි අනතුරකට හෝ හදිසි මියයාමක් සිදුවිය හැකිය.ආගමික නායකයන් ප්‍රසිද්ධ ධනවතුන් , උගතුන් බුද්ධිමතුන් දේශපාලනික වශයෙන් ඉදිරියට පැමිණෙන අතර 2018 මාර්තුවේ සිට ඉදිරියට එම ප්‍රවනතාවයන් වර්ධනයවේ,ඔවුන් , ඔවුන්ගේ තත්වය ගෞරවය කෙලසා ගැනීමක් හෝ භාහිර අයගේ නින්දාවට අපහාසයට චෝදනාවට ලක්වේ.ආගම් අතර , ආගමික නායකයන් අතර බෙදීම් මතවාද ඇතිවේ.තරුණ තරුණියන් , කාන්තාවන් විශේෂයෙන් ආගම දහම තුල විශේෂ නියෝජනයක් ඇතිකරගනී.ඔවුන් තුල පැවති මූලික ආගමික පැහැදීම ක්‍රමයෙන් දුරස්ව ගොස් ඒ තුලම ගැටලු මතුකර ගනී.වැදගතුන් උගතුන් තමන් කරන කියන දෑ සම්බන්ධව ප්‍රවේසම් විය යුතු අතර තත්වය ගෞරවය රැක ගැනීමට කටයුතු කල යුතුය.එමෙන්ම පුද්ගල සමාජය තුල කාම රාගී බවත් විකෘති ආසාවන් වර්ධනය වීමත් , මෙතෙක් නරකට යොමු නොවූවන් , අයහපතට යොමුවීමත් සිදුවිය හැකිය.ගුරුගේ වක්‍රය සහ සා නැකත තුල ගුරුගේ ගමන් කාලය විශේෂයෙන් අයහපත්වේ.දරු දැරියන් ආරක්ෂාකරගත යුතුය.සමාජ සංස්කෘතික වටපිටාව වෙනසකට ලක්වේ.දරුගැබ් හානිවීම් සිදුවිය හැකියි.නීතිඤ්ඤයාට ආදායම් සරුවන අතර සමාජය තුල තර්ක ගොඩනැගේ.මතුපිටින් පෙනෙනා දෙය තුල අයහපත් අරමුණු ඇතිවේ.අයහපත් යැයි සම්මත වූවන් තම ලාබ ප්‍රයෝජන උදෙසා යහපත තුල වංචාකාරීව කටයුතු කරනු ඇත.රහස් බොහෝ සෙයින් හෙලිවිය හැකිය.ගුරු තමන්ට අයත් විසා නැකත තුල ගමන් කරනා කාලය තුලදී බොහෝ දුරට සමාජය ආගම දහම ,සංස්කෘතික වටිනාකම් රැක ගැනීමට පෙළ ගැසෙනා අතර පැවිදිවීම් වැඩි වශයෙන් සිදුවිය හැකියි.ගුරු තුලාව තුල ගමන් කරනා වසරක කාලය තුල ප්‍රධාන වශයෙන් තුන් ආකාර වූ ප්‍රතිඵල උදාකරයි.

මේෂ ලග්නය

මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් හත්වැන්නට ගුරුගේ පැමිණීම සිදුවෙයි.අවිවාහකයන්ට මංගල යෝග උදාවේ.විවාහකයන්ගේ බැදීම් යහපත් වන නමුත් සහකරුවාට හෝ සහකාරියට අසනීප තත්වයන් මතුවීමක් සිදුවිය හැකිය.එමෙන්ම විවාහයෙන් ලැබීමක් පවතීනම් , දේපල ලාබ ආදිය ලැබීමට පවතී නම් ඒ සදහා උත්සහකල යුතු කාලයයි.විදෙස්ගතවීමේ බලාපොරොත්තු පැවතියේ නම් ඒවා ඉටුවේ.මතකය වර්ධනයවෙයි.ඉගෙනීම් යහපත්වේ.පවුලට නව සාමාජිකයන් එක්වේ.දරුඵල ලාබ හිමිවිය හැකිය.මේ අතරම ස්වාමියා බිරිද සම්බන්ධව රහස් හෙළිවීමක් , පවුලට බාධකයක් මතුවීමක් සිදුවිය හැකියි.රැකියාවේ දුෂ්කරතා ස්තාන මාරු සහිත උවද වැදගත් වගකීම් ලැබීම් , උසස් වීම් ආදියට යහපත්වේ.රැකියාවෙන් පවත්නා රැකියාවට වඩා උසස් රැකියාවකට මාරුවීමට යහපත් කාලයයි.නීතිය , තාක්ෂණය උගැන්මට ඒ සදහා යොමුවීමට අවස්තාව ලැබෙනවා ඇත.අමතර දැනුමක් එක්වේ.වන්දනා ගමන් දුර බැහැර ගමන් යෙදෙනවා ඇත.

වෘෂභ ලග්නය

වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් හයවැන්නට ගුරුගේ පැමිණීම සිදුවන අතර අයහපත්වේ.ලග්න අශ්ටම ඒරාශ්ටක අපලද යෙදී පවතින බැවින් ගුරු හයවැන්නේ ගමන් කරනා 2018 ඔක්තෝම්බර් දක්වා වූ කාලය විශේෂයෙන් සැලකිලිමත්ව කටයුතු කිරීම යහපත්වේ.අඹුසැමියන් අතර මතබේධ ගැටලු ගැටුම් ඇතිවිය හැකිය.රහස් සතුරන් යහපත් ආකාරයෙන් පැමිණේ.හදුනාගැනීම අපහසු වනවා ඇත.තමන්ගේ සියලු රහස් දැන එයින්ම අවසානයේ ඔබට අයහපත කරනවා ඇත.රහස් රැක ගැනීමට කටයුතු කල යුතුවේ.අස්ල්වැසියාගෙන් හිතවතාගෙන් , තමන්ගේ අයගෙන් නින්දා අපහාසයන් ඇතිවේ.තත්වයට ගෞරවයට හානි ඇතිකරවයි.සහෝදරයෙකු සහෝදරියක සම්බන්ධව ගැටලුවක් අයහපතක් හෝ දුරස් වීමක් අපනාප වීමකට අවස්තාව පවතී.දරුඵල බලාපොරොත්තු වන්නන්ට බාධක යෙදේ.කළලය දුර්වල වීමක් , මව අසනීපවීමක් සිදුවිය හැකිය.ආගම දහම පිලිබදව මතවාදයන් වෙනස් වීමක් සිදුවිය හැකිය.බෝවන රෝග වෛරස් රෝග ආදියෙන්ද උදරගත අසනීප ආදියෙන්ද හානි ඇතිවිය හැකිය.ලේ විසවීමක් හෝ යටපත්ව පැවති රෝග මතුවීමක් සිදුවිය හැකිය.

මිතුන ලග්නය

මිතුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් පස්වැන්න වෙත ගුරුගේ පැමිණීම සිදුවෙයි.සතුරන් මිතුරුවේ.හදිසි සබදතා හිතවත්කම් ඇතිවේ.පෙම්වතෙකු පෙම්වතියක හමුවෙනවා ඇත.හදිසි තීරණයක් මත සබදතා ඇතිවනවා ඇත.දරුඵල ලාබ සහිත වසරකි.නව ඉගෙනීම් අවස්තා හිමිවේ.ඉගෙනීම් වල නියුතුවූවන්ට තම කටයුතු සාර්තකව පවත්වාගෙන යාමට අවස්තාව හිමිවේ.තමන් සම්බන්ධව විශේෂත්වයක් වටිනාකමක් ඇතිවන , ඇතිකරගත හැකි කාලයකි.රැකියාව යහපත්වේ.විවාහයට අවස්තාව හිමිවේ.මුදල් ලැබුණද වියදම් අදිකවේ.දරුවන් සම්බන්ධයෙන් ප්‍රිතියක් සතුටක් ලැබීමට අවස්තාව ලැබේ.ක්‍රියාශීලී වෙයි.ක්‍රිඩා කටයුතු , බාහිර සමාජීය කටයුතු යහපත් වනවා ඇත.සහෝදරයෙකු සම්බන්ධව යහපත්වේ.මවගෙන් ලැබීම් පවතී.යහපත් කාලයකි.

කටක ලග්නය

කටක ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් සිව්වැන්නට ගුරුගේ පැමිණීම සිදුවේ.උත්සව අවස්තා යෙදේ.තම නිවසේ පදිංචි ස්තානයේ උත්සව අවස්තා ආගමික කටයුතු යෙදෙනවා ඇත.ආගමික සමාජීය කටයුතු සදහා සම්බන්ධව වීමට අවස්තාව ලැබෙනවා ඇත.අතපසුවූ ප්‍රමාදවෙමින් පැවති කටයුතු නැවත ඇරබේ.දේපල වර්ධනයක් සිදුවේ.පවතින දේපලක් විකුනා දමා නව දේපලක් මිලදී ගැනීමට අවස්තාව සහිතයි.විදෙස් ගමන් සාර්තකවේ.දුර බැහැර ගමන් බිමන් යෙදෙනවා ඇත.මංගල යෝග උදාවේ.විවාහයට අවස්තාව ලැබේ.මවගෙන් උපකාර ලබයි.වැඩිහිටියන්ගෙන්ද , හිතවතුන්ගෙන්ද යහපත් ලැබීම් සහිත කාලයයි.හවුල් කටයුතු සිදුවේ.මානසිකත්වය යහපත්වේ.තම තත්වය ගෞරවය වර්ධනයවේ.ඒ සමගම අතර තුර නින්දාවක් අපහාසයක් , අපහසුතාවයකට පත්වීමක් සිදුවිය හැකිය.මුදල් සම්බන්ධව යෙදී පැවති ගැටලු විසදා ගැනීමට අවස්තාව සැලසේ.සතුරු කරදර පීඩා ඉවත්වේ.ඉදිරිය යහපත්වේ.

සිංහ ලග්නය

සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් තුන්වැන්නට ගුරුගේ පැමිණීම සිදුවේ.සහෝදර සහෝදරියන් අසල්වැසියන් සම්බන්ධව ගැටලු මතුවිය හැකිය.මූලිකව යහපත් සබදතා ඇතිවන අතර විස්වාසය ඇතිවේ.දෙවනුව විස්වාසය බිදවැටෙනා සිදුවීම් සමග නින්දා අපහාස ඇතිවිය හැකිය.රෝහල් ගත්වීමකට , නීතිය ඉදිරියට යාමට සිදුවීමට අවස්තාව පවතී.මංගල යෝජනා ලැබේ.එම කටයුතු ස්තිරවිය හැකිය.සහකරුගේ සහකාරියගේ පාර්ශවයෙන් උදව් උපකාර හිමිවේ.දරුවන් සම්බන්ධව ගැටලු මතුවිය හැකිය.හිතමිත්‍රයන්ගේ වංචා ප්‍රයෝගයන්ට ලක්විය හැකිය.ශක්තිමත් සතුරාට වඩා දුබල සතුරෙකු හේතුවෙන් ගැටලුවක් නින්දාවක් අපහාසයක් ඇතිවීමට අවස්තාව ඇති අතර බුද්ධිමත් තීරණ තුල බුද්ධිමත් සහ ශක්තිමත් බව අඩුවී යයි.නව ඉගෙනීම් අවස්තා සැලසේ.මතකය ශක්තිමත්වේ.රහස් රැකගත යුතුය.

කන්‍යා ලග්නය

කන්‍යා ලග්නයෙන් දෙවැන්න වූ ධනස්තානයට ගුරුගේ පැමිණීම සිදුවේ.කට වචනය යහපත්වේ.වචනය කතාව නිසා තමාගේ වටිනාකම සමාජය හදුනාගන්නවා ඇත.මුදල් තත්වය යහපත්වේ.නමුත් හදිසි වියදම් අතරම මුදල් සම්බන්ධව රැවටීමකට වංචාවක් වීමට අවස්තාව පවතී.මංගල යෝග යෙදේ.විවාහයට අවස්තාව යෙදේ.දරුඵල ලාබ හිමිය.පවුලේ සමගියට යහපතට අවස්තාව පවතී.බිරිද සැමියා හේතුවෙන් හදිසි පාඩුවක් වියදමක් දැරීමට සිදුවිය හැකිය.ආගම දහම , පුණ්‍ය කටයුතු සදහා ද අමතර වියදම් යෙදෙනවා ඇත.නමුත් යහපත් කාලයකි.මෙලෙව පරලොව දෙලොව යහපත වෙනුවෙන්ම කටයුතු කරගන්නවා ඇත.සතුරන් මිතුරු වීම හෝ සතුරා දුබලව තම බලය ශක්තිය මතුවන වර්ධනය වන කාලයයි.දරුවන්ගේ හිතුවක්කාර බව ඇතිවිය හැකිය.දරුවෙකුගෙන් දුරස්වීමක් සිදුවිය හැකිය.විදෙස්ගතවීමකට යහපත්ම කාලයවේ.ව්‍යාපාරාදියෙන් විශේෂ ලාබ ප්‍රතිලාබ හිමිවනවා ඇත.

තුලා ලග්නය

තුලා ලග්නයෙන් උපන් ඔබගේ ලග්න රාශිය වෙත ගුරුගේ පැමිණීම සිදුවේ.මෙතෙක් පැවති කරදර බාධා බොහෝඅ දුරට ඉවත්ව යයි.තමා සම්බන්ධව විශේෂත්වයක් වටිනාකමක් පිලිගැනීමක් හිමිවනවා ඇත.ප්‍රතිරූපය යහපත්වේ.විවාහ අපේක්ෂිතයන්ගේ බලාපොරොත්තු ඉටුවේ.මෙතෙක් පැවති ජීවිත බලාපොරොත්තු අරමුණු වෙනසකට ලක්වේ.ස්තාන මාරු සිදුවිය හැකිය.රැකියාවේ ආදායමේ යහපත් බවක් ඇතිවේ.දරුඵල ලාබ හිමිවිය හැකිය.ඉගෙනීම් යහපත් වීමට යහපත් ප්‍රතිඵල ලැබීමට අවස්තාව සැලසේ.සහෝදර සහෝදරියකට අසල්වැසියාට කිසියම් අයහපතක් සිදුවීමට , තමන්ට ඒ සදහා මැදිහත් වීමට අවස්තාව සහිතයි.ගුරු ලග්නයේ ගමන් කරනා කාලය තුලදී බෝවන රෝග , ඩෙංගු උණ , ලේ විසවීම් ආදියත් ආහාර විසවීම් , උදරගත රෝග ආදියත් ඇතිවිය හැකිය.ආගම දහම කෙරෙහි පවත්නා පැහැදීම අඩුවී ගුප්ත විස්වාස ඇදහීම් කෙරෙහි සිත කටයුතු කරනවා ඇත.

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් දොලොස්වැන්නට ගුරුගේ පැමිණීම සිදුවේ.යහපත් නැත.නින්දා අපහාස ඇතිවිය හැකිය.තම තත්වයට ගෞරවයට වටිනාකම හානිවන සිදුවීම් සිදුවිය හැකිය.රහස් සතුරන් ඇතිවේ.තමා තුලද රහස් වැඩපිළිවෙලක් ඇතිවේ.එම රහස් රැකගැනීම අපහසුවේ.රහස් හෙළිවීමකින් සිතනවාට වඩා තරමේ ගැටලු වලට මුහුණ දීමට සිදුවිය හැකියි.වියදම් අදික වේ.නිෂ්ඵල වියදම් යෙදෙනවා ඇත.මුදල් සම්බන්ධ කටයුතු වලදී ඉතා බුද්ධිමත්ව කටයුතු කලයුතුමවේ.කට වචනය ප්‍රවේසම් කරගත යුතුය.ඇසේ ආසාධ ඇතිවීමට , පාදයේ රෝග තුවාල ඇතිවීමට , ඒ හරහා විසබීජ ශරීරගත වීමට අවස්තාව පවතී.ඉගෙනීම් කටයුතු බාධාවකට ලක්විය හැකිය.මෙතෙක් විස්වාසයෙන් ඇසුරු කල මිතුරා , මිතුරිය , පෙම්වතා , පෙම්වතියගෙන් විස්වාසය බිදීයන ආකාරයේ සිදුවීම් සිදුවේ.තමා පිලිබදව යහපත් කාලයක් නොවේ.සෙනසුරුගේ ලග්න ඒරාශ්ටක අපල අවසාන වශයෙන් ක්‍රියාත්මක කාලය බැවින් බුද්ධිමත්ව අඩුම තරමේ මෙතැන් සිට ඉදිරියට වසරක කාලය ගතකල යුතුමවේ.

ධනු ලග්නය

ධනු ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් එකොලොස්වැන්නට ගුරුගේ පැමිණීම සිදුවෙයි.දියුණුව ඇතිවේ.ලාබ ලැබේ.අතපසුවූ කටයුතු නැවත ඇරබේ.අමතර ආදායම් මාර්ග ලැබේ.සිතේ තන්නහව ඇතිවේ.සබදතා හිතවත්කම් ඇතිවේ.රහස් සබදතා ඇතිවිය හැකිය.පවුල් ජීවිත ගතකරන්නන් විශේෂයෙන් ප්‍රවේසම් විය යුතුය.පවුලට නව සාමාජිකයන් ලැබේ.දරුඵල ලාබ හිමි කාලයයි.මංගල යෝග ක්‍රියාත්මක කාලයයි.නව අධ්‍යාපණික අවස්තා උදාවේ.අමතර භාෂාවන් මෙන්ම මතු දියුණුවට අවශ්‍ය වන ආකාරයේ අමතර දැනුමක් වටිනාකමක් එක්කරගත හැකි කාලයකි.විදෙස්ගතවීම් සදහා යහපත් කාලයයි.දේපල වර්ධනයට , නව නිවාස දේපල ඉදිකිරීමට මිලදී ගැනීමට අවස්තාව සැලසෙනවා ඇත.දරුවෙකු අසනීප වීමක් හෝ දරුවෙකුගේ කටයුත්තක් හේතුවෙන් අමතර වියදමක් දැරීමට සිදුවිය හැකිය.

මකර ලග්නය

මකර ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් දසවැන්නට ගුරුගේ පැමිණීම සිදුවේ.සුබාසුබ මිශ්‍රඵල සහිතව කාලය ගෙවේ.රැකියාවේ වගකීම් වැඩිවේ.කාර්‍ය බහුල බවක් ඇතිවේ.වගකීම් වැඩි උවද මහන්සියෙන් කටයුතු කලද එයට නිසි වටිනාකමක් ප්‍රතිලාබයක් හිමිවනවා ඇත.විවාහයට අවස්තාව සහිතයි.ආදායම් යහපත් වන නමුත් වියදම් අදිකවේ.පියා සම්බන්ධව පවුලේ වැඩිහිටියන් සම්බන්ධව කිසියම් විශේෂ වගකීමක් පැවරෙනවා ඇත.දේපල තත්වයන් යහපත්වේ.භූමිය සම්බන්ධව , වගාවන් සම්බන්ධව කටයුතු යෙදෙනවා ඇත.කේන්තිය කෝපය ඇතිවේ.ධන හිසේ ආබාධ වේදනා මතුවේ.ස්නායු දුර්වලතාවයන් ඇතිවිය හැකිය.ස්තානීය වෙනස්කම් හෝ විදෙස්ගතවීමේ බලාපොරොත්තු ඉටුවනවා ඇත.කරන කියන බොහෝ දේ බාධකයකට හසුවිය හැකි අතර උත්සහයෙන් උනන්දුවෙන් යුතුව කටයුතු පවත්වාගෙන යා යුතුවේ.

කුම්භ ලග්නය 

කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් නමවැන්නට ගුරුගේ පැමිණීම සිදුවේ.යහපත් කාලයයි.වැඩි වශයෙන් තම ආගම දහම අනුව කටයුතු සිදුවේ.දාන මාන පුණ්‍ය කර්ම සදහාත් සමාජීය කටයුතු සදහාත් අවස්තාව සැලසේ.පවුලේ ප්‍රමුකත්වය හිමිවේ.පිලිගැනීමට ගෞරවයට ලක්වේ.රැකියා ලාබ ලැබේ.රැකියාවේ උසස්වීම් නැතහොත් රැකියා ස්තානයේ වටිනාකම් තමන්ට හිමිවනවා ඇත.අධ්‍යාපනය යහපත්වේ.නීතිය , තාක්ෂ්ණය පිලිබදව උනන්දුව ඇතිවේ.උසස් පුද්ගලයන් හා යහපත් සබදතා ඇතිවනවා ඇත.දරුඵල ලාබ හිමිවනවා ඇත.ජීවිතයේ යහපත් වූ දියුණුවකට අවස්තාව ඉදිරි වසරක කාලය තුල ස්තිරවම ලැබෙනවා ඇත.පැවති සතුරු පීඩා කරදර ආදියත් රෝග දුබලතා ආදියත් සුවවී යහපත් අතකට යොමුවනවා ඇත.

මීන ලග්නය 

මීන ලග්නයෙන් උපන් ඔබට ලග්නාධිපති වූ ගුරු මාකරස්තානය වූ අටවැන්නට පැමිණීම සිදුවෙයි.යහපත් නැත.ජීවිතයේ දුෂ්කරතා සහිත වසරකි.දරුවන් සම්බන්ධව වෙනස්කම් හෝ දුරස්වීම් සිදුවෙයි.අධ්‍යාපණික කටයුතු සදහා බාධාවන ආකාරයෙන් වෙනත් කටයුතු සිදුවේ.නොගැලපෙන සබදතා හිතවත්කම් ඇතිවේ.ඒවායෙන් තමාට පාඩුවක් අලාබයක් , නින්දාවක් අපහාසයක් ඇතිවිය හැකිය.මෙතෙක් පැවති තම ගුණයන් වටිනාකම් තරමකට හෝ දුර්වලව යනවා ඇත.වියදම් අදික වීමක් සහ නිශ්ඵල වියදම් යෙදීමක් සිදුවිය හැකිය.ස්වාමියා බිරිද සම්බන්ධ සෞඛ්‍ය දුබලතා ගැටලු ඇතිවේ.තම රහස් හෙළිවීමකින් ගැටලු ඇතිවේ.ප්‍රවේසම් විය යුතුය.අවස්තාවාදීන් හමුවන දුර දිග නොබලා ඔවුන් සමග සබදතා ආදිය ඇතිවන කාලයක් හෙයින් සියලු දෑ පිලිබදවම බුද්ධිමත්ව සිතාබලා කටයුතු කලයුතුවේ.ලේ දුර්වලතා , ලේ විසවීම් , වස විස ශරීරගතවීම් ආදියත් වකුගඩු දුර්වලතා ආදියත් මතුවිය හැකිය.පැවති රෝග තත්වයන්ගේ වර්ධනයක් සිදුවන අතර කායික මානසික භෞතික යන සියලු අංශයන්ගේම බිදවැටීම් සිදුවිය හැකි කාලයයි.

sathiye lagna palapala.අපල යෙදෙන මහදසා සහ අතුරු දසාවන් : Hadahana Lanka Astrological Services in Srilanka : Horoscope reading service in Sri Lanka : Horoscope Matching : ජනක පී කුමාර : හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය
ජනක පී කුමාර
හදහන ලංකා ජ්‍යෙතිෂය සේවය

Post a Comment

0 Comments